• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බිම පෙරළි පෙරළි අධ්‍යක්ෂගෙන් ගුටි කකා කරපු වැඩක්…! ඒ පැය එකහමාර මගේ මුළු ජීවිතේම වෙනස් කළා..! හිටියේ පොඩි කොටසක වුණාට මතක හිටින වැඩක් කළා කියලා ගොඩදෙනෙක් කියනවා… I ආශා දිල්රුක්ෂි I Sri Lanka Latest News

February 21, 2026
in Heart
Reading Time: 3 mins read
A A
බිම පෙරළි පෙරළි අධ්‍යක්ෂගෙන් ගුටි කකා කරපු වැඩක්…! ඒ පැය එකහමාර මගේ මුළු ජීවිතේම වෙනස් කළා..! හිටියේ පොඩි කොටසක වුණාට මතක හිටින වැඩක් කළා කියලා ගොඩදෙනෙක් කියනවා… I ආශා දිල්රුක්ෂි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාසල් කාලයේදී වේදිකාවට පෙම්බැඳි ඇය, අද වනවිට පුංචි තිරය මෙන්ම සිනමාවත් තමන්ගේ රංගන ප්‍රතිභාවෙන් හැඩකරන දක්ෂ ශිල්පිනියකි. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රීය දැනුම ලබා, වෘත්තියෙන් ගුරුවරියක ලෙස සේවය කරන ඇය, කලාව සහ ජීවිතය සමබරව පවත්වාගෙන යන අපූරු චරිතයකි. මේ දිනවල තිරගත වන ‘ෆාදර්’ චිත්‍රපටයේ ඇය කළ රංගනය මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. ඇය නමින් ආශා දිල්රුක්ෂි. ඇය සමගයි ‘හාට්’ අපේ රසබර කතාබහ.Sri Lanka Latest News

ඉතින් ආශා මේ දවස්වල වැඩකටයුතු මොනවද?
පසුගිය දින කිහිපයේ කෙටි චිත්‍රපටයක් එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටියේ. මේ දවස්වල ඉස්සරහට කරන්න ඉන්න ටෙලි නිර්මාණයක පිටපතක් එක්ක කාලය ගතකරමින් ඉන්නවා.
මුළින්ම කියමු රංගනයට එන්න පාර හැදුණු විදිය ගැන?
මට රංගනයට එන්න පාර හැදෙන්නේ පාසල් කාලෙදි. හැබැයි පාසලෙන් පිටදි තමයි මට මේ අවස්ථාව ලැබෙන්නේ. ඒ දමිත් රත්නායක කියන කෙටි නාට්‍යකරුවාගේ ‘මං කොල්ලෙක්’ කියන කෙටි නාට්‍යයෙන්. ඒක මගේ පළමු රංගනය වගේම අභියෝගාත්මකම රංගනය කිව්වොත් නිවැරදියි. ‘පැමිණිල්ලක් දාමුද?’ ‘ඩොලර් හීන’ වගේ කෙටි නාට්‍යවලින් යෞවන කෙටි නාට්‍ය උළෙල සහ රාජ්‍ය නාට්‍ය උළලෙහි අවසන් වටයට එන්න පුළුවන් වුණා. යොවුන් නාට්‍ය උළෙලේ සහ හොඳම සහාය නිළියට නිර්දේශ වීම් පවා ඒවායෙන් ලැබුණා.
‘ෆාදර්’ චිත්‍රපටයේ ඔබේ රංගනය ගැනත් කතා කරමු?
චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ චිත්‍රපටය මේ වනවිට රටේ වැඩි කතාබහක් ඇතිකරන්න සමත් වුණු චිත්‍රපටය බවට පත්වෙලා තියෙනවා. චිත්‍රපටය බලපු බොහෝ දෙනා මගේ රංගනය දැකලා මාව සමාජ මාධ්‍ය ඔස්සේ හොයලා අහලා තිබුණා. සෑහෙන හොඳ ප්‍රතිචාර තවමත් ලැබෙමින් තියෙනවා. සිනමාවේ දැවැන්තයන් එක්ක කරන්න ලැබුණු පුංචිම කොටස වුණත් මතක හිටින රංගනයක් ඉදිරිපත් කළා කියලා හැමෝම මට සුබ පතනවා. මං හරිම සතුටින් ඉන්නේ. ඒ හැම ප්‍රතිචාරයකටම බොහොම ස්තුතියි. මට මේ විදිහේ ප්‍රතිචාර ලැබෙන තැනට මාව ගෙනාපු චමින්ද අයියට සහ ෆාදර් චිත්‍රපටයේ සියලු ශිල්පීන්ට ස්තුතිවන්ත වෙනවා.

ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය ගැනත් කතා කළොත්?
ටෙලි නිර්මාණ විදිහට නිමල් රත්නායකගේ ‘මැටි කඩුලු’ ටෙලිනාට්‍යයේ සජීගේ චරිතයත්, ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සසංකාරා’ ටෙලිනාට්‍යයේ ‘ශ්‍රියාණි’ ලෙසත් අසංක සායක්කාරගේ ‘ඇයි අපි සුදුද?’ ටෙලිනාට්‍යයේ ආශා ගුරුතුමිය ලෙසත් රංගනයෙන් එකතු වෙන්න ලැබුණා. ඒ නිර්මාණවලදිත් මට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.
පවුල ගැන විස්තර ටිකක් කතා කළොත්?
පවුලේ හැමෝම මට මේ නිර්මාණවල යෙදෙන්න ලොකු ශක්තියක් වෙලා ඉන්නවා. එයාලගේ සහාය නැතිනම් මට මේ කිසිදෙයක් කරන්න ලැබෙන්නේ නැති තරම්.
කැමැතියි දැනගන්න ඔබේ ජීවිතයේ ඔබට ඇති අමතක නොවන සිදුවීම් සහ සොඳුරු හමුවීම් පිළිබඳ?
අමතක නොවන සිදුවීම් විදිහට මට ලැබුණු පළමුවැනි කෙටි නාට්‍යය. මං ඒ වෙනකොට රංගනය ගැන හැදෑරීමක් කරලා තිබුණේ නෑ. අභ්‍යාසයක්වත් කරලා තිබුණේ නෑ. ආසාව නිසා භාරගත්තා. ඒ චරිතය පිරිමි ළමයෙක් විදිහට හැදුණු වැඩුණු ගැහැනු ළමයෙකුගේ චරිතයක්. අම්මාගේ කුසේ පිළිසිඳ ගැනීම ඉඳලා තරුණියක් වෙනකල් එයාට සිද්ධ වුණු සිදුවීම් තමයි රඟපාන්න තිබුණේ. දෙබස් පාඩම් වුණාට රංගය එතරම් ප්‍රමාණවත් තැනක තිබුණේ නැති නිසා අධ්‍යක්ෂට සිද්ධ වුණා මට බලෙන්ම ඒ චරිතයට පණ දෙන්න. පැය එකහමාරක් විතර බිම වැටෙමින් දඟලමින් අධ්‍යක්ෂගෙන් ගුටි කකා කරපු අභ්‍යාසයක්. ඒ පැය එකහමාර මගේ ජීවිතයම වෙනස් කළා. අද ඒ අධ්‍යක්ෂ මගේ සැමියා වෙලා ඉන්නවා. එයා තමයි මේ හැමදෙයක් පිටිපස්සෙම මට ශක්තියක් වෙලා ඉන්නේ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කියමු?
මෑතකදි කෙටි චිත්‍රපටයකට එකතු වුණා. තව ටෙලි නිර්මාණ දෙකක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. තාම ඒවායේ රූගත කිරීම් සිදුවුණේ නැහැ. ඒ තිර පිටපත් එක්ක මේ දවස්වල වැඩකරගෙන යනවා. ෆාදර් චිත්‍රපටයෙන් පස්සෙත් මාව දැකලා නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉස්සරහට ඒවා එක්කත් සම්බන්ධ වෙන්න බලාන ඉන්නවා.

හසිනි මධුමාලි

SendShareShare
Previous Post

විපක්ෂයේ අනාවැකිය හරි! ගම්පහ ලොකු ඇඟලුම් කම්හලක් වහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙල්ල වෙනුවෙන් පණ ඇරලා ඕන දෙයක් කරනවා…! එදා නම් මට හිතාගන්න බැරි වුණා…! අම්මා එක්ක රඟපාන්නේ අවුරුදු අටකින්…! තේනිය රත්නායක I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තව සති දෙක තුනකට වඩා තමන් පාර්ලිමේන්තුවේ නොසිටින බව මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.