• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොරෝනාව රටම ගිලගනිද්දී මාස්ක් එකක්වත් ‌දාන්නේ නැති ලංකාවේ එකම ගම! ‌හේතුව දේව බැල්මද – සිංහල වෙදකමද?

November 16, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
කොරෝනාව රටම ගිලගනිද්දී මාස්ක් එකක්වත් ‌දාන්නේ නැති ලංකාවේ එකම ගම! ‌හේතුව දේව බැල්මද – සිංහල වෙදකමද?
Share on WhatsAppShare on Facebook

ලංකාවෙ සැඟවුණු ගම්මානයක් තමයි මේ ලකේගල කියන්නේ. ලකේගලත් එක්ක ගෙතුණු කතා බොහොමයක් තියෙනවා. රාවණා රජ දවස ඉඳන්ම මේ ලකේගල එහෙම නැත්නම් ලග්ගල, නාරංගමුව, රාවණාගම, මීමුරේ වගේ ගම්මානවල බොහෝ කතා සැඟවිලා තියෙනවා. අපි එනවා ලකේගල නාරංගමුවට. නාරංගමුව හැදුණු හැටි ඔබ දන්නවද? මේ අද්භූත ගමක්. හැබැයි සුන්දර, විශේෂ මිනිසුන් ජීවත් වන ගමක්. අපි ආවා පුංචි බණ්ඩා වෙදමහත්මයා හම්බවෙන්න. ආයුබෝවන් වෙදමහත්තයා.

ආයුබෝවන්… වෙදමහත්තයා ඉන්නේ නාරංගමුවේ?
නාරංගමුවේ වැලිතුඩුව කොටසේ. මේක ලකේගල වසමට අයිතියි. ගම්මාන වශයෙන් ගත්තොත් මේ කොටස වැලිතුඩුව ගම්මානය.

මම මුලින් කිව්වා මේක හරි අපූරු අරුමපුදුම ගුප්ත ගමක් කියලා. ඒකට හේතුව වෙදමත්තයා දන්නවා. කොවිඩ් වසංගතය මේ ගම අහලකටවත් ඇවිල්ලා නෑ. නගරෙ ඉන්න හැමෝම අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලඳගෙන ඉන්නේ වසංගතයෙන් බේරෙන්න. හැබැයි මේ ගම්මානයේ කවුරුවත් මුඛ ආවරණ පාවිච්චි කරන්නේ නෑ. මොකක්ද ඒකට හේතුව?
වසංගතය නම් මේ ගමට ආවෙම නෑ. මේ ගම්මානවල ජනතාව බණ්ඩාර දෙවියො, කන්දෙ දෙවියො තමයි අදහන්නේ. ඉස්සර මේ වගේ වසංගතයක් පැතිරීගෙන එද්දි ගමේ හතරකොනේ පඬුරු අරන් තියනවා. ඒ වගේ මේ වසංගතය එද්දිත් අපි ඒ විදියටම පඬුරු ගැටගැහුවා. අපේ කපුමහත්තයෙක් ඉන්නවා එයා එක්ක දේවාලෙට ගිහින් ගම ආරක්ෂා කරලා දෙන්න කියලා කන්නලව්වක් කරලා, හතර කොනේ සීමාවන්වල පඬුරු ගැටගැහුවා. ඒවා දැනටත් ඒ විදියටම තියෙනවා. ගම්බාරෙ දෙන දවසට තමයි අපි ඒ පඬුරු අරන් ගිහිල්ලා දෙවියන්ට ඔප්පු කරන්නේ. ඒ රැකවරණය නිසා ගම ආරක්ෂා වුණා කියන එක මගේ විශ්වාසය. අපි හැම තැනම ගියා. නුවර ගියා, කොළඹ හැම තැනම ඇවිද්දා. නමුත් අපි වසංගතයෙන් ආරක්ෂා වුණා. ඒ වගේම මීමුරෙත් බේරුණා. මීමුරේ ඉඳලා අපේ පුතෙක් ඇවිත් ඉන්නවා. ඒගොල්ලොත් කරන්නේ මම කියපු ආරක්ෂාවම තමයි. එතකොට මේ ගම්මාන දෙකේම දෙවියන් ඇදහීම වැඩියි. එතකොට අවුරුද්දකට වතාවක් දේවාලේ ගම්බාරේ කියලා රෑ දවල් දෙකේම ‘යක්කාරිය’ කෙරෙනවා. ඒ වගේම සෑම ගෙදරකම අවුරුද්දකට වතාවක් ලබාගන්නා අස්වනුවලින් ‘අඩුක්කුවක්’ සකසලා පුද පූජා පවත්වනවා. ඒවා ඉස්සර ඉඳලාම අපි කරගෙන ආවා. අපේ මුතුන් මිත්තො අපිව දැනුවත් කරලා තියෙනවා මේ වගේ වසංගතයක් එද්දි ගම්මානෙ හතර කොනේ පාරවල් සීමාවල පඬුරු අයින් කරලා ඒ බාරහාර ඔප්පු කරන්න, එතකොට වසංගත ඒ තරම් බලපාන්නෙ නෑ කියලා. බලපෑවත් ඒවා ඉක්මනින් නැතිවෙලා යන බව අපට කියාදීලා තියෙනවා. ඉතින් අපි දැනටත් ඒ කටයුතු කරනවා.

