• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පුංචි තිරේ කටකාරි කෝ?

August 21, 2019
in Heart
Reading Time: 2 mins read
A A
පුංචි තිරේ කටකාරි කෝ?
Share on WhatsAppShare on Facebook

කටකාර චරිත තුළින් හැඩකාරකම් මැවූ සොඳුරු රුවැත්තිය ඇයයි. සිය රංගන හැකියාවෙන් තාරුණ්‍යයේ හදවත් වෙලාගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක ලෙසද ඇය හඳුන්වා දිය හැකියි.
ඇය නමින් යුරේනි නොෂිකා.
යුරේනි දැන් රංගනයෙන් ඈත්වෙලාද?
මම බලාපොරොත්තු වුණු චරිතයක් ලැබුණේ නැහැ. ඉතින් එතකන් මගේ වැඩක් කරගෙන ඉන්නවා.
අපි හිතුවා යුරේනි කලාවෙන් ඈත්වෙලා, අලුතෙන් එන අයට ඉඩ දීලා කියලා?
මම එහෙම කාටවත් ඊර්ෂ්‍යා කරන්නෙ නැහැ. අලුත් පරපුරක් අවශ්‍යයි. ඇත්තටම පසුගිය දවස්වල නිරමාණවලට සම්බන්ධ නොවුණේ රටේ තිබුණු කලබලකාරීත්වය නිසා තමයි. හොඳ ටෙලිනාට්‍යයක් කරන්න හිටියේ. ඒකත් රටේ වාතාවරණය හොඳ වෙනකම් නතර කළා. චිත්‍රපට දෙකකට මට ආරාධනා ලැබුණා. ඒවත් සාකච්ඡා මට්ටමෙන් කෙරීගෙන යනවා. වෙනස්ම චරිත දෙකක්. ඉතින් නුදුරු දිනයකදී ප්‍රේක්ෂකයන්ට වෙනස් චරිතවලින් මාව දැකගන්න ලැබේවි.
නව පරපුරේ රංගන ශිල්පීන් අතර ඔබ කැපීපෙනෙන ජනප්‍රිය රංගන ශිල්පිණියක්. වැඩ නොකළාම ජනප්‍රියතාව අඩුවෙයි නේද?
ජනතාවට මාව අමතක වෙලා නැහැ. මගේ ජනප්‍රියතාව අඩුවෙලත් නැහැ. පසුගියදා ජනාධිපති සම්මාන උළෙලේ ‘නිනෝ ලයිව්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් නැඟී එන නිළියට හිමි සම්මාන ලැබුවා. මට අලුත් අධ්‍යක්ෂවරුන් නිර්මාණවලට ආරාධනා කරනවා. ඒත් ඉතින් මට චරිතයෙන් දෙයක් කරන්න නැති නම් භාරගෙන වැඩක් නැහැ.
යුරේනිට ගොඩක් පහසු නිවේදනයද? එහෙමත් නැත්නම් රඟපෑමද?
මෙහෙමයි, පසුගිය දවස්වල මම රියැලිට වැඩසටහනක් කළා. ඒක ගොඩක් පහසුයි. වගකීම් අඩුයි. හැබැයි රඟපෑම කියන්නේ එයට වඩා චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීම. ඒ චරිතය ප්‍රේක්ෂකයන්ගේ හදවත්වලට ගෙන යෑම පහසු දෙයක් නෙවෙයි. දෙයකම කැපවීම වගේම උනන්දුව තිබිය යුතුයි. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ ටික කරගෙන යනවා.
ඔබ ජනප්‍රිය රංගන ශිල්පිණියක් නිසා විලාසිතාවලට ලොකු නැඹුරුවක් දක්වනවද?
