• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අවුරුදු 26කට පස්සේ තුන් කට්ටුවම රී-මේක් වෙයිද? ෂාරුක්ට මැචිං රොමෑන්ස් කිං කියන නමයි!

October 21, 2024
in Heart
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘කුච් කුච් හෝතා හේ’ ෆිල්ම් එක මතකද?

කොහොම අමතක වෙන්නද? ‘කුච් කුච් හෝතා හේ’ එක්ක තියටර් එකේ ගතකරපු ඒ පැය දෙකක දෙකහමාරක කාලය ගැන කියන්න වචන නැහැ. එය ආශ්වාදනීයයි. අමන්දානන්දනීයයි. තවත් විදියකට කියනවා නම් ඒ පැය ගණන සිහිනෙන් ගෑ සුවඳක් තරම් සුන්දරයි. උතුරු ඉන්දියානු සිනමාව පුරා රසාලිප්ත පෙරළියක් ඇතිකළ, සිත් නළවනසුලු පෙම් පළහිලව්වක් ගැන කියැවෙන මේ ලස්සන කතන්දරය යුරෝපා රටවල වගේම ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවලද අසීමිතව ජනප්‍රිය වුණා. ‘කේ.කේ.එච්.එච්.’ යන කෙටි නාමයක් තුළ එයට හුරුබුහුටි හැඳින්වීමක්ද ලැබුණා. (Sri Lanka Latest News)

හිටිහැටියෙම ඇයි මේ ‘කුච් කුච් හෝතා හේ’ ගැන මතකය අවදි වුණේ? කරන් ජොහාර් අලුත් ඇක්ටර්ස්ලව දාලා ඒක රී-මේක් කරන්නවත් යනවද?
එහෙම එකක් නෙවෙයි. පසුගිය සතියේ කරන් ජොහාර් ඇතුළු ‘කුච් කුච් හෝතා හේ’ ටීම් එක එහි අවුරුදු 26ක මතකය සැමරුවා.

ඒ සොඳුරු අවස්ථාව වෙනුවෙන් කරන් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී සිදුවූ සොඳුරු මතක ඇසුරෙන් හරි අපූරු වීඩියෝවක් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා මුදාහැරියා. මුහුරත් උළෙළ, පළමු දර්ශන වාරය සහ දින 100 සැමරුමෙහි මතකයන්ද ඒ අතර තිබුණා.

ප්‍රධාන පෙළේ සිනමාහල් කිහිපයකම එහි දර්ශන වාරයන්ද පෙන්වූවා. අතුරු සිදුරු නැතුව ඒ සිනමාහල් පිරී ගිහින් තිබුණු හැටි දැක්කම කරන්ගේ ඇස්වලට කඳුළු ඉනුවලු. සිනමා සංකීර්ණයක පැවැති එක් දර්ශනයක් අවසානයේ කරන් එක්ක කාජල්, රානි මුඛර්ජි සහ ෂාරුක් ඛාන් එහි පැමිණ තිබුණේ ප්‍රේක්ෂකයන් මවිත කරවමිනුයි. එතැන ඇතිවූ ආදරණීය හැඟීම් පිරුණු උණුසුම් සංසිද්ධීන් ගැන රසින් රස විස්තර කියන්න හෝඩි පොතෙත් වචන මදි වුණා කියලයි කියන්නේ. සෝෂල් මීඩියාවල එය නම්කොට තිබුණේ ‘සුපිරි අහඹුවක් රසවත් සුළි කුණාටුවක්’ යන සිරස්තලය සමගින්ලු.

‘මගේ කුලුඳුල් වෑයම මේ තරමට සාර්ථක වෙයි කියලා හිතුවේ නැහැ. ‘ආදිත්‍ය චොප්රා’ කියන අමරණීය මිනිසා නොවන්න කරන් ජොහාර් අද මෙතැන නැහැ. ඔහුගේ හැකියාව මට බෝකිරීම ලොකු සතුටක්.

සුවහසක් ප්‍රේක්ෂකයන් හමුවේ කළ කෙටිම කෙටි කතාබහේදී කරන් එසේ පැවැසුවේ ඉතා සංවේදීවයි.
‘මොනවා කියන්නද මන්දා… මම ඔයාලට ආදරෙයි. එච්චරයි….’
ඒ, ෂාරුක්ගේ කෙටි වචන සංග්‍රහයයි.

‘ෂාරුක්ට කිං ඛාන් කියන නම වැටුණේ වැරැදීමකට. එය ආශ්වාදනීය රජු ලෙස වෙනස් වූවා නම් යසයි…’
ඒ, කාජල්ගේ ආදරණීය පණිවුඩයයි.

‘මට හිතෙන හැටියට නම් ෂාරුක්ට මැචින් ‘රොමෑන්ස් කිං’ කියන නමයි.
රානි කියා තිබුණේ ඇසක් ඉඟිමරන ගමනුයි.

සියල්ල අවසානයේ ඒ සොඳුරු මොහොත මෙහෙයවූ ප්‍රසන්ටර් ඇහුවලු කරන්ගෙන් “කුච් කුච් හෝතා හේ’ ෆිල්ම් එකේ රී-මේක් එකක් කළොත් කොහොමද සර්?’ කියලා.

‘හීනෙකින්වත් හිතන්න බැහැ. ඒ තුන් කට්ටුව දුන් රසය නැවත කිසිවකුට දෙන්න බැරිවේවි….’
ඔහු ඇහෙන නෑහෙන හඬින් කියා තිබුණේ මහා ගැඹුරු ස්වරයකිනි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෙන්න ගම්මන්පිල ආණ්ඩුව හංගන් ඉන්නවා කියපු පාස්කු වාර්තා දෙක එළියට දානවා! නම්ගම් එක්කම කියනවා! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණයේදී සජිත් පරද්දන්න කරපු කුමන්ත්‍රණය හෙළිවීම නිසා ගම්මට්ටමේ UNP සංවිධායකවරුන් සජබෙට එකතු වෙන්න පටන් ගනී! I Sri Lanka Latest News

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.