අපි මේ ඇවිල්ලා ඉන්නේ නාරංගමුවටනෙ. මේ නාරංගමුව කියන ගම හැදුණු විදිය ගැන අපට කියන්න?
නාරද කියලා වැදිමුත්තෙක් ඇවිල්ලා තියෙනවා ඉස්සර. ඔය මිනිපේ ව්‍යාපාරය කියන කොටසට ඉස්සර අපේ අත්තලා මුත්තලා කිව්වේ ‘වැදි රට’ කියලා. එහෙන් ඉඩම් හම්බවෙලා පදිංචියට යනකොට කියන්නේ වැදි රට යනවා කියලා. එතකොට එහෙන් තමයි මේ වැදි මුත්තා දඩයම් පිණිස මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ‘ගවර මඩ’ කියලා කුඹුරු යායක් තියෙනවා. ‘ගවරා’ කියන්නේ ‘ගෝනා’ කියන එක. ඒ කුඹුරු යායෙ ගෝනුන් වගේ සතුන් ගැවසිලා තියෙනවා. ඒත් එක්කම වැදි මුත්තා වතුර හොයාගෙන යද්දි විලක් හමුවෙලා තියෙනවා. නාරද කියන වැදි මුත්තා විසින් ඒක හොයාගත්ත නිසා ඒක ‘නාරද විල’ බවට පත්වුණා.

වැදි මුත්තා එතැන ගෙයක් හදාගෙන පළමුවෙන්ම පදිංචි වෙලා තියෙනවා. ඊට පස්සේ පිරිස වැඩිවෙලා ගමක් විදියට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ අනුව නාරද කියන නම මුල්කරගෙන ‘නාරංගමුව’ කියන නම හැදුණා කියලා තමයි ජනප්‍රවාදයේ එන්නේ.

වෙද මහත්තයා එක තැනක හරි අපූරු වචනයක් කිව්වා ‘නාරද වැදි මුත්තා’ කියලා. ඇයි එහෙම ‘වැදි මුත්තා’ කියලා කියන්නේ. පරම්පරාගත බැඳීමක් නිසාද?
ඒක මෙහෙමයි. අපේ පරණ කවියක් තියෙනවා,
උතුරින් රණමුරය
දකුණින් මීමුරය
මුරපොළ තනා
රජකළ රාවණ පුරය
රාවණ රජුගෙ නම අතහැර
මෙම පුරය
නාරංගමුව වෙයි
අද වැදි පරපුරය
එතකොට වැදි පරපුරෙන් පැවැත එන මිනිස්සු තමයි මේ ගමේ ඉන්නේ. අද එහෙම වුණාට මීට අවුරුදු පන්දාස් ගානකට කලින් රාවණාගෙ බල ප්‍රදේශය මේක.

