• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2026 ගෝලීය ත්‍රස්තවාදය ගැන ත්‍රස්ත විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ පුරෝකථනය! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
2026 ගෝලීය ත්‍රස්තවාදය ගැන ත්‍රස්ත විශේෂඥ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ පුරෝකථනය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සාරාංශය
2026 දී, තීව්‍ර වූ භූ දේශපාලනික තරගකාරීත්වය සහ එදිරිවාදිකම් ගෝලීය තර්ජන පරිසරයට බලපෑම් කර හැඩගස්වනු ඇත. ඊට සමගාමීව, ආගමික, වාර්ගික සහ දැඩි මතවාදයන් මගින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් ලොව පුරා විවිධ රටවල රජයන් සහ සමාජ සමගිය යන දෙකටම තර්ජනයක් වනු ඇත.

විවරණ
2026දී ආසියාව, මැදපෙරදිග, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව සහ බටහිර රටවල කැරැලිකරුවන් සහ ත්‍රස්තවාදී ආයතන ප්‍රහාර එල්ල කරනු ඇත. ත්‍රස්තවාදී ප්‍රකාශ නිරීක්ෂණය කිරීම සහ රජයේ මූලාශ්‍ර විසින් වාර්තා කිරීම මත පදනම්ව, ප්‍රහාරවලින් සියයට 95කට වඩා සිදුවන්නේ සුඩානය, මාලි, සෝමාලියාව, ලිබියාව, නයිජීරියාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන ගැටුම් කලාපවල වන අතර, උතුරු ඇමෙරිකාව, යුරෝපය, ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තයේ හුදකලා ප්‍රහාර සිදුවනු ඇත.

උග්‍ර වූ ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව පිළිබඳ ගැටලු මෙන්ම මෑතකාලීන දේශීය ඛේදජනක සිදුවීම් හේතුවෙන් ප්‍රධාන බටහිර නගර කිහිපයක් 2025-2026 සඳහා අලුත් අවුරුදු සැමරුම් අඩුකර හෝ අවලංගු කර ඇත. කෙසේ වෙතත්, ත්‍රස්තවාදයේ ප්‍රධාන ක්ෂේත්‍ර ගෝලීය දකුණේ, විශේෂයෙන් ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාවේ පවතිනු ඇත.
බටහිර රටවල සිදුවන ප්‍රහාර අඩුවීම, 2025 දෙසැම්බර් මාසයේදී සිඩ්නිහි බොන්ඩි බීච්හි පවුල් පාදක ප්‍රහාරය මෙන් ගෝලීය අවධානය දිනාගනු ඇත. සංක්‍රමණික සහ ඩයස්පෝරා ප්‍රජාවන් ඒකාබද්ධ නොවන තාක්කල්, අන්තවාදය භෞතික හා ඩිජිටල් අවකාශයන්හි, රැඩිකල්වාදී ප්‍රජාවන් තුළ පවතිනු ඇති අතර, 2026දී බටහිර රටවල් වරින් වර ප්‍රහාරවලින් පීඩා විඳිනු ඇත.

ගෝලීය ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානය මැදපෙරදිගින් අප්‍රිකාවට සහ ආසියාවට මාරුවී ඇත. කෙසේ වෙතත්, ඉරාකය, සිරියාව, ලෙබනනය සහ යේමනය තුළ තර්ජන කණ්ඩායම් ක්‍රියාකාරීව පවතී. ඉරානයේ ප්‍රතිරෝධයේ අක්ෂය – ඉරාකය, සිරියාව, ලෙබනනය සහ යේමනය යන රටවල ෂියා කණ්ඩායම් මෙන්ම ගාසා තීරයේ සුන්නි කණ්ඩායම් – ඊශ්‍රායලය ඉරානයට පහර දීමෙන් වළක්වා ගැනීමට අසමත් විය.

