• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඕනෙ කුණු ගොඩක් ප්‍රසිද්ධ වෙනවා… හැබැයි ජනප්‍රිය වෙන්න හැමෝටම බැහැ…!මැණිකේ ලිව්වේ මටයි… ඒක මගේ වෙඩින් ඇනිවසරි එකට ලැබුණු සර්ප්‍රයිස් එකක්…! දිනිති වල්ගමගේ I Sri Lanka Latest News

April 19, 2026
in Heart
Reading Time: 3 mins read
A A
ඕනෙ කුණු ගොඩක් ප්‍රසිද්ධ වෙනවා… හැබැයි ජනප්‍රිය වෙන්න හැමෝටම බැහැ…!මැණිකේ ලිව්වේ මටයි… ඒක මගේ වෙඩින් ඇනිවසරි එකට ලැබුණු සර්ප්‍රයිස් එකක්…! දිනිති වල්ගමගේ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුළු රටම සිංහල අලුත් අවුරුද්ද ජයටම සමරන මේ කාලේ කාගෙත් සිත් ආදරයෙන් සිනහවෙන් පුරවන, පුංචි තිරයේ අපිට හමුවන ජනප්‍රියම වගේම කාර්යබහුලම කලාකාරිනියක් තමයි දිනිති වල්ගමගේ. මේ දවස්වල ලංකාවේ වැඩිම පිරිසක් ආදරයෙන් වගේම තරහෙන් වැලඳගෙන සිටින, වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යය ලෙස අභිෂේක ලැබූ ‘ජහුටා’හි ‘වන්දනා’ ලෙසත් ‘පහේ ළමයි’හි වෙනස්ම චරිතයකිනුත් ඇය ඉදිරිපත් කරන රංගනය සැබැවින්ම විශිෂ්ටයි. ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහන්නට තරම් තම චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන ඇය, ටෙලි තිරයෙන් ඔබ්බට යමින් රිදී තිරයේ ද අලුත් වැඩ කිහිපයකින්ම අප හමුවීමට සූදානම්ව සිටිනවා. ඇය කාර්යබහුල රූගත කිරීම් මැද වුවත් තම රසිකයන් වෙනුවෙන් කාලය වෙන්කිරීමට අමතක කරන්නේ නැහැ. ඉතින්, අවුරුදු උණුසුම මැද ‘වන්දනා’ ගැන වගේම දිනිතිගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැනත් ඇය අප සමග මෙලෙස හදවතින්ම කතාබහ කළා.Sri Lanka Latest News

ඉතින් දිනිති සැපෙන් සනීපෙන් ඉන්නවාද?
සතුටින් , සැපෙන් සනීපෙන් ඉන්නවා.
වන්දනාට කොහොමද ප්‍රතිචාර?
මං හිතන්නේ හැමෝම වන්දනාට ගොඩක් බණිනවා. වන්දනා කියන්නෙ හරිම නපුරු චරිතයක්, මම හිතන්නේ මම වැඩිපුරම බැණුම් අහපු චරිතය තමයි වන්දනා. මම මේ වෙනකම් මේ වගේ කිසිම චරිතයකට රංගනයෙන් දායක වෙලා නෑ. මේ වගේ චරිතයක් කරන්න ලැබීම ගැන සතුටුයි.
වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍යයට සම්බන්ධ වීම ගැන දැනෙන හැඟීම කොහොමද?
ජනප්‍රියයි කියන්නේ ජනයා අතර ප්‍රියයි කියන එකනේ. ප්‍රසිද්ධ වෙන්න ඕනෙ කෙනෙක්ට පුළුවන්, ඕනෙ කුණු ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. හැබැයි ජනයාට ප්‍රිය වෙන එක එහෙම හැමෝටම කරන්න බෑ. ඉතින් ජනප්‍රිය ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීම ගැන ඇත්තටම මට අහිංසක සතුටක් සහ ආඩම්බරයක් දැනෙනවා.