ඇයි මේ අපූරු මිනිස්සු හුදෙකලා වෙලා ඉන්නේ?
එක අතකට රටේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක ඒක හොඳයි කියලා හිතෙනවා.

මේ ගම නගරාසන්නව තිබුණා නම් මේ වෙද්දි වසංගතයට ගොදුරු වෙලා?
ඔව් ඒකත් එකක්. ඒ වගේම එහෙම වුණා නම් මේ ගමේ තියෙන සෞන්දර්යය පැරැණි සිරිත් විරිත් ඒවා ඔක්කොම අහෝසි වෙලා යෙනවා. දැනටත් මඟුලට මුත්තෙට්ටුවට අත්තම් ක්‍රමයට ගොවිතැන් කටයුතු කරගන්නවා මේ ගමේ මිනිස්සු. නමුත් අර විදිය වුණා නම් ඒවා ඔක්කොම නැතිවෙලා යාවි. සමහර විට නෑදෑකම් වෙනස් වෙලා යනවා, සැලකිල්ලක් නැතිව යනවා. පිටස්තර බලපෑම් ආවට පස්සේ මුදල් පසුපස දුවන්න පටන් ගත්තාම හුඟක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒ අතින් බලනකොට මෙහෙම හොඳයි කියලා හිතෙනවා. දුෂ්කරයි තමයි. නමුත් අපි පොඩි කාලේ ඉස්කෝලෙ ගිහින් ආවේ පල්ලේගමට හැතැප්ම පහක් පයින්.

වෙදමහත්තයාගෙන් අපි ගම ගැන ඇහුවා. ඒ වගේම ඔබතුමා සර්ප විෂ පිළිබඳ විශේෂඥයෙක්. මේ ගමේ බොහෝ දෙනෙක් ඉන්නවා නේද සර්ප විෂට වෙදකම් කරන?
ඔව්. මමත් සර්ප විෂට වෙදකම් කරනවා. තව මගේ පවුලේ ඥාති කිහිප දෙනකුත් ඒ කටයුතු කරනවා. දක්ෂ විදියටම සර්ප විෂ වෙදකම කරන්නේ අපේ පවුල් ටික පමණයි. තවත් වෙදකම් කරන අය ඉන්නවා. නමුත් ඒ අයට ඒක හරියට කරගන්න බැරි වුණාම අවසානෙ එන්නෙ මෙතැනට තමයි. විසෙන් ඇතිවෙච්ච තුවාලයක් වුණත් මෙහෙට තමයි හොයාගෙන එන්නේ. මට මේ වෙදකම ලැබෙනකොට පරම්පරා පහයි. ඒ කාලය තුළ සර්පයෙක් දෂ්ට කරපු කිසිම කෙනෙක් මාරාන්තික වෙලා හිටියත් ඒ අයට මැරෙන්න නොදී බේරාගෙන තියෙනවා. අපි වත්තෙන් පිටියෙන් පරිසරයෙන් හොයාගන්න ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ග තියෙනවා. ඒවායෙන් තමයි රෝගීන් සුවකරන්නේ.

