• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිළියක් කිව්වහම හැමෝම බලන්නෙ වපර ඇහින්

January 24, 2021
in Heart
Reading Time: 3 mins read
A A
නිළියක් කිව්වහම හැමෝම බලන්නෙ වපර ඇහින්
Share on WhatsAppShare on Facebook

⬤ වයසට වඩා මගේ පෙනුම මෝරලා…

⬤ මම හොයනවා මම කවුද කියලා…

බොහෝ දෙනකු රංගනයට යොමු වන්නේ, කලක සිට දුටු සිහිනයක් සැබෑකර ගැනීමට හෝ බලාපොරොත්තුවක් මල්ඵලගන්වා ගැනීමටය. තවත් සමහරක් අහම්බයක් ලෙස නොසිතූ ආකාරයට රංගනයට සේන්දු වෙති. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනි මල්කාන්ති ජයසිංහද නිළිකමට මැදිවුණේ අහම්බයක් ලෙසින්ය. කලාකාමීත්වය ගැන මෙලෝ හැඟීමක් නොතිබූ මල්කාන්ති, අද ‘පුංචි තිරය’ තුළ විවිධ චරිත හා ගැටෙමින් කරන පෙරළිය සුළුපටු නැත. දුඹුරු පාට ඇස් තියෙන… කෙස්ස කළු නොකරන ඈ ගැන සරල යමක් ලියන්නට, ‘මව්රට’ අපට හැඟුණු ඕනෑකමට ඇය මුහුණ දුන්නේද ඉතා සරල ස්වරූපයකිනි.

