• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එයා දෙමළ කොල්ලෙක්… ඒ ආදරය හුඟක් වෙනස්!

February 8, 2022
in Exclusive, Heart
Reading Time: 10 mins read
A A
එයා දෙමළ කොල්ලෙක්… ඒ ආදරය හුඟක් වෙනස්!
Share on WhatsAppShare on Facebook

රියැලිටි කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි…
‘රියැලිටි’ නිසා මට කිසිවක්ම මගහැරුණේ නැහැ…
මගේ මවුපියනුත් විරුද්ධ වුණා…
හැමදේම ඔඩොක්කුවට වැටෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ…
අපි ආවේ අපේම හඬ සහ හැකියාවෙන්…

ගයන්නට හැමෝටම බැරිය.., ගයන්නට හැකි හැමෝටම සවන් දෙන්නන්ගේ සිත් පිනවන්නටද බැරිය.., සංගීතය කලාවක්මසේ ගෙන මිනිස් සිත් සුවපත් කරන ලතාවට සින්දු කියන අය අතර විශාරද නිරෝෂා විරාජිනි ද එක් අයෙකි. නිරෝෂා සංගීත කලාවට නව නැම්මක් ගෙන ආවාය. මැදියම් රැයක නිදි නොමැතිව දෑස වසාගෙන සවන් දී සිටින්නට තරම් ප්‍රිය ඇගේ කෝකිල හඬ… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘කනට මී පැණි’ වැටෙනවා වගේය.., දමිළ හුරුවට සින්දු කියන්නට පටන්ගෙන සිංහල තාලේ ගැමි සින්දු හරි අපූරුවට ගයන්නට ගත් ගීත විරාජිනියක වූ නිරෝෂා ‘මව්රට’ – ‘හදවත’ට දුරුතු මස අවසාන භාගයේ ගොඩවූයේ කලකට පසුවය. ඒ සොඳුරු සින්දුකාරිය සමග ගෙවුණු අඩ හෝරාවකට වැඩි කතාබහ සමග රැඳෙන්නටයි ඔබට මේ ආරාධනය.

පළමුවෙන්ම අහන්නම්, ඔබේ සුවදුක් කොහොමද ඉතින්..?
වරදක් නැහැ… මම දැන් නම් සනීපෙන් ඉන්නවා… කලකට ඉහත මඳක් රෝගීව හිඳ දැන් සුපුරුදු සුවෙන් කල් ගෙවනවා.

අලුත් යමක් කරන්නට තනන ආරම්භයක කල් ගෙවනවද..?
‘ම්ම්… අලුත් යමක් කියලා කියන්නේ ඉතින්… කොරෝනා උවදුර නිසා කඩින්කඩ නතරව තිබූ බොහෝ දේට දැන් දැන් නැවැත ආරම්භය දෙමින් සිටිනවා.
අලුත් යමක් කරන්න පළමුව අතරමඟ නැවැතුණු ඒ සියල්ල අවසන් කරන්නට ඕනෑ… ඒ වැඩකටයුතු අතර තමයි මේ දවස්වල කාලය ගෙවී යන්නේ.

‘රියැලිටි ෂෝ’වල අසුන් ගන්නට යෑමෙන් ඔබට සින්දු කියන අවස්ථා මගහැරුණේ නැද්ද..?
අපොයි නැහැ… ‘රියැලිටි’ නිසා මට කිසිවක්ම මගහැරුණේ නැහැ. කිසිවකට අඩුපාඩු සිදුවුණෙත් නැහැ. හදිසියේ මම අසනීප වූ නිසා නම් අලුතෙන් කරන්නට හිටපු යමක් ටිකකට නැවැතුණා.
දැන් අසනීප වීමට කලින් කරන්න සිටි සියලුම දෑ කරන්න සැලැසුම් කරගෙන යනවා. අලුත් සින්දුවක් නොදුන් හිස්තැන ඇති වූයේ එතැනයි.

යමක් ප්‍රේක්‍ෂකයන් කාලයක ඉඳන් ඔබව දිගින් දිගටම දකින්නට ගත්තේ ‘රියැලිටි ෂෝ’වල අසුන්ගෙන සිටියදී..?
ඔව්… ඒක හරි, ‘රියැලිටි ෂෝ’ කියන්නෙ මට අලුත් දෙයක් නෙවෙයි. ‘රියැලිටි’ ආරම්භයේ සිටම මම එහි අසුන් ගත්තා. ‘සිරස’ රූපවාහිනිය ඔස්සේ ප්‍රථමයෙන්ම ‘රියැලිටි ෂෝ’ ආරම්භ කරනවිටත් මම විනිසුරු මඬුල්ලේ සිටියා.

