බේරුවල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක රොහාන් පැට්‍රික් පෙරේරා මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News
පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කිරීම සදහා එජාප නායකත්වය විසින් දියත් කළ කුමන්ත්‍රණ සියල්ල අනාවරණය වීම හේතුවෙන් මෙසේ රොහාන් පැට්‍රික් පෙරේරා මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කොට ඇත.
මේ අයුරින්ම ඉදිරියේදී තවත් එජාප සංවිධායකවරුන් සහ පාක්ෂිකයන් රැසක් සජබය සමග එකතු වීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.









