ඇතැම් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කල වහාම සම්මත කරගන්නා බවත් ඒවා ප්‍රමාණවත් සාකච්ඡාවක් සඳහා විවෘත නොවන බවත්, එවැනි කටයුතු පිළිගත නොහැකි බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
හොඳ දෙයක් වුවත් ක්‍රියාවට නංවද්දී බොහෝ සැලසුම් සහගතව කටයුතු කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා වසංගතයක් ක්‍රියාත්මක වෙද්දී පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් මීටත් වඩා සැලසුම් සහගතව ක්‍රියාත්මක කළ යුතුව තිබූ බවද කියා සිටියේය.
ඇතැම් දේවල් පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් ආණ්ඩුව තුළ සිදුවූයේ නම් ඇතැම් දේවල් මීට වඩා නිවැරැදිව කළ හැකිව තිබූ බවද ඔහු පැවසීය.
තමන් මේ බව අමාත්‍ය මණ්ඩල තුළදීත් පිටතදීත් සඳහන් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.










