• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තැනකට එන්න නම හදාගන්නේ අමාරුවෙන්…

May 20, 2021
in Heart
Reading Time: 2 mins read
A A
තැනකට එන්න නම හදාගන්නේ අමාරුවෙන්…
Share on WhatsAppShare on Facebook

ඒ චරිතයට මඩ ගහනවට කැමැති නැහැ…
ගෙදරින් කිසිම බලපෑමක් නැහැ…
අපි කරන්නේ රඟපෑමක් කියලා තේරුම් ගන්න ඕනෙ…

‘සල්සපු නා’ තුළින් ඇයගේ රංගන දිවියේ සුවිශේෂ තැනක් හිමිකරමින් රංගන චාරිකාවේ දිගු ගමනක් යෑමට සැරසෙන ඇය ‘රාවණා’ තුළින් සූරිය මුඛී ලෙසද, ‘මිහි’ තුළින් පිංකි ලෙසත්, ‘ආලියා’ තුළින් ශෙරීන් ලෙසත්, ‘ධරණි’ ටෙලිනාට්‍යයේ විහංසා ලෙසත් ප්‍රේක්ෂකයන් අතරට ආවා. තවත් නිර්මාණ රැසකම විවිධ චරිත සඳහා ජීවය දුන් ඇය දිලුක්ෂි වීරප්පෙරුම. ඇගේ කලා දිවියේ වගතුග ගැන කතාබහ කරන්නට අප දිලුක්ෂි සමග කෙටි පිළිසඳරක යෙදුණේ මේ විදියට.

🔴 දිලුක්ෂි මේ දවස්වල නිර්මාණ කිහිපයකම ඉන්නවා. ඒ ගැන සඳහන් කළොත්?
ඔව්, ටෙලිනාට්‍ය කිහිපයක්ම විකාශය වෙනවා. මිහි, ආලියා, ධරණි කියන නිර්මාණ හරහා එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් අතරට සමීප වෙනවා.
🔴 ඔබ වඩාත්ම ප්‍රිය කරන චරිතය ගැන කතා කළොත්?
එහෙම සුවිශේෂ චරිතයක් ගැන මට කියන්න බැහැ. නමුත් නිර්මාණ තුනේම චරිතවලට මම කැමැති නිසා තමයි සම්බන්ධ වුණේ. ප්‍රතිචාරත් එකිනෙකට වෙනස් විදියට ලැබෙනවා.
🔴 ඔබේ ආදරණීය සහෝදරිය නතර කරපු ගමන් මඟද ඔබ මේ යෑමට සැරසෙන්නේ?
ඔව්, අක්කා නිර්මාණ කිහිපයකම වැඩ කළා. ඇය විවාහයෙන් පස්සේ නිර්මාණ සඳහා යොමු වුණේ නැහැ. ඉතින් අක්කා නිසා තමයි මම මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දැන හඳුනාගත්තේ. ඇයගේ ආශීර්වාදයත් එක්ක මම ඉදිරියට යනවා.
🔴 ඔබට මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ප්‍රවීණ රංගන ශිල්පියකුගෙන් ලොකු සහායක් ලැබුණු බව ආරංචියි. අපි කැමැතියි ඒ ගැන දැනගන්න?
ජනිත් වික්‍රමගේ අයියා තමයි මාව ‘ගෝත්‍රා’ චිත්‍රපටයට සම්බන්ධ කළේ. අපේ ගෙදර ඇවිත් අපේ අම්මාගෙන් අහලා. පොඩි කාලේ ඉඳලා කලාවට සම්බන්ධ වීමට ආශාවෙන් හිටිය බව අපේ ගෙදර හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා මට ගෙදරින් බලපෑමක් තිබුණෙ නැහැ.මගේ අක්කා තමයි ධනුෂ්කා වීරප්පෙරුම කියන්නේ. ඉතින් අක්කාව මේ ක්ෂේත්‍රයේ ගොඩදෙනෙක් හඳුනනවා.
🔴 සිනමාවෙන් පටන්ගත්ත ඔබේ ගමන නතර වෙලාද?
දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘බෆලෝ ට්‍රැවල්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මම නිරූපණය කරනවා. මා සමග ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රඟපානවා. එය මේ වසරේ තිරගත වෙයි.
🔴 දුෂ්ට චරිත නිරූපණය කළාම ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය කොයි වගේද?
එවැනි චරිත කළාම ඉතින් බැණුම් තමයි අහන්න සිදුවෙන්නේ. එහෙම බණිනකොට හිතට දුකයි. මොකද අපි කරන්නේ රඟපෑමක් කියලා තේරුම් ගන්න බැරි පිරිසකුත් ඔය අතර ඉන්න නිසා. ආදරණීය චරිතයක් කළාම ප්‍රේක්ෂකයන් ආදරය කරනවා. එකම චරිතයකට කොටුවෙලා ඉන්න මම කැමැති නැහැ.
🔴 දිලුක්ෂි ආදරය හංගන්නේ ඇයි?
ආදරය කියන දේ කාටත් පොදු දෙයක්. අනෙකුත් ගැහැනු ළමයකුට දැනෙන හැඟීම් මටත් දැනෙනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතයයි, වෘත්තියයි දෙක පටලවාගෙන කටයුතු කරන්න මම කැමැති නැහැ. මොකද ඒ තුළින් මානසිකව පීඩා විඳින්නෙත් අවසානයේ අපිමයි. අපි තැනකට එන්න නම හදාගන්නේ හරිම අමාරුවෙන්. ඒ චරිතයට මඩගහනවාට මම කැමැති නැහැ.
🔴 ඔබට එවැනි ප්‍රශ්න මතුවෙලා තියෙනවද?
මට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනප්‍රිය වෙනකොට ගොසිප් හොයනවා වැඩියි. ඉතින් දැන් තියාම යන ගමන හරියට පිළිවෙළකට පිරිසිදුව ගියාම කිසිම ප්‍රශ්නයක් නැහැ.
– වසන්ත විතාණගේ

SendShareShare
Previous Post

ප්‍රතිභා ආයෙම ටෙලි කරළියට ඇවිදින්…

Next Post

සිගරට් බොන අයට කොරෝනා හැදුණොත් ඉවරයි!

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.