• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
in Heart
Reading Time: 9 mins read
A A
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Share on WhatsAppShare on Facebook

දේශපාලකයනට කඩේ යන්න ගිහින් ප්‍රවීණයන් බොහෝ පිරිසකට ලේබල් වැදුණා…

‘9’ ඉලක්කම නපුරු යැයි බොහෝ දෙනා හිතේ තිගැස්මක් ඇතිකර ගත්තත්, අසුබ යැයි ඇතැම් අය සුබදායක කටයුත්තක් සඳහා ‘9’ ගෑවුණු තැනකවත් නොසිටියත්, ප්‍රවීණ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන ‘9’ ඉලක්කම යොදාගෙන කළ නිර්මාණශීලී වැඩක් මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ රෑ 8.30ට විකාශනය වෙනවා. ඒ ‘Number 9’ කියන ටෙලි කතන්දරය මුල්කරගෙනය.
‘Number9’ කියන්නේ, තිර පිටපත් රචකයකු විදියට ධනංජය දොරට වැඩිය පළමු ටෙලි කතන්දරයයි. එහි අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ධනංජයට එකතු වන්නේ ප්‍රවීණ නිර්මාණකරු චරිත් අබේසිංහ. කාගෙත් කතාබහට ලක්වෙච්ච.. ඝාතකයකු ගැන කියැවෙන ‘Number 9’ ටෙලිය මෙගා ටෙලි විලාසිතාවෙන් ඔබ්බට ගිය වෙනස් මගක් ගත් ගුප්ත කතාවක්. ධනංජය සිරිවර්ධනට අපි ආරාධනා කළා ‘Number 9’ ගැන පුංචිපහේ සංවාදයක් කරමුදැයි කියලා… ධනංජය එයට බොහොම නිහතමානීව කැමැත්ත දුන්නා. ‘Number 9’ ගැන විතරක් නෙවෙයි… ධනංජය සමග සුහද අල්ලාප-සල්ලාපයක යෙදෙන්න අවැසි තව කරුණු කිහිපයක්ම මේ රසවත් දොඩමලුවට හේතු වුණා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. එහෙනම්… එන්න ඉතින්, මේ ඇරැඹෙන්නේ ‘Number 9’ නිර්මාණකරු සමග ඇති වූ කෙටි පිළිසඳරක සිත්කලු හෝරාවයි.

ඉතින් ධනංජය පටන්ගමු අපි ‘Number 9’ ටෙලි කතාවෙන්ම..?
ඔව්… ඒක හොඳ ආරම්භයක්… මගේ පිටපත් රචනයේදී ආරම්භය ‘Number 9’ ටෙලි නාට්‍යයයි. එය වෙනස් තේමාවක කතාවක්. කෙටියෙන් කියනව නම් ‘කොරෝනා’ විරාමය දවස්වල ගෙදරට කොටුවෙලා ඉන්න කාලේ බලපු ඉංග්‍රීසි චිත්‍රපටයකින් තමයි මම ‘Number 9’ කතා තේමාව නිර්මාණය කළේ.

ඒ කියන්නේ මේක බටහිර චිත්‍රපට කොපියක්..?
අපොයි නැහැ… මම ‘Number 9’ එකට ගත්තේ ඒ බටහිර චිත්‍රපටයේ සංකල්පය පමණයි. ලෝකෙ පුරා රටවල් කිහිපයකට එම චිත්‍රපට කතාවේ සංකල්පයට අනුව චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වුණා. එම කතා සංකල්පය තුළ තියෙන්නේ ඝාතකයකුගේ කතාවක්… ඔහු මානසික රෝගියෙක්… යම්කිසි විකෘතියක ජීවත් වන මිනිහෙක්. එම විකෘතිභාවය තුළ තමයි ඔහු මිනිසුන්ව ඝාතනය කරන්නෙ. ඝාතකයකු වැනි බිහිසුණු චරිතයක කතාවක් ආලින්දයේ සිනමාව වැනි විවෘත පරාසයක පෙන්වන විට සංයමය සහ පරෙස්සම වඩාත්ම හිතට ගතයුතු වෙනවා. තිර පිටපත ලියන විට මම එය නිර්මාණය කළේ එක ලේ බින්දුවක් හෝ ප්‍රදර්ශනය නොවන තාලයටයි. ඒ වාගෙම කුතුහලය සහ ඊළඟට මොනවද වෙන්න යන්නෙ කියන විමසිල්ල ප්‍රේක්‍ෂකයාගේ හිතට දැනෙන්නටද මම එතැනදී ඉඩ හැරියා.

