• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ…

November 16, 2021
in Heart
Reading Time: 4 mins read
A A
මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ…
Share on WhatsAppShare on Facebook

මට තියෙන්නේ චරිත පිපාසයක්…
මම කරපු දේවල් හොඳනම් මට ඒ ඇති…

සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ ‘බිංදු’ චිත්‍රපටයේ ‘මුතු’ චරිත නිරූපණය කරමින් සිනමාවට පිවිසුණු ඒ පුංචි කොලුගැටයා දැන් ලොකු ඉලන්දාරියෙක් වෙලා. සිනමාවේ විතරක් නෙවෙයි දැන් ඔහුට ටෙලිනාට්‍ය ගණනාවකම සුවිශේෂි චරිත නිරූපණය කිරීමටද වාසනාව හිමිවෙලා එදා ඔබට සමීපවුණු ඒ ‘මුතු’ මේ දිනවල විකාශය වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘අබියා’ චරිතය නිරූපණය කරමින් ඔබට සමීපවෙනවා. ඉතින් අපි සචින් චතුරංග සමග ආ ගිය තොරතුරු කතා කළා…

සචින් ඔබ දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අපි කැමැතියි ඔබ ‘බිංදු’ චිත්‍රපටයේ නිරූපණය කළ ‘මුතු’ චරිතය ගැන මුලින්ම කතා කරන්න?
‘මුතු’ චරිතය මම රඟපාන කොට මට වයස අවුරුදු දහයක් විතර ඇති. මගේ අයියා තමයි ‘සූරිය අරණ’ චිත්‍රපටයේ ‘පොඩි හාමුදුරුවන්’ගේ චරිතය රඟපෑවේ. ‘බිංදු’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි වෙලා. මම ඒ අවස්ථාවේදීවත් මගේ අයියා ගැන කිවුවේ නැහැ. ඉතින් මාව ‘බිංදු’ චිත්‍රපටයට තෝරාගත් සෝමරත්න දිසානායක මාමාටත්, රේණුකා බාලසූරිය නැන්දාටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා. ඉන්පසුව බඹර වළල්ල, සිරිපැරකුම්, පුංචි අපිත් බය නැහැ, තණ්හා රති රඟා වැනි සුවිශේෂී චිත්‍රපට කිහිපයකම චරිත නිරූපණය කළා.

අද ඔබව ගොඩදෙනෙක් දැන හඳුනන්නේ ‘අබියා’ ලෙසටයි. ඒ අවස්ථාව ගැන කතා කළොත්?
‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘අබියා’ චරිතය නිරූපණය කිරීමට මට ආරාධනා කළේ සද්ධාසූරිය මංගල බණ්ඩාර මාමා. ‘අබියා’ චරිතයට මම ගොඩාක් කැමැතියි. අද සමාජයේ ‘අබියා’ වගේ මිනිසුන් ඕනෑතරම් ඉන්නවා.

‘අබියා’ට ලැබෙන ප්‍රතිචාර කොයි වගේද?
ලංකාවේ විතරක් නෙවෙයි, විදේශීය රටවල ජීවත්වන මගේ ආදරණීය ප්‍රේක්‍ෂක ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘අබියා’ කියන්නේ ඉතින් තමන්ගේ මිතුරා වෙනුවෙන් පණ වුණත් දෙන කෙනෙක් තමයි.

සචින් සාමාන්‍ය ජීවිතයේදීත් ‘අබියා’ වගේමද?
අනිවාර්යෙන්ම මගේ යාළුවන්ට මම පණ වගේ ආදරය කරනවා. ඔවුන්ගේ දුකේදීත්, සැපේදීත් මම ළඟින්ම ඉන්න කෙනෙක්. මගේ මිතුරන් වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා.

එහෙම පණ දෙන්න ගිහින් සචින් අමාරුවේ වැටුණු අවස්ථාත් ඇති..?
මොකද නැත්තේ. ඕනෑ තරම් තියෙනවා. හැබැයි මට ඒ දේවල් මගේ ජීවිතයට අදාළ කරගන්නේ නැහැ. මම කරපු දේවල් හොඳනම් මට ඒ ඇති. ඒ මිනිසුන් ඒ දේවල් තේරුම් ගත් දවසක ‘සමියා’ කියන්නේ කවුද කියලා දැනගනී.

‘පාරදිගේ’ට අමතරව ඔබේ ඉදිරි වැඩකටයුතු කොයි විදියටද සැලසුම් මේ දවස්වල?
බුද්ධික ලොකුකැටිය අධ්‍යක්‍ෂණය කරන ‘අදිසි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් ඉදිරියේදී කුරුණෑගල අවට සිදුකෙරෙනවා. එයට සම්බන්ධ වීමට තිබෙනවා. තවත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට ආරාධනා ලැබිලා තියෙනවා.

ඔබ දැන් ජනප්‍රිය නළුවෙක්. චරිත තෝරාගැනීමක් කරනවාද?
මට තියෙන්නේ චරිත පිපාසයක්. ඒ නිසා මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ. මට කරන්න පුළුවන්නම් මම ඒ නිර්මාණයට හොඳ සාධාරණයක් කරන්න තමයි බලාපොරොත්තුව.

සචින් කාලෙකට එනවා, ආපහු නැවැත නිර්මාණවල දැකගන්නට නැහැ. මේ ආපු ගමන දිගටම රැඳෙයිද?
මම කාලයක් එක දිගට රඟපාලා ටික කාලයක් නිර්මාණ සඳහා සම්බන්ධ වුණේ නැහැ. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි. මගේ අධ්‍යාපන කටයුතු නිසා. රඟපෑමෙන් ටිකක් ඈත් වෙලා හිටියා. නැවැත මම අවුරුදු හතරකට විතර පස්සේ තමයි ‘දෙවන ඉනිම’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ.

ආපු ගමනත් එක්ක අතීතය ගැන මතක් වෙද්දි ඔබට මොකද හිතෙන්නේ?
මගේ වාසනාව සහ දක්‍ෂතාවය මත මම දුරගමනක් ඇවිත් ඉන්නවා. මේ වන විට මම ප්‍රවීණ ශිල්පීන් රැසක් සමග එකට රඟපාලා තියෙනවා. ගොඩාක් දේවල් ඔවුන්ගෙන් මට ඉගෙනගන්න ලැබුණා. ගොඩාක් සතුටුයි මට අද.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලැජ්ජයි! මෙහෙම උද්ඝෝෂණ තව දෙක තුනක් කළා නම් සජිත්ට විපක්ෂනායකකමත් නැති වෙනවා! (VIDEO)

Next Post

කොරෝනාව රටම ගිලගනිද්දී මාස්ක් එකක්වත් ‌දාන්නේ නැති ලංකාවේ එකම ගම! ‌හේතුව දේව බැල්මද – සිංහල වෙදකමද?

MORE NEWS

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

Load More
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති...

Read more
සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.