• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට හොඳට ගහගන්න පුළුවන්

April 3, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මට හොඳට ගහගන්න පුළුවන්
Share on WhatsAppShare on Facebook

⬤ ලොකු බයික් පදිද්දි පොඩි සතුටක් එනවා…

⬤ මම සීනිබෝල චරිතවලට කැමැති නැහැ…

පසුගියදා ‘හාට්’ කලා විශේෂාංගය හරහා අපි ඔබට ප්‍රවීණ රංගන ශිල්පී බැප්ටිස්ට් ප්‍රනාන්දුගේ ‘මුණුපුරා’ ගැන හැඳුන්වූවා. මේ ඒ ප්‍රවීණ රංගන ශිල්පියාගේ ‘මිණිපිරි’. ඇය කවිතා අංජලි විජේවර්ධන. මේ වන විට කවිතා ‘ධරණි’ ටෙලිනාට්‍යයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරනවා. ඉතින් ඇයගේ කලා තොරතුරු ගැන ප්‍රථම වතාවට ‘මව්රට – හාට්’ තුළින් හෙළි කළා.

🔴 කවිතා දැන් දරුණු වෙලා වගෙයි?
කවිතා නම් දරුණු වෙලා නැහැ. හැබැයි ඉතින් ‘ධරණි’ ටෙලිනාට්‍යයේ ‘මීසා’ දරුණු වෙලා. මම දුෂ්ට චරිතයක් රඟපාන පළමු අවස්ථාව තමයි මේ. නොසිතූ ප්‍රතිචාර ලැබෙනවා ‘මීසා’ට.
🔴 නොසිතූ කියලා ඔබ අදහස් කළේ?
හිතුවේ නැහැ මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. හැබැයි ඉතින් ලැබෙන ප්‍රතිචාර බැනුම් තමයි. ‘මීසා’ට කවුරුත් කැමැති නැහැ වගේ. සමහරු අන්තර්ජාල හරහා මට බැනලා ප්‍රතිචාර දක්වනවා. ඔය අතර ‘මීසා’ට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. මම ඉතින් හැම ප්‍රතිචාරයක්ම සතුටින් බාරගන්නවා. චරිතය හොඳට කරන නිසානේ මෙහෙම චරිත ලැබෙන්නේ.
🔴 ඔබ මේ ක්‍ෂේත්‍රයට ඇවිත් එතරම් කාලයකුත් නැහැ. ඇයි මෙවැනි චරිතයක් කළේ?
මම සීනිබෝල චරිත කරන්න ලොකු කැමැත්තක් නැහැ. මේ ‘මීසා’ චරිතය තුළින් මට දැනෙන විදියට යමක් කරන්න ලැබුණා. හරිම ආශාවෙන් තමයි රඟපාන්නේ.
🔴 ඒ ආශාව ගොඩාක්ම ඇත්තේ බයිසිකල් පදින්න තියෙන නිසා වෙන්න ඇති?
ලොකු බයික් එකක් පැදගෙන වේගයෙන් යද්දි නම් පුංචි සතුටක් එනවා. මෙච්චර කාලයක් සමාජයේ ගැහැනු ගහගන්න විදිය වසන් කරලානේ තිබ්බේ. ‘ධරණි’ හරහා ඔවුන්ගේ වීර හපන්කම් තාත්වික විදියටම පෙන්වනවා. මටත් හොඳට සටන් කරන්න, බයික් පදින්න පුළුවන් වුණු නිසා චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් වුණා.
🔴 ‘ධරණි’ නිසා රටපුරා ‘ධරණි’ලා වැහිවැහැලා නේද?
ඔව්… රටපුරා ‘ධරණි’ලා පැතිරලා සිටින බව මටත් ආරංචියි. හැබැයි අපි කරන්නේ නිර්මාණයක්. ප්‍රේක්‍ෂකයන්ට රසවිඳින්නයි. ඒ දේවල් තමන්ගේ ජීවිතයට අරගෙන අත්විඳින එක වැරැදියි. හොඳ නරක තේරුම් ගන්න තමන් දැනගන්න ඕනෑ කියලා තමයි මම නම් හිතන්නේ.
🔴 ඔබේ පළමු සිනමා නිර්මාණය ‘අපට සැදුණු අපේ ලෝකය’ චිත්‍රපටය. කොහොමද එහි සාර්ථකත්වය?
සිනමාවට සම්බන්ධ වෙන්න මගේ ලොකු හීනයක් තිබුණා. මේ දවස්වල චිත්‍රපටය ගැන විවිධ කතාවන් යනවා. ඉතින් මේ කාලවකවානුවේ මෙහෙම හරි චිත්‍රපටය ගැන කතාවෙන එක ගැන සතුටුයි.
🔴 ඔබ මේ ගමන යන්නේ සීයාගේ අවසන් බලාපොරොත්තුවත් ඉටුකරමින් නේද?
මගේ සීයා තමයි බැප්ටිස්ට් ප්‍රනාන්දු කියන්නේ. ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. සීයාගේ ලොකු ආශාවක් තිබුණා මාව සිනමාවට සම්බන්ධ කරන්න. ඉතින් ඒ සිහිනය මම ඉටුකරනවා මගේ තිබුණ ආශාවත් එක්ක. අනෙක දැන් මම විතරක් නෙවේ මගේ මල්ලි තමයි ක්‍රිෂ් විජේවර්ධන කියන්නේ. අපි දෙන්නම මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු.
🔴 ඔබේ ආදරණීය සහෝදරයා ගැන යමක් පැවැසුවොත්?
ඔහු පුංචි කාලේ ඉඳලා කලාවට ලොකු ළැදියාවක් තිබුණ බව අපි දැක්කා. ඉතින් මම එක්ක පවා රූපගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඉතින් ඔහුටත් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට මම උදවු කළා. අපි දෙන්නම මේ ගමන යන්නේ සීයාගේ නමත්
රැකගෙන තමයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

සියල්ල කලින් කියන ජ්‍යොතිෂයේ මුල තියෙන තැන

Next Post

සුදු චූටිව කවදාවත් අමතක වෙන්නෙ නැහැ

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.