කොවිඩ් වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමට එක් හේතුවක් වී ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණවලින් පසුව ආසාදිත බව තහවුරු වූ පුද්ගලයින් ඇසුරු කළ අය පිළිබඳව තොරතුරු සැඟවීම යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ්-19 වැලැක්වීම පිළිබඳ රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවැනි අන්දමට තොරතුරු වසන් කරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන නීති-රීති යටතේ පියවර ගැනීමට කටයුතු කරන බවය.
ප්‍රේමලාල් විජේරත්න










