• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රූපෙන් හඳුනන්නේ නැති වුණාට කතාවෙන් මාව හැමොම දන්නවා…

November 17, 2021
in Heart
Reading Time: 4 mins read
A A
රූපෙන් හඳුනන්නේ නැති වුණාට කතාවෙන් මාව හැමොම දන්නවා…
Share on WhatsAppShare on Facebook

මට තවම හොඳ චරිතයක් ලැබුණේ නෑනේ…

‘පරමි’ගේ ජීවිතයට මොන සැපසම්පත් තිබුණත් වටිනා සම්පතක් ඔහුගේ ජීවිතයට අහිමි වුණා. අම්මාගේ ආදරය තරම් උතුම් වටිනා සම්පතක් ‘පරමි’ට තවත් නැහැ. ඉතින් කාලයත් එක්ක ‘පරමි’ගේ ජීවිතයට නැවත වරක් ඒ ආදරය ‘පරමි’ට හමුවුණා. මෙලෙස ආදරණීය කතාවක් ‘සිත් අහසේ ආදරෙන්’ ටෙලිනාට්‍ය තුළින් අපිට දැකගන්නට පුළුවන්. රටක්ම ආදරය කරන ‘පරමි’ පුංචි පුතාව අපි කාලෙක ඉඳලා හෙව්වා. ඔහු තමයි තෙනුජ දිනස් වීරසූරිය. මේ පුංචි පුතා ජාතික පුවත්පතකට ප්‍රථම වතාවට කතාබහ කරන්නේ ‘මව්රට’ අපි සමගයි.

පුතා දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා නේද?
ඔව්… ගොඩදෙනෙක් මාව රූපයෙන් දැන හඳුනන්නේ නැති වුණාට මගේ හඬින් මම ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා. ‘සිත් අහසේ ආදරෙන්’ ටෙලිනාට්‍යයේ ‘පරමි’ චරිතයට තමයි ඔබ හඬ කවන්නේ. දැන හඳුනන අය නම් මට කතා කරන්නේ ‘පරමි’ කියලා තමයි.

එතකොට පුතාගේ නම…?
තෙනුජ දිහස් වීරසූරිය…

අපි කැමැතියි පුතාගේ ගම්පළාත දැනගන්න?
මම වැලිසර ප්‍රදේශයේ මද්දුමගල තමයි ඉන්නේ.

පුතා ඉගෙනගන්න පාසල මතක් කළොත්?
කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, මද්දුමගල. මම දැන් දෙක වසරේ තමයි ඉගෙනුම ලබන්නේ.

ඉතින් රටක් දැන හඳුනන ‘පරමි’ පුතා කලාවට සම්බන්ධ වුණේ කොහොම..?
පුංචි තරුත් එක්ක ‘ආයුබෝවන්’ වැඩසටහනට මම අක්ක සමග ගියා. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති. ඉතින් අක්කා සමග ගියපු ගමනෙදි හොඳටම පැහිලා, සිඳු, කෝපිකඬේ වගේ නිර්මාණවලට සම්බන්ධ වුණා.

‘පරමි’ පුතාට තවම ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණේ නැද්ද?
ඒ අවස්ථාව ලැබෙනකම් මම ගොඩාක් ආශාවෙන් ඉන්නේ. මම කැමැතියි දිගටම රඟපාලා හොඳම නළුවා සම්මානයක් ගන්න කවදා හරි. ඒත් ඉතින් තවම මට හොඳ චරිතයක් ලැබුණේ නැහැ.

අපි නිතර දෙවේලේ දකින ‘පරමි’ව පුතාට දැනුණේ කොහොමද?
මම හිතුවේ නැහැ මේ වගේ චරිතයකට මට හඬකැවීම් කරන්න ලැබෙයි කියලා. ‘පරමි’ට ගොඩදෙනෙක් ආදරය කරනවා. ඒත් ඉතින් මගේ රූපය පේන්නේ නැහැනේ. ‘පරමි’ට දැනුණු ඒ දුක, වේදනාව මට දැනුණා වගේ හිතලා මම ඒ විදියට කතාබහ කළා.

පුතාගේ අලුත් වැඩකටයුතු කොහොමද?
තවම ඉතින් පාසල් පටන්ගත්තේ නැහැ මාමේ. ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා සෙල්ලම් කරනවා. ඒ අතර ජාතික රූපවාහිනියේ කාටුන් එකට හඬ කැවීම් සඳහා සම්බන්ධ වෙනවා.

‘පරමි’ පුතාට මේ ගමනට උදවු කළේ කවුද?
මගේ පවුලේ හැමෝම උදවු කරනවා. ආච්චි තමයි මාව නිර්මාණවලට එක්කගෙන යන්නේ. ‘දෙරණ’ නාලිකාවේ ශානි නැන්ද, මදු, දිලුෂි නැන්දලා මට ගොඩාක් උදවු කරනවා. ඒ වගේම ‘හිරු’ රූපවාහිනියේ අනුරුද්දක, සුරංග මාමලා වගේම ප්‍රදීප් මානවඩුගේ මාමත් මතක් කරන්න ඕනෑ. මොකද ප්‍රදීප් මාමා තමයි ‘මව්රට’ පත්තරේට මෙහෙම කතා කරන්න අවස්ථාව සලසලා දුන්නේ. මාව මුලින්ම ‘දෙරණ’ ගුවන්විදුලියට සම්බන්ධ කළ නිශාන්ත දිසානායක මාමාව විශේෂයෙන් මතක් කරනවා. ඔහු නැත්නම් මම අද මෙතන නැහැ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අගමැතිගෙන් අහුවාම දිනේෂ් උත්තර දෙයි! මරික්කාර් ගෝරිය අදී! අනුරත් මැදිහත් වෙයි! කතානායක අවුල් වෙයි! (VIDEO)

Next Post

වැස්සට විස්සක් බිලි!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.