ඒ වාගෙම… ‘රියැලිටි’ කියන්නේ කොරෝනා උවදුර නිසා වැඩ අතරමඟ නතරව සිටි අපට ප්‍රතිලාභයක්. අලුත් සින්දුවක් ප්‍රචාරය කරන්නට… එළිමහන් හෝ වේදිකා ප්‍රසංගයක් පවත්වන්නට බැරිව ප්‍රේක්‍ෂකයාගෙන් ඈත්ව ඔවුනට නොපෙනී සිටිය අපට ඔවුන් අතර පෙනී සිටීමේ අවස්ථාව උදාවුණේ ‘රියැලිටි ෂෝ’ නිසයි. ඒ නිසා මම ‘රියැලිටි’ සඳහා කෙරෙන ආරාධනා පිළිගන්නවා.

හැබැයි… එහෙම කළාය කියා මගේ ගීත ගායනටවත්, ගීත එළිදැක්වීමකටවත් එය බාධාවක් වෙලා නැහැ. ‘රියැලිටි ෂෝ’ කියන්නේ එක විෂයක්… සින්දු කියන එක තව විෂයක්. ඒ විෂයන් දෙක කිසිම පටලවා ගැනීමක් නැතිව මම ගානට බැලන්ස් කරගන්නවා.

අලුත් ඇල්බමයක් කරන්නට ‘විරාමය’ ගත්ත කාලය ‘දිග වැඩි’ නැද්ද..?
ඇල්බම් කරන එක නැවැතුණේ නම් බොහොම දිගු කාලයක ඉඳලයි. එයට හේතු රාශියක් තිබුණා. ලාභ-පාඩු පිළිබඳ ගැටලු අපට වාගේම එය නිෂ්පාදනය කරන අයටත් තිබුණාය කිව්වොත් හරි.

‘රියැලිටි ෂෝ’වලදී ඔබ ආධුනිකයන් හමුවේ හරිම සංවේදී චරිතයක්..?
මෙහෙමයි… අපි ‘රියැලිටි’ කරන්නේ ඇමෙරිකාවේ හෝ යුරෝපයේ සම්භවයකට අනුව නෙවෙයි. අපේ තරගකරුවන් වාගෙම ඔවුන්ගේ පවුල්වල උදවිය හිතන පතන විදිය බටහිර තාලෙට වඩා බොහොම වෙනස්… ඇත්තටම කියනවා නම් ‘රියැලිටි’වලට සහභාගි වන ඒ යොවුන් පිරිස බහුතරයක්ම සිතන්නේ හරිම පටු විදියට.

ඒ වගේම තරගවලට එන අය වැඩිහරියක් තරුණ තරගකරුවන්. ඒ හැමෝම වාගේ එන්නේද සියයට අනූවක්ම වාගේ දුෂ්කර පළාත්වලින්. කොළඹ පළාත්වලින් පැමිණියත් ඔවුන්ද නිතරම වාගේ විනිශ්චය මණ්ඩලය ඉදිරියට එන්නේ එතරම් සමාජශීලී නැති බොහෝ සංවේදී පිරිසක්.

ඒ අතර හැකියාව ඇති අය වාගෙම හැකියාවන් මඳ වශයෙන් තියෙන අයත්, සංගීතය හරිහැටි හදාරපු නැති අයත් ඉන්නවා. ඒ වාගේ පසුබිමක් තුළදී නිසි අවබෝධයක් නැතිව ‘කිරුළ’ට ආසන්න වෙන්නට හෝ ‘කිරුළ’ දරන්නට බලාපොරොත්තු වීම ඒ හැමෝගෙම සිහිනයක් වෙනවා.

අපි කරන්නේ ඒ සිහිනය සැබෑකර ගන්නට ඔවුන් කරන ඉදිරිපත්වීම් තුළ ඇති හොඳ නරක ඔවුනට පෙන්වා දීමයි. එතැනදී අදාළ තරගකරුවාගේ මිතුරන්, නෑයින් මෙන්ම ගමේ පිරිසද සිදුවීම නරඹනවා. අන්න ඒ නිසා යම් කමෙන්ට් එකක් අප දිය යුත්තේ නැවැත ඒ දරුවන්ට මිතුරන් අතරට හෝ නෑයන් සහ ගමට මුහුණ දෙන්නට පුළුවන් විදියටයි.

