පහළ වායු ගෝලයේ පවතින කැලඹිලිසහගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Sri Lanka Latest News
මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත්, මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.
මෙයට අමතරව නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලට උදෑසන කාලවල වැසි ඇතිවිය හැකි බවද වැසි වසින අවස්ථාවල ගිගුරුම් සහිත තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
නන්දන ශ්‍රී දොරකුඹුර