🔴 සුපුරුදු ප්‍රශ්නය ඔබෙනුත් පළමුව අහනවා. කොහොමද මේ දවස්වල තොරතුරු?
බොහෝ කලාකරුවන් මේ දවස්වල දෙන සුපුරුදු උත්තරය මමත් දෙන්නම්. කොරෝනා නිසා ගෙවල්වලට හිරවෙලා හිටපු කාලේ නිමවෙලා මමත් දැන් දැන් ආයෙම ෂූටීන්වලට යනවා. මේ දවස්වල ‘අකුරු මැකී නැහැ’ සහ ‘හොඳ වැඩේ’ ටෙලිනාට්‍යවල රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ අතරතුර ‘ගිරිදේවි’ කළ ඉන්දිකගේ අලුත් ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණා. පෙබරවාරි මුල එහි රූගත කිරීම් පටන් ගන්නවා.
🔴 බොහෝ විට, ඔබ හැමදාමත් වැඩ තියෙන නිළියක්. එහෙම නේද මල්කාන්ති?
අනේ මන්දා… හැම දෙනෙක්ම වාගේ මට එහෙම කියනවා… මං හිතන්නේ වාසනාව වෙන්නැති.
🔴 ‘නිළියක්’ යන ප්‍රතිරූපයෙන් බැහැර වූ කල ඔබ ඉතාම සරල කාන්තාවක්ලු?
ඔව්… මම හුඟාක්ම සරලයි. නිළියක ලෙස මා තුළ තිබෙන සාර්ථකත්වය කෙතරම්ද? එයට වඩා වැඩි සාර්ථකත්වයකින් මම මගේ ‘පවුල’ තුළ රඟපෑමක් නොවන රංගනයක නිරත වෙනවා.
🔴 ඒ කියන්නේ ‘සෙට්’ එකක් නැති තැන ඔබ මේක්-අප් නැති සාමාන්‍ය ගැහැනියක්?
අනිවාර්යයෙන්ම ඒක එහෙමමයි… එකක් මම නිළිකම සාමාන්‍ය ජීවිතය තුළ ආරූඪ කරගෙන නැහැ. අනෙක අපේ රටේ ‘නිළිය’ කියන නාමයට හෝ වෘත්තියට ගෞරවයක් නැහැ. ‘නිළියක්’ කිවුවම හැමෝම බලන්නේ වපර ඇහෙන්… නිළියක් කියන්නේ ‘ගෞරවය’ යන අර්ථයෙන් බැහැරව ගිය කෙනෙක් විදියටයි බොහෝ විට සමාජය පිළිගන්නෙ. ඇත්තෙන්ම එය කනගාටුවක්.
🔴 ඔබ නිළියක් වෙනවට අම්මයි – තාත්තයි අකමැති වුණෙත් ඒ සිතුවිල්ල තුළ වෙන්න ඇති?
ඔව්… ඔවුන් හිතුවා මම නිළියක වෙන එක පවුලට වාගෙම මගේ අනාගත ජීවිතයටත් ලොකු කැළලක් කියලා.
🔴 දැන් ඔවුන් ඒ සිතුවිල්ලෙන් බැහැර වෙලා නේද මල්කාන්ති?
ඒ සිතුවිල්ලෙන් ඔවුන් බැහැර වුණේ මං තුළින් ලද අත්දැකීමෙන්. ‘රටක් පිනවන නිළියකට’ හොඳ බිරියක්, අම්මා කෙනෙක්, වාගෙම වැදගත් කාන්තාවක්ද වෙන්නට පුළුවන් බව මගේ මවුපියන් මා තුළින් පැහැදිලිව දැක්කා. එය මම ඕනෑකමින් ඔප්පුකර පෙන්නන්න ගියේ නැහැ. මගේ වටපිටාව තුළින් ඔවුන් එය වටහා ගත්තා.
🔴 නිළියක් වෙන්න හීන දැකපු නැති ඔබ නිළියක වුණේ කොහොමද?
ඒක හරිම අපූරු අහම්බයක්. අදටත් හිතාගන්න බැහැ මම නිළියක වුණේ කොහොමද කියලා. ඔබට මතකද දන්නෙ නැහැ එක්දහස් නවසිය අසූගණන්වල ‘ලක්ස්’ සබන් කැටය ජනප්‍රිය සිනමා නිළියන්ගේ දිස්නය දෙන පින්තූර සමඟ කාලයක් අලෙවි වුණා. ගීතා කුමාරසිංහ, මාලිනී ෆොන්සේකා යන ප්‍රවීණ නිළියන්ගේ වාගෙම හින්දි නිළියන්ගේ පින්තූරද එහි තිබුණා. ඔබට කියන්න, ඒ දවස්වල කාන්තාවන්, තරුණ ගෑනු දරුවන් පොරකකා එකතු කරන ඒ ලස්සන පින්තූර මම මිතුරියකට දුන්නා මිසක ඒවා අල්මාරිය කොනක එකතු කරන ආශාවක්, ලෝබකමක් මගේ හිතට දැනුණෙ නැහැ. පැහැදිලිවම ජනප්‍රිය නළුවා, නිළිය කියලා කෙනෙක් මගේ ලෝකේ කවදාවත් හිටියේ නැහැ.
🔴 සෝමලතා සුබසිංහගේ වැඩමුළුවට ගියේ මොන හේතුවකටද එතකොට?
ඒ පාසලෙන් ලැබුණු අනුග්‍රහයක්, කලා නිර්මාණයක් ‘රස විඳින්නේ කොහොමද’ යන තේමාව යටතේ සෝමලතා සුබසිංහ මහත්මිය පවත්වන වැඩමුළුවකට ළමයි 25ක් තෝරාගන්න අපේ පාසලට එතුමිය ආව වෙලාවෙ මමත් එයට ඇතුළත් වුණා. නිළියක වීමේ අහම්බයෙහි ආරම්භය තමයි ඒ. වැඩමුළුවට සහභාගි වී දවස් දෙක තුනයි ගියේ. සිංහල සිනමාවේ පතාක යෝධයෙක් මාව එයාගේ චිත්‍රපටයකට තෝරාගත්තා. ඒ ධර්මසේන පතිරාජ මහත්තයා.
