• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ෆිල්ම් එකේ වැඩ ඉවරයි. ඒත් දැන්ම එළියට දාන්නේ නෑ…

January 31, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ෆිල්ම් එකේ වැඩ ඉවරයි. ඒත් දැන්ම එළියට දාන්නේ නෑ…
Share on WhatsAppShare on Facebook

◼️ මේ වෙලාවේ රන්ජන්ගෙන් ගොඩයන්න මම කැමැති නෑ…
◼️ විජය හිරේ ගිය වෙලාවේ සමහරු එහෙම කෙරුවා…
◼️ රන්ජන් හින්දා හතර පාරක් කල් දැම්මා.

රන්ජන් රාමනායක කියන දේශපාලනඥයාට ආදරය කරන්න කලින්ම මේ රටේ මිනිස්සු රන්ජන් කියන නළුවට ආදරය කළා. දේශපාලනික මතවාද මොන විදියේ වුණත් තවමත් රන්ජන් කියන නළුවාට ජනතාව ආදරෙයි. ඒ ආදරේට පක්ෂ පාට භේද නැහැ. රන්ජන්ගේ අලුත් චිත්‍රපටයක් එළියට එනකම් ඒ හැමදෙනාම මඟ බලා ගෙන ඉන්නේ ඒ හින්දාමයි. “ගේම්”. ඒ තමයි ඉදිරියේදී තිරගත වීමට නියමිත රන්ජන් රාමනායක රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය. ඔහු රඟපෑ චිත්‍රපට අතරින් මේ වන විට වැඩ අවසන් වෙලා තියෙන එකම චිත්‍රපටයත් ගේම් විතරයි. ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක ගේම් චිත්‍රපටයට මොන වගේ ඉරණමක් අත් වේවිද? ඒ ගැන දැන ගන්න අපි එහි අධ්‍යක්ෂ සුරංග අල්විස්ට කතා කළා.

