• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අපි කාටවත් හැමදාම වැජඹෙන්න බැහැ!

February 8, 2022
in Heart
Reading Time: 7 mins read
A A
අපි කාටවත් හැමදාම වැජඹෙන්න බැහැ!
Share on WhatsAppShare on Facebook

බොරු මූනිච්චාවට මම කැමැති නැහැ…
මම කෙළින් කතාකරන කෙනෙක්…
අමුතුවෙන් මට ආරූඪයන් ඕන වුණේ නැහැ…
‘චාතූර්යා’ කියන්නේ හරියටම නයනා කුමාරිම තමයි…

මෙගා කලාව පුංචි තිරයට එන්නට පළමුව එදා ටෙලිනාට්‍ය කලාව හරි අපූරුවට තිබුණා මතකය. බොහෝ සොඳුරු කතන්දර අතර සති අග විකාශය වූ ෂර්ලි පී. දෙලංකාවලගේ ‘චාතූර්යා’ ඒ අතර ප්‍රමුඛ විය. ‘චාතූර්යා’ ලෙස රංගන දායකත්වය දුන්නේ ලස්සන ඇස් ඇති සුන්දර සිනාවක් හිමි නිතඹට ආසන්න දිගු කොණ්ඩයක් තිබුණු ජනප්‍රිය නිළි නයනා කුමාරිය. නිෂ්පාදන දායකත්වයට උරදුන් රොජර් සෙනෙවිරත්න නම් ප්‍රවීණ රංගනවේදියාගේ සිතේ ‘චාතූර්යා’ වෙනුවෙන් අසුන් ගෙන සිටියේද නයනා කුමාරිමය. සත්තකින්ම නයනා, චාතූර්යාට හරි අපූරුවට රැඟුවාය. අදටත් බොහෝ දෙනකුට එය අමතක නොවන්නේ ඒ නිසාය. තරුණ පෙම්වතියනට පමණක් නොව තරුණ පෙම්වතියන්ගේ අම්මලා වෙනුවෙන්ද නයනා කළ රංගනයන් අපූර්වතම විය. ඒ අපූර්වත්වයට හේතු වූයේ තරුණ වයසේදීම නයනා අම්මලාගේ චරිතයත් ඉතාම සතුටින් කරට ගැනීමය. කර දඬු උස්මහත් වූ නිළියන්ට අම්මා වීමට බොහෝ තලතුනා නිළියන් පස්ස ගහන විට නයනා එයද සිය නිළිකමට ආභරණයක් කරගත්තාය. හිටි හැටියේම වාගේ නයනා රංගනයට සීමාවක් තැබුවාය. ‘මහ විරු පණ්ඩු’ ටෙලි කතාවෙන් සමුගත්තාය. එහෙම වුණේ ඇයි? කවුරුත් දන්නේ නැත. හැබැයි, නයනා කුමාරි හමුවී ඒ ගැන කතා කරන්නට අපට ඕනෑ විය. ඇත්තටම ඈ හරිම සුහදය. කුලුපගය. එක දුරකතන ඇමතුමින්ම ඇය ‘මව්රට’ හදවතට දොඩමළු වන්නට මනාප වූවාය. මේ දිගහැරෙන්නේ ඒ සුහද බවෙහි සොඳුරු වංහුංය.

රංගන කලාවෙන් හිටි හැටියෙම වාගේ ඔබ බොහෝ ඈතට ගිහින්?
නැහැ. එහෙමම නැහැ. මේ දවස්වල මම ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ රඟපානවා.

නමුත් ආරංචියේ හැටියට ඔබ බොහෝ ටෙලි පිටපත් මඟහරිනවලු?
සමහර අවස්ථාවල කාලය නැති නිසා එහෙමත් වෙනවා. ඒ වාගෙම මම හිතන හැටියට අපි හැමෝටම කවදාවත් කලාව හෝ රංගනය තුළ වැජඹෙන්න බැහැ. පෙර කළ චරිත කරන්න බැහැ. වයසට යනවා., පෙනුම වෙනස් වෙනවා. අපි අම්මලා වෙනවා. අපේය කියන ජීවිත තුළ කල් ගෙවන්න සිද්ධ වෙනවා.

එතකොට ඉතින් හැමදාම ටී.වී. එකේ පෙනී ඉන්න බැහැ. පොදු ධර්මතාව එයයි. නිදසුනක් වශයෙන් කියනවා නම් අපේ හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකාට එදා මෙන් ‘සුහද පැතුම’ හෝ ‘එයා දැන් ලොකු ළමයෙක්‘ වාගේ චිත්‍රපටවල රඟපාන්න බැහැ. පොදු ධර්මතාව එයයි. අපි හැමෝම එයට අනුගත විය යුතුයි.

