• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හදවත් වසඟ කළ රෝමියෝ

December 26, 2019
in Heart
Reading Time: 2 mins read
A A
හදවත් වසඟ කළ රෝමියෝ
Share on WhatsAppShare on Facebook

යුරෝපීය පෙනුමකින් යුතු කඩවසම් නළුවකු වූ ඩග්ලස් රණසිංහ සිනමාවට පැමිණියේ වේදිකාව හරහාය. ඔහුගේ පළමු චිත්‍රපටය වූයේ රෝමියෝ – ජුලියට් ආදර අන්දරයයි. රෝමියෝ ලෙස රඟමින් තරුණ සිත් කුල්මත් කළ මේ දක්ෂ රංගවේදියා තම කාර්යබහුල දින චර්යාවෙන් එක් මොහොතක් ‘හාට්’ විශේෂාංගය වෙනුවෙන් තිළිණ කිරීමට තරම් නිහතමානී වූ සොඳුරු හෝරාව ආරම්භ වූයේ මේ ආකාරයටය.
ඉතින් කියන්න කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ හරිම සුන්දරව ගලායන සෙයක් මට දැනෙනවා. රංගවේදියකු ලෙස මම මේ දිනවල ඉතාම කාර්යබහුලයි. සරලව කියනවා නම් මම ඉතාම සතුටින් ජීවිතයට මුහුණ දෙනවා.
රංගවේදියකු ලෙස කාර්යබහුල යැයි කීවේ ටෙලිනාට්‍ය රූගත කිරීම් ගැනද?
ටෙලිනාට්‍ය රූගත කිරීම්වල නියැළී සිටිනවා. ඒ වගේම චිත්‍රපට කිහිපයකම වැඩ නිමවූයේ ගෙවීගිය දින කිහිපය තුළයි.
චිත්‍රපට හැදෙන බව අහන්නත් ආසයි. ඒ ගැන තොරතුරු කියමුද?
සත්තකින්ම කියනවා නම් චිත්‍රපට අලුතින් නිෂ්පාදනය වෙන්නට ගන්නා ප්‍රවණතාවක් තියෙනවා. ඔබ කීවා වගේම එය සතුටට කාරණයක්. චිත්‍රපට තුනකම වැඩ කටයුතු අවසානයි. තවත් එක් චිත්‍රපටයක හඬකැවීම්වල සුළු කොටසක් අවසන් කිරීමට තිබෙනවා.
නම් වශයෙන් එය පැවැසීමට කැමැතිද?
‘සිනෙමා’, ‘මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි’, ‘බරතලී’ සහ ‘විසංගමනය’ ඒ ලෙස එම චිත්‍රපට කිහිපය නම් කළ හැකියි. ‘විසංගමනය’ චිත්‍රපටය විදේශ රටවලද රූගත කිරීම්වලට ලක්වූවක්. ඒ වගේම කතාබහට ලක්වූ පෝය දින ටෙලිනාට්‍ය කිහිපයක පසුගිය කාලයේ රඟපෑවා. ඒ දිනුකගේ ‘දෙමාපියෝ’ සහ ‘පුණ්‍යානුමෝදනා’ යන වේදිකා නාට්‍යවලයි. ඒ අතර මේ දිනවල සාරංග මෙන්ඩිස්ගේ ‘සංගීතේ’ ටෙලිනාට්‍යයේද රූගත කිරීම් සිදුවෙනවා. ඉහත කී චිත්‍රපට කිහිපය 2020 වර්ෂයේ තිරගත වෙනතුරු මම බලාපොරොත්තුවෙන් දෑස් දල්වා සිටිනවා.
ඔබ බොහෝ සතුටින් සිටින බවයි පෙනෙන්නේ?
ඔව්. මුලින්ම මම එය කීවා. හිතන්නකෝ ටිකක් කලාකාරයකුට හෝ රංගවේදියකුට රඟපෑම් සඳහා ආරාධනා ලැබෙනවාය කියන්නේ එය විශාල සතුටක්. මම ඒ සතුට අත්විඳින්නේ රංගවේදියකු ලෙස තවමත් වැඩ කරන නිසයි.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයක් ගැන පසුගිය දවසක ඔබේ බලාපොරොත්තුවක් තිබුණා නේද?
ඔව්. මගේම නිර්මාණයක් ගැන අදහසක් තිබුණා. නමුත් යම් හේතුවක් මත එය මඳකට නවතාලන්න සිදුවුණා.
හේතුව රහසිගතයිද?
අපොයි නැහැ. එය කිවයුතුම කතාවක්. ඇත්තෙන්ම කියනවා නම් වේලාව පිළිබඳව ඇතිවුණු ප්‍රශ්නයක් මතයි මගේ නිර්මාණය මඳකට නවත්වන්න සිදුවූයේ. පැහැදිලි කිරීමක් කරනවා නම් රූපවාහිනී සේවාවල හොඳම වෙලාව කියන න්‍යායක් තුළ ටෙලිනාට්‍ය විකාශනය කිරීමේ වේලාවක් සුවිශේෂීව වෙන්ව තිබුණා. අන්න එතැනදී අපට අවශ්‍ය පහසුකම් ලැබුණේ නැහැ.
ඒ කියන්නේ වෙනත් සිංහල ටෙලිනාට්‍යයක් සඳහා ඔබ ඉල්ලා සිටි වෙලාව වෙන්වී තිබුණාද?
