ශ්‍රී ලාංකේය විවිධ ජන කොටස් අතර අන්‍යෝන්‍ය බැඳීම් ශක්තිමත් කිරීම වෙනුවෙන් ‘මනුදම් වියමන’ මෙරට ජනතාව අතර පැරැණිතම මෙන්ම වඩාත් ජනප්‍රියතම සන්නාමයක් වන සන්ලයිට් විසින් දිවයින පුරා රැගෙන යෑම ආරම්භ කිරීමට නියමිතයි.
‘ඔබගේ හදවතත්, නිවසත් විවර කරන්න’ යන තේමාවෙන් එකිනෙකා කෙරෙහි විශ්වාසය, අවබෝධය සහ රැකවරණය ගොඩනැගීමේ අවශ්‍යතාව වෙනුවෙන් ‘මනුදම් වියමන’ ශ්‍රී ලාංකික ඔබගේ හදවත් ආමන්ත්‍රණය කරයි.
මෙම වසරේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සන්ලයිට්, එම ප්‍රහාරයන්ගෙන් දිවි බේරාගත් පිරිසට උපකාර කිරීම සඳහා විවිධ ආගමික හා සිවිල් සංවිධානයන් සමඟින් එක්වී කටයුතු කරයි. නමුත් පාස්කු ඉරුදින සිදුවූ කම්පනය දනවන සිදුවීම් තුළ කලබලයට සහ සමාජයීය වශයෙන් පීඩාවට පත්වූ මෙරට මිලියන 21ක සෙසු ජනතාවට උපකාර කිරීමේ අවශ්‍යතාව ඉදිරි මාසයන්හි ප්‍රමුඛතා කාර්යයක් බවට පත්වූ අතර එය සන්ලයිට් ‘මනුදම් වියමන’ ආරම්භයට හේතු විය. එකිනෙකා අතර ශක්තිමත් බැඳීමක් ගොඩනගා ගැනීමේ වැදගත්කම පිළිබඳ ජාතික දැනුවත්භාවයක් ඇතිකිරීමේ මෙහෙයුමකින් ආරම්භවී දිවයින පුරා සිටින ජනතාවගේ ජන වරමින්, ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් දීපව්‍යාප්තව රැගෙන යෑම ‘මනුදම් වියමන’ මගින් සිදුකරයි. එසේ රැගෙන යන ප්‍රාර්ථනාවන්ගෙන් සපිරි ‘මනුදම් වියමන’ පසුව ශ්‍රී ලාංකේය අනාගත නායකයන් වෙත ඉදිරිපත් කරනු ලබයි. මීට සමගාමීව විවිධ ආගම්, ජාතීන්, ජනවර්ගයන්ගෙන් සමන්විතවූ ශ්‍රී ලාංකේය කලාකරුවන් ගායනා කරන ‘මනුදම් වියමන’ ගීය තුළින් ඔවුන් මෙරට තුළ විශ්වාසයේ, අවබෝධයේ සහ රැකවරණයේ පණිවුඩය පතුරුවා හැරීමට සන්ලයිට් සමඟින් අත්වැල් බැඳගනී.