• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ප්‍රතිභා ආයෙම ටෙලි කරළියට ඇවිදින්…

May 20, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ප්‍රතිභා ආයෙම ටෙලි කරළියට ඇවිදින්…
Share on WhatsAppShare on Facebook

මහත්තයා කිව්වද රඟනොපෑවට කමක් නැහැ කියලා…
ඇයි ප්‍රතිභා රංගනයෙන් ඈත්වෙලා හිටියේ…

ප්‍රතිභා හෙට්ටිආරච්චි ආයෙම ටෙලි කරළියට ඇවිදින්…ඇයි ප්‍රතිභා රංගනයෙන් ඈත්වෙලා හිටියේ,
මහත්තයා …. ඇයට රඟනොපෑවට කමක් නැහැ කියලා..,එහෙමත් නැතිනම් ප්‍රතිභා ඇගේ පියාගේ හදිසි වියෝව නිසා මුහුණ පෑ දුක්බර සිතුවිලි හේතුවෙන් රංගනයෙන් ඈත්වෙලා හිටියද? සමහර විට ඔය ඕපාදූප එකක්වත් ඇත්ත නොවෙන්න පුළුවන්.එහෙම නම් ඇයි ප්‍රතිභා හෙට්ටිආරච්චි වාගේ දක්‍ෂ රංගනවේදිනියක් තරමක් දිගුකාලීන විරාමයක නිරත වූයේ? කාගෙන්වත් ඔය ගැන වංහුං අහන වෙලාවේ ප්‍රතිභාව මුණගැහිලාම තොරතුරු දැනගත්තා නම් හොඳයි කියලා තමයි ‘හාට්’ හී අපට හිතුණේ. ඉතින් අප ඇයට ඇමැතුමක් දුන්නා.., හරිම මිත්‍රශීලීව විවෘතව ඈ අප හා සුහද දොඩමලුවකට අසුන් ගත්තා.

