• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝඩි-ට්‍රම්ප් කාඩ් කුට්ටමේ රනිල් සහ සජිත් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 1, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
මෝඩි-ට්‍රම්ප් කාඩ් කුට්ටමේ රනිල් සහ සජිත් (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට එරෙහිව වරායේ වැඩවර්ජනයක් දියත් කළ වෘත්තීය සමිති මහින්දව හමුවී විසඳුමක් ලබාගන්න මැදමුලනට ගිය විටදී මහින්ද අපූරු කතාවක් කියා තිබුණි.
‘ගිය පාර මට කෙළවුණේ ඇමෙරිකාවයි, ඉන්දියාවයි එක්ක හැප්පෙන්න ගිහිල්ලා ආයේ නම් මම ඒ මෝඩකම කරන්නේ නැහැ..’
මහින්ද වෘත්තීය සමිති නායකයන්ට කියා තිබුණි. 2015 මහින්දව පරාජය කළේ ඉන්දියාව සහ ඇමෙරිකාව බව මහින්දත් මහින්දවාදීනුත් ප්‍රසිද්ධියේ කියන කතාවකි. මහින්දලා කියන්නේ මෛත්‍රිපාල ආප්ප කාලා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වෙන්න ගියේ ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල කුමන්ත්‍රණයක් ලෙස කියාය. මහින්දව පරාජය කරන්න ලංකාවේ විපක්‍ෂයට පාර කපල දුන්නේ ඉන්දියාව සහ ඇමෙරිකාව විය හැකි බව ඉන්දීය මාධ්‍යයත්, විදේශ මාධ්‍යයත් එකල සඳහන් කොට තිබුණි. 2015 ජනාධිපතිවරණය තරග කිරීමට රනිල් සූදානමින් සිටි බවත්, ඉන්දියාවේ ආශිර්වාදය මත දමිළ ජාතික සන්ධානය රනිල්ට තරග නොකරන ලෙස බලපෑම් කළ බවත් එකල ප්‍රකට කතාවකි. පොදු අපේක්‍ෂකයා ඉන්දියාව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල නිර්මාණයක් බව මහින්දලා කියපු ජනප්‍රිය කතාවකි.
හැබැයි 2019 ජනාධිපතිවරණයේදි ඉන්දියාවත්, ඇමෙරිකාවත්, බටහිර රටවලුත් අනුගමනය කළේ දැඩි නිහඬ පිළිවෙතකි. ඒ බව ජනාධිපතිවරණය මැද බැසිල් රාජපක්‍ෂද ‘ද හින්දු’ ඉන්දීය මාධ්‍යයට පවසා තිබුණි. ඔහු කීවේ ඉන්දියාව මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්‍ෂකයකුට සහාය නොදෙන බවය. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ඔහු කීවේය. විශේෂයෙන්ම ඇමෙරිකාව ගෝඨාභයගේ පුරවැසිකම අත්හරින්න ඉඩ නොදෙයි කියා යූ.ඇන්.පී.ය ලොකු බලාපොරොත්තු ඇතිව සිටියත් ඇමෙරිකාව ගෝඨාභයට තහංචි පැනවූයේ නැත.
‘ඇයි ඒ..?’
