6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් කිරීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මතුව ඇති අවුල්සහගත බව මුල්කරගෙන අගමැති හරිනි අමරසූරිය හට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීම දින කීපයකින් කල් දැමීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.Sri Lanka Latest News
මේ සඳහා හේතු කීපයක් බලපා ඇති අතර, ඉන් ප්‍රධාන එකක් වී ඇත්තේ අනෙකුත් අධ්‍යාපන මොඩියුලවලද විවිධ අර්බුද ඇති බවට විපක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබීමය.
එම තොරතුරුද විශ්වාසභංගයට ඇතුළත් කිරීම සඳහා තවත් කාලයක් ලබාගැනීම සජබයේ සැලැස්ම වී තිබේ.
මීට අමතරව විපක්ෂයේ අනෙකුත් පක්ෂ සහ පාර්ශ්ව සමග තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමද මේ සඳහා හේතුවී ඇති බව පැවසේ.
එමෙන්ම මේ අවස්ථාවේදී අගමැතිවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදුනහොත් එය විවාදයට ගැනීම සඳහා ඉක්මන් දිනයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට වූ සැකයද මේ සඳහා බලපා තිබේ.
ඒ අනුව තවදුරටත් කාලය ගෙන අගමැතිවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදීමට සමගි ජන බලවේගය තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.










