• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හැමෝටම එහෙම චාන්ස් ලැබෙනවා අඩුයි…! වයස කියන්නේ ඉලක්කමක් විතරයි…! ඔක්කොම බදාගෙන සාර්ථක ගමනක් යන්න බැහැ…! ඔයයි අපේ වසූදා කියලා රාධිකා මට රහසින් වගේ කිව්වා…! මීනා කුමාරි I Sri Lanka Latest News

May 9, 2026
in Heart
Reading Time: 4 mins read
A A
හැමෝටම එහෙම චාන්ස් ලැබෙනවා අඩුයි…! වයස කියන්නේ ඉලක්කමක් විතරයි…! ඔක්කොම බදාගෙන සාර්ථක ගමනක් යන්න බැහැ…! ඔයයි අපේ වසූදා කියලා රාධිකා මට රහසින් වගේ කිව්වා…! මීනා කුමාරි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ නිළි මීනා කුමාරි රංගන කලාවට පිවිසුණේ වේදිකා නාට්‍ය කලාව හරහාය. ප්‍රේක්ෂකයන් අතර ඈ කතාබහට ලක්වන්නට ගත්තේ ප්‍රවීණ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයකු වූ ආරියරත්න ඇතුගල නිර්මාණය කළ ‘තුන්බිය’ ටෙලිනාට්‍යය හරහාය. චරිතාංග දක්ෂ රංගවේදිනියක ලෙස කවුරුත් හඳුනාගත් ඇය ජනප්‍රිය තරුවක ලෙසින්ද ආලින්දයේ සිනමාව තුළ කාගේත් සිත් ඇද බැඳ තැබුවේ ‘වසූදා’ ටෙලිනාට්‍ය මාලාව හරහාය. 1989 දී රංගන කලාවට පය තැබූ මේ ප්‍රතිභාපූර්ණ හැඩකාර රංගවේදිනිය තවමත් ප්‍රේක්ෂක සිත් පිනවන අපූරුව මනරම්ය. මේ පෙළගැසෙන්නේ මීනා කුමාරි නම් වූ ඈ තම හදවත සහ සිතැඟි ‘හාට්’ විශේෂාංගය හා බෙදාහදාගත් නිමේෂයක අකුරුකරණයයි.Sri Lanka Latest News

ඉතින් කියමු අපට කොහොමද මේ දවස්වල තොරතුරු?
වරදක් නැහැ. මම සුවෙන් සතුටෙන් කාලය ගෙවනවා.
පසුගිය කාලවකවානුව තුළ ඔබ බොහෝ කාර්යබහුලව හිටපු බව ආරංචියි?
ඔව්. චිත්‍රපට කිහිපයකම වැඩකටයුතු නිසා ටිකක් බිසී වෙලා හිටියා. ඒ අතර දිගින් දිගටම ‘කළු අහස’ සහ ‘ඔබ එන්න ඇවිත් යන්න’ ටෙලිඩ්‍රාමාවල ෂූටින් වැටුණා. ඒ අතර තවත් අලුත් ටෙලියක වැඩකටයුතු ආරම්භ වුණා. තවම එහි නම මොකක්දැයි සඳහන්ව නැහැ.
ඉන්දියානු චිත්‍රපටයකටද ඔබට ඇරයුම් ලැබී තියෙනවා?
එහි වැඩකටයුතු ආරම්භ වුණා. උතුරු ඉන්දියානු කලා ශිල්පීන් රැසක් ඊට එක්ව සිටිනවා. වැඩිදුර තොරතුරු පැවසීම මඳකට කල් තබන්නේ නම් හොඳයි කියා සිතනවා.
හොඳයි, එහෙම නම් අපි මඳක් මෑත අතීතයට ගිහින් එමු. ඔබ රංගන කලාවට ඇවිදින් දැන් අවුරුදු 36ක්?
ඇත්තටම ඒ තරම් කාලයක් ගෙවී ගියාදැයි හිතාගන්නත් බැරි තරමයි.
ඔබ දිහා බැලුවාම වුණත් එහෙම හිතන්න අමාරුයි. මොකද ඔබ තවමත් තරුණයි. හැඩයි?
වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියනවනේ. ඇත්තටම එහෙම හිතනකොට අපි වයසට යනවා අඩුයි තමයි.
අපි යමු 1990 අවුරුද්දේ වේදිකාවට. ඔබ රංගනය සඳහා පියවර තැබුවේ එතැනින්?