ඉන්දියාව – ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් 2015 විපක්‍ෂයට පොදු අපේක්‍ෂකයෙක් හොයා දී විපක්‍ෂය දිනවන්න ගිහින් හොඳ පාඩමක් උගෙනගෙන තිබුණි. මෛත්‍රි සහ රනිල් 2015 ආණ්ඩුව සියතට ගෙන තවත් නිල කාලයක් එසේත් නැතිනම් 2025 තෙක් ජනාධිපති ධුරයත් ආණ්ඩුවත් ආරක්‍ෂාකර ගනීය කියා ඉන්දියාව – ඇමෙරිකාව ඇතුළු රටවල් හිතුවත් එසේ නොවීය. මෛත්‍රි සහ රනිල් රණ්ඩු කරගෙන එකිනෙකාට එරෙහිව කේළාම් කීවේත් මේ රටවලටය. ඔවුන් රණ්ඩු කර කර සිටියා විනා ලංකාවේ චීන බලපෑම නතර කරන්න කිසිවක් කළේ නැත. හම්බන්තොට වරාය චීනයට දීමට මෛත්‍රි සහ රනිල් තීරණය කිරීම ඉන්දියාවේ අප්‍රසාදයට හේතු විය. මහින්දගේ ආණ්ඩු කාලයේ සිටම සාකච්ඡා වූ ඉන්දීය ව්‍යාපෘති කිසිවක් මෛත්‍රි – රනිල් ආණ්ඩු කාලයේ ක්‍රියාවට නැඟුණේද නැත. ඉන්දියාව මෛත්‍රි – රනිල් ආණ්ඩුව සීපා ගිවිසුම අස්සන් කරයි කියා බලාපොරොත්තු වුවත් රටේ විරෝධය නිසා එය කළ නොහැකි බව කියා දෙදෙනාම රට අවුස්සන්නේ මහින්ද කියා බෝලය මහින්දට පාස් කළහ. ඇමෙරිකාව සමඟ අස්සන් කිරීමට නියමිත සෝෆා ගිවිසුමටත් මිලේනියම් ගිවිසුමටත් වූයේ එයමය. ඇත්තටම මහින්දගේ ආණ්ඩු කාලයේ කිසිදු විරෝධතාවයකින් තොරව ඇමෙරිකාව ලංකාව සමඟ සෝෆා ගිවිසුම අස්සන් කළේය. මෛත්‍රි – රනිල් ආණ්ඩුව අස්සන් කළ ගිවිසුම දික්කිරීමටද බය විය. මෙම ගිවිසුම් දික් කිරීමටද බය විය. මෙම ගිවිසුම් අස්සන් කරන්න නම් තමන්ව 2019 ජනාධිපති කරවන ලෙස මෛත්‍රි ඉන්දියාව ඇමෙරිකාව ඇතුළු රටවල් ඉදිරියේ නාහෙන් හැඬූ අතර, තමන්ව ජනාධිපති කරන ලෙස රනිල් නාහෙන් ඇඬීය.
මෙය විහිළුවක් බව ඉන්දියාව – ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වැඩිකල් යෑමට මත්තෙන් තේරුම් ගත්හ. ආණ්ඩු පෙරළන්න ආණ්ඩු බලයට ගෙන එන්න තිරය පිටුපස සිට මාර්ග සිතියම් හදන්න විදේශ රටවලට පුළුවණ. හැබැයි ආණ්ඩුව ආරක්‍ෂා කරන්න ජනතාව එකතු කර ගැනීම ඒ ආණ්ඩුවේ ජනාධිපති, අගමැතිකම් ගත්ත නායකයන්ගේ වගකීමකි. එම රටවල අවශ්‍යතාවලින් ලංකාවට හානි නොවන බව කියා ඒවාට මහජනතාවගේ කැමැත්ත දිනාගැනීම නායකයන්ගේ වගකීමක්. ඒ සඳහා රජයේ මාධ්‍ය පාවිච්චි කිරීමද, රජයේ මාධ්‍ය කියන දේ ජනතාව පිළිගත්තේ නැතිනම් රාජ්‍ය නොවන මාධ්‍ය ආණ්ඩු විරෝධී නම් සල්ලි වියදම් කොට ව්‍යාපාරිකයන් ලවා රාජ්‍ය නොවන මාධ්‍ය නිර්මාණය කොට ජනප්‍රිය කරවීම නායකයන්ගේ වැඩකි. මේ කිසිත් නොකර අනේ අපව ජනාධිපති කරන්න යැයි නාහෙන් ඇඬුවාට ඒ රටවල් පව් කියන්නේ නැත.
මෙය හොඳින් තේරුම් ගත්තේ බැසිල්ය. ඔහු පොදුජන පෙරමුණ නිර්මාණය කොට 2018 පුංචි ඡන්දය දිනා ඊළඟට ජනාධිපති හදන්නේ අපි යැයි ලෝකයටම පෙන්නුවේය. ඉන්පසු මහින්දට ඉන්දියාවේ දොර ඇරුණි. මහින්ද මෝදි හමු විය. නිතර නිතර ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය හමුවිය.
‘අපි 2015ට කලින් චීනයට කඬේ ගිහින් වරදක් කළා. ඒ වරද අපි ආයේ කරන්නේ නැහැ…’
මේ මහින්ද දුන්න පණිවුඩයය. ජනාධිපතිවරණය මැද හින්දු පුවත්පතට කතා කරමින් බැසිල්ද කීවේ අපි අතින් ඉන්දියාවට ජාත්‍යන්තර ප්‍රජාවට වරදක් වුණා, ඒ වරද යළි වෙන්න දෙන්නේ නැහැ කියාය.
