• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රෙද්ද හැට්ටෙ ඇඳලා ‘හැන්දෑව’ට ආ රුවැත්තිය

October 19, 2019
in Heart
Reading Time: 2 mins read
A A
රෙද්ද හැට්ටෙ ඇඳලා ‘හැන්දෑව’ට ආ රුවැත්තිය
Share on WhatsAppShare on Facebook

සිනමාවේ විශාල වෙනසක් සිදුකළ නිල්මිණි තෙන්නකෝන් රංගවේදිනිය අතීතයේ මෙන්ම වර්තමානයේද ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය චරිතයකි. ටෙලිනාට්‍ය මෙන්ම සිනමාවද ජයගත් ඇය සම්මාන විශාල ප්‍රමාණයකට පාත්‍ර වූ රංගන ශිල්පිනියකි. හොඳම නිළිය ලෙස අවස්ථා ගණනාවකදී සම්මාන ලැබූ ඇය හර්බට් රංජිත් පීරිස් මහතාගේ වෙළෙඳ දැන්වීමකින් කලාකෙතට පාතැබූ ඇයගේ අලුත්ම තොරතුරු දැනගන්නට අපි ඇයට කතා කළා.

නිල්මිණි කොහොමද ජීවිතේ?
ජීවිතේ හරිම කාර්යබහුලයි. දුවගේ අධ්‍යාපන කටයුතු නිසාත්, ඒ වගේම රටේ පසුගිය දවස්වල සිද්ධවෙච්ච අයි.එස්. ප්‍රශ්නය නිසා නැවතුණු වැඩත් නැවත පටන් අරන්. ඒ නිසා මේ දවස්වල ගොඩාක් කාර්යබහුලයි.
“හැන්දෑව” ටෙලිනාට්‍යයේ ප්‍රථම වතාවට නේද වයසක චරිතයක් රඟපෑවේ. කොහොමද ඒ අත්දැකීම?
“හැන්දෑව” ටෙලිනාට්‍යයේ රෙද්ද හැට්ටේ ඇඳලා රඟපෑවේ ප්‍රථම වතාවට. ඒ රඟපානකොට මම හිටියේ තරුණ අවධියේ. ගොඩාක් අධ්‍යක්‍ෂවරුන්ගේ මතයක් තිබුණා මම රෙද්ද හැට්ටෙ ඇන්දාම ගැමි පෙනුමක් නැහැ කියලා. ඒත් අධ්‍යක්‍ෂ ෂර්ලි පී. ඩිලන්කාවල මහතා කිව්වා රෙද්ද හැට්ටේ ඇන්දාම ස්වර්ණා මල්ලවාරච්චි වගේ ගැමි පෙනුමක් තියෙනවා කියලා. මම එහෙම චරිතවලට පැකිලෙන්නේ නැහැ. ඊට පසුව අම්මා සහ ගිරිකුල කියන ටෙලිනාට්‍යවලත් වයසක චරිත රඟපෑවා.
ක්‍ෂේත්‍රයට ආව මුල් කාලය ගැන ආවර්ජනය කළොත් මොනවාද හිතෙන්නේ?
ගොඩාක් සුන්දරයි ඒ දවස්වල. මම රූපවාහිනී සංස්ථාවටත් ගියේ සුදු ගවුම පිටින්. ඒ ධම්ම ජාගොඩ සර්ගේ “සසර” නාට්‍යයට සහ “මුහුදු පුත්තු” කියන මුද්‍රා නාට්‍ය සඳහා. “සසර” මගේ මුල්ම නාට්‍ය වුණා. චිත්‍රපට කැමරාවක් දැක්කෙත් ඒ දවස්වල. ඒ ගමන ගැන කිව්වොත් හරිම සුන්දරයි වගේම කටුකයි. කැපිලි ගොඩාක් තිබුණා.
ඔබ කොහොමද දකින්නේ එදා තිබුණු ටෙලිනාට්‍ය හා අද විකාශය වන ටෙලිනාට්‍ය අතර වෙනස?
එදා සහාය අධ්‍යක්‍ෂවරු ලෙස කටයුතු කළ අය අද හොඳ අධ්‍යක්‍ෂවරු බවට පත්වෙලා සිටිනවා. ඒ නාට්‍ය විතරයි හොඳ තත්ත්වයක පවතින්නේ. දැන් තියෙන නාට්‍යවල ෂේඩින් ලයිටින් මුකුත් නැහැ. හරිම අමුයි. මම ඒවා දකින්නේ තනි සුදු රෙද්දක වැටිච්ච පැල්ලමක් වගෙයි. ඒ වගේම යොදාගන්නා වර්ණ කොස්ටියුම් කිසිම ගැළපීමක් නැහැ. චැනල්වල අය එකම කලාකරුවන් පිරිසක් යොදාගෙන දීර්ඝකාලීනව ගෙනයන නාට්‍ය නිසා ගොඩාක් කලාකරුවන්ට අවස්ථාව අහිමිවෙලා ගෙදර ඉන්න සිද්ධවෙලා. මම රඟපෑව අස්වැන්න, අස්වැස්ස සහ ගිරව් කියන හොඳ ටෙලිනාට්‍ය තියෙනවා විකාශය කරගන්න චැනල් එකක් නැතිව.
දූදරුවෝ ටෙලිනාට්‍ය තාමත් අමතක වෙලා නැහැ රසික රසිකාවියන්ට. මොනවද මේ ගැන හිතෙන්නේ?