ඊට කලින් මම ඔබව එක්කගෙන යනවා විශාකා විද්‍යාලයේ පාසල් වේදිකාව මතට. හරියටම කියනවා නම් මම රංගනයට අත්පොත තැබුවේ එතැනිනුයි. අවුරුද්ද නම් හරියටම මතක නැහැ වගේ. විශාකා විදුහල විසින් සංවිධාන කරපු නාට්‍ය උළෙලක හොඳම නිළිය ලෙස මම අභිෂේක ලබනවා. ඒ නාට්‍යයේ නම ‘මුතු ඇටය’. එය නිර්මාණය කරන්නේ ආචාර්ය තිස්ස කාරියවසම් විසිනුයි. එහි හොඳම නිළිය වුණු නිමේෂය හරහා මට යෞවන නාට්‍ය උළෙල වෙනුවෙන් ප්‍රවීණ නිර්මාණකරු උපාලි ගම්ලත් විසින් නිර්මාණය කරපු ‘අපරාජිතයෝ’ නාට්‍යයේ රඟපාන්න වරම් ලැබෙනවා. එම නාට්‍ය උළෙලේදීද මම සම්මානයට පාත්‍ර වන බව මෙහිදී සතුටින් මතක් කරනවා. එතැනදී නාට්‍ය උළෙල විනිශ්චය කරන්න පැමිණ සිටි ප්‍රවීණතම සහ සම්මානනීය කලා ශිල්පීන් පිරිසක්ම මුණගැසීමේ වාසනාව මට උදා වෙනවා. ඒ අතර සුගතපාල ද සිල්වා, රංජිත් ධර්මකීර්ති, සුනන්ද මහේන්ද්‍ර, ප්‍රේමසිරි කේමදාස යන මහත්වරුන්ගේ නම් මට හොඳින් මතකයේ තියෙනවා. ඔවුන් හා කතාකිරීමේ භාග්‍යය තුළ කාලය ගෙවන විට ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරු සුගතපාල ද සිල්වා විසින් නිර්මාණය කරන අලුත්ම වේදිකා නාට්‍යයේ රඟන්න මට අනගි වරමක් ලැබෙනවා. නාට්‍යයේ නම ‘ශාන්තුවර සෙබළාණෝ’. එය වේදිකාගත වූයේ 1989 – 90වගේ කාලපරාසයකයි.

ශාන්තුවර සෙබළාණෝ ඔබට තවත් වේදිකා නාට්‍ය පෙළකට දොරගුළු විවර කර දෙනවා?
හරියටම හරි. ශාන්තුවර සෙබළාණෝ නාට්‍යය වේදිකාගත වන්නට ගත් මුල් කාලයේමයි මට ඒ ආරාධනාවන් එන්නේ. ඉතාම සතුටින් මම වේදිකාව තුළ ‘මීනා කුමාරි’ යන ප්‍රතිරූපය ගොඩනගනවා.
ටෙලි කලාවට රූපවාහිනී තිරය විවර වෙන්නේ ඒ ප්‍රතිරූපය මැද?
ඒ ආරාධනාව එන්නෙත් එසේ මෙසේ අයකුගෙන් නෙවෙයි. ඔහු ආචාර්ය ආරියරත්න දොඹගහවත්ත. ටෙලිනාට්‍යය ‘තුන්බිය’. ඉතාම කාලෝචිත, කා අතරත් කතාබහට ලක්වූ ඒ ටෙලි කතාව තුළදී බොහෝ සම්මානනීය ප්‍රවීණයන් මම හමුවෙනවා. ජෝ අබේවික්‍රම, මහේන්ද්‍ර පෙරේරා, පද්මිණී දිවිතුරුගම, වසන්ත විට්ටච්චි යන ශිල්පීන් රැසක් සමග මගේ පළමු ටෙලිය විකාශය වෙනවා. එය බොහෝ විචාරකයන් අතර කතාබහට ලක්වූ ටෙලියක් වුණා.
ප්‍රවීණයන් සමග ආරම්භයේදීම හොඳ නිර්මාණවලට දායක වීමේ වරම ඔබට ලැබුණා?
ඒක වාසනාවක් මම හිතන්නේ. අහංකාරකමකට කියනවා නෙවෙයි. හැමෝටම එහෙම චාන්ස් ලැබෙනවා අඩුයි. තුන්බිය ටෙලියෙන් පසුව තවත් ප්‍රවීණ නාට්‍යකරුවකු වන පරාක්‍රම නිරිඇල්ල මහතාගේ සුහද ආරාධනාවක් එනවා තවත් ටෙලියකට. එහි නම ‘මිහිමඬල ගිනිවදී’ යනුවෙන් නම්කොට තිබුණා. එහි මගේ මව ලෙස රඟපෑවේ සම්මානනීය ප්‍රවීණ නිළි චාන්දනී සෙනෙවිරත්නයි. හැම නිර්මාණයක් හරහාම මා ලද ප්‍රවීණයන්ගේ ඇසුර හරහා මා ඉගෙනගත් දේ බොහොම තිබුණා.
