• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුශාන්ත් බොලිවුඩයේ බිල්ලක්ද

June 20, 2020
in Heart
Reading Time: 2 mins read
A A
සුශාන්ත් බොලිවුඩයේ බිල්ලක්ද
Share on WhatsAppShare on Facebook

“අපි ප්ලෑන් කරන්නේ මොනවා හරි දෙයක් සාර්ථක වුණාම ඒක සමරන්න විතරයි. ඒත් අහම්බෙන් කවුරුහරි අසමත් වුණොත් ඒ අසාර්ථකත්වය දරාගන්නෙ කොහොමද කියල අපි කියල දෙන්නෙ නෑ. අඩුම තරමේ ඒ ගැන කතා කරන්නවත් යන්නේ නෑ” Chhichhore චිත්‍රපටයෙදි රෝහලේ අසාධ්‍යව සිටින තම පුතාව බලන්න එන යාළුවන්ට එහෙම කියන සුශාන්ත් සිං රාජ්පුත්ගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර ඇත්ත ජීවිතයෙදි මුම්බාහිවල සිය නිවසේ කාමරයක එල්ලෙමින් තිබියදී පහුගියදා සොයාගන්නව. චිත්‍රපටවලින් මවන ලෝකය මහ පොළොව තුළ ඇත්ත වෙන්නෙ නෑ කියල එයින් ඔහු මුළු ලෝකෙටම කියල දෙන්නෙ නරක පූර්වාදර්ශයකුත් එක්ක.

කොහොම වුණත් මේ ගෙවීයන කාලය සමස්ත ඉන්දියාවට මෙන්ම බොලිවුඩයටද ඉතාම නරක කාලයක්. මීට මාසයකට විතර කලින් ඉර්ෆාන් ඛාන්, රිෂී කපූර් තම දිවි රඟ මඩලෙන් බැහැල යනකොට ඒ ලිස්ට් එකට අලුතෙන්ම එක්වෙන්නෙ 34 හැවිරිදි සුශාන්ත් සිං රාජ්පුත්. හැබැයි මේක ස්වාභාවික මරණයක් වෙන්නෙ නෑ. තවමත් හරි හැටි හේතුවක් සොයාගන්න බැරිව තියෙන මේ මරණය සැලකෙන්නෙ සියදිවි හානිකර ගැනීමක් විදිහට.

සුශාන්ත් සිං රාජ්පුත් ඉපදෙන්නේ 1986 අවුරුද්දේ ජනවාරි 27 වැනිදා ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැට්නාවල. පැට්නාවල සෙන්ට් කැරන් හයිස්කූල් එකෙන් වගේම නව දිල්ලියේ කුලාචි හන්ස්රාජ් මොඞ්ල් ස්කූල් එකෙනුත් සුශාන්ත් අධ්‍යාපනය හදාරනවා. තේරෙන කාලෙ ඉඳලම වේදිකා නාට්‍යවලටයි, ඩාන්සිංවලටයි තියෙන ආශාව නිසා සුශාන්ත් මුම්බායිවලට එන්නෙ ඇක්ටිංවලට චාන්ස් එකක් හොයාගෙන. එහෙම ඇවිත් පොඩි පොඩි වේදිකා නාට්‍ය කෑලි, වෙළෙඳ දැන්වීම්වලට වගේ පෙනී ඉන්නවා. මේවයින් තමයි සුශාන්ත්ට ටෙලිනාට්‍ය පැත්තට යන්න අවස්ථාවක් උදාවෙන්නෙ.
චේතන් භගත්ගේ ‘The 3 Mistakes of My Lifez’ නවල් එකෙන් අභිෂේක් කපූර් කරන ‘Kai Po Che’ ෆිල්ම් එකෙන් තමයි සුශාන්ත් ෆිල්ම්ස්වලට අවතීර්ණ වෙන්නේ. හැබැයි සුශාන්ත්ව මුළු ඉන්දියාවම හඳුනගන්නෙ බොක්ස්ඔෆිස් ෆිල්ම් එකක් වෙච්ච ‘ඡණ’ වලින්. සුශාන්ත් ඒකෙ පොඩි කැරැක්ට් එකක් කළාට චිත්‍රපටය ලබන ජනප්‍රියතාව නිසා මුළු ඉන්දියාවම හඳුනන චරිතයක් බවට සුශාන්ත් පත්වෙනව.