🔴 කොහොමද ප්‍රතිභා හුඟදවසකට පස්සේ ඔබ මුද්‍රිත මාධ්‍යයක් හමුවේ
ඒකනේ.., හුඟ දවසකට පස්සෙ තමයි මම ප්‍රශ්න උත්තර වැඩසටහනකට පත්තරයකට මැදිවුණේ.
🔴 ඇයි ඒ… ඔබ මාධ්‍ය වාරණයක් කරලද?
අයියෝ නැහැ. මම මාධ්‍ය සමග හරිම සුහදයි. පත්තරයකින් මට කතා කළොත් මම අනිවාර්යයෙන් ඒ ආරාධනාව පිළිගන්නවා.
🔴 ඔබ ආයෙම ආලින්දයේ සිනමාවට එබී බලන්න පටන් අරන්?
ඔව්… ආයෙම මම ටෙලිනාට්‍ය පිටපත්වල ආරාධනා බාර ගැනීම ආරම්භ කළා.
🔴 ඒ කියන්නේ ඔබ එවැනි ආරාධනා බාර ගැනීම ප්‍රතික්‍ෂේප කර තිබුණා?
ප්‍රතික්‍ෂේප කිරීමක් එතැන තිබුණෙ නැහැ. හැබැයි මම ටික කාලයකට රංගනයට විරාමයක් දී තිබුණා කිව්වොත් හරි.
🔴විරාමය දුන් හේතුව ඔබේ මහත්තයගේ තහනමක්ද ප්‍රතිභා?
කොහොමටවත් නැහැ. එයා එහෙම පටු අදහස් තියෙන කෙනෙක් නෙවෙයි. මගේ රංගනය මම දිගටම කරනවද නැද්ද, එහි නැවැතීම කොතැනදැයි කියන කාරණය ගැන ඔහු වෙහෙසෙන්නෙ නැහැ.
එහි සියලුම තීරණ ගැනීමේ අයිතිය ඔහු මට බොහොම සුහදව පවරා දීලා තියෙනවා.
🔴 ඇයි එහෙනම් ඔබ වාගේ දක්‍ෂ නිළියක් එක පාරටම වහං වුණේ?
වහං වුණේ නැහැ. රංගනයට විරාමය දෙන්න වුණේ මගේ දුවයි, පුතයි හින්දයි.
බබාලා දෙන්නාම ලැබෙන්න ඉන්න කොට වාගේම එයාල තරමක් ලොකු වෙනතුරුත් අම්මා කෙනෙක් ළඟ නැති අඩුව එයාලට දැනෙන්න ඉඩ හරින එක මගේ හිතට ලොකු දුකක් වෙන්න ගත්තා.
අන්න ඒ හින්ද තමයි බබාල නිසා රංගන කටයුතුවලින් මඳකට ඈත් වුණේ.
🔴 හැබැයි ප්‍රතිභා ඔබ දෙවැනි බබා ලැබෙන්න ඉන්න කොට වේදිකා රංගනයක නියැලුණා?
ඔව්… ඒක හරි අපූරු සිදුවීමක්. මමයි අපේ අම්මයි දෙන්නම මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන්. දෙවැනියට මට දුව ලැබෙන්න ඉන්න කොට තමයි ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය මට ‘කදා වළලු’ වේදිකා නාට්‍යයේ ‘සිටු දුව’ගේ චරිතයට ආරාධනා කළේ. මට ඒ ආරාධනය ප්‍රතික්‍ෂේප කරන්න හිතුණේ නැහැ. හේතු කිහිපයක් එයට තිබුණා. එකක් මම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවක්. අනෙක මම ‘කදා වළලු’ නාට්‍යයට හුඟක් ප්‍රිය කරන කෙනෙක්. ඒ හින්දා ඒ අපූරු සිටු දුවට යන්න කියන්න… ඒ සිටු දුවව අතාරින්න මට හිත දුන්නේ නැහැ. ඒ නිසා දෝණිව බොහොම ආරක්‍ෂාවට කුස තුළ තියාගෙන මම සිටුදුවට ජීවය දුන්නා.
🔴 ඔබේ රංගනයේ ආරම්භය වුණෙත් වේදිකාව?
ඔව්… මම වේදිකාවට පළමුවෙන් ආවේ අවුරුදු දහඅටේදී. විශාඛා විiාලයේ උසස් පෙළ හදාරමින් හිටිය මට පළමු ආරාධනය ලැබුණේ දයානන්ද ගුණවර්ධන මහත්තයගේ ‘නරි බෑණා’ නාට්‍යයට. ඇත්තටම මම ඒ මොහොතේ මහා ආඩම්බරයකට මැදි වුණා. මං වාගේ ආධුනික කෙනෙකුට ඒ තරම් ප්‍රවීණයෙක්ගෙ ආරාධනාවක් ලැබෙන කොට.
🔴 ඒ ප්‍රවීණයට කොහොමද දැනුණේ ඔබ තුළ රංගන වේදිනියක් සිටින බව?
විශාඛාවේ නාට්‍ය කණ්ඩායමේ මම ප්‍රධාන චරිතයක්ව හිටියා. එහි නිර්මාණ වන නාට්‍යවල රඟපානකොට හොඳම නිළියට හිමි සම්මානයෙන්ද මම පිදුම් ලැබුවා. ඒ හැකියාවන් මත වෙන්නැති දයානන්ද ගුණවර්ධන නම් ප්‍රවීණයා මට ‘නරි බෑණා’ නාට්‍යයට ආරාධනා කළේ.
🔴 ඒ හැකියාව ඔබට තිළිණ වුණේ පියාගේ ආභාෂයෙන්ද?
අනිවාර්යයෙන්ම එය එලෙස විය යුතුමයි. ඒ වාගේම මගේ අම්මත් වේදිකා රංගන ශිල්පිනියක්. පුංචි දවස්වල ඉඳලම මම දැක්කේ වේදිකාව. රාජ්‍ය නාට්‍ය උළෙලවල පැවැත්වෙන නාට්‍යවල කිසිදුම දර්ශන වාරයක් අපට අතහැරුණේ නැහැ. තාත්තයි, අම්මයි වේදිකාවට දැක්වූ ඇල්ම තුළ මමද වේදිකාවට බොහෝ සමීප වුණා.