එය ප්‍රේක්‍ෂකයාට දැනුණු බව ඔබට විශ්වාසයිද ධනංජය..?
කියන්න සතුටුයි… ලැබෙන ප්‍රතිචාර අනුව ඔවුන් සිටින්නේ මම අනුමාන කළ ඒ කුතුහලය තුළයි… එලෙසම ඔවුන්ගේ විමසිලිමත් බවද එහෙමමයි… මිනී මරන්නේ සේනාධීරද, එහෙමත් නැත්නම් වෙනත් කෙනෙකුද යන කාරණය තවමත් ඔවුනට ප්‍රහේලිකාවක්.

‘සේනාධීර’ගේ චරිතය හරහා ඔබ මහේන්ද්‍ර පෙරේරාට ‘Number 9’ හී විශාල වගකීමක් දී තිබෙනවා..?
‘සේනාධීර’ගේ චරිතය ‘Number 9’ වෙනුවෙන් මම මහේන්ද්‍රව ඔළුවට ගත්තේ තිර රචනයට සූදානම් වෙන කොටමයි.., ‘සේනාධීර’ කියන සුවිශේෂී චරිතය මහේන්ද්‍ර පෙරේරා වෙනුවෙන්මයි මම ලිව්වේ කියන එක මම චරිත් අබේසිංහටත් ඉතාම සුහදව අවධාරණයකර සිටියා. අනෙක තිර පිටපත ලියන අතර මට අවැසි වුණා ‘සේනාධීර’ගේ චරිතය හරහා ලෝක සාහිත්‍යය, සාහිත්‍යය, ගණිතය, සංගීතය… විශේෂයෙන්ම මානව බැඳීම් යන විෂයන් ගැන ලොවට කියාපාන්න. එවැනි චරිතයක් ප්‍රේක්‍ෂකයාට ටෙලිනාට්‍යයකින් හමුවන පළමු අවස්ථාව මෙයයි මම හිතන විදියට.

ඔබට අවැසි පරිදි මහේන්ද්‍රගේ චරිතය හරහා එය ඉටු වුණාද..?
ඔව්… චරිත අබේසිංහගේ අති දක්‍ෂ මෙහෙය වීම මත මහේන්ද්‍ර ඉතාම සියුම්ව ‘සේනාධීර’ගේ චරිතයට අවැසි සාධාරණය ඉටුකළා.

ඉහත කී බටහිර චිත්‍රපටයේ සංකල්පය හරහා අනෙකුත් නිර්මාණකරුවන් චිත්‍රපට තනද්දී ඔබ එය ටෙලියක් කළ හේතුව..?
පළමුව මම හිටියේ චිත්‍රපටයක් කරන තැනයි.., එතැනදී චරිත් අබේසිංහ පැමිණ එය ටෙලියක් කරමුදැයි අදහසක් දුන්නා. අදහස නරක නැති නිසා මමද එය පිළිගත්තා.

චිත්‍රපටයට ලියූ පිටපත ටෙලියක් කරන විට අපහසුතාවයක් ඇති වුණේ නැද්ද..?
ඇයි නැත්තේ… පිටපතෙහි අන්තර්ගතයට හානි නොකර එය ටිකක් දිගට ලියන එක මඳක් අපහසු වුණා. මෙය මගේ පළමු අත්දැකීම නිසා කාරණය තව ටිකක් බැරෑරුම් වුණා. නමුත් මම එය මනා සංයමයෙන් අවසන් කළා.

තිර පිටපතෙහි සමහර තැන් චරිත් අබේසිංහ වෙනස් කළා..?
ඔව්… චරිත් අතින් යම් වෙනස්කම් සිදුවුණා.

ඔබේ සිතැඟි පරිදි ලියූ පිටපතෙහි සමහර තැන් වෙනස් කරනවට ඔබ කැමැති වුණාද..?
සමහර අවස්ථාවනට මම එකඟ වුණා. තව සමහර තැන්වලදී මම එයට එකඟ වුණේ නැහැ. හැබැයි මම විරුද්ධ වුණෙත් නැහැ. මොකද චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් කරන විට පිටපත එලෙස වෙනස් කිරීමේ අයිතිය අධ්‍යක්‍ෂවරයාට තිබිය යුතුයි. අනෙක චරිත් කියන්නේ බොහෝ සියුම්ව තම නිර්මාණ කලඑළි දක්වන දක්‍ෂ නිර්මාණකරුවෙක් නිසා. ඒ වෙනස්කම් මට දරාගන්නට සිදුවුණා කිව්වොතින් හරි.