‘ජහුටා’ එක්ක කොහොමද සම්බන්ධ වුණේ?
ඒක ඇත්තටම මගේ වෙඩින් ඇනිවසරි එක දවසේ ලැබුණු සර්ප්‍රයිස් එකක්. එදා චේතානි අක්කියි සද්ධාමංගල අයියයි ඇවිත් මට ළඟට කතා කරලා කිව්වා ඔයාට අපි තෑග්ගක් ගෙනාවේ නම් නෑ හැබැයි අපි ඔයාට තෑග්ගක් දෙනවා කියලා. ඉතින් මං ඇහුවා මොකද්ද ඒ කියලා. ඉතින් එයාලා කිව්වා අපේ ඊළඟ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් ඔයාට දෙනවා කියලා. එහෙම තමයි මම ජහුටා එක්ක සම්බන්ධ වුණේ. ඉතින් ජහුටා තමයි මට එයාලගෙන් ලැබුණු තෑග්ග.
‘පහේ ළමයි’ ගැනත් මතක් කළොත්?
‘පහේ ළමයි’ ටෙලිනාට්‍යයේත් මම කරන්නේ වෙනස්ම චරිතයක්. වේගයෙන්, ටිකක් උස් හඬින් කතාකරන චරිතයක් තමයි ඒකෙත් මට කරන්න තියෙන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍ය දෙකේම මට කරන්න තියෙන්නේ මගේ සාමාන්‍ය ජීවිතේට හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ඉතින් හරිම කැමැත්තෙන්, සතුටින් මං මේ දෙකේම මම වැඩ කරගෙන යනවා.
නිෂ්පාදන කණ්ඩායම්වලින් ලැබෙන සහයෝගය ගැනත් කතා කරමුද?
ටෙලිනාට්‍ය දෙකේම හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ජහුටා ගැන කතා කළොත් සද්ධාමංගල අයියා හරිම ලස්සනට කතාව ලියාගෙන යනවා. ඒ වගේම වන්දනා කියන චරිතය මොන වගේද, කොහෙටද යන්න ඕනෙ කියන එක සම්බන්ධව සම්පූර්ණයෙන්ම ශිවා අයියා හරිම ලස්සනට අධ්‍යක්ෂණය කරනවා. ඒවගේම සමස්ත නිෂ්පාදන කණ්ඩායම හරිම එකමුතුයි. පහේ ළමයි ටෙලිනාට්‍යයත් ඒ වගේමයි, ලක්ෂාන් අයියා අමුතුම විදිහේ කතාවක් වෙනස්ම විදිහට ලස්සනට ලියනවා. උදයන්ති කුලතුංග අක්කා, සම්පත් ජයවීර අයියා, මගේ ආදරණීය ස්වාමිපුරුෂයා සංගීත් සතරසිංහ වගේම ටෙලි නාට්‍යයේ එකට වැඩ කරන අපි හැමෝම එක පවුලක් වගේ තමයි පහේ ළමයි එක්ක එකතුවෙලා ඉන්නේ. මම හිතන්නේ මේ හැමෝම එකිනෙකාට උදව් කරගනිමින් සහයෝගයෙන් වැඩ කරන නිසාම තමයි මේ ටෙලිනාට්‍ය දෙකම හරිම ලස්සනට මිනිස්සු අතරට ගිහින් තියෙන්නේ.
සංගීත් අලුතෙන් සින්දුවක් කළා නේද?
ඇත්තටම මේ සින්දුව සංගීත් ලිව්වේ අපි ඔස්ටේ්‍රලියාවේ ඉන්න කාලේ. මුලින් සින්දුවේ තනුව ගැන හිතලා, සචිත් අයියත් එක්ක එකතු වෙලා සින්දුව තව හොඳට හදාගෙන, එයා අවුරුද්දක් විතර කාලයක් මේ සින්දුවත් එක්ක හිටියා. වීඩියෝ එක කරලත් ගොඩක් කාලයකට පස්සේ තමයි සින්දුව ප්‍රේක්ෂකයන්ට විවෘත කළේ.
