• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හොඳට කාලා ඇඟ හදන් සුපිරි ගේමක් දෙන්න පුළුවන් පට්ට කැරැක්ටර් තමයි ලැබුණේ…! වර්දරාජා පෙරුමාල්ව මම දැකලවත් නැහැ…! දෙමළ පුළුවන් වුණාට මේ දෙමළ අමාරුයි…! ජගත් ගලප්පත්ති I Sri Lanka Latest News

January 10, 2026
in Heart
Reading Time: 3 mins read
A A
හොඳට කාලා ඇඟ හදන් සුපිරි ගේමක් දෙන්න පුළුවන් පට්ට කැරැක්ටර් තමයි ලැබුණේ…! වර්දරාජා පෙරුමාල්ව මම දැකලවත් නැහැ…! දෙමළ පුළුවන් වුණාට මේ දෙමළ අමාරුයි…! ජගත් ගලප්පත්ති I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මනුෂ්‍යත්වය හා මිත්‍රත්වය පෙරදැරිව බිහිසුණු යුද්ධයේ තවත් එක් නොමියෙන මතකයක් තුළින් නලින් රාජපක්ෂ විසින් නිර්මාණය කළ ‘සයනයිඩ්’ චිත්‍රපටය මෙරට පැවැති යුද සමයේදී වර්දරාජා පෙරුමාල් ඉලක්ක කරගනිමින් සිදුකරන ලද දැවැන්ත සිනමා නිර්මාණයකි. ඉතින් අද ‘මව්රට’ හාට් අපේ කතාබහ වර්දරාජා පෙරුමාල්ගේ චරිතයට පණපොවන ජගත් ගලප්පත්ති සමගයි.Sri Lanka Latest News

ඉතින් ජගත් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
නලින් රාජපක්ෂගේ ‘සයනයිඩ්’ චිත්‍රපටයේ මංගල දර්ශනය 26 වැනිදා තිබුණා. ඉතින් මේ දවස්වල නලින් එක්ක රට වටේ ඇවිදින එක තමයි කරන්නේ.
ඔබ සයනයිඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්?
ඔව්. මට දෙමළ භාෂාව හසුරුවන්නත් පුළුවන් නිසා, චිත්‍රපටය ගැන විශ්වාසයක් තියෙන නිසාත් මේ චරිතය මම භාරගත්තා.
මේ අවස්ථාව ලැබෙන්නේ දෙමළ භාෂාව හසුරුවන්න පුළුවන් වුණ නිසාමද?
ඒකත් එක ප්‍රධාන හේතුවක්. නලින් රාජපක්ෂගේ රේන්බෝ චිත්‍රපටයේ මම මීට කලින් වැඩ කළ නිසා මගෙත් එක්ක වැඩ කරන්න පුළුවන් කියන හැඟීම ඔහුට තිබුණා. මගේ කැපවීම, අවබෝධය තිබුණ නිසා මාව ඒ චිත්‍රපටයට තෝරගත්තා කියලා මම හිතනවා.