කොහොමත් ඔබ තවමත් ඉන්නේ හිතේ අමාරුවෙන් වාගේ..?
නැහැයි කියලා කියන්නත් බැහැ. කොහොමත් ඔහු සිදුකළ ඒ සමහර වෙනස්වීම් ගැන මම තවමත් ඉන්නේ අසතුටින්. නමුත් එතැන අමනාපයක් නැහැ.

අධ්‍යක්‍ෂ චරිත් අබේසිංහ වෙනස් කළේ තිර පිටපතෙහි අවසානයද..?
අවසානය වාගෙම කතාවේ මුලද ඔහුගේ වෙනසට හසුවුණා. හැබැයි ‘Number 9’ හී අවසාන කොටස් නම් තවම රූගතකර නැහැ. රටේ පවතින ඩීසල්, පෙට්‍රල් ආරවුල සහ කලබලකාරී වාතාවරණය නිසා එය මඳකට ඇනහිට තිබෙනවා.

එහෙම නම් ඔබ කැමැති අවසානය ගැන චරිත්ගෙන් ඉල්ලීමක් කරන්න… ඒ කාලය චාන්ස් එකක් වෙන්න පුළුවන්..?
එහෙම අදහසකින් නෙවෙයි රූගත කිරීම්වල ප්‍රමාදය ගැන කිව්වේ… කොහොමත් අපි බලමු තවම ඒ ගැන මුකුත් කියන්න බැහැ.

ඔබේ කුලුඳුල් තිර පිටපත හරයක් නැති ටෙලි කලාවට යම් වෙනසක් කළා කියා ඔබ හිතනවා..?
ඔව්… මම එහෙම හිතනවා… මගේ තිර පිටපත විතරක් නෙවෙයි, චරිත්ගේ නිර්මාණශීලී අධ්‍යක්‍ෂණය හරහාද අප හොඳ වෙනසක්, ගුණාත්මක නිර්මාණයක් කළා යැයි කියන හැඟීම දැනෙනවා. බොහෝ නිර්මාණකරුවන් තමන් වෙනසක් කළා කියමින් යම් නිර්මාණ ඉදිරිපත් කරන අවස්ථා තිබුණාට එහි කිසිම වෙනසක් අවසානයේ ප්‍රේක්‍ෂකයාගේ හිතට දැනෙන්නෙ නැහැ. නමුත් ‘Number 9’ තුළින් අප කරන්නට උත්සාහ කළ වෙනස ප්‍රේක්‍ෂකයාට දැනුණා. ඔවුන් දෙන ප්‍රතිචාරවලින් එය වැටහෙනවා.

ඔබ කතා කරන්නේ බොහොම අභිමානයෙන්..?
සත්තකින්ම… ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයෙන් උද්දාමයට පත්වන ඕනෑම නිර්මාණකරුවකුට ඒ අභිමානය දැනෙනවා.

‘Number 9’ ඔබ ලියා තැබුවේ යම් චරිත පිපාසයකින්ද..?
මට අපැහැදිලියි ඒ ප්‍රශ්නය.

හොඳ චරිතයක් රඟපෑමේ පිපාසයෙන් තිර රචනයට මැදිවන රංගන ශිල්පීන් සිටිනවා. ‘දේවින්ද’ගේ චරිතය ගැනයි මේ කියන්නෙ..?
චරිත පිපාසයක් නම් මා තුළ තිබුණේ නැහැ. එහෙම චරිත පිපාසයකින් පෙළුණා නම් මම බාරගන්නේ ‘දේවින්දගේ’ චරිතය නෙවෙයි… ‘සේනාධීර’ගේ චරිතයයි. හැබැයි මට ‘ලියන පිපාසය’ නම් තියෙනවා. පළමුව මම ලිව්වේ චිත්‍රපටයක් සඳහා අවැසි තිර පිටපතක්. එය තවම එළිදැක්වීමේ අවස්ථාවක් උදාවුණේ නැහැ. ‘Number 9’ මගේ දෙවැනි වෑයමයි. මට හැඟුණා මා තුළ යම් නිර්මාණකරුවකු සැඟවී සිටින වග… කෙමෙන් කෙමෙන් මේ එළිදැක්වෙන්නේ ඒ නිර්මාණ මෙහෙවරයි.

‘කොරෝනා’ විරාමයෙහි කොටුවීම තුළ ඔබ ධනාත්මක සිතුවිල්ලකට මැදිවුණා..?
ඔව්… ඒ ධනාත්මක බව තුළ මම නිර්මාණ මෙහෙවරක යෙදුණා. කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර ඇතිවන ප්‍රේමයක ගනුදෙනුව ගැන ලියනවට වැඩිය පිරිමි දෙදෙනෙකු අතර ඇතිවන සංවේදී වූ මානුෂීය බැඳීමක් ගැන ලියන්න එතැනදී මට කැමැත්තක් දැනුණා.