‘මහ විරු පණ්ඩු’ ටෙලිනාට්‍යයෙන් ඉවත්වූ හේතුව කුමක්ද?
එය ප්‍රඩක්ෂන් එකේ ඇතිවූ ගැටලුවක් මත සිදුවූ දෙයක්.

ගෙවීම් පිළිබඳවද ඔබට ඒ ගැටලුව ඇතිවුණේ?
අපොයි නැහැ. ඉල්ලන ගානටත් වඩා වැඩිපුර අපට ගෙවන්න හිරු ටී.වී. හැම මොහොතකම සූදානම්ව සිටියා. මම එයට ගරු කරනවා.

එහෙනම් ඔය කියන ගැටලුව ඇතිවූ තැන කුමක්ද?
එය එහි අධ්‍යක්ෂවරයා මූලිකව ඇතිවූ ප්‍රශ්නයක්. යම් නිර්මාණයකට දායක වන විට සිත් තැවුල් හෝ නිරාකරණය නොවන ප්‍රශ්න සිතේ කොනක තියාගෙන වැඩකටයුතු කිරීම මම අනුමත කරන්නේ නැහැ. මූණිච්චාව කියන්නේ මම හරිම අකැමැති දෙයක්.

ටෙලි පිටපතට කැමැති නිසා මම රඟපාන්න ආවා. යම් හේතුවක් මත එපාවීමක් සිදුවූ නිසා මම අයින් වුණා. මම කෙළින් කතාකරන කෙනෙක්. එකක් මූණට කියන, තව එකක් හිතේ කොනක තියාගෙන ඉන්න පුරුද්දක් මගේ ළඟ නැහැ. ඒ හින්දා ඒ එපාවීම මත පහුවදාම රූගතකිරීම්වලට නොයා ගෙදර නතර වුණා.

සිදුවීම කුමක්දැයි ඔබ පැහැදිලිව කිව්වේ නැහැ?
ඒ ගැන කතාබහට අප තිත තියමු. මේ තරමින් වත් ‘මහ විරු පණ්ඩු’ ගැන මම මාධ්‍යයකට කතා කළ පළමු වතාව මෙයයි.

ඒ අලංකාර චරිතය හැරයන්න ඔබට ලෝභ හිතුණේ නැද්ද?
ඇයි නැත්තේ? මම ඉතාම කැමැත්තෙන් කළ චරිතයක්. මා එය හැරදමා ගියේ ලොකු වේදනාවකින්. බොහෝ ප්‍රේක්ෂකයන් ඒ ගැන දුක් වුණා. සමහර දෙනා මට කිව්වා ඔබ හැරගිය පසු අපද ‘මහවිරු පණ්ඩු’ අතහැර දැමුවා කියලා.

මඳක් ඈත ටෙලි අතීතයට ගිහින් එමු. කැමැතියි ඔබ සමග ‘චාතූර්යා’ ගැන කතා කරන්න?
මෙගා නාට්‍ය කලාවෙන් දූෂිත නොවූ ඒ ටෙලි යුගය අපූරුයි. රොජර් සෙනෙවිරත්න මා වෙනුවෙන්ම තිළිණ දෙන්න බලා සිටි ‘චාතූර්යා’ චරිතයට මම අදටත් ඇල්මයි.

ඔබ ඒ සිටියේ අසීමිත ජනප්‍රිය අවධියක?
ඔව්. ටෙලිනාට්‍ය පෝලිමක් මා වෙත පැමිණ තිබූ සමයක තමා රොජර් අයියා මට ‘චාතූර්යා’ට එන්න කිව්වේ. මම පොත කියෙව්වේ නැහැ. මට ඕනා වුණේ නියමයන් හෝ කොටුවීමක් නැතිව ‘චාතූර්යා’ සමග රඟන්නටයි. ඒ නිසා පොතේ සිටි ‘චාතූර්යා’ව ස්ටඩි කරන්න මට ඕන වුණේ නැහැ. මම කැමැති වුණෙත් නැහැ.

ඒ නිසා පොත වසාදමා මම ඒ සමග රැඟුවා. චරිත නිරූපණයෙන් පසුව තමයි මම පොත ඉල්ලගෙන කියෙව්වේ. කොහොමත් මට ‘චාතූර්යා’ වෙනුවෙන් අමුතුවෙන් කරන්න යමක් තිබුණේ නැහැ. ‘චාතූර්යා’ට මේකප් නැහැ. වත්සුණු නැහැ. ඈ හරිම සරලයි. ‘චාතූර්යා’ වෙනුවෙන් මම ඇන්දේ මගේම ගවුම්. කොණ්ඩෙ පීරලා මම කරලකට ගොතලා ඇඳුමේ පාටට වූල් බෑන්ඞ් දැම්මේ මට එය හුරුව තිබුණු නිසයි.

