• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දිග පළලක් නැතුව ලැබෙන හැම චරිතයක්ම මම රඟපෑවා…! තවමත් මගේ වේදනාව තියෙනවා…! අමාරුවෙන් තමයි ඇවිදින්නේ…! සමහරු අපි කවුද කියලාවත් දන්නෙ නැහැ…! රූපා පතිරණ I Sri Lanka Latest News

January 31, 2026
in Heart
Reading Time: 2 mins read
A A
දිග පළලක් නැතුව ලැබෙන හැම චරිතයක්ම මම රඟපෑවා…! තවමත් මගේ වේදනාව තියෙනවා…! අමාරුවෙන් තමයි ඇවිදින්නේ…! සමහරු අපි කවුද කියලාවත් දන්නෙ නැහැ…! රූපා පතිරණ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

80 දශකයේ වේදිකාවට පිවිසි ඇය පසුකාලීනව පුංචි තිරයේත්, සිනමාවේත් කැපීපෙනෙන සම්මානනීය රංගන ශිල්පියක් වූවාය. රූපා පතිරණ නම් වූ ඇය වර්තමානයේ පුංචි තිරයට නැතුවම බැරි චරිතයක් වී හමාරය. ‘හාට්’ අපි ඇයගේ කලා දිවියේ තොරතුරු දැනගැනීම සඳහා ඇය හා සම්මුඛ වූයේ මෙලෙසයි.Sri Lanka Latest News

