• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මලයාලම් සිහින දකින පොළොන්නරුවේ කෙල්ල නයෝමි තක්ෂිලා! Sri Lanka Latest News

January 13, 2025
in Heart
Reading Time: 6 mins read
A A
මලයාලම් සිහින දකින පොළොන්නරුවේ කෙල්ල නයෝමි තක්ෂිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලි තරුවක් විදියට අසුරු සැණින් ආලින්දයේ සිනමාව පුරා නොමැකෙන මතක සටහන් තැබූ නයෝමි තක්ෂිලා ගැන දහදවතින්ම පුංචි සටහනක් තියන්නයි මේ හදන්නේ. අලුතෙන් ඈ ගැන මෙහෙම ලියන්න හිතුණේ ඇයි දන්නවද? ඒක සුවිශේෂ හේතුවක්. (Sri Lanka Latest News)

ඔන්න ආයෙමත් නයෝමිට සම්මානයක් ලැබිලා. අටුවා ටීකා එක්ක තව ඩිංගක් ලියනවා නම් පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණු 2023-2024 රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය ඇයට ලැබුණේ ප්‍රවීණ සම්මානනීය නිර්මාණකරු ඩග්ලස් සිරිවර්ධනගේ ‘සුබ සනධ්‍යාවක්’ වේදිකා නාට්‍යය වෙනුවෙනුයි.

කතා කරන්න වටිනා කාරණයක්. ඔව්, ඒ හින්දමයි හාට් එකට ඇවිත් යන්න එන්න කියලා පුංචි ආරාධනාවක් කරන්න නයෝමිගේ අංකයට ගත්තේ. බොරු ඩිමාන්ඩ් නොදා විනාඩියට දෙකට ඈ හාට් එකෙන්ම හාට් එකට කතා කෙරුවා.

ඉතිං නයෝමි රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලෙත් හොඳම නිළිය වුණා…?
ඒකනෙ කියන්නේ. මට හිතාගන්නත් බැරි තරම්.

සතුට දරාගන්නත් බැරි විදියටයි කතාව?
එහෙම නැතුව පුළුවන්ද? මම තවමත් හිතන්නේ ප්‍රවීණයෝ අතර නයෝමි තක්ෂිලා කියන නිළිය අලුත් කියලයි. ඉතින් එහෙම හිතන මට මේ වගේ වටිනා සම්මානයක් මිල කරන්න බැහැ.

ප්‍රවීණයෝ කිහිප දෙනෙක්ම නොමිනේට් වෙලා හිටියා ඔයා එක්ක?
ඔව්. මට වැඩිය හැම අතින්ම දක්ෂ ප්‍රවීණයන් එක්කයි මම තරග කෙරුවේ. මගේ නම කියනකොට මාව ගැස්සුණා.

‘සුබ සන්ධ්‍යාවක්’ එකේ ‘ලීසා’ ගැන කියන්නකො ටිකක්?
ලීසාගේ චරිතය හරිම සංකීර්ණයි. ප්‍රවීණ නිර්මාණකරු ඩග්ලස් සිරිවර්ධන සර්, ලීසාගේ චරිතය ගැන කියලා ස්ක්‍රිප්ට් එක මගේ අතට දෙනකොට මට ටිකක් බයත් හිතුණා. මේක මට කරන්න පුළුවන් වෙයිද කියලා. වේදිකා නාට්‍ය රඟදැක්වෙන කාලය පැය දෙකයි. ඒ දෙපැය පුරාම ‘ලීසා’ නාට්‍යයේ ඉන්නවා. දුක සැප සතුට කඳුළ හිනාව එක්ක ලීසා වේදිකාව පුරාම ඕඩියන්ස් එක ඉස්සරහා දැවැන්තව ගොඩනැගෙනවා. මරණය වෙනතුරුම දිවෙන ඒ චරිතය කියෙව්වම හිතට දැනුණේ මාර ලෝබකමක්.

බයක් දැනුණත් ලීසාට රඟන්න ආවේ ඒ ලෝභකමටයි?
තව හේතු තිබුණා. ඩග්ලස් සර් මට මේ චරිතය බාරදුන්න විශ්වාසයට උපරිම සාධාරණය කරන්න මට ලොකු උනන්දුවක් තිබුණා. අනෙක එතුමා මගේ ගුරුවරයා. මම නාට්‍ය කලාව හදාරපු ඩ්‍රාමා ස්කූල් එකේ ඩී.ජී. සර් වුණේ ඔහුයි. එතුමා අපට දුන් පන්නරය, අපව හැදූ සියුම් ආකාරය ගැන පැහැදිලි කරන්න අමාරුයි.

