• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ආසයි ගැමිකමට

April 4, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම ආසයි ගැමිකමට
Share on WhatsAppShare on Facebook

⬤ නවකතාවක චරිතයකින් ජනප්‍රිය වෙන්න අමාරුයි…

යෞවනත්වයේ ජනප්‍රියතම ආදරණීය නවකතාවක් ලෙසට ‘බොඳ මීදුම්’ නවකතාව හඳුන්වන්නට පුළුවන්. ඒ නවකතාවේ පිටකවරය හැඩ ගන්වමින් ජනතා ආදරය දිනාගත් ඇය, අද වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. මේ වන විට ටෙලිනාට්‍ය කිහිපයකම ඇයගේ රංගන භූමිකාවන් අපගේ නෙතට ගැටෙන මොහොතක ඇය සමඟ අප කතා කිරීමට හිතුවා. ඇය අංජලී ලියනගේ. එදා ‘සංසලා’ විදියට ඔබේ හිතේ රැඳුණු ආදරණීය හිතවතිය අපිත් එක්ක කතා කළේ මේ විදියට.

🔴 අංජලී මේ දවස්වල සීගිරියට කොටුවෙලා නේද?
ඔව්… ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ.
🔴 අපි දකින ඔබගේ අනෙකුත් චරිතවලට වඩා ‘හදවිල අරණ’ ටෙලිනාට්‍යයේ වෙනස් රංග භූමිකාවක් ‘හිමාලිගෙන්’ දකිනවා?
මම එහි ‘හිමාලි’ගේ චරිතය තමයි නිරූපණය කරන්නේ. ඒ වෙනස ගොඩදෙනෙක්ට දැනිලා තිබෙනවා. ‘හදවිල අරණ’ ගමේ සුවඳ දැනෙනා කතාවක්. මමත් ගොඩාක් ආශාවෙන් තමයි ‘හිමාලි’ චරිතය රඟපාන්නේ. මොකද ගැමි චරිත නිරූපණය කිරීමේ ලොකු ආශාවක් තිබෙනව මට. එවැනි චරිත තුළින් අපිටත් ගොඩාක් දේවල් එකතු කරගැනීමට හැකි වෙනවා. ඒ නිසාමයි මට ගැමි චරිත නිරූපණය කිරීමට ලොකු ආශාවක් තියෙන්නේ.
🔴 ඔබ ජනප්‍රියතම ටෙලිනාට්‍යයක අඛණ්ඩව එක දිගට නිරත වී සිටිනවා. ඉතින් කොහොමද මේ සියල්ල කළමනාකරණය කරගන්නේ?
‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය ලංකාවේ ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් බවට පත්වෙලා. මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩකටයුතු කළත් මාව ගොඩදෙනෙක් දැනහඳුනාගත්තේ ‘දෙවෙනි ඉනිම’ හරහා. මම ඒ ටෙලිනාට්‍යයේ අනුෂාගේ චරිතය තමයි රඟපාන්නේ. අවුරුදු හතරක් විතර මම ‘දෙවෙනි ඉනිම’ සමඟ එකට අත්වැල් බැඳගෙන එකම පවුලක් ලෙස වැඩ කරගෙන යන අතරතුර අනෙකුත් නිර්මාණ සඳහා සම්බන්ධ වෙනවා. අනෙක මම තෝරා බේරාගෙන වැඩකරන නිසා කරන වැඩවලට ප්‍රශ්නයක් නොවන විදියට වැඩකරනවා. හැම දෙයක්ම කාලය කළමනාකරණ කරගෙන තමයි වැඩ කරන්නේ. ඔය අතර මම හදවතේ කතාව ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙනවා. ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එකිනෙකට වෙනස්.
🔴 ඔබගේ තිබෙන ජනප්‍රියතාවයත් එක්ක වේදිකාවේ ඉඩක් නැතිද?
වේදිකාවට මම ගොඩාක් කැමැතියි. වේදිකා නාට්‍ය කිහිපයකටම මම සම්බන්ධ වුණා. මම වේදිකාව අමතක කරලා නැහැ. වේදිකා නාට්‍යයක් සඳහා සම්බන්ධ වෙනවා කියන්නේ එය වෙනුවෙන් මට ලොකු කාලයක් කැප කරන්න වෙනවා. මේ වැඩකටයුතු ඉවර වුණාට පසුව හොඳ වේදිකා නිර්මාණයකට සම්බන්ධ වීමේ බලාපොරොත්තුව තියෙනවා.
🔴 ආදරණීය සැමියා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඔහුට ලැබෙන ඔබගේ සහාය කොයිවගේද?
ඔහු තරිඳු පෙරේරා. වාදන ශිල්පියෙක් වගේම ගායකයෙක්. කොරෝනා ප්‍රශ්න නිසා ප්‍රසංගවල වැඩකටයුතු නැහැ. මට පුළුවන් උපරිම සහාය ඔහුට ලබාදෙමින් සතුටින් ඉන්නවා. වෙලාවකට අපි දෙන්නාම කාර්යබහුලයි. එහෙම වුණා කියලා අපේ ආදරය අඩුවක් නැහැ. අපි සතුටින් ඉන්නවා. කලාව කියන දේ ගැන හොඳ අවබෝධයක් අපි දෙන්නාටම තිබෙන නිසා ප්‍රශ්නයක් නැහැ.
🔴 ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වන්නේ හෙළ සිනමා රැජන සමඟ එකට රඟපාමින්?
මම රඟපාපු පළමු ටෙලිනාට්‍ය තමයි ‘දෝණි.’ ඒ නිර්මාණය සමඟ තමයි මට ඇය සමඟ එකට රඟපෑමට වාසනාව හිමිවුණේ. මගේ රංගනය හරිම තැනකින් පටන් ගන්න ලැබීම එක ගැන මම සතුටු වෙනවා. වර්තමානයේ අපි සමඟ වැඩ කරන සමහරක් නවක ශිල්පීන්ට වඩා ඇය නිහතමානී චරිතයක්. එදා වගේම අදටත් එතුමියට ආදරය, ගෞරවය මගේ හදවතේ තිබෙනවා.
🔴 ‘බොඳ මීදුම්’ නවකතාවේ ‘සංසලා’ වීමේ වාසනාව වීම නේද මේ හැම දෙයකටම මුල?
නිර්මාණයක චරිතයක් නිරූපණය කරලා ජනප්‍රිය වනවාට වඩා නවකතාවක පිටකවරයක් තුළින් මාව ජනප්‍රිය වුණා. ‘බොඳ මීදුම්’ නවකතාවේ පිටකවරයෙන් තමයි මාව ගොඩදෙනෙක් හඳුනගත්තේ. මොකද ඒ නවතකාවේ ප්‍රධාන කතා නායිකාව තමයි ‘සංසලා’ චරිතය. ඉතින් නවකතාව කියවන පාඨකයන් මගේ රූපය තමයි හිතේ මවා ගත්තේ ‘සංසලා’ විදියට. නවකතාවක පිටකවරයකින් ජනප්‍රියතාවය ලබන්න හරිම අමාරුයි. ඒත් ඒ වාසනාව මට ලැබුණා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගුරු මාරුවෙයි: දේශපාලන පෙරළි රැසක් අත ළග (රාජ්‍ය රහස්)

Next Post

හොඳ වගේම නරකත් දෙන සඳු

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.