• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කොටු පනින්නේ නැහැ…! ආසාව තිබ්බට මට චාන්ස් එකක් ලැබුණෙ නැහැ…! ඩබියාගෙන් තමයි හිට් වුණේ… I Sri Lanka Latest News

January 11, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මම කොටු පනින්නේ නැහැ…! ආසාව තිබ්බට මට චාන්ස් එකක් ලැබුණෙ නැහැ…! ඩබියාගෙන් තමයි හිට් වුණේ… I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ ‘කොටු’ නාට්‍යය අතරින් ඇඳෙන අපූරු චරිතයක් වූ ඔහු, අද වනවිට ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ආදරයක් දිනා සිටින රංගන ශිල්පියෙකි. ‘ආලකමන්දා’ හෝටලයේ සේවකයකු ලෙසින් අප හමුවට එන ඔහු, හුදෙක් රංගනයට පමණක් නොව නිවේදනයට මෙන්ම හඬකැවීමටද පෑ හපන්කම් අතිමහත්ය. ඔහු ඉසුරංග ජයකුමාරයි. ඔහු අපි සමග කතාබහකට ‘හාට්’ වෙත ගොඩවැදුණා.Sri Lanka Latest News

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල සාමාන්‍ය විදිහට කාලය ගෙවිලා යනවා. ඊළඟ අවුරුද්දට කරන්න තියෙන වේදිකා නාට්‍යයේ වැඩයි කොටු ටෙලිනාට්‍යයේ වැඩ කටයුතුයි කරගෙන යනවා.
මේ දිනවල ආලකමන්දා හෝටලෙත් වැඩ නේද?
ඔව් මේ දවස්වල ආලකමන්දා හෝටලේත් වැඩ කටයුතු කරගෙන යනවා.
කොටු පනින අයට මේ දවස්වල ඔබෙන් බේරෙන්න බැරිද?
මගෙන් නෙමෙයි කසුන්ගෙන් තමයි. කසුන් එක්ක නම් මේ දවස්වල ටිකක් බේරෙන්න අමාරුයි. ආලකමන්දා හෝටලේත් කසුන් අතරත් පොඩි සිදුවීම් කිහිපයක් සිදුවෙනවා. එතැනදී ඒ මිනිස්සු එක්ක කසුන් ගැටෙනවා. ඒ විදිහට තමයි කතාව ගලාගෙන යන්නේ.

