• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කවදා හරි කලා ක්ෂේත්‍රයේ හොඳ සලකුණක් තියනවා! තවම මගේ ඉලක්කෙට ගියේ නැහැ…! ඒක මට කවදාවත් අමතක කරන්න බැරි අත්දැකීමක්…! නේහා බාලසූරිය I Sri Lanka Latest News

January 11, 2026
in Heart
Reading Time: 3 mins read
A A
කවදා හරි කලා ක්ෂේත්‍රයේ හොඳ සලකුණක් තියනවා! තවම මගේ ඉලක්කෙට ගියේ නැහැ…! ඒක මට කවදාවත් අමතක කරන්න බැරි අත්දැකීමක්…! නේහා බාලසූරිය I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන ටෙලි තිරයේ ආදරණීය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක වන ඇය, මේ දිනවල ස්වර්ණවාහිනි ඔස්සේ විකාශය වන “සින්ටෝ“ ටෙලිනාට්‍යයේ ජගත්මාගේ චරිතයට පණපොවන නේහා බාලසූරිය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා සිටින්නීය. අධ්‍යාපන කටයුතු සහ කලා කටයුතු මැද ඇය තම අලුත් තොරතුරු අප සමග මෙලෙස බෙදාගත්තාය.

නේහා, මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?
ඇත්තටම මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. “සින්ටෝ“ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් වගේම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් සමග කාලය ගත කරනවා. විශේෂයෙන්ම මගේ විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ දිනවල සිදුවෙනවා. ඒ හැම දේම මැද සාමාන්‍ය විදිහට සතුටින් කාලය ගතකරනවා.
“සින්ටෝ“ ටෙලිනාට්‍යයේ ජගත්මාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
දැන් “සින්ටෝ“ ටෙලිනාට්‍යයේ අවසන් කොටස් කිහිපය තමයි රූගත කරන්නේ. තව දින කිහිපයකින් නාට්‍යයේ වැඩකටයුතු අවසන් වේවි. නාට්‍යය ආරම්භ කළ දවසේ ඉඳන් අද වෙනකම්ම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ඒ විදිහටම තියෙනවා. “ජගත්මා“ කියන්නේ මගේ රංගන ජීවිතේ මට කවදාවත් අමතක නොවන, අත්දැකීම් රාශියක් ලැබුණු චරිතයක්. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.
ඔබ රංගනය පිළිබඳ හදාරන ශිෂ්‍යාවක් නේද?
ඔව්, මම රංගනය හදාරනවා. මම මේ වනවිට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලබනවා. මගේ විෂය වන්නේ රංගනයයි.
ඉගෙනීම් කටයුතු සහ රංගනය සමබර කරගන්නේ කොහොමද?
ඇත්තටම මේ ක්ෂේත්‍ර දෙකම සමබරව පවත්වාගෙන යන්න මගේ පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ යාළුවොත් මට ගොඩක් උදව් කරනවා. ඒ නිසා අධ්‍යාපනය වගේම රංගනයත් ගැටලුවකින් තොරව කරගෙන යන්න මට හැකියාව ලැබිලා තියෙනවා.
වර්තමාන කලා ක්ෂේත්‍රය ගැන නව පරපුරේ ශිල්පිනියක් විදිහට ඔබ දකින්නේ කොහොමද?
විශේෂයෙන්ම මම ලංකාවේ සිනමාවේ කැපීපෙනෙන වෙනසක් දකිනවා. විවිධ ශානරයේ ගුණාත්මක නිර්මාණ දැන් බිහිවෙනවා. එවැනි සිනමා නිර්මාණයකට අවස්ථාවක් ලැබුණත් ඒක ලොකු සතුටක්. මේ සිදුවන වෙනසත් එක්ක දිගටම කලාව තුළ රැඳී සිටිය යුතුයි කියන හැඟීම සහ වුවමනාව මට ඇතිවෙනවා.

ක්ෂේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම බලාපොරොත්තු වෙන ඉලක්කයට මම තවම ගිහින් නැහැ. ඒ වෙනුවෙන් මම කැපවීමෙන් වැඩ කරනවා. මගේ එකම බලාපොරොත්තුව කවදාහරි කලා ක්ෂේත්‍රය තුළ හොඳ සලකුණක් තියලා, ප්‍රේක්ෂකයන් අතර ගෞරවනීය මතකයක් ඉතිරි කරලා යන එකයි.
මේ වසරේ ලැබී ඇති අලුත් ආරාධනා මොනවාද?
දැනට මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ගොඩක් ලැබිලා තියෙනවා. පසුගිය කාලේ මම සම්පූර්ණයෙන්ම වගේ “සින්ටෝ“ එක්ක තමයි සම්බන්ධ වුණේ. ඉදිරියේදී ටෙලිනාට්‍යයකින් මට ගැළපෙන, මම කැමැති චරිතයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. හිතේ සැනසීමෙන් යුතුව, ජීවිතයට එන දේවල් දරාගෙන ඉදිරියට යෑම තමයි මගේ අරමුණ.

හිමාෂා නෙත්මිණි

SendShareShare
Previous Post

මම කොටු පනින්නේ නැහැ…! ආසාව තිබ්බට මට චාන්ස් එකක් ලැබුණෙ නැහැ…! ඩබියාගෙන් තමයි හිට් වුණේ… I Sri Lanka Latest News

Next Post

යෂ් එක්ක බෙඩ් සීන් එකක ඉන්න වෙන එක ගැන ඇහුවාම මම තිගැස්සුණා…! අයින් කරන්න බැරිද ඇහුවා…! ටිකක් කල් බලාගෙන ඉන්න වුණා…! රිජෙක්ට් කරන්න තරම් මම මහා ලොකු නිළියක් නෙවෙයි…! සුහන්දි උපෙත්මා! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අය ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.