ටෙලි ඩ්‍රාමාවල මුලින්ම ඔයාට ලැබුණේ සරල බොළඳ චරිත?
ඔව්. සමහර අවස්ථාවල ඒක එහෙම වුණා. හැබැයි ඩග්ලස් සර්ගේ ඩ්‍රාමා ස්කූල් එකේ ඉගෙනගන්න කාලේ මම ඕපන් යුනිවර්සිටි එකෙත් ඩ්‍රාමා ඩිග්‍රියක් කෙරුවා. මම කවුද කියන එක මා තුළ සංකීර්ණ චරිතයක් වෙනුවෙන් යමක් කරන්න පුළුන් කලාකාරියක් ඉන්න බව ඔහු හොඳින්ම දැක්කා. අධ්‍යයනය කළා. ඔහු සියැසින් දැකපු ඒ චරිතාංග නිළියව ලෝකෙට විවෘත වුණේ එහෙමයි. සමහර අවස්ථාවල ටෙලි නාට්‍යවල බොළඳ ප්‍රේම චරිත ලැබුණට මම වේදිකාව තුළ ඉතා අමාරු චරිත කළා. නවකයකු ලෙස සිටියදීම යෞවන නාට්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස මට සම්මාන ලැබුණේ ඒ හින්දයි.

බොළඳ ටෙලිවල හිටියා කියලා ඔයාට හිතේ අමාරුවක් දැනුණද නයෝමි?
අයියෝ නැහැ. අපි වෘත්තීය නිළියෝ. ලැබෙන චරිතවල තරාතිරම මනින්න තරම් මම තවම ප්‍රවීණ නැහැ. මම හිතන්නේ තවමත් මම අලුත් නිළියක් කියලයි. හැබැයි මට මෙහෙම කියන්න පුළුවන්. මට ලැබුණේ බොළඳ සරල පෙම්වතියගෙ වුණත්, ඒ චරිතය උපරිමයෙන් කරන්න මම හදවතින්ම උත්සාහ කරනවා. 100%ක් ඒ චරිතය එක්ක ජීවත් වෙනවා.

ඒ නිසා වෙන්නැති නීල පබළු ටෙලියේ නපුරු පූජාව ප්‍රේක්ෂකයන්ට ඔය තරම් දැනුණේ?
මග තොට හමුවෙන අය පවා අදටත් එහෙම කියනවා. තවමත් පූජාට වෛර කරනවා. ඒ ප්‍රතිචාරය මට ලොකු සතුටක්.

ආයෙම අපි යමු නයෝමි ලීසාගේ චරිතයට?
අතුරු කතා ආව නිසා ලීසා ටිකක් පැත්තකට ගියා මං හිතන්නේ.

ඔබ දැන් සම්මානනීයයි. ප්‍රවීණයි. ඉතින් අහන්න කියන්න තියෙන කතා ගොඩයි?
ප්‍රවීණයන් අතර මම තවම අලුත් කෙනෙක්. අහන්න ඔයාගේ ඊළඟ ප්‍රශ්නෙ.

ලීසා කියන්නේ අතීත වේදිකාවේ රඟදුන් දැවැන්ත චරිතයක්?
සත්තකින්, ඒ ගැන කතා කළයුතුමයි. සුබ සන්ධ්‍යාවක් වේදිකා නාට්‍යයේ ලීසාට මීට කලින් රංගන දායකත්වය දුන්නේ ප්‍රවීණත්වයට පත් සම්මානනීය නිළි දෙපළක් වූ රත්නා ලාලනී ජයකොඩි සහ දේවිකා මිහිරාණි. ඇත්තටම කියනවා නම් ඔවුන් දෙදෙනාම ලීසා වෙනුවෙන් දුන් සාධාරණය ඒ විදියටම ඉටුකරන්න, ඊට ගරුත්වයක් දෙන්න මට ලොකු ඕනෑකමක් තිබුණා. ඒ වෙනුවෙන් මම හුඟාක් වෙහෙස ගත්තා. ඒ වෑයම සාර්ථකද කියන එක මට විතරක් තීරණය කරන්න අමාරුයි. උපරිමය කළා කියලා මම හිතනවා.

