මෙවර මහමැතිවරණයේ තුන්වන තැනට වැඩිම ජන්ද ලබා ගත් ස්ථානය ‘ප්‍රතික්ෂේප’ වූ ජන්ද ප්‍රමාණය බව මැතිවරණ ප්‍රතිපලවලින් අනාවරණය වී තිබේ.
ඊට හේතුව වන්නේ මෙරට මැතිරවණ ඉතිහාසයේ වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය ලෙස 744,373ක් වාර්තා වීමය. එය ප්‍රතිශතයක් ලෙස 6.03 කි.
මෙම සංඛ්‍යාව මහ මැතිවරණයේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය හැරෙන්නට වැඩිම ඡන්ද ප්‍රමාණය ලෙස ද සැලකිය හැකිය.
පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 135,452 ක් ප්‍රතික්ෂේප වී තිබූ අතර එය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 0.85% ක ප්‍රතිශතයකි.
2015 මහ මැතිවරණයේදී ඡන්ද 517,123 ක් ප්‍රතික්ෂේප වූ අතර එය සමස්ත ප්‍රකාශිත ඡන්දවලින් 4.63% ක ප්‍රතිශතයකි.
මෙවර මහ මැතිවරණයේ විශේෂත්වය වන්නේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලින් වැඩිම ප්‍රතික්ෂේපිත ඡන්ද වාර්තා වීමය. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද 81,034 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර එය ප්‍රකාශිත ඡන්දවලින් 6.41% ක ප්‍රතිශතයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද 75,509 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර එහි ප්‍රතිශතය 5.79 කි.
එම සමස්ත ප්‍රමාණයන් මෙසේය.












