• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගොඩගන්න බැරි තරමට සිනමාව ඇදවැටිලා

February 21, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ගොඩගන්න බැරි තරමට සිනමාව ඇදවැටිලා
Share on WhatsAppShare on Facebook

⬤ වගකිවයුත්තන් නිහඬයි…

⬤ මගේ මනාපය සිනමාවට…

‘මචං’ චිත්‍රපටය බැලූ කෙනකුට ධර්මප්‍රිය ඩයස් ගැන හේතුපාඨ කීමට අවැසි නැත. පසුගිය සමයක ටෙලි කලාව උඩු යටිකුරු කළ ස්වාධීන රූපවාහිනියේ විකාශනය වූ කූඹියෝ ටෙලිකතාවද ධර්මප්‍රිය ඩයස්ගේ සියුම් රංගන ශෛලිය ප්‍රේක්ෂක සිත් තුළ නිධන්ගත කළ අමන්දානන්දනීය වූ මතකයන් සුළුකොට තැකිය නොහැකිය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ස්වරූපය සහ හැසිරීම ඔහුගේ රංගන රටාවේ ගැබ්ව ඇතැයි කිසිවකු කීවා මතකය. කමකට නැති නොහික්මුණු චරිත නිරූපණයන් හරහා වැඩිපුරම ආලින්දයේ සිනමාව තුළින් රසිකයන් පිනවූ ධර්මප්‍රිය ඩයස් නම් මේ අතිදක්ෂ රංගනවේදියා ‘මව්රට’ හමුවේ කළ කෙටි පිළිසඳරක තොරතුරු මෙසේ සනිටුහන් කරමු.
🔴 කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. සාමාන්‍ය විදියට දවස ගෙවිලා යනවා.
🔴 කොරොන්ටයින් විරාමයෙන් පසුව කාර්යබහුල වී සිටින බොහෝ කලාකරුවන් අතර ඔබත් එක් අයෙක්?
නැහැ. එහෙම ලොකු බිසී එකක් නැහැ. දෙවැනි ඉනිම ඇතුළුව මම රඟපෑ තවත් ටෙලි නාට්‍ය දෙකක් මේ දවස්වල විකාශනය වෙනවා. එය මීට ටික කලකට ඉහත නිර්මාණය වූවක්.
🔴 රංගවේදියකු ලෙස ඔබ පැමිණියේ වේදිකාවෙන්?
බොහෝ රංගවේදීන් තම ගමන ආරම්භ කළේ වේදිකාව හරහා තමයි. මමද එහි එක් අයකු වීම ආඩම්බරයක්.
🔴 රඟපෑමේ කැමැත්ත ඇතිවුණේ කුඩා කොලුගැටයකු අවදියේමයි?
ඔව්. අපි පුංචි කොලු පැටව් කාලේ අපේ වැඩිහිටි අය කැස්බෑවේ වැව මැද්දේ පොල් කොට උඩ ස්ටේජ් ගහලා නාට්‍ය පෙන්නපු හැටි බලා හිටපු සුන්දර අවදිය අද වාගේ මතකයි. ඔරුවෙන් කට්ටිය වැව මැදට ගිහින් තමයි ස්ටේජ් එක පොල් කොටන් හිටවලා හදන්නේ. නාට්‍ය පෙන්නන්නේ ලවුඩ්ස්පීකර එහෙම දාලයි. ගමේ අය ඒවායේ රඟපානකොට මම පැත්තකට වෙලා ඉඳගෙන හිතනවා ඇයි ඒගොල්ලො මාව ගන්නේ නැත්තෙ කියලා. පුංචිම චරිතයක්වත් මට නොදුන්න එක ගැන ඒ කාලේ මතකයි මට හිත් තැවුලෙන් උන්නා. ඔය කියන හිත්තැවුල තමයි මං හිතන්නේ රංගවේදියකු වීමේ බලාපොරොත්තුව හිතට දුන්නේ.
🔴 බලාපොරොත්තුවට ආරම්භය වුණේ පාසල් වේදිකාව?
උසස් පෙළට මම කළේ නාට්‍ය සහ රංගකලාව. එවකට මගේ ගුරුතුමා වුණේ ප්‍රේම්කුමාර් කරුණාරත්න මහත්තයා. මගේ හැකියාව හඳුනාගෙන මාව රංගවේදියකු කරා ගෙන ආවේ ඔහුගේ අත්වැලයි. පැහැදිලිවම කියනව නම් ධර්මප්‍රිය ඩයස් කියන රංගවේදියාව නිර්මාණය කළේ ඔහුයි.
🔴 ප්‍රසිද්ධ වේදිකාව තුළ ඔබ පන්නරය ලබා ගත්තේ බන්ධුල විතානගේ නාට්‍යකරුවා වෙතිනුයි?
මෙහෙමයි. ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය කලාවට මම සම්බන්ධ වුණේ බන්දුල විතානගේ මහතාගේ ‘රෝමය ගිනිගනී’ තුළිනුයි. එහිදී මම සහාය වේදිකා පරිපාලක ලෙස කටයුතු කළා. ඒ අත්දැකීම මට ලබාදුන් පන්නරය අතිවිශාලයි. ප්‍රවීණ රංගන ශිල්පීන්, අධ්‍යක්ෂවරුන්, සංගීතවේදීන්, වෙස්ගැන්වීමේ ශිල්පීන් හරහා මා ලබාගත් දෑ ඇත්තෙන්ම අමිලයි. එයට පසුව මම කේ.බී. හේරත්ගේ, වාසුදේව, දෙවැනි මහින්ද සහ දෝන කතිරිනා යන නාට්‍යවලට සම්බන්ධ වුණා. ඒ අතර තමයි ජයලත් මනෝරත්න මහත්තයා කනේරු මල්හි රංගනයට මට ආරාධනා කළේ.