වෑයම සාර්ථකයි. ප්‍රවීණයන් හමුවේ ඔබ සම්මානනීය වුණා නයෝමි?
ඉතාම නිහතමානීව ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම අර කී ප්‍රවීණයන් දායකව සිටි ලීසාගේ චරිතය මට ලැබුණු එක ගැනත් ආත්මිකව සතුටු වෙනවා.

ඉලක්ක ජයගන්න ඔයා හරි කැමැතියි කියනවා?
මෙහෙයමයි, අරයව පරද්දන්න, මෙයාව පරද්දන්න කියලා හඹා යන ඉලක්කවලට මම කැමැති නැහැ. හැබැයි කාටත් මතක හිටින යමක් නරන දක්ෂ නිළියක් වෙනවා කියන හැඟීම ඉලක්කය මගේ හිතේ හැමදාමත් තිබුණා.

සම්මාන 4ක් දිනාගන්න ඉලක්කයකුත් ඒ අතර තිබුණා?
අනිවාර්යයෙන්ම, මම රඟපාන්න ආවේ දෙදහස් දහසය අවුරුද්දේ ‘මීදුම් අම්මා’ ටෙලිනාට්‍යයෙන්. ඒ එනකොට මම යමක් හිතේ ධාරණය කරගෙන හිටියා. ධාරණය කරගත්ත ඒ කාරණයේ තිබුණේ ලංකාවේ ප්‍රසිද්ධම සම්මාන උළෙලවල් හතරකින් කොහොම හරි සම්මාන හතරක් ගන්නවා කියන හැඟීමයි. යෞවන නාට්‍ය සම්මාන උළෙල, රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල, රයිගම් හා සුමති සම්මාන උළෙල තමයි මගේ හිතේ තිුබණේ. 2024 වෙනකොට මම ඒ ඉලක්කවලට ගිහිල්ලා ඉවරයි.

ලොකු ආඩම්බරයක් නේද?
අහිංසක ආඩම්බරයක් දැනෙනවා. ඇත්තටම මම තෘප්තිමත්.

පොළොන්නරුවෙන් ආපු ලස්සන ගැමි කෙල්ලට මොනවද තියෙන ඉලක්ක?
හීනයක් තියෙනවා මලයාලම් ටයිප් එකේ චරිතයක් කරන්න. ඒක පුංචි ආසාවක්.

මේ දවස්වල රැට් නිසා ඔයා ටිකක් බිසී වෙලා?
ඒ අතර අලුත් ටෙලි දෙකකත් වැඩ පටන් ගන්න නියමිතයි. ඒත් ඉතින් එහෙමට බිසී කියලා ලොකුවට හිතට ගන්නෙත් නැහැ.

කතාබහ අවසානෙට මොනවා හරි කියමු නයෝමි?
මම අද මේ ඉන්න තැන කොතැනද? ඒ තැනට මාව අරගෙන ආව හැමෝටමත්, මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත් ස්තුති කරනවා. විශේෂයෙන් නයෝමි තක්ෂිලා කියන චරිතාංග නිළියව හරියටම හඳුනාගත්ත මගේ ඩී.ජී. සර්, ලොකු සර් ඩග්ලස් සිරිවර්ධන සර්ව ගෞරවයෙන් සිහි කරනවා.

දයමන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

තුනෙන් දෙකක ආණ්ඩුවක් තියෙන මාලිමාවේ ගමේ හයිය හෙල්ලෙන්න පටන් අරන්ද? හම්බන්තොටත් සමූප ඡන්දය පරාදයි! I Sri Lanka Latest News

Next Post

මධ්‍යම අධිවේගයේ කිලෝමීටරයක් හදන්න චීන සමාගම ඩොලර් මිලියන 33ක් ඉල්ලලා! ඩොලර් මිලියන 18කින් හදලා දෙන්න ලංකාවේ සමාගම් සූදානම්! අනුරගෙන් ඉල්ලීමක් කළත් වැඩේ ආපහු පටන් ගන්න චීන සමාගමටම රුපියල් බිලියන හතහමාරකුත් ගෙවලා! Sri Lanka Latest News

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.