හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවස මේ දිනවල රටේ නමගිය ජ්‍යොතිෂවේදීන්ගෙන් පිරී ගොස් ඇති බව දැනගන්නට තිබේ.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය මත මෙසේ විවිධ පළාත්වලින් කොළඹ පැජට් පාරේ පිහිටි ඒ මහතාගේ නිල නිවෙසට නිතරම පැමිණෙන ජ්‍යොතිෂවේදීන් සිරිසේන මහතාගේ කේන්දරය පරීක්ෂා කරමින් ඔහුගේ දේශපාලන අනාගතය පිළිබද විවිධ අනාවැකි පවසමින් සිටින බව වාර්තා වේ.
මෙම අනාවැකිවලින් තමාට වාසිසහගත අනාවැකි සිරිසේන මහතා විසින් සිය හිතවතුන්ට දැනුම් දෙමින් මේ දිනවල කාලය ගතකරන බව ද දැනගන්නට තිබේ.