කොටු නිර්මාණයට සම්බන්ධ වුණු ආකාරය සහ චරිතයට ලැබෙන ප්‍රතිචාර කතා කළොත්?
අසංක සායක්කාර අධ්‍යක්ෂවරයා හරහා තමයි සම්බන්ධ වුණේ. එතුමා ‘කොටු’ ටෙලිනාට්‍යයට මට ආරාධනාවක් ලබාදුන්නා. ඒ ආරාධනාවත් සමග කොටු ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චරිතයට අනුව ලැබෙන්න ඕනෙ විදියේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘කොටු’ ටෙලිනාට්‍යය ඇත්තටම හාස්‍ය ජවනිකාවලින් පිරුණු නිර්මාණයක්. රූගතකිරීම් අතරතුර සිදුවූ සිදුවීම් අතර දර්ශනයකදී මට ගුටි කන්නත් සිදුවුණු අවස්ථා තියෙනවා. ඒ කනේ පාරවල් හරියටම වදින්න ඕනෙ නිසා කිහිප වතාවක් මට ගුටි කන්නත් සිද්ධ වුණා. මේ වගේ යම් යම් අවස්ථාවල හාස්‍යජනක සිදුවීම් කිහිපයක් සිදුවුණා.
‘කොටු’ නාට්‍යයේ ඔබ රඟපාන අත්දැකීම් සැබෑ ජීවිතයේත් අත්විඳලා තියෙනවද?
නෑ. සැබෑ ජීවිතයේ මට ලැබිලා නැහැ. නමුත් ඒ වගේ අත්දැකීම් යාළුවන්ට අත් විඳින්න ලැබෙනවා දැකලා තියෙනවා. මගේ සැබෑ ජීවිතේ නම් එහෙම අත්දැකීම් නැහැ. මොකද මම කොටු පනින්නේ නැහැනෙ.
ඔබේ පෞද්ගලික තොරතුරුත් දැනගන්න කැමැතියි?
මම ඩබ්ලිව්.එම්. ඉසුරංග ජයකුමාර. මගේ ගම බණ්ඩාරවෙල. මගේ පවුලේ ඉන්නවා අම්මයි තාත්තයි මමයි නංගියි. මගේ මූලික අධ්‍යාපනය බණ්ඩාරවෙල කිරවනාගම නවෝද්‍යා පාසලෙන් හදාරා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන ලද්දේ බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍යමහා විද්‍යාලයෙන්. නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධියක් සම්පූර්ණ කළා. ඉතින් මේ දිනවල මම කොළඹ ප්‍රදේශයේ මගේ වැඩකටයුතු කරගෙන යනවා.
ඩබින් ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
ඩබියා ගැන කතාකරනවා නම් මේ නම හැදුණෙත් මිනිස්සුන්ගෙන්ම තමයි. පළවෙනි කොරෝනා රැල්ලත් සමග තමයි මම වීඩියෝ හදන්න පටන් ගත්තේ. අපිට එළියට බහින්න බැහැනේ. ෆෝන් එකෙන් තමයි මම වීඩියෝ හදන්න පටන් ගත්තේ. මේ විදිහට තමයි මම ඩබින් පටන් ගත්තේ. ඩබින් කරන්න ආසාව තිබ්බට මට චාන්ස් එකක් ලැබුණේ නැහැ. එහෙම තනියම ඉන්නකොට තමයි කාටුන්වලට ඩබින් කරන්න පටන් ගත්තේ. ඒ විදිහට වැඩ කරලා දැන් හඬකැවීම් ශිල්පියෙක් විදිහට මට ක්ෂේත්‍රයේ වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විවිධ නාලිකාවල මම හඬකැවීම් සිදුකරනවා. එහෙම තමයි මට ‘ඩබියා’ කියන චරිතය බිහි වුණෙත්.
ඩබින් ආටිස්ට් කෙනෙක් විදිහට ඉඳලා ටෙලිනාට්‍යයට පැමිණීම ගැන මොකද හිතෙන්නේ?
ඩබින් කියන්නේ මගේ හොබි එකක්. මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. මිනිසුන් අතර ඩබියා කියන කන්සෙප්ට් එක ජනප්‍රිය වුණා. ඒ හැර මම පාසල් කාලේ ඉඳන් වේදිකා නාට්‍ය හරහාත් රංගනය හදාරලා තියෙනවා. ඉන් පසුව තමයි මම හඬකැවීමට එන්නේ. මම ජනප්‍රිය වුණෙත් හඬකැවීම් හරහා තමයි. රංගනයේදී වේදිකා නාට්‍ය වැඩකටයුතු කළා. ඉන් පසුව ටෙලිනාට්‍ය හරහා ජනප්‍රිය වුණා. මාව හඬකැවීම් ශිල්පියෙක් විදිහට දැනගෙන හිටියට මම කරන්නේ රංගනය. වේදිකා නාට්‍යවල රඟපානවා.
ඩබියා මිනිසුන් අතර ජනප්‍රිය වෙන්න ගත්තෙ මොන වගේ කන්සෙප්ට්වලින්ද?
මම කරපු හැම වීඩියෝ එකක්ම කළේ මම සමාජය, දේශපාලනය, කලාව, ලංකාවේ ඉතිහාසය, සමාජයේ මතුවන ප්‍රශ්න, ආර්ථිකය ප්‍රශ්න ගැන කාටුන් මගින් වීඩියෝ නිර්මාණය කළා. ඒ අතරේ කොමඩි වීඩියෝත් මම නිර්මාණය කළා.
සිනමාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?
ඔව් මම ඇත්තටම හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. නිර්මාණයක් බාරගැනීමේදී වුණත් මම චරිතය පිළිබඳ හිතනවා. මොකද තිර පිටපතට අනුව මට ඒ චරිතයට සාධාරණයක් කරන්න අවශ්‍යයි. දැනටමත් මට නිර්මාණ දෙක තුනකටම ආරාධනා ලැබිලා තියෙනවා. බලමු අපි ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

ආර්ථික අර්බූදය එන්නේ අප්‍රේල්ද.. අවුරුද්ද අන්තිමේදීද.. ලබන අවුරුද්දේද කියන්න බෑ! IMF ටීම් එකක් ලංකාවට එනවා! දැඩි තීන්දු තීරණ ගන්න යනවා! ලොකු අර්බූදයක ලකුණු පේනවා! I Sri Lanka Latest News

Next Post

කවදා හරි කලා ක්ෂේත්‍රයේ හොඳ සලකුණක් තියනවා! තවම මගේ ඉලක්කෙට ගියේ නැහැ…! ඒක මට කවදාවත් අමතක කරන්න බැරි අත්දැකීමක්…! නේහා බාලසූරිය I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.