ජනප්‍රිය තරුවක් ලෙස ඔබ ප්‍රේක්ෂක සිත් අතර නමක් තිබ්බේ ‘වසූදා’ ටෙලිය හරහායි?
එය ඉන්දියානු නිර්මාණයක්. ජනප්‍රිය දකුණු ඉන්දියානු තරුවක වූ රාධිකා සමග තවත් දමිළ කලා ශිල්පීන් රැසක් ‘වසූදා’ ටෙලියට අවැසි නළු නිළියන් තෝරන්න ලංකාවට ආවා. මමත් ඊට සහභාගි වුණා. මා සමග තවත් ප්‍රවීණ ටෙලිනාට්‍ය නළු නිළියන්ද එයට සහභාගිව සිටියා.
‘වසූදා’ චරිතය හරහා රාධිකා තෝරාගත්තේ ඔබවයි?
මුල පටන්ම රාධිකා මට මනාපයක් දැක්වූවා. මට තමයි වසූදාට ගැළපෙන හොඳම ස්වරූපය තියෙන්නේ කියන මතය තුළ ඈ එදා තදින් හිටියා. අනෙක් දකුණු ඉන්දියානු කණ්ඩායමේ අනෙක් ශිල්පීන් වෙනත් කලාකාරියන් ගැන තවදුරටත් විමසිලිමත් වෙද්දී රාධිකා ඇගේ තේරීම අවසන් කොට තිබුණා. ‘ඔයයි අපේ වසූදා’ කියා ඈ මා වෙත පැමිණ රහසින් වගේ කිව්වා. ඒ මොහොතේ මට හිතාගන්න බැරි තරම් පුදුමයක් සහ ආශ්වාදයක් සිතට දැනුණා. ඈ කිව්වා වාගෙම වසූදා චරිතය මට ලැබුණා.
ඔබව වසූදාට තෝරන්න රාධිකා ගත් හිතුවක්කාර තීන්දුව වෙනුවෙන් ඔබ සාධාරණය ඉටු කළා?
‘වසූදා’ නැරඹූ කවුරුත් එය හොඳින් දන්නවා. මම මගේ උපරිමය වසූදා වෙනුවෙන් තිළිණ දුන්නා. ශ්‍රී ලාංකේය රසිකයන් ඒ වටා රොද බැඳගත්තා. වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ ටෙලිනාට්‍යය ලෙස එය වාර්තාගත වුණා.
ඒ විතරක් නෙවෙයි වසූදා විදියට සාරිය අඳින්න, කොණ්ඩ බඳින්න, කණ්ණාඩිය දෙපැත්තෙන් චේන් එක දාන්න සහ වසූදා විදියට කතා කරන්න ඒ විදියට අඳින්න පවා බොහෝ කාන්තාවන් පුරුදු වුණා. වසූදා විකාශය වෙන කාලය පුරා මට මගතොටක යන්න බැරිවන තරමට ප්‍රේක්ෂකයන් මාව වටකර ගන්න පුරුදු වුණා.
වසූදා නිසා ඔබව අම්මලාගේ චරිතවලට කොටුවීම ගැන හිතට දුකක් නැද්ද?
එහෙම දුකක් නම් නැහැ. හැබැයි මාව වයසට යන්න කලින්ම අම්මලාගේ චරිතවලට කොටු වුණේ නම් වසූදා නිසා තමයි.
ඉතාම තාත්වික හැඟීම්බරව අම්මලාගේ චරිත රංගනය තුළ නියැළුණත් ඊට නිසි ඇගයීමක් ඔබට ලැබුණේ නැහැ?
එබ ඔය කියන්නේ සම්මානයක් නොලැබුණු හිස්කම සහ අඩුපාඩුව ගැනයි. ඔව්. ඔබ කිව්වා හරියටම හරි. හැම සම්මාන උළෙලකදීම පාහේ එම චරිත නිරූපණයන් නොමිනේට් වෙනවා. හැබැයි සම්මානයට පාත්‍ර වෙන්නේ නැහැ. ඔබ විතරක් නෙවෙයි මාධ්‍ය කතිකාවන්ට එන හැමෝම මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. මගේ සහෝදර කලා ශිල්පීන්ද ඒ ගැන විමසනවා. නමුත් ඊට දෙන්න උත්තර නැහැ. දිය යුතු උත්තරය මොකක්දැයි දන්නෙත් නැහැ ඇත්තටම.
