• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වෛරසයක් වගේ හැම තැන පැතිරෙන සත්‍යා

August 1, 2020
in Heart
Reading Time: 1 min read
A A
වෛරසයක් වගේ හැම තැන පැතිරෙන සත්‍යා
Share on WhatsAppShare on Facebook

වෙනස යනු.., කලාකරුවකුට අවැසි සොඳුරු අවියකි. ඒ සොඳුරු අවිය අත දරණ බොහෝ කලාකරුවෝ ‘නොවෙනස්’ භාවයට ඉතා සියුම්ව පහර දෙමින්, සුවහසක් වූ ප්‍රේක්‍ෂක සිත් තුළ කොහේ හෝ කොණක නළියමින් තිබෙන රුචි අරුචිකම් හොඳින් හඳුනා ගනිමින් කදිම නිර්මාණකරණයක නියළෙති. ඇතැම්හු මේ වෙනසට බියවෙති. තවත් ඇතැම්හු නොබියව එම අභියෝගය ජයගනිති. ‘චරිත් අබේසිංහ’ද එවැන්නෙකි. කල් යල් නොබලා චරිත් ‘වෙනස’ට ප්‍රවිෂ්ට විය. ‘ජූලියා’ හී සෙල්ලක්කාර පෙම්වතා ලෙස සිනමාවට සපැමිණි හෙතෙම, ‘මිණිගං දෑල’ හරහා ගලා එමින් ‘සත්‍යා’ සොයා යමින් සිටින මිහිරියාවෙන් පිරී ගමන්මඟ ගැන කතා කරන්නට අප වෙනුවෙන් සිය කාලය වැය කළේ මෙලෙසිනි.
‘සත්‍යා’ සමඟ මේ දිනවල ඔබ අවිවේකී ගමනකට මැදිව සිටිනවා?
ඔව්.., තවමත් එහි රූ ගතකිරීම් අඩක්වත් නිමවී නැහැ. ඒ වෙනුවෙන් මේ දවස්වල කාලය මිඩංගු කරනවා.
ඔබ ඉතා වේගයෙන් වෙනස සොයා ගිය නිර්මාණකරුවෙක්?
නිර්මාණකරුවකු, එසේත් නැතිනම් අධ්‍යක්‍ෂවරයකු සතු වගකීම වන්නේ එය නොවේද? අප එලෙස වෙනස් නොවුණහොත් ප්‍රේක්‍ෂකයන් අපේ නිර්මාණ හැරදමා වෙනත් නිර්මාණ සොයා යනවා. අනෙක ‘වෙනස’ යන අකුරු තුන ගැන කතාබහට සීමාවීමද නිකන් කයිවාරුවක් පමණයි. අප වෙනස් විය යුතුයි. ඒ ප්‍රේක්‍ෂකයා ඉල්ලන වෙනස රූපවාහිනී කතිකාවකට පැමිණ නන් දෙඩවීම තුළින් ‘වෙනස’ සිදුවන්නේ නැහැ. එය අප ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුයි. ඒ සඳහා වටිනා නිදසුණක් දිය යුතුයි. අන්න එවිටයි නව දැක්මක් තුළ අප ‘වෙනස’ කළාය යන හැඟීම ප්‍රේක්‍ෂකයා තුළ ඇතිවන්නෙ.
‘සත්‍යා’ හැදුවේ එවැනි නිදසුනක් වෙනුවෙන්ද?
සත්‍යා තුළින් අප වෙනසක් කළාය කියන එක අපට පුන පුනා කියන්නට බැහැ. ඒ නිසා ඔබේ ඔය ප්‍රශ්නයට මට ‘ඔව්’ කියන උත්තරය දිය නොහැකියි. වෙනසක් කරන්නට සිතා අප යමක් කළා. එය හරියටම සිදුවුණාද කියන කාරණය තීරණය කරන්නේ ප්‍රේක්‍ෂකයයි. ‘සත්‍යා’ ටෙලිනාට්‍ය පෙන්වීමට පළමුව සිදු කරන හඳුන්වාදෙන විටදීවත් ‘ඔන්න අපි මහා වෙනසක් කළා, දැන් ඉතින් නරඹන්න යැයි’ යන වචන අප පාවිච්චි නොකළේද අපට අපවම පාරට්ටුකර ගැනීමට බැරි නිසයි.
ආරංචියේ හැටියට නම් දැනටමත් ‘සත්‍යා’ වෙතින් දුන් වෙනසට ‘ෂෝසල්’ මීඩියා හරහා ප්‍රතිචාර ලැබෙනවලු?