බොරු වර්ණනා නැති වුණත් ‘ඔබ මේ සඳහා තහවුරු විය යුතුය, නැවැත අපි උත්සාහ කරමු’යි යන අදහස තුළ ඔවුන්ගේ ආපසු හැරී යෑම ධනාත්මක කළ යුතුයි…’ පොල්ලෙන් දමාගහනවා වාගේ… හිත කැඩෙන වචන එවැනි තරග රටාවකට සුදුසු නැති බවයි මගේ මතය වෙන්නේ. කෙටියෙන් කියනවා නම් සිහිනයක් සැබෑ කරගැනීමට එන තරගකරුවන්ට එතැනින් ඇදලා බිම දානවට වඩා… ඒ හීනෙන් සියුම්ව ඇහැරවලා අඩුපාඩු සියුම්ව වටහා දෙන එක තමයි හොඳම ක්‍රමය.

විශාරද ගායිකාවක ලෙස ඔබ ‘රියැලිටි ෂෝ’ අනුමත කරනවද..?
අපි ගායිකාවක් වෙන අවධියේ ඔය මොනවත් තිබුණේ නැහැ. අපි ආවේ අපේම හඬ සහ හැකියාව හරහා. පූරුවේ පිනකුත් එතැන පැහැදිලිව තිබුණා. හැබැයි ‘රියැලිටි’ කලාව තුළ ඕනෑම තරාතිරමක දරුවකුට ඇති-හැකි, නැති-බැරි වාගේම සුපිරිය කියන සමාජ මට්ටමට සහ නූගත්ය, ෆෝවර්ඞ් නැතිය කියන සමාජයටද තම හැකියාවන් පෙන්වා ගැනීමේ හැකියාව ලැබුණා. එහෙම බලද්දී ඒ අවස්ථාව මිල කරන්න බැරි තරමට අමිලයි.

‘රියැලිටි’ කලාවෙන් පැමිණි සුපිරි තරු බොහෝ විට සැණෙකින් වියැකී යනවා..?
ඔව්… එය සාමන්‍යයක්. ආරම්භයේ සිටම ගතහොත් ‘රියැලිටි’ කලාව හරහා ‘කිරුළ’ දැරුවන් අද ඉන්නේ කීයෙන් කී දෙනාද..? එය එසේ වන්නේ ‘රියැලිටි’ කලාවේ වරදට නෙවෙයි, එය ඒ ඒ ජයග්‍රාහකයන්ගේ පැවැත්මයි.

කුමක් හෝ රූපවාහිනී සේවාවක් තමාට දුන් සියයට පනහක වරප්‍රසාදය ඔස්සේ ඉදිරියට යන්නට නම් ඉතිරි සියයට පනහ උපයාගත යුත්තේ ඔවුන් විසිනුයි. ‘කිරුළ’ ගත්තා කියලා සංගීතඥයන් හෝ සංයුක්ත තැටි නිෂ්පාදකවරු තමාව සොයා එන්නේ නැති බව ඔවුන් වටහාගත යුතුයි… හැමදේම ඔඩොක්කුවට වැටෙන තුරු බලා නොඉඳ තමා තමන් වෙනුවෙන් තම ජයග්‍රහණය වෙනුවෙන් සම්පත් සොයාගත යුතුයි. එතැනදී නිර්මාණශීලී බව වාගෙම උත්සාහය, උනන්දුව සහ කැපවීමද අවශ්‍යයි. නැත්නම් ඔවුන්ට හැමදාම ළඟ තියාගන්නට වෙන්නේ අර ‘කිරුළ’ පමණයි.

හොඳයි… ‘රියැලිටි’ කලාවෙන් මිදිලා අපි යමු ඔබේ අතීතයේ සොඳුරු තැන් හොයාගෙන..?
ගායිකාවක් වෙනකොට මම පාසල් යන බාලිකාවක්. වයස අවුරුදු පහළවයි හෝ දහසයයි.

‘සිත හඬයි’ ගීතය හිතුවාට වඩා කෙල්ලන්ගේ, කොල්ලන්ගේ හිතට වැදුණා නේද..?
ඔව්… හිතාගන්න බැරි තරමට එය තරුණ පිරිස විසින් වැලඳගත්තා.

