• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හොරකම් කළේ ජීවත් වෙන්න; දැන් ගෙදරකට වද්දගන්නෙ නැහැ

January 10, 2021
in Heart
Reading Time: 2 mins read
A A
හොරකම් කළේ ජීවත් වෙන්න; දැන් ගෙදරකට වද්දගන්නෙ නැහැ
Share on WhatsAppShare on Facebook

⬤ අන්තිමට ගුරු පත්වීමක් ලැබුණා…

⬤ දැන් රස්සාව කරන් ඉන්නවා…

‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍ය හරහා ‘සුරංගි’ චරිතයට පණපොවමින් ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වුණු මධුෂාණි වර්ණකුලසූරිය පසුකාලීනව ‘Can you hear me’ ටෙලිනාට්‍යයේ ‘සුමාලි’ බවට පත්වුණා. ඉතින් නව වසරේ පටන්ගැන්මත් එක්ක ඇයට ගුරු පත්වීමක් ලැබුණා. ඒ පත්වීමත් එක්ක ඉදිරියේදී කලාවට මොන වගේ දායකත්වයක් ලබා දෙයිද කියලා දැනගැනීමට ඇයට අප කතා කළා.

🔴 මධුෂාණිට නව වසරේ අලුත් පත්වීමක් ලැබුණා?
සති කිහිපයකට කලින් උපාධිධාරීන්ට ගුරුපත්වීම් මේ රජයෙන් ලබා දුන්නා. ඉතින් මටත් ගුරු පත්වීමක් ලැබුණා. ඒ රැකියාවට මූලික වෙලා වැඩ කරන්න තමයි බලාපොරොත්තුව.
🔴 දැන් ඔබ ගුරුවරියක් නිසා චරිත තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි නේද?
මම තවම ටෙලිනාට්‍ය දෙකක විතරයි රඟපෑවේ. මම ඉතින් කොහොමත් තෝරා බේරාගෙන වෙනස් චරිත තමයි නිරූපණය කළේ. මම රඟපාපු ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ ‘සුරංගි’ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් ‘ක්‍්බ හදම යැ්ර පැ’ ටෙලිනාට්‍යයේ චරිතය.
🔴 ගුරු වෘත්තිය නිසා රඟපෑමෙන් ඈත්වෙයිද?
රාජකාරියට බාධාවක් නොවන ලෙසට හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙයි. නමුත් ප්‍රධාන වශයෙන් මට මූලික වෙන්නේ මගේ රැකියාව.
🔴 ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ ‘සුරංගි’ චරිතය ඇගැයීමට එක්වුණා නේද?
‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළෙ ‘සුරංගි’ගෙ චරිතය. ඒ තුළින් ගොඩදෙනෙක්ගේ කතාබහට මම ලක්වුණා. නැඟී එන නිළිය නිර්දේශ නාම අතරට මාවත් පත්වුණා. සම්මාන නොලැබුණත් කලා ක්‍ෂේත්‍රයේ තිබෙන තරගකාරිත්වයත් එක්ක ඒ තැනට හරි මට එන්න ලැබීම හදවතින්ම සතුටු වෙනවා.
🔴 පසුගිය කාලවකවානුවේ හැටන් නගරයේ හතිදාගෙන දුවපු කාලයක් තිබුණා නේද?
අම්මේ ඒ දවස් ටිකනම් එපාම වුණා. දවසක් මම හැටන් ටවුමේ දුවන ජවනිකාවක් දවසම රූගත කිරීම් කළා. එදානම් හොඳටම හෙම්බත් වුණා. වැටි වැටී දුවන කොට ඒ අවට හිටිය ජනතාව හිටියේ මට කරදරයක් කියලා. හැමෝම අහන්න ගත්තා මොකක්ද ප්‍රශ්නය කියලා.