අපි ආයෙම වේදිකාව මතට යමු. ටෙලි නිළියක ලෙස සාර්ථක වුණු තැනදී ඔබට ට්‍රෝජන් කාන්තාවෝ සඳහා ආරාධනා ලැබෙනවා?
ප්‍රවීණ සම්මානනීය කලා ශිල්පී ධර්මසිරි බණ්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවෝ කියන්නේ මගේ කලා ජීවිතයේ සහ වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂම සංධිස්ථානයක්. ඉතා විශිෂ්ට දැවැන්ත නිර්මාණයක් වූ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ නිර්මාණ පසුබිමේ කලා ශිල්පිනියක ලෙස අත්විඳිය යුතු බොහෝ භාග්‍යයන් මා අත්වින්දා. විශේෂයෙන්ම අනෝජා වීරසිංහ වැනි ප්‍රවීණ කලාකාරියක සමග සමීපව කටයුතු කරනවා කියන්නේ අත්දැකීම් සම්භාරයක කිමිදීමයි. එහි මම රඟපෑවේ ඇගේ දියණිය කැසෙන්ඩ්‍රා ලෙසයි. කෙසේවත් අමතක කරන්න බැරි අද්විතීය නිර්මාණයක් එය.
‘ට්‍රෝජන් කාන්තාවෝ’ නිසා ඔබට තව බොහෝ උසස් නිර්මාණයන්ට දායක වීමේ අවස්ථාව අහිමි වෙනවා?
ඔව්. එය විශේෂයෙන් සිදුවන්නේ වේදිකා නාට්‍ය නිර්මාණ හරහායි. ප්‍රවීණතම සම්මානනීය කලා ශිල්පියකු වූ ජයලත් මනෝරත්නයන්ගේ අපූර්වතම වේදිකා නාට්‍යයක් සඳහා කළ ආරාධනය මගහැරෙනවා. ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයද ඒ අතර එකක්. හැබැයි ඒ සඳහා ඉතා අපූරු රංගනයක යෙදෙන මාධනී මල්වත්ත කියන ප්‍රවීණ ශිල්පිනියව දකින විට ඇය තමයි ඊට සුදුසුම කියා මට අද හිතෙනවා.
‘ට්‍රෝජන් කාන්තාවෝ’ නිසා ඒ අපූර්වතම නිර්මාණයන් අතහැරගත් හේතුව?
‘ට්‍රෝජන් කාන්තාවෝ’ සඳහා ලැබුණු ප්‍රතිචාරය ඉතා ඉහළයි. දර්ශන වාරවල සිමාවක් නැති වුණා. අනෙක ටෙලිවල රඟපානවා වගේ නෙවෙයි වේදිකාවෙදි තව තව නිර්මාණයන් සඳහා කාලය වෙන්කිරීම හරිම අපහසුයි. අනෙක භාරගන්නා නිර්මාණයට උපරිම සාධාරණය සහ කැපවීම කළ යුතුය යන හැඟීම තුළ ඉන්න අයෙකුට නිර්මාණ මහ ගොඩක් බදාගෙන සාර්ථක ගමනක් යන්න බැහැ. විශේෂයෙන් වේදිකා නාට්‍ය කලාව තුළ එවැන්නක් බොහොම අපහසුයි. කොහොමත් මොන තරම් උසස් නිර්මාණ මගහැරී ගියත් ‘ට්‍රෝජන් කාන්තාවෝ’ සමග රට පුරා මෙන්ම ලෝකෙ පුරා ගිය ඒ අද්විතීය සංචාරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායකයන් අසනීප වීමත් සමග එහෙව් දැවැන්ත නිර්මාණයක් හිටි අඩියේ නතර වීම ගැනද ඇත්තේ විශාල දුකක්. දුකකටත් වැඩිය බොහෝ දෙනකුට මෙහෙයවන්නට නොහැකි ඒ සුවිශේෂ නිර්මාණය වේදිකා නාට්‍ය කලාවට අහිමි වී යෑමද විශාල පාඩුවක් බව මෙහිදී නොකියාම බැහැ.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

රස්නෙ ඉවරයි… වහින්න පටන් අරන්! Sri Lanka Latest News

Next Post

මාලිමාව ගෝල්ෆේස් අරගලකරුවොත් රවට්ටලා! අරගලකරුවෝ යළිත් ගෝල්ෆේස් පිටියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.