ඔබ එය ගායනා කළේ සුන්දර ප්‍රේමයක මතක සටහන වෙනුවෙන්..?
අයියෝ නැහැ… එතකොට මම ආදරයක් ගැන හිතලවත් නැහැ. අනෙක මම අපේ පවුලේ ලොකු අක්කා… මගේ මල්ලිලා දෙන්නටයි, නංගිටයි මම හොඳින් හැදෙනවාය කියන හැඟීම දෙන්න මම නිතර පරෙස්සම් වුණා. එහෙම එකේ ඉගෙනගන්න කාලේ ප්‍රේමයක පැටලෙන්න හිතුවේවත් නැහැ.

හැබැයි ඔබට හරි සුන්දර ප්‍රේම කතාවක් තිබුණා..?
ඔව්… ඒ මගේ පළමු පෙම… ඔහු දමිළ තරුණයෙක්. අපි අතර තිබුණේ කතාබහට පෙම් කරන, අවබෝධය, පරිත්‍යාගශීලී බව සහ විශ්වාසය මත ගොඩනැඟුණු පිවිතුරු පෙමක්.

ඔහු පළමුව හිත බැඳුණේ ඔබ දමිළ හුරුවට ගැයූ ගී හඬටයි..?
කවදාවත් නැහැ… ඔහු ආදරය කළේ නිරෝෂා විරාජිනී කියන ගායිකාවට නෙවෙයි… ඔහුගේ අහිංසක, පිවිතුරු ආදරය හිමිවුණේ මා සිටි නිරෝෂා විරාජිනී කියන සැබෑ චරිතයට, නිරෝෂා කියන ගැහැනියට. ඒ ප්‍රේමය ඇත්තෙන්ම හරිම සිත්කලුයි.

මගේ ස්වාධීන අදහස්වලට ඔහු ඇලුම් කළා. මට හොඳ මිතුරෙක්, සහායකයෙක් වුණා… මගේ හැකියාව දියුණු කරගන්න… මගේ ඉගෙන ගත්ත සංගීතයට තව තව යොමුවෙන්න උනන්දු කළේ ඔහුයි. අද තරුණ, තරුණියෝ අතර තියෙන ආදරයට වඩා ඒ ආදරය හුඟාක් වෙනස්.

ඒ තරම් වටිනා ප්‍රේමයක් අතහැර දැමුවේ..?
ඔහු දමිළ-හින්දු තරුණයෙකු වීම සහ මම බෞද්ධ සිංහල කෙල්ලක වීම ඒ ලස්සන ප්‍රේමයට බාධාවක් වුණා. මගේ මවුපියන් එයට විරුද්ධ වුණා. අනෙක ඒ යුගය දමිළ කෝලාහලවලින් සහ යුද්ධය හමුවේ ගෙවුණු එකක්. ඒ නිසා මගේ මවුපියන් දැඩිව විරුද්ධ වුණා.

එතකොට ඔබ අවුරුදු විස්සක කෙල්ලක්… ඔබට තිබුණා ඒ පෙමට සමුනොදෙන තීරණයක් ගන්න..?
හිතූ තරම් එය පහසු වුණේ නැහැ… මම ගෙදර ලොකු දුව කියන හැඟීම එතැනදී ද මතුව ආවා.

යුද කෝලාහල සහ දමිළ ගැටුම් නොතිබුණි නම් ඔහු සමග විවාහ වෙනවා කියලා ඔබට එදා හිතුණේ නැද්ද..?
අදටත් මේ දැනටත් හිතෙනවා. අද වැනි වාතාවරණයක නම් මම ඔහුව කසාද බඳිනවා.

බොහෝ පිරිමින් අදටත් ඔබේ කෝකිල හඬට වශී වී ඔබට පෙම් කරනවා..?
ඔව්… එය අදටත් එහෙමමයි… ගයන, රඟන කලාකරුවන් හැමදෙනෙකුම වාගේ රසික උන්මාදයකට මැදිවෙනවා. නමුත් එතැනදී කලාකරුවන් තේරුම් ගතයුතුයි තමාට හිමි අනන්‍යතාවක් සහ පුද්ගලිකත්වයක් තියෙන බව. එය තේරුම් නොගෙන සියල්ල පටලවා ගතහොත් අවසානය අවදානම්. එවැනි අවදානම් තුළ ජීවිතය වරද්දාගත් අයද නැතුවා නෙවෙයි. ඒ නිසා රසිකයන් සමග ඇසුරෙදි අප වැදගත් විය යුතුයි.