ඔව්. මම හිතනවා ඒ දවස්වල දීප්තිව අනුකරණය කළා. දීප්ති අඳින විදියට ඇන්දා. කොණ්ඬේ දීප්ති කට් කියන මෝස්තරයට කැපුවා. ගොඩාක් අය ඒ චරිතයට ආදරය කළා. දීප්ති වෙනුවෙන් අඬපු නැති කෙනෙක් නැතුව ඇති. ඒ කාලේ හිටපු අයට ඒ චරිතය අමතක වෙන්නේ නැහැ. නව පරම්පරාව මේ ගැන දන්නෙවත් නැහැ. ඒ දවස්වල ටෙලිනාට්‍යයක කොටස් අඩු වුණාට මිනිසුන්ගේ හිත්වල මතකය රැඳී පවතිනවා.
රසික රසිකාවියන්ට වැඩියෙන්ම ළංවූ චරිතය මොකක්ද?
ඒ ඒ වකවානුවල ඒ ඒ චරිතවලින් රසික හදවත් තුළට මම ළංවුණා. අදටත් දීප්ති කියලා කතා කරනවා ලෝකේ කොයි රටකට ගියත්. ඒ නමින් ආමන්ත්‍රණය කරනවා. දූදරුවෝවලින් පස්සේ “දියසුළිය”. ඒ වගේම නිදකුම්බා මල්, කුමාරයාණෙනි, ඉටිපහන්. මේ සියලුම ටෙලිනාට්‍ය ලංකාවේ හිට්වෙලා චරිත කතාබහට ලක්වුණා.
අපිට දකින්න පුළුවන් අලුත් නිර්මාණ මොනවාද?
අස්වැන්න, අස්වැස්ස සහ ගිරව් කියන නිර්මාණ එන්න තියෙනවා. ඊට අමතරව චිත්‍රපට දෙකක් තියෙනවා. එකක් ගාමිණී හේවාවිතාරණ මහතාගේ චිත්‍රපටයක්. අනෙක ළමා චිත්‍රපටයක්.
දැන් ආරාධනා ලැබෙන්නේ අඩුවෙන්ද?
එහෙම නැහැ. ගොඩාක් රඟපෑ ටෙලිනාට්‍ය එන්න තියෙනවා. මම පස්සෙන් ගිහින් නිර්මාණ ඉල්ලන්නේ නැහැ. මම ගොඩනඟාගත් දේවල් නැතිකරගන්න කැමති කෙනෙක් නෙවෙයි. මම මෙගා නාට්‍යවලට යන්නෙත් නැහැ. හරයක් තියෙන පිටපත් ලැබුණොත් විතරයි භාරගන්නේ.
ඒවා භාරගන්නේ තෝරා බේරාගෙනද?
ඔව්. අනිවාර්යයෙන්ම තෝරා බේරාගෙන. මට සල්ලිවලට වැඩිය වටිනවා මම හදාගත්ත නම.
කලාව අගාධයට යනවා කියලා ඔබ හිතනවාද?
දැනටමත් අගාධයට ගිහින් ඉවරයි. ටෙලිනාට්‍ය නම් විනාශවෙලා ඉවරයි. චිත්‍රපට සාමාන්‍ය තත්ත්වයක පවතිනවා. ටෙලිනාට්‍යවල චරිත හරිම ඒකාකාරියි. කොහේ හරි තැනක වැරදිලා තියෙනවා. මම නම් හිතන්නේ ඒ වැරැද්ද හදාගන්න පරක්කු නැහැ. තාමත් කාලය තියෙනවා. හොඳ වෙලාවට මහේන්ද්‍ර අයියා හොඳ නළු නිළි පිරිසක් බිහිකරලා තියෙනවා. කලාව රැකගන්න නම් හොඳ අධ්‍යක්‍ෂවරු, හොඳ නිෂ්පාදකවරු බිහිවෙන්න ඕන. ඉස්සරහට එන පරපුරත් ඔය එකම දේ කරයි කියලා මම හිතනවා. ඒක නැතිකරගන්න රංගශාලා ප්‍රවීණයන්ගෙන් දැනුම, පුහුණුවීම් අරගත්ත නිපුණ කලාකරුවන් මේ සඳහා යොදාගන්න ඕන.
ආධුනික රංගන ශිල්පිනියන්ට දෙන්න පුළුවන් අවවාදය මොකද්ද?
ඒගොල්ලන්ට අවවාද දීලා වැඩක් නැහැ. හැබැයි හොඳ තරුණ පරම්පරාවක් බිහිවෙලා ඉන්නවා. එයාලා දැනගන්න ඕනේ මොළය පාවිච්ච කරලා ප්‍රඥාවෙන් වැඩ කරන්න. විශේෂයෙන් හිතේ ශක්තිය තියෙන්න ඕන. හොඳ කලාත්මක ක්‍ෂේත්‍රයක් බිහිවෙන්න නම් කලාවේ ගුණාත්මක බවක් තියෙන්න ඕන. නළුවෙක් හෝ නිළියක් වෙන්න නම් කිසියම් පිළිගත් ආයතනයක ප්‍රතිභා රංගන ශිල්පය ගැන හදාරලා තියෙන්න ඕනේ. වෘත්තීය සුදුසුකමක් තියෙන්න ඕනේ.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අඩියෙන් දෙකෙන් වංගෙඩිගලට

Next Post

සන්ලයිට් වෙතින් ‘මනුදම් වියමන’

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.