හැබැයි… අම්මයි, තාත්තයි මට කවදාවත් රංගනයට එන්නැයි කියා බලකිරීමක් කළේ නැහැ.
🔴 එහෙම නම් රංගවේදිනියක වුණේ තාත්තා රඟපානව දැකලද?
එහෙමමත් නැහැ. හැබැයි ඔහුගෙන් යම් ආභාෂයක් ලැබුණා. රංගනයට ආවේ වැඩියෙන්ම මගේම කැමැත්තෙන්.
🔴 තාත්තා ‘යශෝරාවයේ,’ ‘සුනිමල්’ට රඟනකොට ඔබට රඟන්නට ආශාවක් දැනුණේ නැද්ද?
තාත්තා ‘යශෝරාවය’ රඟපානකොට මම ඉපදිලත් නැහැ. පස්සෙ කාලෙක ‘යශෝරාවය’ විකාශනය වෙන කොට තමයි ‘සුනිමල්’ගේ චරිතය දැක්කේ. ‘දඩබිමේ’ තාත්තා රඟපෑව මන්ද මානසික තරුණයව දකිද්දී නම් මම පුංචි කෙල්ලක්. තාත්තාව වෙස්ගන්නලා තියෙනවා දැකලා මම හරියට ඇඬුවා කියන එක මට තවම මතකයි.
🔴 වේදිකාවෙන් පසුව ඔබ ටෙලිනාට්‍යයට පය තැබුවේ ‘අපි අපේ’ තුළින්?
ප්‍රේක්‍ෂකයා අතරට හරියටම ආවේ ‘අපි අපේ’ තුළින්. තාත්තා එක්ක රියැලිටි ෂෝ එකකට ආව වෙලාවක රවීන්ද්‍ර විජේරත්නගෙන් ලැබුණු ආරාධනයක් ඒක. හැබැයි ඊට කලින් මම පුංචි පුංචි චරිත හරහාද ටෙලි තිරයට ඇවිදින් තිබුණා.
🔴 කොහොමත් ප්‍රතිභා, ඔබ චරිත තෝරනවා සහ බේරනවා?
ඔව්… මම පිටපත් බාර ගන්නේ හොඳට හිතල බලලයි.
🔴 චරිත තේරීම සහ බේරීම දක්‍ෂ රංගවේදිනිය සතු පැවැත්මක්ද?
එහෙම කියන්න බැහැ. එය අසාධාරණ මතයක් කියලයි මම හිතන්නේ. මොකද සමහර කලා ශීල්පීන් රංගනයට එන්නේ වෘත්තීමය වශයෙන්. තෝරා බේරාගැනීම් තුළ ඔවුනට එහි නියැළෙන්නට බැහැ. ඒ නිසා අතිදක්‍ෂ රංගන ශිල්පීන් පවා ලැබෙන ඕනෑම පිටපතක් බාර ගන්නා තැනක ඉඳලයි තම රංගන හැකියාව මෙහෙයවන්නේ. මම කථිකාචාර්යවරියක්. එයට අමතරව මගේ අයියා සමග ව්‍යාපාරයකද නියැළෙනවා. ඉතින් ඒ අඩිතාලම මත සිට මම චරිත තෝරලා රඟපෑවාට රංගනය වෘත්තිය ලෙස කරන අයට එසේ කිරීම අපහසුයි. ඒ වාගේම බාර ගන්නා චරිතය තුළ ඔවුන් සාර්ථකව කල් ගෙවන්නේ නම් එතැන අවැඩක් සිදුවන්නේ නැහැ.
🔴 ඔබ… ඔබේ අම්මා සහ තාත්තා වාගේම අයියත් කලා කටයුතුවලට සමීපයි?
ඔව්… මගේ අයියා දක්‍ෂ පිටපත් රචකයෙක්. අධ්‍යක්‍ෂණය ගැන හොඳ දැනුමක් ඔහු සතුව තිබෙනවා. ඔහු ‘දෙරණ’ කලා සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ගත්තා.
🔴 වේදිකාවට බොහෝ ලැදි ඔබ නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කිරීමේ උත්සාහයක නිරතව සිටිනවද?
අධ්‍යක්‍ෂණයට මම දක්‍ෂ නැහැ. කරන්නන් වාලේ අධ්‍යක්‍ෂණයට යොමු වීමේ වුවමනාවක්ද නැහැ.
හැබැයි මගේ අයියා ශක්ති හෙට්ටිආරච්චි නම් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයට පියවර තබන සූදානමක ඉන්නවා.
මමද ඔහුට සහාය වන සූදානම මත බලා සිටිනවා. ඇත්තටම තාත්තා, අම්මා, මම, අයියා කියන්නේ හරිම සාමූහික කණ්ඩායමක්.
🔴 පුංචි කාලෙත් ඔබයි, ශක්තියි නාට්‍ය පිටපත් රචනය කරලා වේදිකා තැනුවලු?
ඔව්… වෙන ළමයි සෙල්ලම් ගෙවල් හදන කොට මමයි, අයියයි නාට්‍ය හැදුවා. රඟපෑවා. ඒවා සෙල්ලම් වේදිකාවල පෙන්නුවා. ඇත්තටම එය හරිම අපූරුයි.
🔴 ඔබේ දූදරුවොත් රංගනයට ඒවිද?
බලමු. එය ඔවුන්ගේ තේරීමක්. බලකිරීම් සහ උසිගැන්වීම් එතැන කවදාවත් තියෙන එකක් නැහැ.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රොසෙල් අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන්

Next Post

තැනකට එන්න නම හදාගන්නේ අමාරුවෙන්…

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.