• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දකුණු ඉන්දියානු ගැම්මට එන රිතික්ගේ සුපිරි වැඩ කෑල්ල

April 11, 2021
in Heart
Reading Time: 1 min read
A A
දකුණු ඉන්දියානු ගැම්මට එන රිතික්ගේ සුපිරි වැඩ කෑල්ල
Share on WhatsAppShare on Facebook

‘කහෝන ප්යාර් හේ’ (Kahona Pyar Hey) හී රඟපා එක රැයකින් උතුරු ඉන්දීය යෞවනියන් සහ කාන්තාවන් අතර උන්මාදනීය තරුවක වූ ‘රිතික් රෝෂන්’ මේ දිනවල විශාල පෙරළියකට සැරැසෙමින් සිටින වග ‘බොලිවුඩ් ගොසිප්’ ඔස්සේ පලවූ අලුත්ම පැපරාසි නිවුස්වල සඳහන්ව තිබිණ.

ඒ පාර මොකක්ද? තවත් අලුත් නිළි කෙල්ලක සමග හුටපටයක්ද?
එහෙම ඇහුවාට එහි වරදක් නැත.., ඒ තරමටම රිතික්ගේ නම උතුරු ඉන්දීය නිළියන් සමඟ වරින්වර පැටළුණේය. මුදල්, බලය, ජනප්‍රියත්වය සමග කඩවසම් රූපකායක් ලැබුණු විටෙක බොහෝ පිරිමින් යහපත් බවෙහි සළු උනාදමා අසංවර නාම පුවරු තම ජීවිතය මත ලේබල් කරගනිති.
වැල්වටාරම් අවැසි නැත. කතාවට බහිමු.
ඇත්තෙන්ම එය සුපිරි කතාවකි. කෙටියෙන් කියනවා නම් ජනප්‍රිය දමිළ සිනමා පටයක් වූ ‘වික්‍රම් වේද’ (Vikram Vedha) ගැන කතාවකි.
‘වික්‍රම – වේද’ කියන්නේ 2017 අවුරුද්දේ කොලිවුඩ් සිනමාව හොල්ලපු චිත්‍රපටයක් නේද?
ආයෙත් අහලා. ලාබය පමණක්ම ඉන්දියානු රුපියල් කෝටි 600ක් පමණ ‘වික්‍රම් වේද’ තුළින් උපයාගෙන තිබුණා. මැර කල්ලියක නායකයෙක් සහ අවංක පොලිස් නිලධාරියකු වටා ගෙතුණු වික්‍රම්වේද කතා පුවතෙහි රඟපෑවේ මාධවන් සහ සේදුපති, චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළේ පුෂ්කර් සහ ගයාත්‍රි.
මාධවන් එහි වික්‍රම් නම් පොලිස් නිලධාරියා ලෙසත්, සේදුපති වේද නම් පාතාල නායකයා ලෙසත් ඉතාම අනර්ඝ රංගනයක යෙදිණ. ඒ රංගනයන් කොයිතරම් සුපිරියිද කියනවා නම් ‘හවුස් ෆුල්’ හේතු කොටගෙන ප්‍රවේශ පත්‍ර අහිමි පුද්ගලයන් පසුදා උදෑසන දර්ශනය නැරැඹීම සඳහා ඒ රාත්‍රියේ ප්‍රධාන ගේට්ටුව පාමුල බිම වාඩි වී සිටියහ.
ඉතින් ඔය සුපිරි චිත්‍රපටයට රිතික්ගේ ඇති සම්බන්ධය මොකක්ද?
රිතික් මේ දවස්වල සූදානම් වන්නේ ‘වික්‍රම් වේද’ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන්නටය.
සේදුපතිවයි මාධන්වයි එකතු කරලා..,
නැහැ… ‘වික්‍රම්’ ලෙස සායිෆ් අලි ඛාන්වත් ‘වේද’ ලෙස එකතු කර ගෙනයි රිතික් ‘වික්‍රම් වේද’ කරන්නට යන්නේ, අධ්‍යක්‍ෂණය සඳහා රිතික් මුදලට ගෙන තිබෙන්නේ දමිළ සිනමාපටය නිර්මාණය කළ පුෂ්කර් සහ ගයාත්‍රිවමයි.
දකුණු ඉන්දියානු ගැම්මට වැඩේ සිද්ධ වෙයිද?
මොකද විජය සෝදුපති සහ මාධවන් කියන්නේ සුපිරි පොරවල් දෙකක්. ඒ වාගේම ඒක මරේ මරු ‘සුසංයෝගයක්…’
රිතික් සහ සයිෆ් කියන්නේත් කදිම සුසංයෝගයක් නෙවෙයිද?
දකුණු ඉන්දියානු ගොසිප්වල නම් තියෙන්නේ රිතික් වැඩේ ‘අනාගන්නා’ කතාවකි. රිතික් ආමීර් ඛාන්ට මේ සඳහා ආරාධනා කළ බවත් ඔහු එය සුහදව ප්‍රතික්‍ෂේප කළ බවත් ඉන්පසු සයිෆ්ව පොලිස් නිලධාරියා සඳහා තෝරා ගත් බවටත් කටකතාවක් වේ.
එතකොට සේදුපති කළ පාතාල චරිතය කරන්නේ රිතික්ද?
ඔව්… ආරංචිය එහෙමය. රිතික්ව සුළුකොට තකන්නට බැරිය… පොඩ්ඩක් විතර ඕවර් ඇක්ටිං ගියාට ‘ඩූම්-2’හී මං පහරණ හොර දෙටුවා විදියට රිතික් කළ රංගනය නරක නැත.
කොයික කෙසේ වුවද දමිළ අධ්‍යක්‍ෂවරුන් වූ පුෂ්කර් සහ ගයාත්‍රි ‘වික්‍රම් වේද’ හී බර කරට ගෙන ඇත. ඔවුන් රිතික්ට කියා ඇත්තේ.
ඔබ සතු ධනය නොබියව ‘වික්‍රම් වේද’ වෙනුවෙන් තිළිණ දෙන්න… ඉතිරිය අපට බාර දෙන්නැ’යි කියාය.
රිතික්ට ලැදි කෝටි සංඛ්‍යාත අනුගාමිකයන් රිතික් වේද්ට ආරූඪ වනතුරු මහත් නොඉවසිල්ලෙන් බලා සිටිති. ඉන්දීය චිත්‍රපට තිරගත කිරීමේ කමිටු මණ්ඩලයද දැන්ම තියාම ‘වික්‍රම් වේද’හි හින්දි සිනමා පටය ගැන ගණන් හිලව් බලන බවද කියැවේ.
ප්‍රධාන නිළියක තවම තෝරා නැති ‘වික්‍රම් වේද’ හින්දි චිත්‍රපටයෙහි රූගත කිරීම් ජුනි මාසයේ ආරම්භ වීමට නියමිත බව රිතික් මෙන්ම පුෂ්පකාර් සහ ගයාත්‍රිද මාධ්‍යයට පවසා ඇත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සිඳූ ඉවර වෙන්නෙ නැහැ

Next Post

ප්ලක්ලි ගම්මානය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.