වෙදමහත්තයා, මේ ගමේ ඇයි මේ තරම් වෙදැදුරන් ඉන්නේ?
ඉස්සර පුරාණ ගම්වල රෝගියෙක් වුණාම ඉස්පිරිතාල හොයාගෙන ගියේ නෑ. සර්පයෙක් දෂ්ට කළොත් ඒකට බෙහෙත් කරන වෙද්දු ගම්වල හිටියා. උණක් හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක් හැදුණත් සර්වාංග වෙදමහත්තුරුත් ගම්වල හිටියා. බබාලා ලැබෙන්න උදව් කරන වින්නඹු මාතාවන් ගම්වල හිටියා. ගමේ බැඳීම හැදුණේ ඒ විදියට. මීමුරේ ගත්තත්, ලග්ගල ගම්මාන ගත්තත් ඒ හැම ගමකම ඔය ක්ෂේත්‍රවල වෙද මහත්තුරු, වින්නඹු මාතාවො, ශාන්ති කර්ම කරන අය හිටියා. ගම්මුලාදෑනියත් හිටියා. ඒ හැමෝම අතර බැඳීමක් තිබුණා. දැන් මා එක්ක කෙනෙක් අමනාප වෙන්නෙ නෑ, මොකද මාව හොයාගෙන එයාට එන්න වෙනවා. තරහා කරගත්තොත් ඒක හරි යන්නෙ නෑනෙ. එතකොට කපු මහත්තයවත් ඕනනේ ශාන්තිකර්මවලට. යක්ෂ දෝෂයක්, දේව දෝෂයක් වුණොත් ඒකට පිළියම් කරන්න කපුමහත්තයාව ඕනෙ. ඒ හින්දා එයාව තරහා කරගන්නෙත් නෑ වින්නඹු අම්මා තරහා කරගන්නෙත් නෑ. සර්වාංග වෙදමහත්තයා තරහා කරගන්නෙත් නෑ. එතකොට ඒ විදියට තමයි ඒ ඔක්කොම අතර සමගිය බැඳීම තමන්ගෙකම ඇතිවුණේ. කපු මහත්තුරුන්ට වෙදමහත්තුරුන්ට හේන් කොටද්දි, කුඹුරු කරද්දි කවුරුත් කියන්නෙවත් නැතුව මිනිස්සු ඇවිල්ලා අත්තම් ක්‍රමයට වැඩ කරලා දෙනවා. දැන් ටිකක් ඒ තත්ත්වය වෙනස් වීගෙන යනවා. නමුත් ගමක් හැදුණේ ඒ විදියට. කන්න බොන්න කුඹුරු අස්වද්දගත්තා. ඒවායෙන් අස්වනු ගත්තා, මිනිස්සු නිදහසේ ජීවත් වුණා. ඉතින් ඒ මිනිස්සු අතර සමගිය තිබුණා. වෙද මහත්තුරු, කපුමහත්තරු වගේ පිරිස වළල්ලක් වගේ බැඳීම් සමූහයක් තිබුණා. අපි හිතමු මැද්දේ ආරච්චි මහත්තයා ඉන්නවා කියලා, වටේට ඉන්නේ අර පිරිස. ඒ අවට තමයි අනෙක් ගැමි ජනතාව ජීවත් වුණේ. මේවා අද දක්වාම රැකිල තියෙන්නේ ඒ නිසා.

මේක හරි අපූරු කතාවක්. අදටත් මේ වගේ ගම්මාන ලංකාවෙ තියෙනව. ඒකට කදිම උදාහරණයක් කදිම තෝතැන්නක් තමයි මේ නාරංගමුව ගම්මානය. අපේ රටේ තියෙන මේ සංස්කෘතිය, සිරිත්විරිත්, මේ බැඳීම් නිසා කොයි තරම් සමගියක් තියෙනවද. සමහර ප්‍රශ්නවලට තනි තනිව මුහුණ දෙනවටා වඩා හැමෝම එකතු වෙලා මුහුණ දෙද්දි ඒ ප්‍රශ්නෙ හොඳින් විසඳගන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි කොවිඩ් වසංගතය. මේ ගමේ හැමෝම එකතු වෙලා තමයි ඒකට මුහුණ දීලා තියෙන්නේ. අදටත් කිසිදු වසංගතයක් මේ ගම ඇතුළට ඇවිල්ලා නෑ. වෙදමහත්තයා කිව්ව එකමුතුකම තමයි ඒකෙ රහස.

චානක ලියනගේ

SendShareShare
Previous Post

මම චරිතවල දිග, පළල මනින්නේ නැහැ…

Next Post

ඩලස් බැසිල්ව බේරගනී!

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.