ඇමෙරිකාව – ඉන්දියාව ඇතුළු බටහිර රටවල් එය පිළිගත්තේය. 2019 ජුනි මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ලංකාවට සහයෝගීතාවය පළකරන්න මෝඩි ලංකාවට ආවේය. ඔහු සමඟ හමුවක් ජනාධිපති ලෙස මෛත්‍රීත්, අගමැති ලෙස රනිල් සහ විපක්‍ෂ නායක ලෙස මහින්ද ඉල්ලා තිබුණි. මෝඩි මෛත්‍රිව වෙනම හමුවීමට එකඟ වූ අතර, මහින්දවත් හමුවීමට එකඟ විය. ඒත් රනිල්ට ඒ අවස්ථාව ලැබුණේ නැත. රනිල්ට ලැබුණේ මෝඩිව ගුවන් තොටුපොළේදී පිළිගෙන කොළඹට ගෙන යද්දී වාහනයේ කතා කිරීමේ අවස්ථාව පමණි. අනෙක මෝඩිගේ සංචාරයේ පරිවාරක ඇමැති ලෙස නම් කර තිබුණේ මලික් සමරවික්‍රම ඇමැතිවරයාය. අවසන් මොහොතේ සජිත් ප්‍රේමදාස පරිවාරක ඇමැති වූයේ රනිල්ව මවිතයට පත්කරවමිනි.
පහත දැක්වෙන්නේ මෝඩිගේ ඒ සංචාරය පිළිබඳව ‘හින්දුස්ථාන්’ පුවත් පත පළ කළ වාර්තාවකින් කොටසකි.
‘මෝඩිගේ සංචාරයේ කාල සටහන ගැන හොඳ දැනුමක් ඇති ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඉතා වැදගත් සහ කුතුහලය දනවන විස්තරයක් හෙළි කළේ ඔහුගේ නම සඳහන් නොකරන ලෙස දන්වමිනි. අගමැති මෝඩිගේ පරිවාරක ඇමැති ලෙස ක්‍රියා කරන්නේ අවුරුදු 52ක් වයසැති තරුණ සජිත් ප්‍රේමදාස යැයිද, ඔහු ඊළඟ ජනාධිපතිවරණයේදී ජනාධිපති වීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද ඔහු කීවේය. ප්‍රේමදාසට මෝඩිගේ සංචාරයේදී මෝඩිව මඟහැරෙන්නේ අවස්ථා දෙකකදී පමණක් බවත්, මුළු සංචාරයේදීම ඔහු සිටින්නේ මෝඩි සමඟ බවත් එම නිලධාරියා පැවැසීය.’
සජිත්ගේ මේ කලඑළි බැස්ම ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉන්දියාවේ ඊළඟ බලාපොරොත්තුව සජිත් බව හඟවමිනි. ඒත් ඇත්ත එය නොවේ. ඉන්දියාව 2019 ජනාධිපතිවරණයේදී නිහඬව ඉන්න තීරණය කර තිබුණි. ඒත් ඡන්ද දිනන්න බලය ගන්න තමන් ඉදිරියේ නාහෙන් අඬන නායකයන්ට වඩා ජනතාවගේ කැමැත්ත දිනාගත හැකි ජනප්‍රිය නායකයකු යූ.ඇන්.පී.යේ අපේක්‍ෂකයා වීම ගැන ඉන්දියාව කැමැති වන්න ඇත. මීට පෙර සජිත් මෝඩි නමින් නිවාස ගම්මානයක් විවෘත කර තිබූ අතර, එයට මෙරට ඉන්දීය මහ කොමසාරිස්ද සහභාගි වී සිටියේය. සජිත්ගේ නිවාස ව්‍යාපෘතියට ඉන්දියාවේ ආධාර හිමි වූ අතර, සජිත්ගේ නිවාස ව්‍යාපෘතිය අගයමින් මෝඩි ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබුණි.
