• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සංසාරණ්‍ය මෙතැනින් ඉවරයි

August 9, 2020
in Heart
Reading Time: 1 min read
A A
සංසාරණ්‍ය මෙතැනින් ඉවරයි
Share on WhatsAppShare on Facebook

සයිමන් නවගත්තේගම සූරීන්ගේ සංසාරණ්‍ය අසබඩ නවකතාව ඇසුරින් සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ සංසාරණ්‍ය අසබඩ ටෙලි නාට්‍ය බොහෝ දෙනෙක් ආදරයෙන් වැලඳ ගත්තා කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. ඒකාකාරී ටෙලි නාට්‍ය කලාව එපා වෙලා හිටිය බොහෝ දෙනෙක් සංජයගේ අලුත් වැඬේට හුඟක් කැමැති වුණා. කොහොම වුණත් මේ වෙද්දී සංසාරණ්‍ය අසබඩ අවසනයට එළඹිලා. ටෙලි නාට්‍ය අවසන් වෙන්න ඔන්න මෙන්න කියා තිබියදීත් අපි සංජයට කතා කළා. ඒ සංසාරණ්‍ය අසබඩ ගැන වගේම ඔහුගේ ඉදිරි නිර්මාණ ගැනත් තොරතුරු දැන ගන්න.
සංසාරණ්‍ය අසබඩ අවසන් කොටස් කිහිපයට එළඹිලා. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඔව්. කතාව ඉවර වීගෙන යනවා. ප්‍රතිචාර නම් හොඳටම හොඳයි. සම්ප්‍රදායෙන් මිදුණු වෙනම තලයක රසික කොට්ඨාසයක් අපි එක්ක එකතු වෙලා ඉන්න බව පේනවා. ඒ අතරින් 80%ක් විතරම උපාධිධාරීන්. මං හිතන්නේ ටෙලි නාට්‍යයේ රූපවාහිනී ශ්‍රේණිගත කිරීම් වුණත් බොහොම හොඳයි. විශේෂයෙන්ම යූ ටියුබ් හරහා ටෙලි නාට්‍යයේ මුල් කොටස් නරඹන පිරිස ඉහළ යන බවක් පේන්න තියෙනවා. ඒ හින්දා හොඳ ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා කියලා ලොකු සතුටක් හිතේ තියෙනවා.
සයිමන් නවගත්තේගම කියන්නේ අපේ රටේ බිහි වුණු වෙනස් විදියේ නිර්මාණකරුවෙක්. ඒ වගේ කෙනකුගේ නවකතාවක් රූපවාහිනියට ගෙන ඒම අභියෝගයක් වුණේ නැද්ද?
ඇත්තටම ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද නවගත්තේගම මහත්මයාගේ පොත හැමෝටම තේරෙණ එකක් නෙවෙයි. ඒ වගේ නවකතාවක් මිනිසුන්ට තේරෙන ටෙලි නාට්‍යයක් බවට පත් කරන්න පුළුවන්ද කියන එක ලොකු අභියෝගයක් වුණා. ඒත් බෞද්ධ දර්ශනය තේරුම් ගත්ත ජනතාවකට මේ කතාව තේරුම් ගන්න බැරි වෙන එකක් නැහැ කියන විශ්වාසයත් අපිට තිබුණා. ඒ වගේම ඔවුන් ඒක තේරුම් ගත්තු බව ලැබෙන ප්‍රතිචාර හරහා පේනවා.
සංසාරණ්‍ය අසබඩ ටෙලි නාට්‍ය විකාශනය වෙන්න කලින් ප්‍රසන්න ජයකොඩි මහත්මයා සයිමන් නවගත්තේගම මහත්තයාගේ නවකතාවක් සිනමාවට ගෙනාවා. ඊට ලැබුණු ප්‍රතිචාර ඔබේ නිර්මාණයට බලපෑවේ කොහොමද?
ඇත්තටම ප්‍රසන්නගේ චිත්‍රපටය තිරගත වෙද්දී අපේ ටෙලි නාට්‍යයේ වැඩ භාගයක් ඉවර වෙලා තිබුණේ. අනෙක් එක ප්‍රසන්න නවකතාවේ එක් කොටසක් අරන් ඒකට සිනමානාත්මක රචනයක් ලබා දෙන එක තමයි කරලා තිබුණේ. ඒ හින්දා ඒ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර ගැන අපි වැඩිය සැලකිලිමත් වුණේ නැහැ.
සංසාරණ්‍ය අසබඩ තිර නාටකය සකස් කළේ නවගත්තේගම මහත්මයාගේ පිටපත අනුවමද?
ඇත්තටම කිව්වොත් නවගත්තේගම මහත්මයා ටෙලි නාට්‍ය තිර පිටපතක් විදියට තමයි මේක මුලින් ලියලා තිබුණේ. පස්සේ ඒක නවකතාවක් බවට පත් කරලා තියෙනවා. නවකතාව කියවගෙන යද්දිත් ඒක තේරෙනවා. අපි ඒ පිටපත ඒ විදියටම අරගෙන නවකතාවට අලුතෙන් එකතු කරලා තිබුණු කොටස් කිහිපයත් ටෙලි නාට්‍ය සඳහා යොදා ගත්තා.
සංසාරණ්‍ය අසබඩ දැන් තියෙන්නේ ජනප්‍රියත්වයේ උපරිමයේ. ඒ වගේ වෙලාවක මේක නවත්වන්න වෙන එක ගැන මොකද හිතෙන්නේ?
මේක කොහොමත් මේ වෙලාවේ නවත්වන්න වෙනවා. මොකද නවකතාවේ විදියට ඒක එහෙම වෙන්නම ඕනෑ. අපි උපරිම උත්සාහ කළේ නවකතාවට කිසිම හානියක් වෙන්නේ නැතිව ඒ කතාව තිරයට නඟන්න. ඒ හින්දා මේක මේ වෙලාවේ ඉවර වෙන්නම ඕනෑ.
ඒ උත්සාහය සාර්ථක වුණා කියලා හිතනවද?
අනිවාර්යයෙන්ම. ලැබෙන ප්‍රතිචාරත් එක්ක ඒ බව හොඳින්ම තේරෙනවා.
සංසාරණ්‍ය අසබඩින් පස්සේ සංජය ඊළඟට මොකක්ද කරන්නේ?
අපි මේ මැයි මාසෙදි චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ කරන්න තමයි හිටියේ. ඒත් රටේ ඇතිවුණු තත්ත්වයත් එක්ක ඒක කල් ගියා. මේ දවස්වල ලියන වැඩකට අත ගහලා ඉන්නේ. ඒකෙන් පස්සේ ලබන ඔක්තෝබර් මාසයේදී විතර අලුත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මෙන්න තවත් ප්‍රතිපලයක්: ගිය මාස 5ට රුපියල් බිලියන 450ක සල්ලි අච්චු ගහලා

Next Post

ජන්දයේ තුන්වැනි තැනට ආ පක්ෂය ‘ප්‍රතික්ෂේප’ වෙයි

MORE NEWS

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.