අන්න ඔබ මට වුවමනා ප්‍රශ්නය ඇහුවා. දැන් මට පුළුවනි එයට ‘ඔව්’ කියා උත්තර දෙන්න. තවමත් විකාශනය වූයේ ‘සත්‍යා’ කොටස් හතරයි. ඒ කුඩා කාල සීමාව ඇතුළත සමාජ ජාලා වෙබ් අඩවි තුළ මෙය වෛරසයක් තරමට පැතිර ගිහින්. ‘සත්‍යා දෙබස්වලින් පවා ඉතා කදිම ‘පෝස්ටු’ පවා නිර්මාණය වී අවසානයි. කියන්න සතුටුයි, තවමත් ‘සත්‍යා’ සමඟ ප්‍රේක්‍ෂකයන් සිටින්නේ සොහොන ඇතුළෙයි. සොහොනෙන් පිටත කතාව දකින්නටත් පළමුව ඔවුන් ඉතා උණුසුම් ආකාරයට මේ ගැන කතා කරන්නට පටන් අරගෙන. ඉදිරියට තවදුරටත් ඔවුන් ‘සත්‍යා’ ගැන බොහෝ දේ කතා කරන කාලයක් එන්නට පුළුවනි.
ප්‍රතිචාරයට වඩා තුඩුදෙන්නේ, ‘සත්‍යා’හී පසුබිම්ව තිබෙන කුතුහලයද?
සත්තකින්ම, ඒ කුතුහලය තමයි ‘සත්‍යා’ වටා අසුන් තබා ඉඳගන්නට ප්‍රේක්‍ෂකයන් පොළඹවන්නේ. ඒත් අනාවැකියක් මෙතැනදී කියන්නට පුළුවනි. ඒ තමයි, ප්‍රේක්‍ෂකයා හිතන දේ නෙවෙයි අනාගතයේදී මෙහි සිදුවන්නේ. ඒ වගේම ඔවුන්ගේ යටි සිත කැමැති වන්නේද ඒ ‘කුතුහලයටම’ තමයි.
‘සත්‍යා’ තිර පිටපතෙහි අදහස නාමල් ජයසිංහට දුන්නේ ඔබද?
නැහැ. එහි මුල් පියවර ඔහුගෙමයි. එයට පසුව යම් අවස්ථාවන් හරහා මම ඔහු සමඟ කතිකා කොට යම් සිදුවීම්වලට මැදිහත් වුණාය කිව්වොත් හරි.
‘සත්‍යා’ සත්‍යය සිදුවීමක් අනුසාරයෙන් තැනුණු බවයි ආරංචිය?
නැහැ, එය මනඃකල්පිතයි. හැබැයි ‘සත්‍යා’ කතා තේමාව සහ ඒවටා ගොඩනැඟෙන්නේ සමාජයේ කොතැනක හෝ සිදුවූ ඛේදවාචකයක් තමයි. නිදසුනක් ලෙස ‘ඇඩ්‍රස් නැති මරණ’ සහ ‘අවාසනාවන්ත ලෙස සිදුවූ අතුරුදන්වීම්’ මෙහිදී දක්වන්නට පුළුවන්.
‘ප්‍රමිතිකරණය’ ටෙලි කලාවට එන්න පටන් අරන්, ඔබ එය පිළිගන්නවද චරිත්?
අනිවාර්යයෙන්ම, දැන් ප්‍රේක්‍ෂකයා බලාපොරොත්තුවන වෙනස තුළ එය අත්දකින්නට පුළුවන්. ඒ වගේම මෙම ප්‍රමිතිකරණයෙහි ආරම්භය තුළ වන වගකීම තිබෙන්නේ නිර්මාණකරුවන් අත විතරක්ම නෙවෙයි. රූපවාහිනී චැනලය බාර ප්‍රධානීන්ද මෙයට උරදිය යුතුයි.
ඔබ හිතනවද චරිත් මේ අවරගණයේ මෙගා රැල්ල සමනය වී යැයි කියලා?
අවර ගණයේ මෙගා රැල්ල විතරක් නෙවෙයි, ඉන්දියානු සහ කොරියානු ටෙලි කලාව තුළ අතරමං වී සිටින ප්‍රේක්‍ෂකයාගේ සිතද ඒ මායාවෙන් ඔබ්බට ගෙන යෑමට ගුණාත්මක ටෙලි කලාව සුහද මෙන්ම ආධ්‍යාත්මික ගනුදෙනුවක් වෙනවා කියන එකද නිසැකයි. අවසාන වශයෙන් මෙතැනදී කියනවා නම්, එක් නිර්මාණකරුවකු ගුණාත්මක නිර්මාණයක් කිරීමෙන් පසුව ප්‍රේක්‍ෂකයා ඒ වටා ඉඳගන්නේද, ඒ අනුව තව බොහොමයක් වූ නිර්මාණකරුවන් හොඳ නිර්මාණයන් එළිදැක්වීමට පිඹුරුපත් සකසන වග විශ්වාසයි. අන්න එතැන් සිට ගුණාත්මකව නිර්මාණ බිහිවීමේ කලාව නොනවත්වාම ඇතිවෙයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෝඩි-ට්‍රම්ප් කාඩ් කුට්ටමේ රනිල් සහ සජිත් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

ගෝඨාටයි මහින්දටයි එකට වැඩ කරන්න පුළුවන්ද? (රටේ පැත්ත)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.