‘සුරංගි’ චරිතයට තරම් ‘ක්‍්බ හදම යැ්ර පැ’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ ‘සුමාලි’ 🔴චරිතයට හොඳ නම් අහන්න ලැබුණේ නැහැ නේද?
සුරංගිට තරම් ගොඩදෙනෙක් ‘සුමාලි’ට ආදරය කළේ නැහැ. ප්‍රතිචාරනම් අඩුවක් නැහැ. නමුත් හැමෝගෙන්ම දෝෂාරෝපණය එනවා. ‘සුමාලි’ හොරකම් කරන නිසා ගෙදරකට වද්දගන්නවත් බැහැ කියලා සමහරු පවසනවා.
🔴 හැබැයි ඉතින් ආදරය දිනාගැනීමට උත්සාහ කළාට හොරකම් එතරම් සුදුසු නැහැ නේද?
ආදරය වෙනුවෙන්ම මම හොරකම් කළා නෙවේ. ජීවත් වීම සඳහා හොරකම්, දඩබ්බරකම් ඒ අතර කපටිකමත් කළා. මම ඒ කරපු හොරකම්වලටත් ප්‍රේක්‍ෂකයන් කැමැති නැහැ. චරිතය නිසා මට ඒ දේවල් කරන්න සිදුවෙනවා.
🔴 එකම අධ්‍යක්‍ෂවරයකු යටතේ වැඩකිරීමට විශේෂ හේතුවක් ඇති?
එහෙම විශේෂ හේතුවක් නැහැ. හැබැයි සුනිල් කොස්තාගේ නිර්මාණ කෞෂල්‍යයට මම ලොකු කැමැත්තක් දක්වනවා. අනෙක එතුමා තමයි මාව මේ ක්‍ෂේත්‍රයට ගෙනාවේ. ඒ ගෞරවය හැමදාමත් තිබෙනවා. විවිධ නිර්මාණකරුවන්ගේ විවිධ නිර්මාණ කරන්න මම කැමැතියි. හැබැයි මෙගා ටෙලිනාට්‍ය හැර.
🔴 රංගන ශිල්පිනියක් වීමට ඔබ හිතන විදියට රූපය අත්‍යවශ්‍යමද?
රූපය අත්‍යවශ්‍යම කියලා මම කියන්නේ නැහැ. එයට වඩා කැපවීම, උනන්දුව තිබිය යුතුයි. ඒ වගේම මේ ක්‍ෂේත්‍රය පිළිබඳව හැදෑරීමක් අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි. චරිතයට ගැළපෙන විදියට රූපය හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
🔴 ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිසා ඔබටත් ආදරය ගලාගෙන එනවා ඇති?
වයස් භේදයකින් තොරව ජනතාවගේ ආදරය, ගෞරවය මටත් හිමිවෙනවා. එය ලබන්නත් පෙර පිනක් තිබිය යුතුයි කියලා තමයි මම හිතන්නේ.
🔴 ඔබට ආදරය කියන සිතුවිල්ල දැනෙන්නේ කොයි විදියටද?
දෙන්නා අතර අවබෝධය වගේම තේරුම් ගැනීමත් එක්ක ඒ තුළ තමයි ආදරය විඳින්න පුළුවන් කියලා මම හිතන්නේ. ආදරය සියලුමදෙනාට පොදු දෙයක්. ඒ බැඳීම තුළ දුක, සැප, සතුට සමසේ විඳින්න ලැබෙනවා.
🔴 මවකගේ ආදරය නැති අඩුව ඔබට දැනෙන්නේ කොහොමද?
අම්මා නැති අඩුව මට තදින්ම දැනෙනවා. හැබැයි ඒ ආදරය මගේ තාත්තගෙන්, අයියාගෙන් ලැබෙනවා. එය මට මහාමෙරක් වගේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මුල්ලිවයික්කාල් යුද සැමරුම ඩෝසර් කළාට අද උතුරු නැගෙනහිර හර්තාල්

Next Post

ජනපති ආණ්ඩු පක්ෂ රැස්වීමට ආවේ නැත්තේ ඇයි: සජිත්ගේ පක්ෂය ඇතුළෙත් ප්‍රශ්නයක් (රාජ්‍ය රහස්)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.