• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියේ තුන්දෙනෙක් ඉන්දුනීසියාවට ගිහිල්ලා ගහපු සුපිරිම ගේම! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කෙහෙල්බද්දර පද්මේ-කොමාන්ඩෝ සලින්ත ඇතුලු ඉන්දුනීසියාවේදී ඇල්ලූ පාතාල නායකයන් දණගස්වලා මාංචු දාලා ඉන්න ෆොටෝ පළමුවරට එළියට එයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook


මේ සිද්ධිය ගැන ගොඩක් තොරතුරු වාර්තා වුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසුණු විශේෂ ආරංචියක්.Sri Lanka Latest News

විදේශගතව සිට මෙරට මිනිස් ඝාතන, තර්ජනය කිරීම්, බියවැද්දවීම් සහ මත්කුඩු ජාවාරම්වල නිරතව සිටි කෙහෙල්බද්දර පද්මේ, කොමාන්ඩෝ සලින්ද, පානදුර නිලංග, බැකෝ සමන්, තැඹිලි ලහිරු නමැති පාතාලයේ අපරාධකරුවන් පස්දෙනාත්, බැකෝ සමන් නමැති අපරාධකරුගේ බිරියත් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොලිසිය විදේශයකදී පාතාල අපරාධ කල්ලියක් කොටුකර ගැනීමට මෙහෙයවූ ලොකුම මෙහෙයුම බවට ඉතිහාසගතව තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම අපරාධකරුවන් නුදුරේදීම මෙරටට රැගෙන ඒමට හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර, ඊට අදාළ කටයුතු ශ්‍රී ලංකා පොලිසිය, තානාපති අංශ විසින් ජාත්‍යන්තර පොලිසියේද සහයෝගය ඇතිව 27 වැනිදා සිදුකරමින් පැවතුණා. එරට පොලිස් නිලධාරීන් 10 දෙනකුගේ කණ්ඩායමක් විසින් මෙම පාතාල සාමාජිකයන් මෙරටට රැගෙන එනු ඇත.

මෙම පාතාල අපරාධකරුවන් ව්‍යාජ නම්වලින් සකස් කරනු ලැබූ විදෙස් ගමන් බලපත්‍ර යොදාගෙන ඉන්දුනීසියාවේ රැඳී සිට ඇති බවද අනාවරණ වී තිබෙනවා. මේ අතරින් කෙහෙල්බද්දර පද්මෙගේ, කොමාන්ඩෝ සලින්දගේ සහ පානදුරේ නිලංගගේ ගමන් බලපත්‍ර විනාශ කර තිබූ බැවින්, ඒවා අලුතින් සකස් කරගැනීමට නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මෙම පාතාල අපරාධකරුවන් කොටුකර ගැනීමේ මෙහෙයුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බුද්ධි අංශයේද සහාය ඇතිව ක්‍රියාත්මක කර ඇත්තේ ඉකුත් ජූලි මාසයේ සිටයි. ඒ, මෙම අපරාධකරුවන් මලයාසියාවේදී අත්අඩංගුවට පත්වූ බවට පළවූ මාධ්‍ය වාර්තා පදනම් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මලයාසියාවට සහ තායිලන්තයට ගොස් විමර්ශන ආරම්භ කිරීමත් සමගිනි. එහිදී මෙම අපරාධකරුවන් ගොඩබිම් සහ ජල මාර්ග ඔස්සේ රටවල් අතර කෙරෙන සංචාරයන් ගැන තොරතුරු හෙළිකරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම පාතාල අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී එකතු වන මොහොතක් ගැන ඇස ගසාගෙන සිට මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ඉන්දුනීසියාවේ රැඳී සිටි මෙම අපරාධකරුවන් කොටුකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් සහ විශේෂ අංශයක අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවයේ නිරත සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය 22 වැනි සිකුරාදා සහ ඒ ආසන්න කාලසීමාවේදීය. ඒ, මෙම අපරාධකරුවන් කොටුකර ගැනීමට උගුලක් ද අටවමිනි.

