⬤ අන්තිමට ගුරු පත්වීමක් ලැබුණා…
⬤ දැන් රස්සාව කරන් ඉන්නවා…
‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍ය හරහා ‘සුරංගි’ චරිතයට පණපොවමින් ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වුණු මධුෂාණි වර්ණකුලසූරිය පසුකාලීනව ‘Can you hear me’ ටෙලිනාට්‍යයේ ‘සුමාලි’ බවට පත්වුණා. ඉතින් නව වසරේ පටන්ගැන්මත් එක්ක ඇයට ගුරු පත්වීමක් ලැබුණා. ඒ පත්වීමත් එක්ක ඉදිරියේදී කලාවට මොන වගේ දායකත්වයක් ලබා දෙයිද කියලා දැනගැනීමට ඇයට අප කතා කළා.
🔴 මධුෂාණිට නව වසරේ අලුත් පත්වීමක් ලැබුණා?
සති කිහිපයකට කලින් උපාධිධාරීන්ට ගුරුපත්වීම් මේ රජයෙන් ලබා දුන්නා. ඉතින් මටත් ගුරු පත්වීමක් ලැබුණා. ඒ රැකියාවට මූලික වෙලා වැඩ කරන්න තමයි බලාපොරොත්තුව.
🔴 දැන් ඔබ ගුරුවරියක් නිසා චරිත තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි නේද?
මම තවම ටෙලිනාට්‍ය දෙකක විතරයි රඟපෑවේ. මම ඉතින් කොහොමත් තෝරා බේරාගෙන වෙනස් චරිත තමයි නිරූපණය කළේ. මම රඟපාපු ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ ‘සුරංගි’ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් ‘ක්‍්බ හදම යැ්ර පැ’ ටෙලිනාට්‍යයේ චරිතය.
🔴 ගුරු වෘත්තිය නිසා රඟපෑමෙන් ඈත්වෙයිද?
රාජකාරියට බාධාවක් නොවන ලෙසට හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙයි. නමුත් ප්‍රධාන වශයෙන් මට මූලික වෙන්නේ මගේ රැකියාව.
🔴 ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ ‘සුරංගි’ චරිතය ඇගැයීමට එක්වුණා නේද?
‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළෙ ‘සුරංගි’ගෙ චරිතය. ඒ තුළින් ගොඩදෙනෙක්ගේ කතාබහට මම ලක්වුණා. නැඟී එන නිළිය නිර්දේශ නාම අතරට මාවත් පත්වුණා. සම්මාන නොලැබුණත් කලා ක්‍ෂේත්‍රයේ තිබෙන තරගකාරිත්වයත් එක්ක ඒ තැනට හරි මට එන්න ලැබීම හදවතින්ම සතුටු වෙනවා.
🔴 පසුගිය කාලවකවානුවේ හැටන් නගරයේ හතිදාගෙන දුවපු කාලයක් තිබුණා නේද?
අම්මේ ඒ දවස් ටිකනම් එපාම වුණා. දවසක් මම හැටන් ටවුමේ දුවන ජවනිකාවක් දවසම රූගත කිරීම් කළා. එදානම් හොඳටම හෙම්බත් වුණා. වැටි වැටී දුවන කොට ඒ අවට හිටිය ජනතාව හිටියේ මට කරදරයක් කියලා. හැමෝම අහන්න ගත්තා මොකක්ද ප්‍රශ්නය කියලා.
‘සුරංගි’ චරිතයට තරම් ‘ක්‍්බ හදම යැ්ර පැ’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කළ ‘සුමාලි’ 🔴චරිතයට හොඳ නම් අහන්න ලැබුණේ නැහැ නේද?
සුරංගිට තරම් ගොඩදෙනෙක් ‘සුමාලි’ට ආදරය කළේ නැහැ. ප්‍රතිචාරනම් අඩුවක් නැහැ. නමුත් හැමෝගෙන්ම දෝෂාරෝපණය එනවා. ‘සුමාලි’ හොරකම් කරන නිසා ගෙදරකට වද්දගන්නවත් බැහැ කියලා සමහරු පවසනවා.
🔴 හැබැයි ඉතින් ආදරය දිනාගැනීමට උත්සාහ කළාට හොරකම් එතරම් සුදුසු නැහැ නේද?
ආදරය වෙනුවෙන්ම මම හොරකම් කළා නෙවේ. ජීවත් වීම සඳහා හොරකම්, දඩබ්බරකම් ඒ අතර කපටිකමත් කළා. මම ඒ කරපු හොරකම්වලටත් ප්‍රේක්‍ෂකයන් කැමැති නැහැ. චරිතය නිසා මට ඒ දේවල් කරන්න සිදුවෙනවා.
🔴 එකම අධ්‍යක්‍ෂවරයකු යටතේ වැඩකිරීමට විශේෂ හේතුවක් ඇති?
එහෙම විශේෂ හේතුවක් නැහැ. හැබැයි සුනිල් කොස්තාගේ නිර්මාණ කෞෂල්‍යයට මම ලොකු කැමැත්තක් දක්වනවා. අනෙක එතුමා තමයි මාව මේ ක්‍ෂේත්‍රයට ගෙනාවේ. ඒ ගෞරවය හැමදාමත් තිබෙනවා. විවිධ නිර්මාණකරුවන්ගේ විවිධ නිර්මාණ කරන්න මම කැමැතියි. හැබැයි මෙගා ටෙලිනාට්‍ය හැර.
🔴 රංගන ශිල්පිනියක් වීමට ඔබ හිතන විදියට රූපය අත්‍යවශ්‍යමද?
රූපය අත්‍යවශ්‍යම කියලා මම කියන්නේ නැහැ. එයට වඩා කැපවීම, උනන්දුව තිබිය යුතුයි. ඒ වගේම මේ ක්‍ෂේත්‍රය පිළිබඳව හැදෑරීමක් අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි. චරිතයට ගැළපෙන විදියට රූපය හදාගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
🔴 ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිසා ඔබටත් ආදරය ගලාගෙන එනවා ඇති?
වයස් භේදයකින් තොරව ජනතාවගේ ආදරය, ගෞරවය මටත් හිමිවෙනවා. එය ලබන්නත් පෙර පිනක් තිබිය යුතුයි කියලා තමයි මම හිතන්නේ.
🔴 ඔබට ආදරය කියන සිතුවිල්ල දැනෙන්නේ කොයි විදියටද?
දෙන්නා අතර අවබෝධය වගේම තේරුම් ගැනීමත් එක්ක ඒ තුළ තමයි ආදරය විඳින්න පුළුවන් කියලා මම හිතන්නේ. ආදරය සියලුමදෙනාට පොදු දෙයක්. ඒ බැඳීම තුළ දුක, සැප, සතුට සමසේ විඳින්න ලැබෙනවා.
🔴 මවකගේ ආදරය නැති අඩුව ඔබට දැනෙන්නේ කොහොමද?
අම්මා නැති අඩුව මට තදින්ම දැනෙනවා. හැබැයි ඒ ආදරය මගේ තාත්තගෙන්, අයියාගෙන් ලැබෙනවා. එය මට මහාමෙරක් වගේ.
වසන්ත විතාරණගේ