• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සල්ලි නැතිව ආවට ගියාට මම රඟාපාන්නේ නැහැ

November 15, 2020
in Heart
Reading Time: 3 mins read
A A
සල්ලි නැතිව ආවට ගියාට මම රඟාපාන්නේ නැහැ
Share on WhatsAppShare on Facebook

මම සල්ලි පොදිබැඳන් ඉන්නේ නැහැ…

ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂී චරිතයක් තමයි නයනා කුමාරි කියන්නේ. ඒත් ඇය වැඩිපුර කාලය වැය කරන්නේ හැඩවැඩ වෙනුවෙන් තමයි. ටෙලිනාට්‍ය තුළ දකින්නට නැති තරමට ඇය ඈත්වෙලා. ඒත් කාලෙකට පස්සේ ටෙලිනාට්‍යයක ඇයගේ සුවිශේෂී රංගනයක් මේ දවස්වල අපි දකිනවා. ඉතින් නයනා රටේ සියලුම ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් ඉල්ලුවා. ඒ ඉල්ලීම අපට කියන අතරතුර ඇය ගැනත් අප කතාබහ කළා.
ගෙදරට කොටුවුණා නේද නයනා?
ඒකනේ බලන්නකෝ. නොහිතපු දෙයක් තමයි සිද්ධ වුණේ. ලෝකේ සියලුම ජනතාවට මේ කොරෝනා වසංගතය නිසා පීඩා විඳින්න වෙලා.
ඉතින් මේ දවස්වල රසබර කෑම ජාති හදනවා ඇති නේද?
එහෙම කියලත් නැහැ ඉතින්. මට හොඳට උයන්න පුළුවණ. කාලෙකට පස්සේ ගෙදර හැමෝමත් එක්ක ඉන්නවා. තිබුණු කාර්යබහුලත්වයත් එක්ක විවේකයක් ලැබුණා. එහෙමයි කියලා අපි කාටවත් මෙහෙම ගෙදරට වෙලා ඉන්න බැහැ. හැම ප්‍රශ්නයකටම මුහුණ දෙමින් අපි සියලුදෙනාම ඉදිරිය ගැනත් හිතන්න වෙනවා. මමත් මගේ ආදරණීය රසික, රසිකාවියන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලුම සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ඔබ ගැන හිතමින් සියලුමදෙනා ගැන හිතමින් ආරක්‍ෂාකාරීව වැඩකටයුතු කරන්න කියලා.
ඔබගේ සියලුම ව්‍යාපාර කටයුතුත් අඩාළ වුණා නේද?

ඔව් ඉතින්. රූපලාවණ්‍ය කටයුතු කරන්නම බැරි වාතාවරණයක් උදාවුණා. මගේ සැලොන් තුනක් තිබෙනවා. ඒ සියල්ලගේම පුළුවන් කාලවකවානුවල ආරක්‍ෂාකාරීව වැඩකටයුතු කළා.
කාලෙකට පස්සේ නයනව නැවැත අපට ටෙලිනාට්‍යයකින් දැකගන්න පුළුවන්?
ඔව්. මම කාලෙකට පස්සේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණා. සනත් අබේසේකර අධ්‍යක්‍ෂණය කරන ‘මහාවිරු පණ්ඩු’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරනවා. මහාවිරු පණ්ඩු ටෙලිනාට්‍ය ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් බවට දැන් පත්වෙලා. හොඳ නිර්මාණ නැහැ කියලා බොහෝ දෙනෙක් චෝදනා කළා. එයට හොඳම උදාහරණයක් තමයි ‘මහාවිරු පණ්ඩු’ ටෙලිනාට්‍යය.
ඔබ ඉස්සර වගේ ටෙලිනාට්‍යවල දකින්න නැත්තේ ඇයි?
මෙහෙමයි. එක හේතුවක් තමයි මමත් කියන්නේ හොඳ නිර්මාණ නැති එක. ‘මහාවිරු පණ්ඩු’ කතාව අපි හැමෝම දන්න කතාවක් තමයි. ඒ කතාවට මම ගොඩක් ආශා කළා. ඒ නිසාම මම සම්බන්ධ වුණා. අපේ වටිනාකමට වටිනාකමක් නැතුව ආවට ගියාට මම රඟපාන්න කැමැති නැහැ. දවසක් හරි නිර්මාණයක් වෙනුවෙන් කාලය වැය කරනවානම් එයට වටිනාකමක් තිබිය යුතුයි.
ඒ වටිනාකමට නයනාගේ මුදලත් වැඩියි කියන්නේ ඇත්තද?
ඔව්. ඉතින් නැතුව බැහැනේ. අනෙක අපිට දැන් තරුණ චරිත නිරූපණය කරන්න බැහැ. අපේ මුදලට වඩා නිකම් රඟපාන පිරිස ඕනෑ තරම් ඉන්නවා. එහෙම අය ගත්තාම වෙන්නෙත් නිර්මාණ බංකොළොත් වෙන එක තමයි.
පසුගිය කාලේ නයනත් ‘සාරි ගැටය’කට හසුවුණා නේද?
ජීවන් හඳුන්නෙත්තිගේ ‘සාරි ගැටය’ වේදිකා නාට්‍යයට මම සම්බන්ධ වෙලා හිටියේ. මේ කොරෝනාව නිසා සියලුම දේවල් කඩාවැටුණා.
ඔබේ ආදරණීය පුතණුවන් කලාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
පුතා තවම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. තවම එහෙම අදහසක් පේන්න නැහැ. එයාගේ හැකියාවෙන් එයාට යන්න මම උදවු කරනවා. නැතුව කිසිම බලපෑමක් මම කරන්නේ නැහැ.
වෘත්තීය මට්ටමින් කලාවේ නියැළෙන්නේ නැද්ද දැන්?
එහෙම කියලා නැහැ. පූර්ණකාලීනව කලාවට සම්බන්ධ වෙන්න බැහැ. මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනගමන් කලා කටයුතු කරගෙන යන එක හොඳයි කියලා මට හිතිලා තියෙන්නේ.
ඒ කියන්නේ නයනා හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඇති?
අපෝ මොන පිස්සුද. මම එහෙම සල්ලි පොදි බැඳගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. සරලව ජීවත් වෙනකොට හිතට සැහැල්ලුයි.
ගයාත්‍රි වයස් එක්ක ලොකු තරගයක් තියෙනවා කියන්නේ ඇත්තද?
අපෝ අපේ එහෙම කිසිම තරගයක් නැහැ. මට ගයාත්‍රි වෙන්නත් බැහැ. ගයාත්‍රිට නයනා වෙන්නත් බැහැ. එහෙමයි කියලා අපේ මිතුදම නැති වෙලත් නැහැ. අපි හොඳ යෙහෙළියෝ වගේ කතාබහ කරගෙන ඉන්නවා.
නිර්මාණකරණයේ සම්මාන නැති වුණාට දැන් රූපලාවණ්‍ය කටයුතු පැත්තෙන් ඇගැයීමකට ලක්වුණා නේද?
නිර්මාණ පැත්තෙන් සම්මාන ගන්න ඉතින් මම එහෙම රඟපාන්නේ නැහැනේ. රූපලාවණ්‍ය පැත්තෙන් විදේශීය සම්මානයක් ලැබුණා. පසුගිය කාලේ ඒ සම්මාන උළෙලද ලංකාවේ පැවැත්වූණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගැහැනු එක්ක ඇවිළෙන ආලෝකා

Next Post

රහුමාන්ගෙන්, කේමසාදගෙන් මියුසික් ඉගෙනගෙන වැඩ පෙන්වන දිනේෂ් සුබසිංහ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.