මෙම අපරාධකරුවන්ගෙන් තිදෙනකුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනද, දෙදෙනකුට වරෙන්තුද නිකුත්කර තිබී ඇති අතර, වෙනත් රටවල සිටි මෙම පාතාල අපරාධකරුවන් මෙරට පොලිසිය ඇටවූ උගුලකට හසුවෙමින් ඉන්දුනීසියාවට පැමිණ ඇත්තේ ද ඉකුත් සතියේදීය. ඉන්දුනීසියාවේ මෙරට තානාපති කාර්යාලයේත්, ජාත්‍යන්තර පොලිසියේත් සහාය ඇතිව ඉන්දුනීසියානු පොලිසිය සමග ඔවුන් කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇත්තේ මෙරටින් ඉන්දුනීසියාවට ගිය පොලිස් කණ්ඩායම විසිනි.
එම මෙහෙයුමට සමගාමීව තාක්ෂණික මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව මෙම අපරාධකරුවන් නිශ්චිත ලෙස රැඳී සිටින ස්ථාන පවා නිරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා. ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ස්ථාන කිහිපයක සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයක රැඳී සිටි මෙම පාතාල අපරාධකරුවන් 27 වැනිදා එක් ස්ථානයකට රැස්වීමත් සමග අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

එම අත්අඩංගුවට ගැනීම සිදුවනතුරුම ඉන්දුනීසියානු පොලිසියේ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් කණ්ඩායමක් සමග මෙරටින් ඉන්දුනීසියාවට ගිය පොලිස් කණ්ඩායමක් මෙම පාතාල අපරාධකරුවන් වෙන වෙනම නිරීක්ෂණය කර තිබෙනවා. මෙම කණ්ඩායම එක් ස්ථානයකට රැස්වී ඇත්තේ ද ඉන්දුනීසියාවෙන් පලායෑම සඳහායි. ඒ තමන්ගේ පස්සෙන් පොලිසිය පන්නන බවට ඔවුන්ට ඇතිවූ සැකයක් මතයි. එම සැකය එල්ල වන්නේ මෙම මෙහෙයුම ගැන ඔවුන්ට ලැබුණු තොරතුරක් මතදැයි සැකයක් ද ඇතිව තිබෙනවා. ඒ ගැනද මේ වනවිට කරුණු සොයාබලමින් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණ කළා.

ස්ථාන කිහිපයක රැඳී සිටි මෙම කණ්ඩායම ඔවුන් සිටි ස්ථාන අතහැර එක් ස්ථානයකට රැස්වී ආරක්ෂිත ස්ථානයකට පලායෑමේ සැලසුමකද සිට ඇති අතර, ඔවුන් රැඳී සිටි ස්ථානය හඳුනාගත් ඉන්දුනීසියානු සහ මෙරට පොලීසිය පැයකට දෙකකට පමණ පසු සැකකරුවන් සියලු දෙනාම එකම තැනකදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණා.
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ද ඇතුළු තිදෙනෙක් පෙරේදා උදෑසන ඔවුන් රැඳී සිටි නිවාස සංකීර්ණයෙන් කලබලයෙන් පිටතට පැමිණ මෝටර් රථයකින් පලායමින් සිටින අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශනද විමර්ශන නිලධාරීන්ට ලැබී තිබෙනවා.

මෙරට පොලීසියෙන් ඉන්දුනීසියාවට ගොස් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා මේ ගැන අවධානයෙන් නොසිටින්නට මෙම අපරාධකරුවන් ඉන්දුනීසියාවෙන් පලායෑමට තිබුණු ඉඩකඩ වැඩි බව ද පොලිස් තොරතුරු සඳහන් කළා.

අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන්ගේ ඡායාරූප ගෙන මෙරටට එවා තවදුරටත් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම අපරාධකරුවන්මදැයි තහවුරු කරගැනීමට පියවර ගෙන ඇත. තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පෙනීසිටිමින් මෙරට පොලිසියට අභියෝග කළ මෙම පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග බියට පත්ව ඔවුන්ගේ ඇඳුමේ මුත්‍රා පිටවී ඇති බවද එරටින් ලැබුණු තොරතුරු අනාවරණය කළා.
ඉන්දුනීසියානු පොලිසිය සමග ශ්‍රී ලංකා පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන දෑත් පසුපසට තබා විලංගු දමන විට බියෙන් වෙව්ලමින් ජීවිතය අයැද සිටි බවටද එම තොරතුරු අනාවරණය කර ඇත.

මෙම පාතාල අපරාධකරුවන් මලයාසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, ඩුබායි, අබුඩාබි ඇතුළු රටවල් කිහිපයක් ඔස්සේ සංචාරයේ නිරත වෙමින් මෙරට අපරාධවල නිරතව සිට ඇති බවද අනාවරණ වී තිබෙනවා. මොවුන් උත්සාහ දරමින් සිට ඇත්තේ යුරෝපීය රටකට ඇතුළු වීමටයි. එතෙක් ඔවුන් ඉන්දුනීසියාව කේන්ද්‍ර කරගෙන රටවල් අතර සංචාරකයන් ලෙස ගැවසෙමින් සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

බොහෝ කාලයක් ඔවුන් ඉන්දුනීසියාවේ රැඳී සිට ඇති බවද විමර්ශනවලින් පෙනීගොස් තිබෙනවා. මෙම කණ්ඩායම ඉන්දුනීසියාවේ සිට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වීමටද කටයුතු කර ඇති බව සඳහන්.

ඔවුන් පසුගිය කාලය තුළ රටින් රටට සංචාරය කරමින් මත්කුඩු ජාවාරම සහ පාතාල අපරාධ මෙහෙයවූ සෑම අවස්ථාවක්ම පාහේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තාක්ෂණික මෙහෙයුමක් ඔස්සේ නිරීක්ෂණය කරමින් තිබී ඇති අතර, එම තාක්ෂණික මෙහෙයුම හේතුවෙන් මෙම කණ්ඩායම ඉතා පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ ආකාරයට විදේශගතව සිටින තවත් පාතාලයේ ප්‍රබල අපරාධකරුවන් කිහිප දෙනකු සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇස ගසාගෙන සිටියි. ඔවුන්වත් මේ ආකාරයටම කොටුකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ නමැත්තා පාතාල අපරාධකරුවෙක් ලෙස කලඑළි බසින්නේ 2022 වසරේ ජූලි 27 වැනිදා ගම්පහ අධිකරණ සංකීර්ණය අසලදී පස් පොඩ්ඩා නමැති පස් ව්‍යාපාරිකයා ඇතුළු තිදෙනකු ඝාතනය කිරීම ඩුබායි සිට මෙහෙයවමින්, පස් ජාවාරම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත එම ඝාතනය ඔහු ඩුබායි සිට මෙහෙයවීමත් සමග පාතාල අපරාධකරුවන් අතර පාතාලයේ වැඩකරුවෙක් ලෙස කරළියට එන ඔහු නැවතත් සමාජයේ දැඩි කතාබහකට ලක්වන චරිතයක් බවට පත්වන්නේ, කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය පෙබරවාරි 19 වැනිදා ගණේමුල්ලේ සංජීව නමැති පාතාලයේ අපරාධකරුට වෙඩිතබා ඝාතනය කිරීමත් සමගිනි.

