• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කලාවට තියෙන ආදරය හින්දා හැමදේම කරන්නේ… මේක රැකගන්න!

October 14, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කලාවට තියෙන ආදරය හින්දා හැමදේම කරන්නේ… මේක රැකගන්න!
Share on WhatsAppShare on Facebook

හිතට බයක් නැතුවාම නොවෙයි…

වර්තමානයේ ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් කරමින් ඉදිරියට යන ඇය නුවනි වලිමුනි. ඇය රංගනයෙන් වගේම නිෂ්පාදකවරියක් ලෙසටද කටයුතු කරනවා. මේ දිනවල විකාශය වන ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ ‘තිලකාවති’ ලෙස ඔබට සමීප වෙමින් ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයට නිෂ්පාදනයෙන්ද දායක වන ඇය ගැන කතා කරන්න අපි හිතුවා.

ඔබ ජනප්‍රිය රංගන ශිල්පිනියක්, තවත් පැත්තකින් ඔබ නිෂ්පාදකවරියක ලෙසට කටයුතු කරනවා. මේ දවස්වල ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයට ජීවිතයම කැප කරන බව දකිනවා?
මම මේ දවස්වල රංගනයෙන් වගේම, නිෂ්පාදනයෙන් දායක වුණු ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍ය සති අන්තයේ ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 8ට විකාශය වෙනවා. ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍ය ශාන්ති දිසානායක අක්කාගේ තිර රචනයක්, ඇයගේ නවකතාවන් කිහිපයක් කියවලා තිබුණා. ඉතින් අවසානයේ ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ ඉන්දික ධර්මතිලක තමයි ‘අඳුන්ගිර’ හොඳයි කියලා තෝරා ගත්තේ. ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මහවිලච්චිය ප්‍රදේශයේ සිදුකරනවා. ඒ වෙනුවෙන් තමයි කාලය ගතකරන්නේ.

නුවනි ඔබ නිෂ්පාදන පැත්තට සම්බන්ධ වීමට හේතුව ගැන කතා කළොත්?
මගේ තාත්තා චන්ද්‍රසේන වලිමුනි. ඔහුත් නිෂ්පාදකවරයකු ලෙසට කටයුතු කළා. මගේ අම්මාත් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. මේ ඉස්සර ඉඳලා මගේ තිබුණු ආශාවක්. මොකද ඉස්සර මම බලපු දඬුබස්නාමානය, ගිරය වැනි සුවිශේෂී නිර්මාණ සඳහා මගේ හිත ගොඩාක් බැඳුණා. ඉතින් මම හිතුවා කවදා හරි දවසක එවැනි නිර්මාණ නිෂ්පාදනය කරනවා කියලා. ඉතින් ඒ විදියට තමයි මම රන්තිලි වැව, අඳුන්ගිර වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළේ. ඉදිරියටත් සුවිශේෂී නිර්මාණ නිෂ්පාදනය කිරීමට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.

මෙවැනි කටයුත්තක නිරත වීම අසීරු නේද?
මගේ පවුලේ අය මම ගැන තියෙන විශ්වාසය තමයි මට ශක්තියක් ලෙස දැනෙන්නේ. ඒ විශ්වාසය වගේම මගේ නිර්මාණ කටයුතු සඳහා ලබා දෙන නිදහස මට උපරිම වටිනවා. අත්තිවාරම ශක්තිමත් නම් මට අහස උසට මාලිගා හදන්න පුළුවන් විශ්වාසයක් මා සතුව තිබෙනවා.

රටේ මේ තිබෙන ප්‍රශ්නත් එක්ක නිෂ්පාදන පැත්තට නැවැත සම්බන්ධ වීමේදී හිතට බයක් තිබුණේ නැද්ද?
‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයට ලොකු මුදලක් මම වැය කළා. රූපවාහිනී නාලිකාවලින් නිෂ්පාදකවරුන්ට සහනයක් ලබා දෙනවා නම් වටිනවා. අපි මේ නිර්මාණ කරන්නේ මේ කලාවට තිබෙන ආදරය නිසයි. ඒ වගේම මේ කලා ක්‍ෂේත්‍රය ඉදිරියට රැකගෙන යන අදහසින් තමයි නිර්මාණ කරන්නේ. නිර්මාණය කරලා කොයි විදියට බාර ගනීවිද කියලා හිතට බයක් නැතුවා නෙවෙයි. ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයට ඉහළ ප්‍රශංසා එක්ක ස්වාධීන රූපවාහිනියේ විකාශය කිරීමට එහි සභාපති සුදත් රෝහණ මහතා ‘අඳුන්ගිර’ තෝරා ගැනීම ගැන එතුමන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මම ස්තුතිය පුදකරනවා.

වර්තමානයේ අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකවරු මුළාකරන මොහොතක ඉන්දිකගෙන් ඔබට ලැබුණු සහාය කොයි වගේද?
මම වැඩ කරපු අය සමග මට එහෙම ප්‍රශ්න මතු වුණේ නැහැ. මම වැඩ කරපු අධ්‍යක්‍ෂවරුන් අතර ඉන්දිකගේ සුවිශේෂී බවක් දැක්කා. ඔහු නිර්මාණය වගේම නිෂ්පාදකවරයාත් රැකගැනීමට මහන්සි වෙන කෙනෙක්. ඉන්දික ධර්මතිලක මෙයට පෙර ‘ගිරිදේව’ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය කළා. එය සාර්ථක නිර්මාණයක් වුණා. හැබැයි එයට වඩා දෙයක් ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍ය තුළ කර තිබෙනවා. හොඳ ගමනක් යන්න පුළුවන් අධ්‍යක්‍ෂවරයකු ලෙසට මම දකිනවා.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මාස 6ක් ඇතුළේ සිටි රිෂාඩ් එළියට එයි!

Next Post

කැබිනට් පත්‍රිකා ගේනවා! එවෙලේම සම්මත කරගන්නවා! සාකච්ජාවක්වත් නැතිව තීන්දු ගන්නවා! එහෙම කොහොමද? විමලුත් එළිපිට ආණ්ඩුවට ගහන්න පටන් ගනී! (VIDEO)

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.