සිංහල කෙනෙක් විදිහට මේ වගේ දමිළ චරිතයක් රඟපාන්න ලැබුණු අවස්ථාව ඔබට අභියෝගයක් වුණාද?
ඇත්තටම මට ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද මේ චිත්‍රපටය පුරාම මට කතාකරන්න තියෙන්නේ දෙමළ භාෂාවෙන්. එක සිංහල වචනයක්වත් කතාකරන්න නෑ. ඉතින් රංගන ශිල්පියෙක් විදිහට මම කිසිම චිත්‍රපටයක මේ භාෂාව තුළින් මම රංගනයේ යෙදිලා නෑ. දැනට මම චිත්‍රපට දහයක විතර රඟපාලා තියෙනවා. මට ඇත්තටම දෙමළ භාෂාව කතාකරන්න පුළුවන්. නමුත් අපි කතාකරන වචනවලට වඩා ගැඹුරු වචන මේ චිත්‍රපටයේ තිබුණා. යුද්ධය සම්බන්ධව ලියැවුණු තිර පිටපතක් නිසා. අපි සාමාන්‍ය ජීවිතයේ කතාකරන දෙමළ භාෂාවට වඩා වෙනස්කම් තිබුණා. ඒ අවස්ථාවේ අපේ ප්‍රවීණ රංගන ශිල්පී රාජා ගනේෂන් මහත්මයා මට ගොඩාක් උදව් කළා. වචනවල තේරුම් කියලා දුන්නා. මේ නිසාම මට රඟපාන එක ලේසි වුණා. ඇත්තටම වචනයේ අර්ථය දැනගෙන රඟපාන්න අවස්ථාව ලැබුණේ රාජා ගනේෂන් මහත්මයා නිසා. ඒ උදව් එක්කම මම ඒ අභියෝගය සාර්ථකව ජයගත්තා කියලා හිතනවා.
වර්දරාජා පෙරුමාල් කියන චරිතය අදටත් ජීවත්ව ඉන්න කෙනෙක්. ඉතින් මේ වගේ සැබෑ චරිතයකට පණපෙවීම ඔබට අභියෝගයක් බවට පත්වෙන්න ඇති නේද?
ඇත්තටම ඔව්. මොකද වර්දරාජා පෙරුමාල් කියන චරිතය මම දැකලවත්, මුණගැහිලාවත් තිබුණේ නෑ. ඔහු සම්බන්ධව මම චිත්‍රපටය කරන්න කලින් අධ්‍යනයක් කළා. ඔහුගේ ශරීරය මට වඩා ටිකක් තරබාරුයි. ඉතින් සාමාන්‍යයෙන් නළුවෙක් කරන්නේ චරිතයට අනුව කෙට්ටු වෙන එක. ඇත්තටම මට කිසිම ව්‍යායාමයක් නැතුව හොඳට කාලා ඇඟ හදාගන්න පුළුවන් විදිහ චරිතයක් තමයි ලැබුණේ. මට වර්දරාජා පේරුමාල් වගේ රැවුල වවන්න සිද්ධ වුණා. ඉතින් මම හිතනවා මම ඒ චරිතයට සාධාරණයක් කළා කියලා.
චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳයි. සමාජ ජාල වෙබ් අඩවිවල මේ චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද මේ චිත්‍රපටය වෙනස්ම ආරයක චිත්‍රපටයක්. ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා. දැනට තිරගතවෙලා දවස් තුනයි. සතියක් වගේ යනකොට මේ ගැන හොඳ කතාබහක් ප්‍රේක්ෂකයා තුළ ඇතිවෙයි කියලා මම හිතනවා. චිත්‍රපටය සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා.
සිනමා කලාවට විතරයි වගේ ඔබ කැමැති?
ඇත්තටම මම වේදිකා නාට්‍යවල නිරත වුණු කෙනෙක්. කැමරාවක් ඉදිරියේ රඟපෑම සහ වේදිකාව තුළ රඟපෑම අතර වෙනසක් තියෙනවා. ඉතින් කැමරාව ඉදිරියේ රඟපෑම තුළ ප්‍රේක්ෂකයා තමයි අපේ කැමරාව. අපි ඒ තාක්ෂණය ඉගෙන ගන්න ඕනේ. චිත්‍රපට කලාවට එන්න කලින් මම ටෙලි නාට්‍යවල රඟපෑවා. ටෙලිනාට්‍යවලින් මට අත්දැකීම් ගොඩක් ලැබුණා. මම ව්‍යාපාරිකයෙක් නිසා දැන් මට ටෙලිනාට්‍යවල රඟපාන්න ලොකු වෙලාවක් නෑ. නමුත් ටෙලිනාට්‍ය අමතක කරන්නෙත් නෑ. හොඳ ටෙලිනාට්‍යයකට හොඳ චරිතයක් විදිහට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණොත් මම රඟපාන්න කැමැතියි.
ඔබේ ව්‍යාපාරය ගැනත් කතා කරමුද?
මම විශාඛා සුවඳ කූරු ව්‍යාපාරය තමයි කරන්නේ. මේ ව්‍යාපාරය නිසාම මට චිත්‍රපට තුනක් නිෂ්පාදනය කරන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි වස්දඬු රාවය, රජදහන, රෝසමල් සයනය කියන චිත්‍රපට. ඉතින් මේ නිසාම සිනමාවේ නිරත වෙන්නත් මට ඉතාම පහසු දෙයක් වුණා.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

පොකට් එකට සොරි වෙන්නයි යන්නේ… දෙපාරක් හිතන එක නුවණට හුරුයි…! Sri Lanka Latest News

Next Post

හරිනිගෙ විශ්වාසභංගය කල් යයි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ පාලක...

Read more
ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.