මෙම ඝාතන සැලසුමට කොමාන්ඩෝ සලින්ද නමැත්තාගේද සම්බන්ධයක් අනාවරණ වුණා.. කමාන්ඩෝ සලින්ද නමැති අපරාධකරු කතාබහට ලක්වන චරිතයක් බවට පත්වන්නේ ඒත් සමගයි. අධිකරණයේදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමත් සමග පාතාලයේ ගෝඩ්ෆාදර් චරිතය රඟමින් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු කල්ලිය මෙරට පාතාල අපරාධ මෙහෙයවන්නට වූයේ ඉවක්බවක් නොමැතිව වෙඩිතැබීම්ද සිදුකරමිනි. එම වෙඩිතැබීම් ඇතුළු පාතාල අපරාධ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන්ට පවා මෙම අපරාධ කල්ලිය මරණ තර්ජන කරන තැනට පත්වුණා. එසේ මෙම කල්ලියේ දැඩි තර්ජනයට ලක්වූ නිලධාරියෙක් වූයේ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් මහතාය.

මෙම කල්ලිය සමග අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් අතර සිටින බැකෝ සමන් කතාබහට ලක්වන පාතාල අපරාධකරුවෙක් බවට පත්වන්නේ මිද්දෙණියේදී කජ්ජා නමැති අය සහ ඔහුගේ දරු දෙදෙනා පසුගිය පෙබරවාරි 18 වැනිදා රාත්‍රී කාලයේ ඝාතනය කිරීමත් සමගිනි. ඩුබායිහි රැඳී සිටිමින් ඔහු එම ඝාතන සිදුකරනු ලැබුවේ තැඹිලි ලහිරු නමැති වෙඩික්කරු මගිනි. එම ත්‍රිත්ව ඝාතනයෙන් පසු තැඹිලි ලහිරු නමැති වෙඩික්කරුවාද ඩුබායි වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණා. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර තැඹිලි ලහිරුද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පානදුර හා ඒ අවට සිදුවූ අපරාධ රැසකට සම්බන්ධකම් ඇති මත්කුඩු ජාවාරම්කරුවෙක් වන නිලංගද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටියි. මෙම පාතාලයේ සැකකරු අත්අඩංගුවට ගෙන පැයක් ඉක්ම යන්නට මත්තෙන් ඔහුගේ මාමණ්ඩියට පානදුරේ අළුබෝමුල්ලේදී ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
27 වැනිදා රාත්‍රී 10.30ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් පී.ඩී.එස්. ප්‍රනාන්දු නමැති 55 හැවිරිදි එම පුද්ගලයා මියගොස් ඇත. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියේ ඉලක්කයක් වී ඇති බව කල්තියා පොලිසිය ඔහුව දැනුවත් කර තිබී ඇති බවත්, එදින සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකායද ඔහුට ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළා.

මෙම කණ්ඩායම සමග අත්අඩංගුවට ගත් කාන්තාව බැකෝ සමන් නමැත්තාගේ බිරිය ලෙස හඳුනාගෙන තිබෙනවා. ඇය අත්අඩංගුවට ගන්නා විට අතදරුවෙක් ද සිට ඇති අතර, එම අතදරුවා බැකෝ සමන්ගේ දරුවා බව සඳහන් කර තිබුණා. මෙම කාන්තාව දකුණේ පදිංචිකාරියක් බවත්, ඇය සම්බන්ධයෙන්ද තොරතුරු මේ වනවිට පොලිසිය රැස්කරමින් පවතිනවා.

aperata.net
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

SendShareShare
Previous Post

මේ ලියන්න හදන්නේ ජෝතිමත් ගායක ජෝති ගැන අපූරු සටහනක්! Sri Lanka Latest News

Next Post

රනිල් හිරකිරීම පිටුපස ආන්දෝලනාත්මක හෙළිදරව්ව! වැලිකඩදී කරදරයක්! කෑම ආවේ පාන්දර 1ට! වැසිකිළිය කැඩිලා! රනිල් සජිත්ගෙන් ඉල්ලපු දේ! අනුරගෙන් ආ කෝල් එක! UNP භූතයෝ දෙන්නා ගේමක! තලතා-රුවන් දුම්මල වරම අතට ගනී! රනිල්ට තව කේස් 2ක් එනවා! ‘මව්රට’ට විශේෂයි..! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල්-නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවට එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය අනතුරු අඟවා...

Read more
සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.