ඊශ්‍රායලය පාලනය කිරීම සඳහා, ඉරානය මෑතකාලයේදී ඊශ්‍රායලය විසින් දැඩි ලෙස දුර්වල කරන ලද ලෙබනන් හිස්බුල්ලා සහ යේමන අන්සාරුල්ලා වෙත සහාය අලුත් කිරීමෙන් තම ගිනි වළල්ල යථා තත්ත්වයට පත්කිරීමට උත්සාහ කරයි. ෂියා සහ සුන්නි තර්ජන කණ්ඩායම් දෙකෙහිම රාජ්‍ය අනුග්‍රාහකයකු වන ඉරානය හැර, මැදපෙරදිග රජයන් ප්‍රසිද්ධියේ ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කර ඇත. 2023 ඔක්තෝබර් 07 වැනි දින ඊශ්‍රායලයට හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ ඇති වූ විනාශකාරී යුද්ධයෙන් පසුව, මහජන සහයෝගය හෝ ප්‍රචණ්ඩත්වය සඳහා ඇති රුචිය සැලකිය යුතු ලෙස ඛාදනය වෙමින් පවතී.

බටහිර රටවල අන්ත දක්ෂිණාංශික සහ අන්ත වාමාංශික යන දෙඅංශයේම ස්ථාවර නැගීමක් දක්නට ලැබෙන අතර, එය වරින් වර ප්‍රහාරවලට තුඩුදෙයි. අන්ත දක්ෂිණාංශික දේශපාලන පක්ෂවල නැගීම 2026දී සහ අපේක්ෂා කළ හැකි අනාගතයේදී අන්ත දක්ෂිණාංශික අන්තවාදයට ඉඩ සලසයි. බටහිර රටවල ආරක්ෂක සහ බුද්ධි සහයෝගීතාව වැඩිදියුණු වීම හේතුවෙන්, අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික සහ ඉස්ලාමීය කණ්ඩායම් විසින් එල්ල කරන ලද බොහෝ ප්‍රහාර හඳුනාගෙන සැලසුම් කිරීමේ සහ සූදානම් කිරීමේ අදියරවලදී කඩාකප්පල් කරනු ලැබේ. එක්සත් ජනපදයේ එෆ්.බී.අයි. ආයතනය අලුත් අවුරුදු උදාවේදී ලොස් ඇන්ජලීස්හි ස්ථාන පහක් පුරා සම්බන්ධීකරණ බෝම්බ ප්‍රහාර කඩාකප්පල් කළේය. අන්ත වාමාංශික, පලස්තීන ගැති, රාජ්‍ය විරෝධී සහ ධනවාදී විරෝධී කණ්ඩායමක් වන කැස්බෑ දූපත් විමුක්ති පෙරමුණට අනුගාමිකයින් 939ක් සිටින අතර, එහි ඉන්ස්ටග්‍රෑම්හි ‘ඇමෙරිකාවට මරණය’ සහ ‘සාමකාමී විරෝධතාව කිසිදා ප්‍රමාණවත් නොවනු ඇත’ යන වාක්‍ය ඛණ්ඩ සහිත රූප ඇත.

2025දී මෙන්, 2026 දී බොහෝ ප්‍රහාර ගෝලීය දකුණේ සිදුවනු ඇත. ත්‍රස්ත විරෝධී දත්ත සමුදායන් මගින් රැස් කරන ලද තොරතුරුවලට අනුව, ත්‍රස්තවාදී ප්‍රහාරවලින් සියයට 60-70ක් පමණ සිදුවන්නේ අප්‍රිකානු රටවලය. 2026දී අප්‍රිකාවේ ඉස්ලාමීය රාජ්‍යය සහ අල්කයිඩා අනුබද්ධ සංවිධාන මාරාන්තික ත්‍රස්තවාදී සංවිධාන ලෙස පවතී.
ත්‍රස්ත විරෝධී ක්‍රියාකරුවන් සහ අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදී නායකයන් සමග මා කළ සම්මුඛ සාකච්ඡා මත පදනම්ව, ඊශ්‍රායලය සහ හමාස් සහ එහි සහචරයන් අතර යුද්ධය නැවත ආරම්භ නොවන්නේ නම්, ප්‍රහාරවලින් සියයට 15-20ක් පමණ ලෙවන්ට් සහ ගල්ෆ් කලාපයේ සිදුවනු ඇත. 2026දී, පාකිස්තානය ඉලක්ක කරගත් තාරීක්-ඊ-තලේබාන් පාකිස්තානය විසින් සිදුකරන ප්‍රහාර ඉස්ලාමීය රාජ්‍යය කොරාසාන් පළාත සහ ඉස්ලාමීය රාජ්‍ය පාකිස්තාන පළාත විසින් සිදුකරන ප්‍රහාර අභිබවා යනු ඇත.