ඉතින් කොහොමද?
අසනීප තත්ත්වයෙන් ඉඳගෙන කලා කටයුතු කරගෙන යනවා.
මේ දවස්වල ඔබ ‘පට්ටි ගෙදර’ ලොකු නැන්දා ලෙස රඟපානවා?
අනේ ඔව්. පට්ටිගෙදර පවුලේ ලොකු නැන්දා මම. ඒ නිසා ඒ චරිතය වෙනුවෙන් හොඳම ප්‍රතිචාර ලැබෙනවා. පට්ටිගෙදර ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගත්ත ටෙලිනාට්‍යයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අනුෂ්ක ද සිල්වා තමයි පට්ටිගෙදර ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ. මම කාලෙකට පස්සේ ආශාවෙන් පවුලක් විදියට එකතු වෙලා සම්බන්ධ වෙලා වැඩ කරන නිර්මාණයක් විදියට හඳුන්වන්න පුළුවන්. එයට අමතරව ‘පාට කුරුල්ලෝ’ ටෙලිනාට්‍යයෙත් වැඩ කරනවා.
ඔබ මුලින්ම වේදිකාව හරහා නේද රංගනයට සම්බන්ධ වෙන්නේ?
1983 තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ ‘කෝන්තරය’ වේදිකා නාට්‍යය හරහා. මම ඒ වේදිකා නාට්‍යයේ අභියෝගාත්මක චරිතයක් රඟපෑවේ. වයස අවුරුදු 65ක විතර චරිතයක්. ඒ චරිතය හරහා මගේ රංගනය වෙනුවෙන් වේදිකාවේ හොඳම නිළිය සම්මානය මට ලැබුණා. පසුකාලීනව කෝන්තරය රූපවාහිනී සංස්ථාවේ මැදිරි පරීක්ෂණ ටෙලිනාට්‍යයක් විදියට රූගතකිරීම් කළා. ලංකාවේ පළමුවැනි මැදිරි පරීක්ෂණ ටෙලිනාට්‍යයේ මම රඟපෑවා. ඒ මගේ රූපවාහිනී කැමරාවක් ඉදිරියේ කළ පළමු රංගන අත්දැකීම.
පසුකාලීනව එක දිගට නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා?
ඔව්. වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමා නිර්මාණ අංශ තුනටම මම සම්බන්ධ වුණා. 1992 සිරි කුලරත්නගේ ‘වීදියේ වීරයා’, සරත් ධර්මසිරිගේ ‘ගිනි කිරිල්ලී’, ‘කතුරු මිතුරු’ චිත්‍රපටවලට සම්බන්ධ වුණා. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මැයි මාර ප්‍රසංගය’ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙනවා.
මෙතෙක් ඔබ රඟපෑ ටෙලිනාට්‍යවලට දුන් දායකත්වය ගැන සෑහීමකට පත්වෙනවද?
අනිවාර්යයෙන් දිග පළලක් නැතුව මට ලැබෙන හැම චරිතයක්ම මම උපරිමයෙන් රඟපෑවා. ගල් පිළිම සහ බොල් පිළිම, තුන්පත් රටාවක ලස්සන, ඉර හැංගිලා, පට්ටිගෙදර ටෙලිනාට්‍යවල මම රඟපාපු චරිතවලට ගොඩක් ආදරය කළා. ඒ තරමට මම ඒ චරිතවලට ආදරය කළා.
සිදුවූ අනතුරෙන් පසු චරිත වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න බැරුව ඇති?
තවමත් මගේ කකුලේ වේදනාව තියෙනවා. අමාරුවෙන් තමයි ඇවිදින්නේ. ඉර හැංගිලා ටෙලිනාට්‍යයට තමයි අනතුරෙන් පස්සේ සම්බන්ධ වුණේ. ඇවිදගන්න අමාරු වුණත් ඒ මොහොතේ චරිතයට උපරිම සාධාරණයක් කළා. මොකද මට ඒ මොහොතේ විවේක ගන්න තිබුණු කාලයක් වුණත් මම ඉන්න කැමැති වුණේ නැහැ. ඒ කාලවකවානුවේ ඉර හැංගිලා ටෙලිනාට්‍යය විකාශය වන කාලය නිසා. මම කැමැති නැහැ මම භාරගත්ත වැඩක් අතරමග නතර කරන්න. ඒ තරමට මම මේ වෘත්තියට ආදරය කරන නිසා.
අලුත් පරපුර නම් ඒ ගැන වැඩි වටිනාකමක් නෑ වගේ නේද?
ඒ ගැන කතාකරලා වැඩක් නැති තරම්. අලුත් පිරිසට මම දොස් කියනවා නෙවෙයි. ඒත් තේරුම් ගන්න ඕනෙ. මොකද මේ වෘත්තියට ගොඩ දෙනෙක් ආදරය කරනවා. නවක පිරිසගේ කිසිම විනයක් නැහැ. කිසිම ගරුත්වයක් නැති තරම්. වටිනාකම දැනගෙන නොදන්න විදියට ඉන්නවා. සමහරු අපි කවුද කියලාවත් දන්නෙ නැති තරම්. ප්‍රවීණ ශිල්පීන්ට කිසිම ගරු කිරීමක් නැහැ. මම අදටත් නිර්මාණයකට සම්බන්ධ වෙද්දී කැමරාවට වැඳලා තමයි චරිතය නිරූපණය කරන්නේ. වේදිකාවට ගොඩවුණත් වේදිකාවට වැඳලා ගොඩවෙන කෙනෙක් මම.
අමුතු ඇඳීමක් නැති සරල කෙනෙක් ලෙස අපි ඔබව දකින්නේ?
මම මේ ගමන ආවේ ගොඩක් දුෂ්කරතා මැද. සමහර ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය මට මගහැරුණා කොළඹ එන්න සල්ලි නැති නිසා. නාට්‍යවල රඟපාලා මම ජනප්‍රිය වුණා කියලා අමුතු ඇඳීමක් මට නැහැ. මමත් අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය කෙනෙක්. පොළොවේ පයගහලා ජීවත් වෙන ගැහැනියක්.
ඔබ නිරූපණය කළ චරිත අතර මීට වඩා වෙනස් රංගනයක් එකතු කිරීමට ඔබ සූදානම්ද?
මට රඟපාන්න පුළුවන් ලොකු පරාසයක් තියෙනවා. චරිතයකට අලුත් දේවල් එකතු කරමින් විවිධ චරිත රඟපාන්න මම කැමැතියි. ඒත් කට්ටිය දන්නේ නැහැ මට කරන්න පුළුවන් කියලා. මට කතා කළොත් මම කරනවා. ආච්චි අම්මාට එහා ගිය විවිධ චරිත. ඒ අභියෝගය භාරගන්න මම සූදානම්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

‘මිලියන 16ක් අවභාවිත වෙලා! බැලූ බැල්මට මේක පෞද්ගලික සංචාරයක්’ – මහෙස්ත්‍රාත් ! රනිල්ගෙ නඩුවේ උසාවිය ඇතුළේ සිදුවූ සියල්ල මෙන්න! රනිල් විත්ති කූඩුවේ වාඩිවීම ප්‍රශ්නයක්! මහෙස්ත්‍රාත් අවවාද කරයි! දැඩි සත්කාර ඒකකයේ කොටසක් වෙන් කරගෙන සහචරයන් සමග පොත් කියෙව්වා! මේක පළිගැනීමක්! අධිකරණය ඇතුළේ නොසන්සුන් තත්ත්වයක්! රනිල්ගේ නීතිඥයන් නීතිපති හමුවුණා! අපිව නොමග යවන්න හැදුවා! රනිල් උත්සවයේ හිටියේ බැල්කනියෙ වාඩිවෙලා! මෙය නිල කටයුත්තක් නොවේ… සාක්ෂි තියෙනවා…! ලන්ඩන් ගිය CID ටීම් එක විශ්වවිද්‍යාලයට ගිහින් නෑ…! Sri Lanka Latest News

Next Post

2026 ගෝලීය ත්‍රස්තවාදය ගැන ත්‍රස්ත විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ පුරෝකථනය! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.