• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාමට හොරෙන් නැන්දට සෙට්වුණ කවුද මේ සඳුන්

June 13, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මාමට හොරෙන් නැන්දට සෙට්වුණ කවුද මේ සඳුන්
Share on WhatsAppShare on Facebook

අවසානය කොතැනදැයි නොදැන කිසිදු කලාවක් හෝ එල්ලයක් නොමැතිව ඔහේ දුවන හරසුන් ටෙලි කලාවට හීනි අතුල් පහරක් දෙන හොඳ ටෙලි නාට්‍ය කිහිපයක් දැන් දැන් ආලින්දයේ සිනමාවට පය තබන්නට පටන්ගෙන ඇත.
ඒ හරවත් නිර්මාණ අතළොස්ස අතර ‘ගිරිදේවි’ද එක් ටෙලි නාට්‍යයකි.
වයස් බේදයකින් තොරව බොහෝදෙනකු ඇලුම් කරන ‘ගිරිදේවි’ කතාවේ ‘රූපිකා නැන්දා’ට ඇලුම් කරන ‘සඳුන්’ නම් හිත හොඳ කොල්ලාගේ චරිතය මේ දිනවල කා අතරත් කතාබහට බඳුන්ව ඇති බව අතිශයෝක්තියක් නොවේය.
සඳුන්ගේ චරිත නිරූපණයට මැදිව සිටින්නේ දසුන් පතිරණය.
දසුන් ගැන අටුවා ටීකා කුමකටද? ‘තාත්තා’හි තාත්තාගේ චරිතයටත් ‘තණමල්විල කොල්ලෙක්’හි සිරිරතන හාමුදුරුවන්ගේ හරි අපූරුවට පණ පොවන දසුන් පතිරණ නම් වූ ඒ කදිම යෞවනයා ‘හාට්’ සමඟ හදවතින්ම බැඳුණේ ‘ගිරිදේවි’හි සඳුන් ගැන දොඩමළු වීමටය.
ඉතින් දසුන් මොනවද මේ දවස්වල ආරංචි?
මේ දවස්වල නම් කොරෝනා උවදුරෙන් පසුව අපි නැවත වැඩට බැහැලා ඉන්නේ.
අපි කිව්වේ ‘ගිරිදේවි’ නාට්‍ය කණ්ඩායම සහ ඔබද?
නැහැ. ‘ගිරිදේවි’ ෂූටිංවලටත් සහභාගි වෙන්න බලාපොරොත්තුව ඉන්නවා. මේ දවස් කිහිපය නම් ගෙවෙන්නෙ ප්‍රොපෙසර් ආරියරත්න දොඹගහවත්තගේ අලුත්ම නිර්මාණයෙහි ෂූටිං සමඟයි. මෙය නිමවූ වහාම නැවැත ගිරිදේවි ටෙලිනාට්‍යයේ ඉතිරිය සඳහා සහභාගි වෙනවා.
‘ගිරිදේවි’හි සඳුන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි නේද දසුන්?
එහෙම තමයි ආරංචිය. ඇත්තටම එය සතුටුදායක ආරංචියක්. නොහිතුව විදියට සඳුන්ගේ චරිතය තරුණ පරපුර අතර පත්තු වෙලා ගියා.
නොහිතුව විදියට කිව්වේ ඔබට සඳුන් චරිතය ගැන හොඳ විශ්වාසයක් තිබුණේ නැද්ද?
විශ්වාසයක් තිබුණා. හොඳ විශ්වාසයක් තිබුණා. සඳුන්ගේ චරිතය මම භාරගත්තේ ලොකු සතුටකින්. අනික ඉන්දික ධර්මතිලක කියන්නේ මගේ සමකාලීන මිතුරෙක්. අපේ එක්කෙනෙක්ගේ වැඩකට සහභාගි වෙන ගැම්ම ඇත්තටම මගෙ හිතට හරිම තදින් දැනුණා.
අන්න ඒ හැඟීම මත තමයි සඳුන්ට ප්‍රවිෂ්ට වුණේ. ‘නොහිතපු විදිහට’ කියන වචනය මෙතැනදි මම පාවිච්චි කළේ අපේ ප්‍රේක්ෂකයන් බොහෝ විට ‘අසම්මත’ කතාවලට යම් පසුබෑමක් දක්වනවා. අන්න ඒ නිසා සඳුන්ගෙ චරිතයට ඔවුන් යම් අකමැත්තක් දක්වතැයි කියලා නෙමෙයි. මේ තරමට ඔවුන් සඳුන් වෙත සමීපවේය කියලා නොහිතපු සිතුවිල්ලක් නම් මා තුළ තිබුණා. අන්න ඒ නිසයි නොහිතපු විදියට කියලා කීවේ.
‘ගිරිදේවි’ වැඩිහිටියන්ට වඩාත් සුදුසුය කියන මතයක් ඇතැමුන් තුළ තිබුණාය කියන්නෙ ඇත්තද දසුන්?