ඇෆ්ගනිස්තානයෙන් එල්ල කරන ලද අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ටී.ටී.පී. ප්‍රහාර ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර යුද්ධයකට තුඩුදිය හැකිය. ඒ හා සමානව, පාකිස්තානය සහ ඉන්දියාව විසින් සිදුකරන ප්‍රහාර න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර යුද්ධයකට තුඩුදිය හැකිය. බංග්ලාදේශයේ අන්තවාදය ඉහළ යමින් පවතී. 2025 වසර පුරාම බංග්ලාදේශ ඉස්ලාම්වාදීන් සහ ඇෆ්ගන් තලේබාන් සංවිධානය සංචාර හුවමාරු කරගැනීමත් සමග, ෂරියා ක්‍රියාත්මක කිරීම සඳහා ඉල්ලීම් ලැබෙනු ඇති අතර, බංග්ලාදේශයේ සුළුතරයන්, විශේෂයෙන් හින්දු සහ ක්‍රිස්තියානි, 2026දී වැඩි ප්‍රහාරවලට ලක්වනු ඇත.

බොහෝ දකුණු සහ මධ්‍යම ආසියානුවන් අයි.එස්.කේ.පී. විසින් බඳවාගනු ලබන්නේ, ඔවුන්ගේම රටවල සහ ඩයස්පෝරාවේ සිටියදීය. මධ්‍යම ආසියානු රජයන් ආගමික අවකාශය නියාමනය කිරීමත් සමග, රට තුළ රැඩිකල්කරණය සහ බඳවා ගැනීම් සඳහා ඇති හැකියාව අඩුවී ඇත. කෙසේ වෙතත්, විදේශයන්හි සේවය කරන මධ්‍යම ආසියානුවන් රුසියාව, යුරෝපය සහ වෙනත් තැන්වල ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉස්ලාමීය රාජ්‍යය සහ අල්කයිඩා යන දෙකම විසින් බඳවාගෙන ඇත.

අග්නිදිග ආසියාවේ තර්ජනය අඩුවී ඇත, නමුත් ඉස්ලාමීය රාජ්‍යයේ සහ අල්කයිඩාවේ අවශේෂ දිගටම ක්‍රියාත්මක වේ. බොන්ඩි වෙරළේ ත්‍රස්ත ප්‍රහාරයට පෙර විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් දෙදෙනකු 2025 නොවැම්බර් මාසයේදී සති තුනක් පිලිපීනයේ මින්ඩනාඕ වෙත ගියහ. හඳුනාගත් ඉස්ලාමීය අංශ සහ ආධාරකරුවන් ප්‍රධාන සංවිධානයට ඒකාබද්ධ කිරීමට මැනිලා සිය උත්සාහයන් පවත්වා ගෙන ගොස් ඇත.

රොහාන් ගුණරත්න විසිනි
(පරිවර්තනය රොෂේන් දිසානායක)

SendShareShare
Previous Post

දිග පළලක් නැතුව ලැබෙන හැම චරිතයක්ම මම රඟපෑවා…! තවමත් මගේ වේදනාව තියෙනවා…! අමාරුවෙන් තමයි ඇවිදින්නේ…! සමහරු අපි කවුද කියලාවත් දන්නෙ නැහැ…! රූපා පතිරණ I Sri Lanka Latest News

Next Post

සාදුකින් පෙළෙන උන් – දැන් ඉතින් නැගිටියව් – අන්තිම සටනට සැරසියව්…! කොළඹ උන්ගෙ නොවෙයි ගමේ ගෑනුන්ගෙ සටනට පෙළගැසෙව්…! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.