‘මැණිකේ’ හැදුණු විදිය ගැනත් පොඩ්ඩක් කතා කරමුද?
‘මැණිකේ’ ඇත්තටම මට ලියපු සින්දුවක්. මුලින්ම සින්දුව විතරයි හදලා තිබුණේ, වීඩියෝ එකක් කරන්න අදහසක් තිබුණේ නැහැ. අපි යාළුවො කට්ටිය එකතු වෙලා දවසක් සින්දුව ගැන කතාකරද්දි ඉන්දික ලක්මාල් අයියා මේ සින්දුවට වීඩියෝ එකක් කරමු කියන අදහස දුන්නා. ඒත් අපිට එහෙම වීඩියෝ එකක් කරන්න ඒ වෙනකොටත් වුවමනාවක් තිබුණෙත් නෑ. හැබැයි කොහොම හරි එක පාරම කිව්වා අපි දවසක් දාගෙන මේක කරමු කියලා. ඉතින් එහෙම තමයි මේ වීඩියෝ එක හැදුණේ. වීඩියෝ එක අපි කළේ සචිත් අයියගෙ ගෙදරම තමයි. ඉතින් ඇත්තටම කිව්වොත් මේ සින්දුව යාළුවො ටිකක් එකතු වෙලා කරපු වැඩක්.
දිනිතිටත් සින්දුවක් කරන්න අදහසක් නැද්ද?
ඇත්තටම මට එහෙම සින්දු කියන්න හැකියාවක් නැහැ. හැබැයි මගේ හුස්බන්ඩ්ට හොඳට සින්දු කියන්න පුළුවන්. මං ඉතින් එයා කියනවා අහගෙන ඉන්නවා. සංගීත්ට සින්දුවක් කියන්න සහායට කවුරු හරි ඕනේ වුණු වෙලාවට පොඩ්ඩක් පැත්තකින් ඉඳන් සින්දු කියනවා විතරයි. මං ආසයි එයා කාත් එක්ක හරි සින්දුවක් කියනවා අහන් ඉන්න. මම තමයි මං හිතන්නේ මගේ ආදරණීය ස්වාමියාගේ ලොකුම රසිකාවිය. ඉතින් පැත්තකින් ඉඳන් එයාට හයියක් වෙන්න තමයි මට ඕනේ.
රටේ මිනිස්සු වෙනුවෙන් අවුරුද්දටත් උදව් කරන්න ඇති කියලා හිතනවා?
මම, සංගීත්, අපි දෙන්නටම වැඩ කරලා ලැබෙන මුදල්වලින් 10%ක් රටේ මිනිස්සු වෙනුවෙන් උදව් කරන්න වෙන් කරලා තියෙන්නේ. අපෙන් කවුරු හරි ඇවිත් උදව්වක් ඉල්ලුවොත් අපි සලකා බලලා එයාලට උදව් කරනවා. ඒ වගේම පහසුකම් අඩු පාසලක් වෙනුවෙන් අපි මේ වෙනකොටත් සම්පූර්ණ දායකත්වය ලබාදෙනවා. අපි දෙන්න මේවා කරන්නේ අපේ පෞද්ගලික සල්ලිවලින්. එහෙම නැතුව අපි දෙන්නට එහෙම කිසිම දෙයකින් ලැබෙන හෝ වෙනත් දෙයකින් නෙවෙයි. අපි දෙන්න කොහොමත් හැමදාමත් උදව් කරනවා. ඉස්සරහටත් උදව් කරයි. ඇත්තටම ඒක උදව්වක් කියනවට වඩා යුතුකමක් කියන්න මම කැමැතියි.
සිංහල අලුත් අවුරුද්දත් එක්ක පුංචි කාලේ රස මතක අවදි කරමුද?