🔴 ‘සාදය මාරයි සල්ලි හමාරයි’ නාට්‍ය සාර්ථක වීමට ඒ පන්නරය බලපෑවා නේද?
ඔව්. ඒ සියලුම අත්දැකීම් හරහා මා ලබාගත් දැනුම එයට සාර්ථක පිටිවහලක් වන්නට ඇති.
🔴 ‘සාදය මාරයි සල්ලි හමාරයි’ එච්චර සාර්ථක ගමනක් යන බව ඔබ විශ්වාස නොකළා වෙන්නට පුළුවන්?
නැහැ. ‘සාදය මාරයි සල්ලි හමාරයි’ ලංකාවේ මිනිසුන්ගේ හිත්වලට තදට වදින බව මම දැනගෙන හිටියා. කිසි විටෙකවත් එහි සාර්ථකත්වය අහම්බයක් කියා මම කියන්නේ නැහැ. ‘රෝමය ගිනිගනී’ නාට්‍ය සමඟ සිටින හැම දවසකම වාගේ මම හිතුවේ රේ කුනීගේ නාට්‍යයක් මමත් කවදා හෝ කරනවාමයි කියලයි. එය මගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් වාගෙම ඉලක්කයක්.
🔴 ඉලක්කය දර්ශනවාර තුන්සියයකට කිට්ටු වන තෙක් ගමන් කරයි කියලා නම් ඔබ හිතුවේ නැහැ?
වේදිකාවට මම ඒ ගෙන ආවේ අවුරුදු 20ක 21ක අත්දැකීමක්. අවංකවම ප්‍රේක්ෂකයා මෙය පිළිගනීවි කියන හැඟීම මා තුළ තිබුණා. ඒ වාගේම හිතා ගන්නට බැරි වේගයෙන් ‘සාදය මාරයි සල්ලි හමාරයි’ ජයග්‍රාහී ගමනකට මැදිවුණා.
🔴 රංගන ජීවිතයේදී ඔබ පළමු තැන දෙන්නේ වේදිකා නාට්‍ය කලාවටයි?
වේදිකාව මට දුන් දෑ අපමණයි. හැබැයි මගේ පළමු මනාපය සිනමාවටයි. ‘නහී වේරේන වේරානි’ තුළින් ඒ මනාපයට මම ආරම්භය දුන්නා. මගේ වේලාවටද අවේලාවටද දන්නෙ නැහැ. තවම එය ප්‍රදර්ශනය වූයේ නැහැ. ‘මචං’ට පසුවද මම චිත්‍රපට කිහිපයක රඟපෑවත් ඒවාද තවම තිරගත වූයේ නැහැ.
🔴 එයට හේතුව කුමක්ද?
මම හිතන විදියට එක් හේතුවක් වන්නේ සිනමාව කෙමෙන් කෙමෙන් ඇදවැටී යෑමයි. අද ගොඩ ගන්නට බැරි තරමට සිනමාව අගාධයකට වැටී හමාරයි. කවුරුත් ඒ ගැන කතා කරන්නේවත් නැහැ. වගකිවයුත්තන්ද නිහඬයි. ඇත්තෙන්ම යම් නිර්මාණකරුවන් පිරිසක් එක්ව කළ විශාල සාමූහික ක්‍රියාවක ප්‍රතිඵලයක් වූ සිනමා නිර්මාණයන් ප්‍රදර්ශනය නොවී මුළුගැන්ව තිබීම කනගාටුවට හේතුවක්.
🔴 වගකිවයුත්තන් යැයි සඳහන් කළේ පැවතුණු රජයන් සහ පවතින රජය ගැනද?
මෙහෙමයි. ඕනෑම රජයක් බලයට පත්වෙලා එහා මෙහා හැරෙනකොටත් ඔවුන්ගේ කාලය ගෙවී හමාරයි. හැබැයි ඇදවැටී තිබෙන සිනමා කර්මාන්තය ගොඩ යන්නට නම් කාලය මදිවෙයි.
🔴 එතරමට කලකිරීමෙන් කතා කරන්නේ කවදාක හෝ සිංහල සිනමාව ගොඩ එතැයි අනුමානයක්වත් නැතිද?
අවුරුදු 20ක, 30ක පමණ කාලයක සිට මේ ඇදවැටීම සිදුවෙනවා. හැබැයි තවමත් නැග්මක සේයාවක්වත් පේන මානෙක නැහැ. ඉතින් මොන අනුමානද ඒ ගැන. ඇත්තෙන්ම මෙය ලොකු කනගාටුවක්.
🔴 රංගන ජීවිතයෙහි ඔබේ ඉදිරි බලාපොරොත්තු?
ඔබ අර කීවා වාගේ සිනමාව යම් තැනකට පැමිණියහොත් අඩුම ගණනේ එක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරොත්තුවක් වාගේම තව වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරොත්තුවක්ද මා සතුව තිබෙනවා.
🔴 පණිවුඩයක් දෙනවා නම් කුමක් හෝ?
කොරෝන හදාගන්නේ නැතිව හැමෝම පරිස්සම් වෙනවා නම් හොඳයි. දෙසැරයක්ම මම කොරෝනා අවදානමට හසුවෙලා පී.සී.ආර්. පරීක්ෂණයට මැදිවුණා. සෞඛ්‍ය නීති පිළිපැදලා තමන් වාගේම අනිත් අයවත් ආරක්ෂා කරන්න කියලා තමා කියන්නට තියෙන්නේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාව ගත්ත අධ්‍යක්ෂවරුන් දුක්වෙයි

Next Post

දෝනිගේ චිත්‍රපටයේ රඟපාපු නළුවො දෙන්නම එකම විදියට සියදිවි නසාගනී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.