මම විලාසිතා අනුගමනය කරන්නේ විශේෂ උත්සව අවස්ථාවකට සහභාගි වෙනකොට විතරයි. මම ගොඩක් කැමැති ඩෙනිම් කලිසමටයි, ටීෂර්ට් එකටයි. ගෙදර ඉන්න වෙලාවට සරල පහසු ඇඳුමක් අඳිනවා.
හැබැයි සමහරු ඔබේ විලාසිතාවලට බණින අවස්ථාත් එමටයි?
මම ඒකේ වරදක් දකින්නෙ නැහැ. මොකද මම කැමැති දේ මම අඳින්නේ. වෙන කවුරුවත් සතුටු කරන්න කලින් මම සතුටු වෙලා ඉන්න ඕනෙ. මම කැමැති දේට හැමෝම කැමැති වෙන්නේ නැහැ. මට ලෝකයා සතුටු කරන්න බැහැ. මම කවදාවත් මම අකැමැති දේවල් කරන්න යන්නේ නැහැ.
ඔබේ විලාසිතා අනුව සමහර විට ඔබට අඩනිරුවත් දර්ශනයක රඟපෑමට ආරාධනා කළොත් මොන වගේ තීරණයක් ගනීවිද?
අඩනිරුවත සැබෑ ජීවිතය එක්ක සසඳන්න බැහැ. අපි ආර්ට් එකක් තුළ කරන්නේ එදිනෙදා දකින චරිත. නිර්මාණයක් සමහර විට අඩනිරුවත උළුප්පලා පෙන්වන්න පුළුවන්. නමුත් අඩනිරුවත කියන්නේ කලාවක්. චිත්‍ර ශිල්පීන්, මූර්ති ශිල්පීන් පවා කාන්තාවන්ගේ සිතුවම් අඩනිරුවතින් නිර්මාණය කරනවා. ලංකාවේ සමහර මාධ්‍ය තමයි අඩනිරුවත කියන දේ විකෘති කරලා තියෙන්නේ. අඩනිරුවත කාන්තාවට අගෞරවයක් කියලා මම හිතන්නෙ නැහැ. කලා කෘතියට අවශ්‍ය කරන දෙයක් නම් මම රඟපාන්න සූදානම්. පෞද්ගලික රූපයත් එක්ක නිර්මාණයේ අඩනිරුවත සසඳන එක වැරැදියි. නිර්මාණයේදී ඔහු කරන්නේ රඟපෑමක්.
යුරේනි කටකතා ගැන විශ්වාස කරනවද?
අනේ මම ඔය දේවල් විශ්වාස කරන්නෙ නැහැ. කතා කරන්න යන්නෙත් නැහැ. හොයන්න යන්නෙත් නැහැ. ඒවට යොදවන කාලය මගේ ව්‍යාපාර වෙනුවෙන් යොදවන එක මට වටිනවා. ලංකාවේ මිනිස්සු හරි කැමැතියි ඔය දේවල් ගැන කතා කර කර ඉන්න. වැඩක් නැති අයට ඔය දේවල් හොඳයි.
දැන් ක්ෂේත්‍රයේ බිහිවෙලා ඉන්න ශිල්පීන් සමඟ ඔබට ලොකු තරගයක් ඇති නේද?
මට එහෙම අභියෝග නැහැ. මට අභියෝගය මාවම තමයි. මගේ ජීවිතය සාර්ථක වුණේ මම මාවම අභියෝගයක් කරගත්තු නිසයි. එක එක්කෙනාට විවිධ දක්ෂතා තියෙනවා. ඉතින් ඇයි තව කෙනෙක් අනුකරණය කරන්නේ? ඒකෙන් වෙන්නේ රැවැටීමක් පමණයි. තමන්ගේ දක්ෂතාව තේරුම් ගෙන ඒ දේවල් ප්‍රගුණ කරගන්න එක තමයි නුවණට හුරු.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

2015 එජාප ජනපති ‌කෙනෙක් ‌කෙස් ගහෙන් මිස්වුණු හැටි

Next Post

ගෝඨාට එරෙහි සටනට සුදුස්සා කව්ද? තීන්දු කරන්න කලින් කියවන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.