සුශාන්ත්ට ප්‍රධාන නළුවෙක්ගෙ චරිතයක් කරන්න ලැබෙන්නෙ 2016දී. ඒ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාවෙන් හැදෙන ‘M.S. Dhoni (The Untold Story’ ෆිල්ම් එකෙන්. 2011 ලංකාව පරාජය වෙන වර්ල්ඞ් කප් ෆයිනල් එක පදනම් කරගෙන නිපදවපු මේ චිත්‍රපටය ක්‍රිකට් ආගමක් විදිහට අදහන ඉන්දියාවෙ ඉතාම ජනප්‍රිය වෙනව. මේක ආදායම් වාර්තා පිහිටවපු චිත්‍රපටයක් බවට පත්වෙනව. කෙසේ වෙතත් ඉන්දීය සිනමාව තුළ දිගු ගමනකට හිමිකම් කීමට අවස්ථාව තිබූ සුශාන්ත් අවසානයේ නික්ම යන්නෙ Shuddh Desi Romance (2013), Detective Byomkesh Bakshy (2015), PK (2014), MS Dhoni: The Untold Story (2016), Kedarnath (2018), Chhichhore (2019) වැනි අතලොස්සක් නිර්මාණ ඉදිරියේ තම නම සටහන් කරගෙන.

සුශාන්ත් මෙහෙම තීරණයක් ගන්න හේතුව මොකද්ද කියන එක මේ ලියන මොහොත වන විටත් පැහැදිලි නෑ. නමුත් දැනට මාස හයකට කලින් ඉඳලා සුශාන්ත් විෂාද තත්ත්වයකින් පීඩා විඳලා තියෙනවා කියන එක මේ වෙනකොට ඉන්දියාවේ බොහෝ මාධ්‍ය හෙළිකරල තියෙනවා. සුශාන්ත්ගේ හිටපු මැනේජර් දිෂා සාලියාන් පහුගිය ජූනි අටවෙනිදා තට්ටු දාහතරක උඩකින් පල්ලෙහාට පැනලා සියදිවි හානිකර ගන්නව.

2014 තිරගත වුණු pk චිත්‍රපටයෙ ගොඩක් ජනප්‍රිය වූ ගීතයක් වෙන්නෙ “චාර් කදම් බස් චාර් කදම්” ගීතය. මේ චිත්‍රපටයෙ සුශාන්ත් රඟපාන්නෙ අනුශ්කා ෂර්මගෙ පෙම්වතා විදිහට. ගීතයෙන් සුශාන්ත් කියන්නෙ අපි පියවර හතරක් ඉදිරියට යමු කියලා. නමුත් අනුශ්කාට ඕන මුළු ජීවිතයම ඉදිරියට යන්න.
එහෙම කියපු සුශාන්ත් අද වෙනකොට අනුශ්කාව විතරක් නෙමෙයි මුළු බොලිවුඩයම දාලා යන්න ගිහින්.
ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

සුබ වැඩ එපා; දෙවැනි කෝණ මාසය ඇරඹුණා

Next Post

මහබැංකු හොරු ගැන රවී හෙළිකරයි (VIDEO)

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

පසුගිය සතිය වනවිට ආණ්ඩුව කිසිවකුටත් නොදැනෙන්නට ඉතාම රහසේ සුවිශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ, මේ මාසයේ අවසානයේදී සිදුකරන ඉන්ධන මිල ගැළපීමේදී...

Read more
මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.