දිගින් දිගටම වාගේ ඔබ ඉමිහිරි විරහ ගීත ගැයුවේ පළමු පෙමට පසුබිම්වද..?
නැහැ… එහෙම ගී ගයන්න වුවමනාවක් හෝ උමතුවක් තිබුණේ නැහැ. මම ගැයුවේ මට ලැබුණු ගීතයි. ඒ වාගේම මමද ඒවාට බොහොම ප්‍රියයි.

දමිළ හුරුවට ගී ගැයූ ඔබ හිටි අඩියේ සිංහල තාලෙට හුරුවුණා..?
දමිළ ස්වරයෙන් සිංහල තාලෙට හුරුවන්න මඳක් අපහසු වුණා. ඒත් මම කෙසේ හෝ එය ජයගත්තා.

‘භාතිය-සන්තුෂ්’ සුසංයෝගය සමග ඔබ තව ජනප්‍රිය වුණා..?
ඔව්… මං හිතන්නේ… ‘කිරිකෝඩු’ ගීතය අතිශයින් ජනප්‍රිය වුණා. ඔවුන් මට ඔවුන් සමග ගයන්න ආරාධනා කළා. සතුටින් එය භාරගත්තා. ඒ කාලේ මතයක් තිබුණා විශාරදයන් නවකයන් සමග එක්ව ගැයුම් කළ යුතු නැතිය කියා. ‘භාතිය-සන්තුෂ්’ හවුල ගැන එතරම් පැහැදීමක්ද සමහර දෙනා අතර තිබුණේ නැහැ. ඔවුන් ගයන ගීත ඝෝෂාකාරිය කියන හැඟීමක් තිබුණා.
මට එවැන්න අදාළ වුණේ නැහැ… මම ඔවුන් සමඟ ගී ගැයුවා. තව තව නවකයන් සමග සම්බන්ධ වුණා. ඒ ගීත රටාව ජනප්‍රිය වෙන්න ගත්තා. එයට පසුව තවත් විශාරද යැයි සම්මත පිරිස් ඒ රටාවට අනුගත වුණා.

මට ‘විවාහයක් හිමි නැතැ’යි කියා ඔබ යම් පුවත්පතකට කියා තිබුණා..?
ඔව්… මම එහෙම කිවුවා. ඒ මම හොයපු ආදරය මට නොලැබුණු නිසා… මම හැමදාමත් හෙව්වේ මගේ හඬට නැතිව මට ආදරය කරන කෙනෙක් මා තුළ වසන ස්වාධීන සාමාන්‍ය ගැහැනියට ආලය කරන්න කාට හරි පුළුවන් නම් එයයි මා සෙවූ ආදරය.

මම හැමදාමත් හෙව්වේ හරි කලාත්මක ප්‍රේමයක්… එය බොහෝ විට නවකතාවල තියෙන ආදර බැඳීම්වලට සමයි. මොකද මම හොයන්නේ නියම ආදරය… ඒක හරියට කෙමිකල් එකක් වාගේ. හැබැයි එය මට හමුවුණේ ඉහත කී මගේ පළමු පෙම හරහා පමණයි.

ඔබ ඔය කියන්නේ ‘සුජීව ප්‍රසන්න ආරච්චි’ ලියන පෙම් කතා ගැන නිරෝෂා..?
නැහැ… නැහැ… මම ඒ ප්‍රේමය හොයන කොට සුජීව පොත් ප්‍රේම කතා ලියන්න අරගෙන තිබුණේ නැහැ.

විරහ ගී ගයන්න ගත්තේ දමිළයින් වෙනුවෙන් නෙවෙයි කියා ඔබ කීවේ මුසාවක්..?
නැහැ… එය මුසාවක් නෙවෙයි… ඔහු මට පෙම් කළ මතකය මා තුළ ඉතිරිව තියෙනවා. ඒ මතකය ඉතාම විචිත්‍රවත්. ඒ විචිත්‍රවත් බව තුළ මම ආත්මිකව සතුටු වෙනවා.
ඉතින් මොනවට විරහ ගීත ගයන්නද…

අවසාන වශයෙන් ඔබේ හෙට දවස ගැන කියමුද..?
සැලැසුම් කිහිපයක් තුළ ඉන්නවා… ඒක පියවරින් පියවර ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ත්‍රස්ත පනත අකුළගත්තට.. කොටි ‌නිදහස් කළාට යුරෝපා සංගමය ආණ්ඩුවට ‌හොඳ කියයි!

Next Post

අපි කාටවත් හැමදාම වැජඹෙන්න බැහැ!

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.