• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාව ගත්ත අධ්‍යක්ෂවරුන් දුක්වෙයි

February 21, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මාව ගත්ත අධ්‍යක්ෂවරුන් දුක්වෙයි
Share on WhatsAppShare on Facebook

⬤ මගේ ටැලන්ට් එකක් තියෙනවා…

⬤ මම 100%ක් වැඩේ හරියට කරනවා…

“5 සමත්” සිනමා නිර්මාණය හරහා සිනමාවට අවතීර්ණ වූ ඇය පසුකාලීනව සිනමාවට සේම ටෙලිනාට්‍ය සඳහාද ඇයගේ රංගන දායකත්ව ලබා දුන්නා. ඇය වගීෂා සල්ගාදු. පසුගිය දිනවල විකාශය වී නිමා වුණු ‘International’ ටෙලිනාට්‍යයේ ‘සුලෝ’ ටීචර් චරිතය රඟ පෑ ඇය ගැන ගොඩදෙනෙක්ගේ කතාබහට ලක්වුණා. වැඩි විස්තර ටීචර්ගෙන්ම දැනගන්න අපි ඇයට කතා කළා.
🔴 වගීෂා පෙම්වතුන්ගේ දිනය හොඳට සැමරුවා කියලා ආරංචියි?
ආදරය කරන්න තවම මට එහෙම විශේෂ කෙනෙක් නැහැ. පවුලේ අයගේ ආදරය විඳිමින් ඉන්නවා තවම. මම කරන නිර්මාණවලට තමයි බැඳිලා ආදරය කරන්නේ.
🔴 ‘සුලෝ ටීචර්’ට ගොඩදෙනෙක් ආදරය කරනවා අපිට දැනුණා?
‘සූලෝ ටීචර්’ ගැන ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා. ගොඩදෙනෙක් මට කතා කරලා කිව්වා ‘International’ ටෙලිනාට්‍යයේ තාත්වික ගුරුවරියක් ලෙසට රඟපානවා කියලා. ගොඩදෙනෙක් හිතලා තියෙන්නේ මම ගුරුවරියක් ලෙසට කටයුතු කරනවා කියලා. ඉතින් මට ගොඩාක් සතුටුයි. එහෙම ප්‍රතිචාර ලැබෙන කොට.
🔴 ‘International’ දෙවැනි අදියරට ඔබේ දායකත්වය කොයිවගේද?
එය ගැන මට ලොකුවට දැන්ම කියන්න බැහැ. හැබැයි අපි ‘International’ පළමු අදියරේ කතා කළේ පාසලෙන් එළියෙ සිදුවන සිදුවීම් මාලාවක් ගැන. දෙවැනි අදියරේ ශිෂ්‍යයෙක්, ගුරුවරුන් සහ මවුපියන් අතර තාප්පයෙන් ඇතුළෙ පාසල තුළ සිදුවන කතා මාලාවක් ගැන තමයි කතා කරන්නේ.
🔴 ‘සූලෝ ටීචර්’ නිසාමද කොණ්ඩෙ කැපුවේ?
නැහැ… සනුක වික්‍රමසිංහගේ ‘අවසන් සටන’ මියුසික් වීඩියෝ එක නිසා මට කොණ්ඩය වෙනස්ම විදිහකට කපන්න සිදුවුණා. ඉතින් පසුකාලීනව එය පොඩ්ඩක් වෙනස් කරලා කොණ්ඩය තවත් කොට කළා ‘සුලෝ ටීචර්’ වෙනුවෙන්. මම හිතන්නේ මගේ කොණ්ඩය වෙනස්වීමත් එක්ක ‘සුලෝ ටීචර්’ ගැන ගොඩදෙනෙක් හොයන්න ගත්ත නිසා ප්‍රතිචාර වැඩි වුණා.
🔴 ‘අවසන් සටනට’ ඔබව සම්බන්ධ කරගන්න විශේෂ කතිකාවක් වුණා නේද?