තව තව නිර්මාණ මවන්න ඔබ හෙට දවසේදී සූදානම්..?
ඇත්තෙන්ම… තව වෙනස් අන්දමේ නිර්මාණවලට අවැසි බීජ මා සතුව තියෙනවා.

ඔබේ වෑයම තුළ සම්මාන ගැනීමේ අභිලාෂයක් තියෙනවද දන්නැහැ..?
කවදාවත්ම හිත කොනකවත් එහෙම අදහසක් නැහැ. අනෙක සම්මාන හෝ සම්මාන උළෙලවල සිදුවන ජූරියේ සමහර තීරණ ගැන මගේ එතරම් තැකීමක් නැහැ.

එහෙම කියන්නෙ සමහර අවස්ථාවල ඔබේ චරිත නිරූපණයනට අවැසි අගැයීම නොලැබුණු නිසාද..?
කිහිප වතාවක්ම මම ජනප්‍රිය සහ හොඳම නළු සම්මානයෙන් පිදුම් ලැබුවා. නමුත් අර ඔබ අනුමාන කළ අගය නොකරන අවස්ථාවන් සඳහාද මා බඳුන් වූ තැන් කිහිපයක්ම තිබුණා.
අවස්ථා එකොළහකම හොඳම නළු සම්මානයට නිර්දේශ වුණත් මට එම සම්මානයන් ලැබුණු අවස්ථාවන් උදාවුණේ නැහැ. විශේෂයෙන්ම මේ පසුගිය සම්මාන උළෙලවල පවා ‘නාඩි’ ටෙලිනාට්‍යයේ ‘ඩැනියෙල් උයන්ගොඩගේ’ චරිතය කිසිම අගැයීමකට ලක්නොවීම ගැන මට හරි වේදනාවක් දැනුණා. එතැනදී මම හොඳම නළුවා සම්මානය ලැබිය යුතුයි කියා මම කියන්නේ නැහැ. නමුත් ‘ඩැනියෙල් උයන්ගොඩට’ සුළු අගය කිරීමක්වත් නොලැබීම ගැන හිතට දුකක් දැනුණා. බොහෝ දෙනෙකුගේ කතාබහටද එය බඳුන් වුණා.

හේතුවක් තියෙනවද ධනංජය ඒ පැහැර හැරීමට..?
මම හිතන විදියට එය දේශපාලනීය බලපෑමක්. මම දේශපාලනය නොකළාට මගේ අයියා එහි නිරතව සිටිනවා. සමහර තැන්වලදී එහි බලපෑම් මගේ රංගන ජීවිතයට බලපානවා.

කලාකරුවන් දේශපාලනයට පය තැබීම ගැන ඔබ දරන මතය..?
එය ඒ ඒ අයගේ මතය සහ කැමැත්ත. හැබැයි දේශපාලනයට පය තියනවා කියන්නේ පක්‍ෂයක් හෝ පාටක් තෝරාගෙන එයට ආවැඩීම නෙවෙයි. අපේ කලාකරුවනට වැරැදුණු තැන එතැනයි. පක්‍ෂ දේශපාලනය හරහා දේශපාලකයනට කඩේ යන්න ගිහින් ප්‍රවීණයන් බොහෝ පිරිසකට ලේබල් වැදුණා. ‘කලාකරුවා’ කියන සුවිශේෂී පුද්ගලයාගේ දේශපාලන මතය එතැනදී විකෘති වුණා.
ඒ විකෘතිතාවයට සහ ඒ කඩේ යෑමට මගේ අදහස අනුව මම විරුද්ධයි. කලාකරුවන් දේශපාලනයට යොමු විය යුත්තේ පාට, පක්‍ෂ හෝ පුද්ගල නාමයන් රහිතවයි. එයට සංයමය, කලාව සහ කැපවීම අවශ්‍යයයි.