එවැන්නක් සිදුවූවා නම් එය සාමාන්‍ය සිදුවීමක් ලෙස හිත හදාගන්නට තිබුණා. නමුත් සිත දැඩි කලකිරීමකට සහ දුකට පත්වන කාරණයක් තමයි එයට පසුබිම් වූයේ.
ඔවුන් මට කියා සිටියේ නොකඩවා විකාශනය වන ඉන්දියානු ටෙලිනාට්‍යයක් සඳහා එම වේලාව වෙන්කර තිබෙන බවයි. නිහඬව සිටිනවා ඇරෙන්නට කළ යුතු කිසිවක් තිබුණේ නැහැ. ඉන්දියානු ටෙලි නාට්‍ය සඳහා එලෙස වේලාවන් අලෙවි වන බව මම දැනගත්තේද ඒ මොහොතෙයි. ඇත්තෙන්ම දැනුණු කනගාටුව මෙතෙකැයි කියන්නට බැහැ. ටිකක් නැවතිල්ලේ හිතලා බලන්න ඉන්දියානු ටෙලිඩ්‍රාමාවල තිබෙන හරය හෝ වැදගත්කම මොකක්ද? වැඩි හරියක්ම එහි කියැවෙන්නේ පළිගැනීම, ඊර්ෂ්‍යාව, වෛරය හෝ ක්‍රෝධය, එහෙමත් නැත්නම් අනියම් සම්බන්ධතා. මම මේ විදියට කතා කරන එක ගැන කාගේ හෝ හිත රිදෙන්නට පුළුවන්. නමුත් ඇත්ත කතා කරන්නට බය වෙන්න ඕන නැහැ. මම තවත් කතාවක් කියන්නම්. ඉන්දියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් සියයට අනූවක්ම හරයක් නැති ඔය ඉන්දියානු ටෙලිනාට්‍ය කලාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ සිංහල ටෙලිනාට්‍යයක් ඉන්දීය ටෙලිනාට්‍යයක් නිසා පසුබෑමකට ලක්වෙනවා කියන්නේ එය ලැජ්ජාවට කාරණයක්.
මෙතැනදි ඔබ වැනි ප්‍රවීණයකු නිහඬව සිටීම සුදුසුයි කියා හිතනවද?
අපි මඳකට නිහඬව සිටින්නේ. ඔවුන් මේ වෙනුවෙන් යමක් කරයි කියන හැඟීම මතයි. කොහොම හරි අපි අපේ නිර්මාණය සඳහා වේලාව හදාගන්නවා කියන අධිෂ්ඨානය මා තුළ තිබෙනවා. ඔවුන් අපට එහෙම කරන එකක් නැහැ. සලකලා බලයි කියන හැඟීම අප තුළ තිබෙනවා.
අනෙක මෙය මගේ පළමු ටෙලිනාට්‍ය නිර්මාණය නෙවෙයි. මීට කලින් මම ‘රන්මසු උයන’, ‘සසර චක්‍ර’, ‘දිය යට ගිනි’ යන නිර්මාණයන් අධ්‍යක්ෂණය කළා. ‘දිය යට ගිනි’ ටෙලිනාට්‍ය නිර්මාණය වූයේ මගේ සහෝදරියක වූ ආචාර්ය මල්කාන්ති ගුණරත්න කියන ලේඛිකාවගේ කෘතියකට අනුවයි. ‘ලේ සහිත කිරි’ යන්න වූ කෘතියෙහි නම ටෙලි නිර්මාණයේදී ‘දිය යට ගිනි’ ලෙස වෙනස් වූවා. සතුටුයි කියන්න ඒ හැම නිර්මාණයක් සඳහාම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ සියල්ල විකාශනය වූයේ ජාතික රූපවාහිනියෙයි.
‘සාරංගා’ ගැන කතා කරමු. ‘සාරංගා’ කියන්නේ ඔබට අසීමිත ජයප්‍රියත්වයක් ලැබුණු සිනමාපටයක්?
සත්තකින්ම ඔව්. මම ‘සාරාංගා’ චිත්‍රපටයට ඉතා තදින් ප්‍රිය කරනවා.
ඔබේ යුරෝපීය නළු පෙනුමට තරුණ තරුණියන් එකල වැඩි වී සිටියා නේද?
මගේ පෙනුම බටහිර පෙනුමට බර වැඩී කියලා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නම් මට කිව්වා මතකයි.
ඔබ ඇඳුම් පැලඳුම් තෝරාගත්තේද ඒ සිතුවිල්ල ප්‍රකට වන ආකාරයට නේද?
ඒ මම ඇඳපු පැලඳපු සාමාන්‍ය විදියයි. හැබැයි ඔය කියන බටහිර පෙනුම මට විශාල අවාසියක් වූ අවස්ථාද තිබුණා.
ඒ එක් අවස්ථාවක් සඳහන් කරනවා නම්?
‘බැද්දෙගම’ චිත්‍රපටයේ හොඳ චරිත නිරූපණයක් සඳහා ලැබෙන්නට තිබුණු වටිනා අවස්ථාවක් මා වෙතින් ගිලිහී ගියා. ඇත්තෙන්ම එය මගේ සිතට දුකක් වූ සිදුවීමක් වුණා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉන්දිරාගෙයි – ලයනල්ගෙයි සැඟවුණු ආදර අන්දරය

Next Post

මෛත්‍රීගේ ‌ගෙදර ‌කේන්දරකාරයන් පිරිලා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.