සජිත්ගේ මේ ඉන්දීය සම්බන්ධතාවය ගැන රනිල් හිටියේ ඇහැගහගෙනය. රනිල් යූ.ඇන්.පී. නායකත්ව අර්බුදයක් මතුවෙන හැම අවස්ථාවකම ඉන්දියාවට දුවන්නේ ඉන්දියාව ඉන්නේ තමන් සමඟ බව පෙන්වා නායකත්වය ආරක්‍ෂාකර ගන්නටය. 2019 ජනාධිපතිවරණයට සජිත් පක්‍ෂ නායකත්වයට සටන් කරද්දී රනිල් සම්මන්ත්‍රණයකට යැයි කියා ඉන්දියාවට ගියේය. රනිල්වාදීන් හිතුවේ රනිල් මෝඩි හමුවී ඉන්දියාවේ ශක්තිය අරන් එයි කියාය. රනිල්ට මෝඩි හමුවුණෙත් නැත. ලංකාව ගැන තීන්දු, තීරණ ගන්නා රතු බලකොටුවේ කිසිවෙක් හමුවූයේත් නැත.
2001දී එවකට ඉන්දියාවේ බලයේ සිටි භාරතීය ජනතා පක්‍ෂයේ වජ්පායි ආණ්ඩුව චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ කෙනෙහිලිකම් ගැන කලකිරී රනිල්ට ආණ්ඩුව ගන්න තිරය පිටුපස සිට ආශීර්වාද කළේය. රනිල්ට ආණ්ඩුව තියාගන්න බැරි විය. 2015 වුණේත් ඒකමය. මෛත්‍රි – රනිල් ගැටුමත්, රනිල්ගේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහ බැංකු මංකොල්ලයත් නිසා ආණ්ඩුව අප්‍රසාදයට පත්වීම ගැන ඉන්දියාවට, ඇමෙරිකාවට සහ බටහිර රටවලට කළ හැකි දෙයක් නැත. 2018 කුමන්ත්‍රණය පරාජය කොට රනිල්ට යළි අගමැති වෙන්නත් මේ රටවල් තිරය පිටුපස කාර්ය භාරයක් කළහ. ඒත් රනිල්ට ආණ්ඩුව ගොඩදමා ගන්න බැරි විය. කොරෝනා වසංගත කාලයේත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල තානාපතිවරු හමුවූයේ සජිත්ව මිස රනිල්ව නොවේ. කොවිඞ් වසංගතය ජය ගැනීම ගැන ස්තුතිය පළ කරමින් රනිල් ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කේල්ට ලිපියක් යැවුවේය. රනිල්ට සමීප සබඳතා තිබූ නෝර්වේ අගමැතිනියට ලිපියක් යැව්වේය. කොරෝනා වසංගතය ජයගන්නා ලංකාවට උදව් කරන්න කියා ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට ලිපියක් යැව්වේය. මේ කිසිදු රටකින් විදේශ ඇමැති මට්ටමෙන් හෝ රනිල්ට පිළිතුරු ලැබුණේ නැත. රනිල් මේ ලිපි යැව්වේ තමන් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ දකුණු ආසියාතික ප්‍රධානියා ලෙස දක්වමිනි. ඒත් අවම තරමේ මෙරට ඇමෙරිකානු, ජර්මානු, නෝර්වේ තානාපති කාර්යාලවලින්වත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
මෙයින් පේන්නේ මේ රටවල් තවදුරටත් රනිල්ට ඔට්ටු අල්ලන්න සූදානම් නැති බවය. ඔවුන් කාටවත් ඔට්ටු අල්ලයි කියා සිතිය නොහැකිය. හැබැයි රාජපක්‍ෂලා පරණ වරදම ආයෙත් කළොත් ඔවුන්ගේ කාඞ් කුට්ටමේ ආසියා සජිත් වීම වළක්වන්න නම් කාටවත් බැරිය. හේතුව සජිත් ඔවුන්ගේ හයියට වඩා මහජනතාවගේ හයිය ගැන විශ්වාසය තබන නායකයෙක් බව ඔවුන් දන්නා නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඩිස්නි පාර මැද්දෙ කන රත්වෙන්න කාපු කම්මුල් පාර

Next Post

වෛරසයක් වගේ හැම තැන පැතිරෙන සත්‍යා

MORE NEWS

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

Load More
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව සර්වේයර් ජනරාල්වරිය ලෙස ඕ. ටී. එම්. අයි. තිලකරත්න පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.Sri...

Read more
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.