ඔබේ අයියාගේ දේශපාලන ක්‍රමවේදය ඔබ අනුමත කරනවද..?
ඉහත අදහස් දරන හැම අවස්ථාවකම හැමෝම මගෙන් අහනවා ඇයි ඔය ටික ඔයාගේ අයියට නොකියන්නෙ කියලා. මෙතැනදී මම පැහැදිලිව කියනව අයියගේ දේශපාලනය මට අදාළ නැහැ. ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා. මම කලාකරුවකු ලෙස කලාවට මිසක දේශපාලනයට කඩේ යන්නෙ නැහැ. මමත් කැමැතියි දේශපාලනය කරන්න. මම කැමැතියි, මම ප්‍රිය කරන දේශපාලන නායකයන්ද ඉන්නවා. හැබැයි පාට සහ පක්‍ෂ තෝරගෙන කරන කඩේ යන දේශපාලනය මම කවදාවත් තෝරගන්නේ නැහැ. ඒ වගේම දේශපාලනය කරන්න වේදිකාවල නැඟලා ඒ ඒ දේශපාලකයන්ට පක්‍ෂව කෑගහන්න ඕනැ නැහැ. කලාකරුවනට පුළුවන් තම තමන්ගේ නිර්මාණශීලීත්වය හරහා තම දේශපාලන මතය ලොවට කියාපාන්න. දේශපාලනය කියන්නේ, දේශයට යහපතක් කරන්නට හැකි යහපත් චේතනාවක් තුළ පොදු අරගලයකට මැදිව සටන් කිරීමයි.

ඔබ ඔය එන්නේ ගාලුමුවදොර අරගලයටයි..?
හරියටම හරි… අන්න එයයි පිරිසුදු දේශපාලනය. පාට, පක්‍ෂ, පුද්ගල හිතවත්කම් නැති ඒ අරගලයට. විකෘති නොවූ ඒ අරගලයට සහ එය මෙහෙය වන්නන්ට මම සුබපතනවා.
ජනතාව ජනතාව වෙනුවෙන් නැඟිටින්න අරන්. පෙළගැහෙන්න අරන්. තරුණ අරගලකරුවන්ට පාට, පක්‍ෂ නැතිව තම හඬනඟන්න කාලය ඇවිදින්. අන්න එයයි නියම දේශපාලනය.

69 ලක්‍ෂයේ ජයග්‍රහණයට උරදුන් ප්‍රබල කලාකරුවන් බොහොමයක් අරගලය සමග නැහැ ධනංජය..?
ඔව්… එය කනගාටුවට කාරණයක්. සමහර විට ඔවුන් මුහුණ දෙන්නට බැරි ලැජ්ජාවට එන්නේ නැතිව ඇති. මතක ඇතිනේ ඔබට පවා ‘රට බේරා ගන්න කියන අන්තිම අවස්ථාව’ කියලයි ඔවුන් 69 ලක්‍ෂ සමග පෙළගැසුණේ.

ඔබට පුළුවනි ඔබේ සහෝදර කලාකරුවනට එය පහදා දී අරගලයට එකතු කරන්න…
ඇයි මම පහදන්නෙ, ඔවුන් ගියේ අපි කියපු නිසාද? අපි වෙනුවෙන්ද? නැහැ.., ඔවුන් ගියේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන්. ගියේ ඔවුන් නම්.., වැරැද්ද වුණේ ඔවුන් අතින් නම් එය නිවැරැදි කරගත යුත්තේද ඔවුන්මයි. කලාකරුවන් දේශපාලනයට මැදිවන්නේ කලාව වෙනුවෙන් යමක් කරන්න කියලයි කියන්නේ… හැබැයි ජයග්‍රහණයෙන් පස්සේ ඔවුනට අමතක වෙනවා. ‘මම ආවේ කලාවට සෙතක් කරන්න නේදැ’යි කියලා. අවසානයෙ සිදුවන්නේ ඔවුන්ම ඔවුනට කළ රැවටීම මත දේශපාලන ප්‍රවාහයක සොල්දාදුවො වෙන එකයි.

මේ තමයි රට වෙනුවෙන් එළියට බහින්න ඕනා කාලය. ‘රට බේරාගන්න තියෙන අන්තිම අවස්ථාව’ කියන ස්ලෝගන් එක සමග දැනුයි නියම විදියට දේශපාලනයට විවෘත විය යුත්තේ. අරගල භූමියේ හැමෝම වාගේ එළියට බැහැලා ඉන්නේ රට බේරා ගන්නයි. එදා ඡන්දය දුන්න 69 ලක්‍ෂයේ කට්ටියක් එතැන ඉන්නවා. අපි හැමෝම බලාගෙන ඉන්නවා පාට, පක්‍ෂ නැති ඒ අරගලය හරහා රටට ජයග්‍රහණය ලැබෙනතුරු. ‘අපි හැමෝම’ කියන ඒ පිරිස අතර මමත් අනිවාර්යයෙන් ඉන්නවා. ඉතසිතින් මම අරගලයට සුබපතනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

Next Post

නුවර ඉඳන් එන සජබෙ පා ගමනට සාටකයක් දාගත්ත ලොකු කාක්කෙක් එකතු වෙයි! (VIDEO & PHOTOS)

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.