ඇත්තෙන්ම එහෙම දේකුත් තිබුණා. මගේම යාළුවෝ පවා මගෙන් එහෙම අහපු අවස්ථාද තිබුණා. අන්න ඒක තමයි මම කිව්වේ ‘අසම්මතය’ කියලා යමක් සුළු වශයෙන් හෝ කොතැනක හරි ගෑවිලා තියෙනවා නම් සමහරු ඒ දිහා ටිකක් ඇදේට බලනවා. නමුත් විකාශනය සඳහා කොටසෙන් කොටස පෙළගැහෙනකොට තමයි ප්‍රේක්ෂකයාට දැනෙන්න ගත්තේ ‘ගිරිදේවි’ කියන්නේ එදිනෙදා සමාජය තුළ අපි හැමෝටම මුණගැහෙන චරිත සමූහයක එකතුවක්ය කියලා. අන්න එතැන ඉඳන් ඔවුන් ‘ගිරිදේවි’ දෙස හරි කෙළින් බලන්න ගත්තා.
දසුන් ඔබ ‘ගිරිදේවි’ ගැන දැඩි කැමැත්තක සිටින බවයි පෙනෙන්නෙ?
සත්තකින්ම මම ‘ගිරිදේවිට’ දුන් දායකත්වය ගැන සතුටු වෙනවා. හිතලා බලන්න ශාන්ති දිසානායක වැනි ප්‍රවීණ කතුවරියකගේ නිර්මාණයකට දායක වීමට ලැබීම කොයි තරම් වාසනාවක්ද. අනෙක් කාරණය එහි රංගවේදීන්ගේ චරිත නිරූපණයන් කෙතරම් භාවාත්මකද? එකිනෙකාව පරයන ආකාරයට රඟපෑමේ තරගයක් නොතිබුණත් හැම රංගවේදිනියක සහ රංගවේදියකු වෙතින් නොදැනුවත්වම සිදුවූයේද එයයි. රඟන්නට අමාරු චරිත එතැන තිබුණේ නැහැ. ඒ මොකද හැමෝටම තිර පිටපත සඳහා ලැබුණේ ශාන්ති දිසානායක විසින් ලියපු සැබෑ චරිත. යම් පවුලක හෝ ගමක වෙසෙන සජීවී චරිත. ඉතින් තවත් කතා මොකටද ‘ගිරිදේවි’ රූප පෙට්ටිය හරහා ජනතාවට සමීප වුණේ ඒ නිසයි.
ඔබ ‘සඳුන්ට’ සාධාරණයක් ඉටුකළ බව ස්ථිරද?
මට හරියට එය කළා කියලා මාව පුම්බන්න මට බැහැ. මම සඳුන්ට දුන් දායකත්වය සර්ව සම්පූර්ණයිද කියා තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකයයි.
ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ඕනෑවටත් වඩා ලැබෙන බවටයි ආරංචිය?
මටත් දැනගන්නට ලැබුණා. සඳුන් තරුණ වැඩිහිටි කා අතරත් ජනප්‍රියයි කියලා.
චූටි මාමාගේ බිරිඳ වූ රූපිකා සමඟ සඳුන් නම් බෑණා වරදෙ බැඳෙන එකට චෝදනා සහ පැමිණිලි ආවේ නැද්ද ඔබට?
ඔවුන් වරදක බැඳෙන්නේ නැහැ. අන්ත දෙකක සිට ‘රූපිකා නැන්දා’ සහ ‘බෑනා සඳුන්’ තම හැඟීම් තුළ සතුට බෙදා ගන්නවා. දෙන්නම දන්නවා ඔවුන් සිටින්නේ යම් බැරියරයක් තුළ කියලා.
නිදහසේ ආදරය අත්විඳිනවාට වඩා බැරියරයකට මුවාවී එය විඳීම හරිම හැඟීම්බර සිද්ධාන්තයක්. ඔවුන් කිසි විටෙක බැරයරය කඩාගෙන යන්නෙත් නැහැ. අසම්මතයට පිටුපාන්නෙත් නැහැ.
සඳුන් අහිංසකයි. හිත හොඳ කොල්ලෙක්. මාමා එක්කත් පට්ට හිතවත්. ඒ අතර රූපිකා නැන්දට රහසින් ඇලුම්කම් පානවා. ඔන්න ඔය වටරවුම තමයි ප්‍රේක්ෂකයගේ හිත කුල්මත් කළේ. සඳුන් ගැන ඔවුන්ට කතා කරන්න හිතුණේද ඒකයි. ඊළඟට ආශා කෙල්ල ඔහු වෙත එනවා. කවුද? කොතැනද? කියලවත් නොදැන පිහිට වෙනවා. මේ සියල්ල මානුෂීය වූ සංසිද්ධීන්. ශාන්ති දිසානායකගේ පෑනට හසුවූ මොවුන් ඉන්දික ධර්මතිලකගේ අධ්‍යක්ෂණයට නතු වෙන්නේද ඉතාම සංයමයකිනුයි. ඒ සංයමය අද්විතීයයි. ඒ නිසයි බොහෝ නිවෙස්වල ආලින්දය ‘ගිරිදේවි’ වෙනුවෙන් වෙන්වූයේ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බොරැල්ලෙන් කෝට්ටේ ගිය අල්මේදා කවුද?

Next Post

අදත් කතා කරන වසර 3000ක් වයස පූජකයා

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.