තිසර ඉඹුලාන අයියට ලොකු අදහසක් තිබුණා මාව හොඳ වැඩකට සම්බන්ධ කරන්න. ඉතින් මම ගැන සනුක අයියාට කියලා තිබුණා මාව ගන්න කියලා.
🔴 දැන් ඉතින් එක දිගට ආරාධනා එනවා ඇති මියුසික් වීඩියෝ සඳහා?
‘අවසන් සටන’ තමයි මගේ පළමු මියුසික් වීඩියෝ එක. ආරාධනා නම් එනවා. ඒත් මම සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳ වැඩකින් එළියට ආපු නිසා මගේ ප්‍රතිරූපයට හානියක් කරගන්න මම කැමැති නැහැ. මොකද මට තව යායුතු ගමන බොහෝ දුර නිසා.
🔴 තෝරා බේරාගෙනද වගීෂා වැඩ කරන්නේ?
මම එදා ඉඳලා කොහොමත් එහෙමයි. මට එහෙම ජනප්‍රිය වීමේ ආශාවක් නැහැ. මට ඕනෑ මගේ දක්‍ෂතාවය පෙන්වන්න තමයි. මම සමඟ වැඩ කරපු අධ්‍යක්‍ෂවරුන් දන්නවා මම 100%ක්ම කරන වැඩේ හරියට කරන නිසා. ඒ නිසා නිකම් එහාට මෙහාට වැනෙන්න මම කැමැති නැහැ. එහෙම වුණොත් මාව නිර්මාණවලට ගත්ත අධ්‍යක්‍ෂවරුන් පවා දුක්වෙයි. මොකද මගේ ටැලන්ට් එකක් තිබෙන නිසා. මට මේ වෙනකම් වැඩ කරපු කිසිම නිර්මාණයක අධ්‍යක්‍ෂවරයෙක් බැනලා නැහැ.
🔴 සම්මානයක් රංගන ශිල්පිනියකට ආභරණයක් නෙවෙයිද?
ඒ ප්‍රශ්නයට මට කෙළින්ම පිළිතුරක් දෙන්න බැහැ. එක එක්කෙනා හිතන විදිහ අනුව තමයි. හැබැයි මට සම්මානයක වටිනාකමක් දෙන්න බැහැ. මම කරන වැඩවල වටිනාකම මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට දැනෙනවා නම් ඒ හොඳටම ඇති.
🔴 ඉන්දියානු ශිල්පීන් සමඟ ලොකු වැඩකට අතගහන්න නේද ඔබේ සූදානම?
මගේ වෙබ්සයිට් එකට සහ කෙටි ෆිල්ම් සඳහා විදේශීය රංගන ශිල්පීන් යොදවාගෙන නිර්මාණ කිරීමට මගේ ලොකු සැලසුමක් තිබෙනවා මේ දවස්වල. මගේ සහෝදර මිතුරෙක් හරහා තමයි මම ඔවුන්ව සම්බන්ධ කරගන්නේ. බොහෝ දුරට ඒ වැඩකටයුතු නිසා මම විදේශගත වෙයි ඉදිරියේදී.
🔴 වගීෂා හෙමින් පය තබමින් යන්නේ ඔබේම කියලා නිර්මාණයක් කිරීමටද?
ඔව්… ඒක තමයි මගේ ටාර්ගට් එක. සුවිශේෂී නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කිරීම තමයි මගේ ලොකුම සිහිනය. එතකොට මම බොහෝ දුරට කැමරාවෙන් පිටුපස ඉඳලා දැවැන්ත වැඩකටයුතු රාශියකට මූලිකවෙලා වැඩ කරාවි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඉම්රාන්ගේ කතාව අවලංගු කළේ ඇයි? විමල්ලා දොට්ට: සජිත්-රනිල් කතා කළ දේ (රාජ්‍ය රහස්)

Next Post

ගොඩගන්න බැරි තරමට සිනමාව ඇදවැටිලා

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.