🔴 ඇත්තටම ගේම් එකට මොකද වෙන්නේ? බොහෝ දෙනා ඒ ගැන අපෙන් අහනවා?
ලබන අප්‍රේල් 21 වැනිදා ගේම් තිරගත කරන්න තමයි දැනට බලාපොරොත්තුවෙන් ඉන්නේ.
🔴 නිශ්චිතවම ගේම් එදාට එළියට ඒවිද?
මෙහෙමයි. දැනට තියෙන සෞඛ්‍ය නීති අනුව චිත්‍රපට ශාලාවකට 25%ක ප්‍රේක්ෂක පිරිසක් විතරයි ඇතුල් කරන්න පුළුවන්. ඒත් ඒ ප්‍රමාණය 50% දක්වා වැඩි කර දෙන්න කියලා අපි අදාළ අංශවලින් ඉල්ලීම් කරලා තියෙන්නේ. ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබේවි කියලා අපි හිතනවා. හැබැයි ගේම් එළියට එන්නේ එහෙම වුණොත් විතරයි. 25%ක් විතරක් ඇතුල් කරන තත්ත්වයක චිත්‍රපටය එළියට දාන්න අපි සූදානම් නැහැ.
🔴 හැබැයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පසුගිය දවස්වල ඇති වුණු තත්ත්වයත් එක්ක ගේම් එළියට දාන්න හොඳම වෙලාව මේකයි කියලයි බොහෝ අය කියන්නේ?
විජය කුමාරණතුංගයන් සිරගත වුණු අවස්ථාවෙත් ඔහොම දෙයක් වුණා. ඒ වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන ගත්ත අධ්‍යක්ෂවරුත් හිටියා. ඒත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මම කැමැති නැහැ. මේ වෙලාවේ රන්ජන් අයිය ගැන ජනතාවට ඇති වෙලා තියෙන ආදරයෙන් අයුතු ප්‍රයෝජන ගන්න මම කැමැති නැහැ. මගේ පළමු චිත්‍රපටයෙත් රඟපෑවේ රන්ජන් අයියා. මගේ අන්තිම චිත්‍රපටය ගේම් වුණොත් ඒකෙත් රඟපාන්නේ රන්ජන් අයියා. ඒ හින්දා හැමෝම කියන විදියට උණු උණුවේම මේ වෙලාවේ මේක එළියට දැම්මොත් ඒක අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් කියලයි මට හිතෙන්නේ. එහෙම කරන්න මම කැමැති නැහැ. කොටින්ම රන්ජන් අයියා සිරගත වුණු එක චිත්‍රපටයේ ප්‍රචාරණය සඳහා යොදා ගන්න මට ඕනෑ නැහැ.
🔴 චිත්‍රපටයේ ප්‍රධාන නළුවා නොමැති වීම අධ්‍යක්ෂවරයා විදියට ඔබට බලපාන්නේ මොන විදියටද?
ඇත්තටම මගේ හැම චිත්‍රපටයකම සමාරම්භක උළෙල ඉතාම උත්සවාකාරයෙන් කෙරුවා. ඒත් රන්ජන් අයියා නැතිව මොන උත්සවද. ඒ හින්දා වෙනදා තරම් ලොකුවට සමාරම්භක උළෙලක් කරන්න නම් මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒක ලොකු වෙනසක් වේවි.
🔴 ගේම් චිත්‍රපටයේ වැඩ අවසන් වුණේ කවදද?
ගිය අවුරුද්දේ මැයි මාසේ විතර තමයි වැඩ ඉවර වුණේ.
🔴 රන්ජන් රාමනායක හින්දා චිත්‍රපටයේ රූගත කිරීම් දිනෙන් දින කල් දාන්න වුණා කියලත් දැන ගන්න ලැබුණා?
2019 සැප්තැම්බර් මාසේ තමයි අපි චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ. ඊට පස්සේ ජනාධිපතිවරණය ආවා. රන්ජන් අයියා කාර්යබහුල වුණා. ඒ හින්දා පොඩ්ඩක් කල් දාන්න වුණා. ඊට පස්සේ රන්ජන් අයියට සාමාන්‍ය පෙළ ලියන්න ආයෙත් කල් දැම්මා. ඊළඟට මහ මැතිවරණයට දින නියම වුණා. ඒ හින්දත් ටික දවසක් චිත්‍රපටයේ වැඩ නතර වුණා. අන්තිමට රන්ජන් අයියා දවස් 41කට බන්ධනාගාර ගත වෙද්දිත් චිත්‍රපටයේ වැඩ ඉවර වෙලා තිබුණේ නැහැ. එයාට ඇප ලැබිලා ආවට පස්සේ තමයි වැඩ ඉවර කළේ.
🔴 කොහොමද චිත්‍රපටයට දැනට ලැබෙන ප්‍රතිචාර?
ඉතාම හොඳ ප්‍රතිචාර දැනටම ලැබෙනවා. ඒ වගේම තව එකක්. චිත්‍රපටය මොකක්ද කියලා දන්නේවත් නැතිව සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රහාර එල්ල කරන පිරිසක් ඉන්නවා. මේක අරකේ කොපියක් මේකේ කොපියක් කියලා ඒ අය නිකම් බොරුවට කෑ ගහනවා. මම නම් ඒවා ගනන් ගන්නේ නැහැ. චිත්‍රපටය එළියට ආවට පස්සේ ඒක බලලා ඒ විවේචන කරනවා නම් හොඳයි කියන එක ඒ අයට කියන්න ඕනෑ. චිත්‍රපටය බලපු කෙනෙක් කරන ඕනෑම විවේචනයක් මම ඉතාම සතුටින් බාර ගන්නවා.

SendShareShare
Previous Post

ඇයි කොරෝනා වැඩිවෙන්නේ: අහන්නකො ඇමැතිතුමියගෙන්

Next Post

පානදුර ඝාතනයේ මහමොළකරු ප්‍රබල දේශපාලකයකුට ඇමතුම් රැසක් දීලා EXCLUSIVE

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.