• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේ ලියන්න හදන්නේ ජෝතිමත් ගායක ජෝති ගැන අපූරු සටහනක්! Sri Lanka Latest News

August 30, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මේ ලියන්න හදන්නේ ජෝතිමත් ගායක ජෝති ගැන අපූරු සටහනක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඒ ජෝති කියපු ඔහුගේ තවත් ෆේමස් සින්දුවක රසය ගැන නම් නෙවෙයි. මේක වෙනමම කතාවක්. බොහෝ විට හුඟ දෙනෙක් අහලා නැති කතාවක්. එච්.ආර්. ජෝතිපාල කිව්වම අපි හැමෝම දන්නේ මියගියත් අවුරුදු තිස් ගණනක් ගියත් තවමත් ඔහු ගීත ලෝලීන් අතර ජනප්‍රිය ගායකයෙක් කියන එක විතරයිනේ. ඒක ඇත්ත. ඔහුගේ ගීත රසය හැමදාමත් අමරණීයයි. ඒ අමරණීය ගායකයා ක්‍රිකට් ක්‍රීඩාවට අසීමිතව ලොල්ව හිටපු ක්‍රිකට් පිස්සෙක් කියන කාරණය ගැන කවුරුත් වාගේ අහලා තිබුණේ නැහැ.Sri Lanka Latest News

මේ කතාවට පසුබිම් වන්නේ 1974-75 කාලය. ජෝති ඒ කාලේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ හිටපු ප්‍රබල සාමාජිකයෙක්. ඒ දවස්වල කෝල්ට්ස් ක්ලබ් එකට ජෝති නැතුවම බැරි ක්‍රීඩා ලෝලී සාමාජිකයෙක් වුණාලු. ‘සින්දු කියන’ එක තමන්ගේ ජීවිතය කරගත්ත ඔහු ඒ දවස්වල සංගීත සංදර්ශනත් මිස් කරලා තමයි මැච් බලන්න ආවා කියන්නේ. දිනන මැච්වලට චියර් කරන්න වගේම මැච් එකක් පරාද වුණාම ක්‍රීඩකයන්ව ‘මෝටිවේට්’ කරන්නත් ඔහුට තිබුණේ පුදුම දක්ෂකමක්ලු. දවස් ගානක් ග්‍රවුන්ඩ් එකේ කාලය ගෙවන ජෝති ක්‍රීඩකයන්ට කන්න බොන්න දෙන්නත් ඔහුගේ පසුම්බිය විවෘත කරපු අවස්ථා ඕනෙ තරම් තිබුණලු. මැච් එකක් දින්නම ක්ලබ් එකේ තමා සමග එකට ඉන්න යාළුවන්ට රසම රස බයිට් එක්ක බෝතල් පාටියක් දෙන එක තරම් විනෝදයක් ජොලියක් ඔහුට තවත් තිබුණෙ නැහැලු. එහෙම පාටිය ඕගනයිස් කරන ජෝති පාටියට සෙට් වෙන්න එන්නේ ලස්සන කෙල්ලන්වත් එකතු කරගෙනලු.

තවත් රසවත්ම සිදුවීමක් මෙතැනදී නොලියාම බැහැ. ශ්‍රී ලංකා ටීම් එකේ හිටපු ජනප්‍රියම ක්‍රීඩකයෙක් කසාද බැන්දෙ ජෝති කෝල්ට්ස් ක්ලබ් එකත් එක්ක සමීපව ගනුදෙනු කරන දවස්වල තමයි. ඔහු දීර්ඝ කාලයක් ටීම් එකේ කැප්ටන් වෙලා හිටපු ජනප්‍රියම දක්ෂ ක්‍රීඩකයෙක්. වෙඩින් එකට ජෝතිටත් ආරාධනා ලැබුණා. වෙඩින් එකට කලින් දවසේ ජෝති එයා ඒ දවස්වල ගමන් බිමන් ගිය බෙන්ස් කාර් එක මේ කියන ක්‍රීඩකයාට දීලා. ඒ කාලේ හැටියට තරමක මුදලකුත් දීලා. ‘හනිමුන් එක හොඳට එන්ජෝයි කරපන්. වෙහිකල් එක දෙන්න හදිසි වෙන්න ඕනෙ නැහැ හොඳේ…’ කියලා හදවතින්ම කිව්වලු. මේ සිදුවීම සම්පූර්ණයෙන්ම ඇත්තක්. ක්‍රිකට් කැප්ටන්ගෙ නම නොලිව්වේ ඒක ඒ තරම් විනයගරුක නොවන හින්දයි. මොකද කියනවා නම් ජෝති වුණත් ජීවත්ව හිටියා නම් ඔහු කළ කී දේ ගැන පාරට්ටු කියනවට කැමැති වෙන එකක් නැති හින්දයි.

සින්දුවලටත් වැඩිය ක්‍රිකට්වලට ඇලිලා හිටපු ක්‍රිකට් පිස්සෙක් වුණු ජෝති 1982 අවුරුද්දෙ ලංකාවේ මංගල ටෙස්ට් මැච් එක බලන්න සරවනමුත්තු පිට්ටනියට ආවේ ඔහු තරමටම ක්‍රිකට් පිස්සෙක් වෙච්ච තවත් ජනකාන්ත ගායකයෙක් වුණු මිල්ටන් මල්ලවාරච්චි එක්කලු. දෙන්නා ඉතින් ගෙදර යනකොට යන්නේ පදමට සූර් වෙලාලු.
මේ රසවත් කතාව නොලියා බැරි තරම් සුන්දර වෙනස් එකක් නිසයි මුහුණු පොතෙන් උපුටා ගත්තේ. පින්තූරේ ඉන්නේ ජෝතිපාල, කේ.ඩී.කේ. ධර්මවර්ධන, ෆ්‍රෙඩි සිල්වා සමග සුසිල් මුණසිංහ යන මහත්වරුයි. කට්ටිය මැච් එකක් ගහනවා. කඩුලු රකින්නේ අපේ ජෝති.

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

අසාධාරණයත් එක්ක හැප්පෙන චණ්ඩි රැජින! Sri Lanka Latest News

Next Post

පොලිසියේ තුන්දෙනෙක් ඉන්දුනීසියාවට ගිහිල්ලා ගහපු සුපිරිම ගේම! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.