⬤ මගේ ටැලන්ට් එකක් තියෙනවා…
⬤ මම 100%ක් වැඩේ හරියට කරනවා…
“5 සමත්” සිනමා නිර්මාණය හරහා සිනමාවට අවතීර්ණ වූ ඇය පසුකාලීනව සිනමාවට සේම ටෙලිනාට්‍ය සඳහාද ඇයගේ රංගන දායකත්ව ලබා දුන්නා. ඇය වගීෂා සල්ගාදු. පසුගිය දිනවල විකාශය වී නිමා වුණු ‘International’ ටෙලිනාට්‍යයේ ‘සුලෝ’ ටීචර් චරිතය රඟ පෑ ඇය ගැන ගොඩදෙනෙක්ගේ කතාබහට ලක්වුණා. වැඩි විස්තර ටීචර්ගෙන්ම දැනගන්න අපි ඇයට කතා කළා.
🔴 වගීෂා පෙම්වතුන්ගේ දිනය හොඳට සැමරුවා කියලා ආරංචියි?
ආදරය කරන්න තවම මට එහෙම විශේෂ කෙනෙක් නැහැ. පවුලේ අයගේ ආදරය විඳිමින් ඉන්නවා තවම. මම කරන නිර්මාණවලට තමයි බැඳිලා ආදරය කරන්නේ.
🔴 ‘සුලෝ ටීචර්’ට ගොඩදෙනෙක් ආදරය කරනවා අපිට දැනුණා?
‘සූලෝ ටීචර්’ ගැන ගොඩදෙනෙක් හොයන්නට පටන්ගත්තා. ගොඩදෙනෙක් මට කතා කරලා කිව්වා ‘International’ ටෙලිනාට්‍යයේ තාත්වික ගුරුවරියක් ලෙසට රඟපානවා කියලා. ගොඩදෙනෙක් හිතලා තියෙන්නේ මම ගුරුවරියක් ලෙසට කටයුතු කරනවා කියලා. ඉතින් මට ගොඩාක් සතුටුයි. එහෙම ප්‍රතිචාර ලැබෙන කොට.
🔴 ‘International’ දෙවැනි අදියරට ඔබේ දායකත්වය කොයිවගේද?
එය ගැන මට ලොකුවට දැන්ම කියන්න බැහැ. හැබැයි අපි ‘International’ පළමු අදියරේ කතා කළේ පාසලෙන් එළියෙ සිදුවන සිදුවීම් මාලාවක් ගැන. දෙවැනි අදියරේ ශිෂ්‍යයෙක්, ගුරුවරුන් සහ මවුපියන් අතර තාප්පයෙන් ඇතුළෙ පාසල තුළ සිදුවන කතා මාලාවක් ගැන තමයි කතා කරන්නේ.
🔴 ‘සූලෝ ටීචර්’ නිසාමද කොණ්ඩෙ කැපුවේ?
නැහැ… සනුක වික්‍රමසිංහගේ ‘අවසන් සටන’ මියුසික් වීඩියෝ එක නිසා මට කොණ්ඩය වෙනස්ම විදිහකට කපන්න සිදුවුණා. ඉතින් පසුකාලීනව එය පොඩ්ඩක් වෙනස් කරලා කොණ්ඩය තවත් කොට කළා ‘සුලෝ ටීචර්’ වෙනුවෙන්. මම හිතන්නේ මගේ කොණ්ඩය වෙනස්වීමත් එක්ක ‘සුලෝ ටීචර්’ ගැන ගොඩදෙනෙක් හොයන්න ගත්ත නිසා ප්‍රතිචාර වැඩි වුණා.
🔴 ‘අවසන් සටනට’ ඔබව සම්බන්ධ කරගන්න විශේෂ කතිකාවක් වුණා නේද?
තිසර ඉඹුලාන අයියට ලොකු අදහසක් තිබුණා මාව හොඳ වැඩකට සම්බන්ධ කරන්න. ඉතින් මම ගැන සනුක අයියාට කියලා තිබුණා මාව ගන්න කියලා.
🔴 දැන් ඉතින් එක දිගට ආරාධනා එනවා ඇති මියුසික් වීඩියෝ සඳහා?
‘අවසන් සටන’ තමයි මගේ පළමු මියුසික් වීඩියෝ එක. ආරාධනා නම් එනවා. ඒත් මම සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳ වැඩකින් එළියට ආපු නිසා මගේ ප්‍රතිරූපයට හානියක් කරගන්න මම කැමැති නැහැ. මොකද මට තව යායුතු ගමන බොහෝ දුර නිසා.
🔴 තෝරා බේරාගෙනද වගීෂා වැඩ කරන්නේ?
මම එදා ඉඳලා කොහොමත් එහෙමයි. මට එහෙම ජනප්‍රිය වීමේ ආශාවක් නැහැ. මට ඕනෑ මගේ දක්‍ෂතාවය පෙන්වන්න තමයි. මම සමඟ වැඩ කරපු අධ්‍යක්‍ෂවරුන් දන්නවා මම 100%ක්ම කරන වැඩේ හරියට කරන නිසා. ඒ නිසා නිකම් එහාට මෙහාට වැනෙන්න මම කැමැති නැහැ. එහෙම වුණොත් මාව නිර්මාණවලට ගත්ත අධ්‍යක්‍ෂවරුන් පවා දුක්වෙයි. මොකද මගේ ටැලන්ට් එකක් තිබෙන නිසා. මට මේ වෙනකම් වැඩ කරපු කිසිම නිර්මාණයක අධ්‍යක්‍ෂවරයෙක් බැනලා නැහැ.
🔴 සම්මානයක් රංගන ශිල්පිනියකට ආභරණයක් නෙවෙයිද?
ඒ ප්‍රශ්නයට මට කෙළින්ම පිළිතුරක් දෙන්න බැහැ. එක එක්කෙනා හිතන විදිහ අනුව තමයි. හැබැයි මට සම්මානයක වටිනාකමක් දෙන්න බැහැ. මම කරන වැඩවල වටිනාකම මට වගේම මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට දැනෙනවා නම් ඒ හොඳටම ඇති.
🔴 ඉන්දියානු ශිල්පීන් සමඟ ලොකු වැඩකට අතගහන්න නේද ඔබේ සූදානම?
මගේ වෙබ්සයිට් එකට සහ කෙටි ෆිල්ම් සඳහා විදේශීය රංගන ශිල්පීන් යොදවාගෙන නිර්මාණ කිරීමට මගේ ලොකු සැලසුමක් තිබෙනවා මේ දවස්වල. මගේ සහෝදර මිතුරෙක් හරහා තමයි මම ඔවුන්ව සම්බන්ධ කරගන්නේ. බොහෝ දුරට ඒ වැඩකටයුතු නිසා මම විදේශගත වෙයි ඉදිරියේදී.
🔴 වගීෂා හෙමින් පය තබමින් යන්නේ ඔබේම කියලා නිර්මාණයක් කිරීමටද?
ඔව්… ඒක තමයි මගේ ටාර්ගට් එක. සුවිශේෂී නිර්මාණයක් අධ්‍යක්‍ෂණය කිරීම තමයි මගේ ලොකුම සිහිනය. එතකොට මම බොහෝ දුරට කැමරාවෙන් පිටුපස ඉඳලා දැවැන්ත වැඩකටයුතු රාශියකට මූලිකවෙලා වැඩ කරාවි.
වසන්ත විතාරණගේ