පුංචි කාලෙ තමයි ලස්සනම කාලේ. මම හැදුණු වැඩුණු පරිසරයේ, ඒ කියන්නේ මගේ ගම වටේ මගේ නෑදෑයෝ. ඉතින් කොළඹ, වෙන රටවල ඉන්න අපේ නෑදෑයොත් හැමෝම සිංහල අලුත් අවුරුද්දට ගමට එනවා. ගමේ අවුරුදු උත්සව තියෙනවා. ඉතින් ඒ කාලෙත් හැමෝම එකට එකතු වෙන්නේ සිංහල අලුත් අවුරුද්දට. මමයි අයියලා දෙන්නයි තමයි ගෙදර හිටපු පොඩි අය. හැමදාම අවුරුද්දට අම්මා අපිට ඇඳුම් අරන් දෙනවා. ඒව නිකං අපිට ඒ කාලේ රත්තරන් වගේ. අවුරුද්දට කලින් දහවතාවක් විතර ඒ ඇඳුම් ඇඳලා හැඩ බලනවා. ඒවගේම තමයි හැම තැනම කැවිලි, තීන්ත සුවඳයි. ඉතින් අවුරුදු එනකම් අපි පුංචි කාලේ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. හැබැයි ඒ අවුරුද්ද දැන් නෑ.
අලුත් අවුරුද්දේ සැලසුම් කරගත් වැඩ ඇති නේද?
දැනට විකාශනය වන ටෙලිනාට්‍ය දෙකේ රූගත කිරීම් තියෙනවා. ඉදිරියට රූගත කිරීම් කරන්න නියමිත චිත්‍රපට දෙකක් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට චිත්‍රපට තුනක වැඩ ඉවර කරලා තියෙනවා. ඒවගෙන් එකක හඬ පටිගත කිරීම් කරන්න තියෙනවා. මේ වැඩ ටික තමයි සැලසුම් කරලා තියෙන්නේ. බලමු තව ඉදිරියට ගොඩක් වැඩ වෙයි.
ලැබුවා වූ අලුත් අවුරුද්ද ගැන දිනිතිගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව මොකද්ද?
හැමදාම හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ. හැමදාම හැමෝටම එක වගේ හරි යන්න ඕනෙ. මොකද එතකොට අපේ තියෙන උස් පහත් භේද නැතිවෙලා මිනිස්සුන්ගේ තියෙන ඉරිසියාව, කුහකකම් වගේ දේවල් නැති වෙනවා. එහෙම වුණාම හැමෝගෙම හිත්වල ඉතිරි වෙන්නේ ආදරය විතරයි. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ ලැබුවා වූ අලුත් අවුරුද්ද, හැමෝටම එක වගේ හරියන, හැමෝගෙම හිත් ආදරෙන් පිරුණු, නිදුක් නීරෝගී, හැමෝම හිතන පතන හැම යහපත් දෙයක්ම ඒ විදිහටම ඉෂ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා.

තිලක්ෂි බස්නායක

SendShareShare
Previous Post

බෝඩ් වෙලා තමයි මේ හැම ගේමක්ම ගැහුවේ…! කන්න පුළුවන් උපරිම කටු කෑවා…!බැණුම් කියන්නෙත් සම්මාන තමයි…! තිලාන් වර්ණජිත් I Sri Lanka Latest News

Next Post

‘දීලා බලමු’ ආදීනව දැන් මිනිස්සු හොඳට විඳිනවා! රනිල්ලාට වඩා හොඳ ආර්ථිකය මෙහෙයවීමේ වැඩපිළිවෙළක් සජබ ටීම් එකට තියෙනවා! මාෆියා දෙකක් නැත්තටම නැති කරන්න ඕනේ.. -සුජීව සේනසිංහ! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.