‘චාතූර්යා’ට කියා අමුතුවට කතා කරන්න හිනාවෙන්න ඇවිදින්න මට ආරූඪයන් ඕන වුණේ නැහැ. රොජර් සහ ෂර්ලි අයියා මට අලුතෙන් යමක් කරන්න ඕන වුණේ නැහැ. ‘චාතූර්යා’ කියන්නේ හරියටම නයනා කුමාරිම තමයි කියන තැන තමයි මම හිටියේ.

‘චාතූර්යා’ව බිහි කළ එඞ්වඞ් මල්ලවාරච්චි ඔබව අගය කළේ ඒ නිසාද?
ඔව්. ඔහු මට කිව්වා මගේ හිතේ හිටපු ‘චාතූර්යා’ ඔයාම තමයි නයනා. ඔයා හරි අපූරුවට ඒක කළා කියලා.

ඒ ඔබ විවාහ වූ අලුත. රොජර් සමග පෙම් රැඟුම් මවන විට සුමිත් අමනාප වුණේ නැද්ද?
අයියෝ නැහැ. එයා තමයි ඒ චරිතයට මාව උනන්දු කළේ. තව රොමැන්ටික් වෙන්න ඕනෑ. ඔහොම හරියන්නේ නැහැනේ කිය කියා මාව උනන්දු කළේ සුමිත්ම තමයි. ඒ දවස්වල මට මතකයි මහින්ද රාජපක්ෂ එවකට අගමැතිව සිටි කාලේ ශිරන්ති රාජපක්ෂ මැතිනිය මට කිව්වා උත්සවයකට ආව අවස්ථාවක, නයනා ඔයා ලස්සනට ‘චාතූර්යා’ කරනවා, මම හරි ආසාවෙන් ඒක බලනවා, බලන්න බැරි වෙන දවසක් ආවම මම ඒක කාට හරි කියලා රෙකෝඞ් කරවනවා කියලා. ඇත්තෙන්ම ඈ දුන් ඒ අගයට මම එදා හරි සතුටු හිතුණා.

‘චාතූර්යා’ දෙවැනි කොටස එහි පළමු කොටස තරම් ජනප්‍රිය වුණේ නැහැ?
ඔව්. ඒ මෙගා ටෙලි කලාවට ප්‍රේක්ෂකයන් හුරුවෙමින් සිටි අවධිය. රොජර් අයියාටත් ආරාධනා ආවා ‘චාතූර්යා’ මෙගා තාලෙට පෙන්වන්න. ඒත් ඔහු එයට කැමැති වුණේ නැහැ. ප්‍රේක්ෂකයන් හැමදාම කොටස ගානේ යන ටෙලි කතා නරඹන්න උනන්දු වෙනකොට සතියට එක වතාවක් ගිය ‘චාතූර්යා’ ඔවුන්ට මඟහැරුණා.

‘චාතූර්යා’ පළමු කොටස නැවත පෙන්වන්න රූපවාහිනී සේවාවලින් ආරාධනා තවමත් එනවාද?
ඔව්. හැබැයි රොජර් අයියා තවමත් කිසිවකුට එය විකාශය කිරීමේ අයිතිය දීලා නැහැ.

‘චාතූර්යා’ නිසා ජනප්‍රිය නිළිය ලෙස ඔබ ලද කූපන් ප්‍රමාණය අසීමිතයි?
ඔව්. එය ගණන් කරගැනීමත් අපහසු බව එම ආයතනය මාධ්‍යයට පවසා තිබුණා මතකයි.

හොඳම නිළිය සහ ජනප්‍රිය නිළිය ලෙස සම්මාන දෙකම ඔබට හිමි වුණේත් ‘චාතූර්යා’ නිසයි?
ඔව්. එය මා ලද අසීමිත වාසනාවක්. අදටත් මම ඒ මතකයන් තුළ සතුටට පත්වෙනවා.

ඒ කියන්නේ නිළියක ලෙස ඔබ ඔබ ගැන තෘප්තිමත්?
සත්තකින්ම ඔව්. මම ටෙලි කලාවට ආවේ ‘කස්තිරම’ ටෙලිනාට්‍යය තුළින්. ඒ, විශිෂ්ට ගණයේ කලාකරුවකු වූ විජය ධර්මශ්‍රීගේ ආරාධනය මතයි. එවකට මම වයස අවුරුදු 14ක පොඩි කෙල්ලක්. කස්තිරමෙහි රංගනයෙන් පසුව නොසිතූ ලෙස මට ටෙලි පිටපත් ලැබෙන්න ගත්තා.

