පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 126කට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
ඉන් පවුල් 17,481 අයත් පුද්ගලයින් 62,247දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
දියේ ගිලීම්, නායයාම්, අකුණු සැර වැදීම් ආදිය හේතුවෙන් සිදුව ඇති එම මරණ කුරුණෑගල, කෑගල්ල, බදුල්ල, මාතලේ, මුලතිව්, පුත්තලම සහ ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණි.
ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් 1,498 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 23ක රඳවා සිටින අතර තවත් පුද්ගලයින් 3,537 දෙනෙකු ඥාති නිවෙස්වල රැඳී සිටින බව සඳහන් විය.
ආපදා තත්ත්වයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට ය.