ඒ අතරින්, ‘අසනි වැසි’, ‘ගජමන් නෝනා’ අතිවිශේෂයි. රංගනය ගැන මට ප්‍රිියතාව ඇති කළේ මගේ අම්මා. එය ආවාට ගියාට කරනවාට වඩා ප්‍රමිතියක් ඇතුව කරන්නට වුවමනා නිසා ඈ මාව ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරු ගාමිණී ද සිල්වා මහතා වෙත යොමු කළා. මගේ පළමු ගුරුවරයා තමයි ඔහු.

ඊට පසු මට ‘ඔතෙලෝ’ වේදිකා නාට්‍යයේ ඔතෙලෝගේ බිරිය වූ ඩෙස්ටිමෝනාගේ චරිතය ලැබුණා. අනතුරුව ‘මැක්බර්ත්’ නාටකයේ මැක්බර්ත්ගේ බිරිය ලෙසද රඟපෑවා. ප්‍රවීණයන්ගේ ඇසුර සමග ලද ඒ වටිනා ආරම්භය දිගු ගමනකට මඟ කියාදුන්නා.

ඔබ තරුණ වියේදීම අම්මාගේ චරිතයට මැදි වුණා?
ඔව්. මට වුවමනා වුණා චරිතාංග නිළියක වීමට. අවුරුදු 60ක් 65ක් වැනි වයසකදී අම්මලාට රඟපානවාට වඩා වයස අවුරුදු 34දී අම්මලාට රඟපෑම මට තෘප්තියක් ගෙන දුන්නා. ‘පබළු’හි අම්මාට රඟන විට මට අවුරුදු 34 ලැබුවා විතරයි. දිල්හානි අක්කාගේ අම්මා ලෙසද රංගනයට එක්වීම මගේ සිතට ගෙන ආවේ හරිම අමුතුම ආකාරයේ හැඟීමක්.

ඒ තරමට ඔබව තෘප්තිමත් රංගනයෙන් ඈත් වූ තරම වැඩියි කියා ඔබට හිතෙන්නේ නැද්ද?
මෙහෙමයි. රංගනය වාගේම මට මගේ අම්මාගෙන් ලැබුණු දායාදය වූ රූපලාවන්‍ය කලාව තුළ වඩාත් ඉදිරියට යන්න මට ඕනෑ වුණා. එයට අවැසි නිදහස ලබාගන්න මට ඕන වුණා කිව්වොත් හරියටම හරි. අනෙක එය මගේම දෙයක්. මට ඕන විදියට එහි රැඳෙන්න, එය හසුරුවන්න පුළුවන්. රංගනය එහෙම නෙවෙයි. ෂූටින්වලට දින දුන්නාම ඒකට අනිවාර්යයෙන්ම යන්න ඕනෙ. එය අවසන් වන තුරු ඉන්න ඕනෙ. සමහර දවස්වල කොළඹින් පිට යන්න ඕනෙ. දවස් ගණන් ගෙදරින් වාගෙම පවුලේ අයගෙන් ඈත්වෙලා ඉන්න එකත් හිතට හරි අපහසුයි. ඒ හැම දේම අනුව බලලා තමයි සැලෝන් එකේ කටයුතුවලට වැඩි කාලයක් දෙන අතර රංගනයෙන් මඳක් ඈත් වුණේ. හැබැයි හොඳ චරිතවලට ආරාධනා ආවොත් එයද මඟහරින්නේ නැහැ.

කොහොම නමුත් ඔබේ වැඩි ඇල්ම අවසානයේ ව්‍යාපාරික කාන්තාවට හිමි වුණා. රංගනවේදිනිය දෙවැනි වුණා?
නැහැ. ඔබ වැරැදියි. මගේ ජීවිතය තුළ ඒ දෙදෙනාටම මම ඇලුම් කරනවා. ඒ වගේම අද මේ මොහොතේ මෙතැන සිට ආපසු හැරී බලන විට ඒ දෙදෙනාම තුළ මම සෑහීමකට පත්වෙන බවද කිව යුතුයි. මොකද ඒ දෙදෙනා තුළම මම මට කරන්න පුළුවන් උපරිමය කළා. ඉතින් නයනා කුමාරි ලෙස මා තුළ සිටින කලාකාරියට වගේම ව්‍යාපාරික කාන්තාවටත් මාව මෙතරම්ම සතුටු කිරීම ගැන ස්තුති කරනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

එයා දෙමළ කොල්ලෙක්… ඒ ආදරය හුඟක් වෙනස්!

Next Post

බයිසිකලේ… බයිසිකලේ… පෝසත් අපගේ බයිසිකලේ…!

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.