🔴 දෑස්, කන් අදහාගන්න බැරුව ගියාද?
එහෙමමත් නැහැ.., මොකද රඟපෑමේ උමතුව තිබුණෙ නැහැනේ… හැබැයි රඟපාන්න මම කැමැත්ත දුන්නා. ඒ ආරම්භක ගැම්ම තමයි මම හිතන්නේ දිගු ගමනකට ආශිර්වාදයක් වුණේ.
🔴 ඉන් පස්සේ ඔබ ‘මූදු පුත්තු’න්ට මැදිවුණා?
ඔව්… ‘මූදු පුත්තු’ හී මම රඟපෑවේ සිරිල් වික්‍රමගේ, නිහාල් ප්‍රනාන්දු සහ සෝමලතා සුබසිංහ වැනි මහා කලාකරුවන් සමඟයි. එතකොට මට යම්තමට වයස 25 පිරුණා විතරයි.
🔴 හැබැයි ඔබට රඟන්නට වුණේ වියපත්ම චරිතයක්?
ඒකනේ අපූරුව කියන්නේ.., සෝමලතා සුබසිංහ, සිරිල් වික්‍රමගේ, නිහාල් ප්‍රනාන්දු යන සියලුම ප්‍රවීණයන්ගේ අම්මා වූයේ මමයි. හැබැයි එය මට අමුත්තක් වුණේ නැහැ. හොඳ නිර්මාණයකට දායක වූ සතුට පමණක් හිතේ මුල්වුණා.
🔴 අදටත් ඔබව බොහෝ විට තෝරා ගැනෙන්නෙ වියපත් චරිත සඳහායි?
ඒ මට ලැබෙන විදියයි.., මම දන්නෙ නැහැ ඇයි කියලා… හිතෙන විදියට මම වයසට වඩා මෝරලා පෙනෙනවා ඇති.
🔴 කොණ්ඩෙ ඩයි කළා නම් හොඳ නැද්ද?
මට පොඩි ඇලජික් එකක් තියෙනවා ඩයිවලට.., ඒ වගේම කොණ්ඩෙ පැහෙන වාරයක් ගානේ මාස්පතා සැලොන්වලට දුවන එක මට මහා මානසික වදයක්. ඒ නිසා සුදු කොණ්ඩෙ හොඳයි කියලා හිතුණා.
🔴 ඔබ චරිත තෝරන්නෙ, බේරන්නෙ නැහැ?
කවදාවත් නැහැ.., ලැබෙන චරිතය සංකීර්ණද, සරලද, කළුද, සුදුද යන්න මට අදාළ නැහැ. මම ප්‍රහර්ෂණාත්මක චරිතත් කරනවා. යම් චරිත නිරූපණයක් තුළින් එම නිර්මාණයට සාධාරණත්වයක් ඉටුවෙනවා නම් මම එය බාර ගන්නවා.
🔴 තිර පිටපත බාර ගැනීමෙන් පස්සේ ඔබ එම චරිතය සොයාගෙන යනවලු?
ඔව්… ඒක මගේ පුරුද්දක්. ලැබෙන චරිතය වින්නඹු මාතාවක් නම් මම එවැන්නියක් හොයාගෙන ගිහින් බොහෝ වංහුං දැනගන්නවා. ‘බැද්දට සඳ’ ටෙලිනාට්‍යයේ වින්නඹු මාතාවගේ චරිතය සඳහා මම අවැසි අය සොයන විට මට මුණගැහුණේ අවුරුදු 90ක වින්නඹු මාතාවක්. ඒ මාතාව වෙතින් මා ලද පන්නරය අමිලයි.
🔴 ‘මද්දහන’ නාට්‍යයේ උමතු අම්ම වෙනුවෙනුත්, ඔබ එවැන්නියක සොයා ගියාද?
වැඩිදුරක් එයට වෙහෙසෙන්න අවැසි වුණේ නැහැ. මම දන්නා කියන වටපිටාවක සිටින ශෝචනීය සත්‍ය අත්දැකීමක් මට ඒ සඳහා අත්වැල වුණා.
🔴 ‘මද්දහනේ’ උමතු මාතාවට එතරම්ම සංවේදී වුණේ ඒ නිසාද?
ඔබ, මට එවැනි ගෞරවයක් දෙනවා නම්, සිදුවන්නට ඇත්තේ එයයි මං හිතන්නේ.
🔴 ‘මද්දහනේ’ අම්මා නිසා බොහෝ අම්මලාට කඳුළු ඉනුවලු?
මටත් එය අසන්නට ලැබුණා. ඇත්තටම ජනතා සම්මානය තරම් සම්මානයක් තව කොයින්ද?
🔴 රඟපෑ චරිත අතර ඔබ වැඩිපුර අගයන චරිතය ගැන ඇහුවොත්?
තෝරන්න හරිම අමාරුයි. සෙසු චරිත එහාට මෙහාට කරලා එවැන්නක් සෙවීම හිතට දොම්නසක් වාගෙම වෙහෙසක්.
🔴 අහම්බයකින් ලද ‘නිළිකම’ සාර්ථක වීම ගැන ඔබට දැනෙන හැඟීම?
අනේ මන්දා… මට එහෙම විශේෂ හැඟීමක් දැනෙන්නෙ නැහැ. ලැබෙන චරිතය වෙනුවෙන් හැකි උපරිමය කරනවා. එපමණයි.
🔴 මල්කාන්ති… ඔබ ටිකක් වෙනස් කෙනෙක්?
කවුරුත් එහෙම කියනවා… හැබැයි මම දන්නේ ‘මල්කාන්ති ජයසිංහ’ සරලයි, සාමාන්‍යයි කියා පමණයි.
🔴 රංගන ජීවිතය ගැන යම් බලාපොරොත්තු තියෙනවද ඔබට?
බලාපොරොත්තු නැහැ. හීන නැහැ.., හැබැයි මම හොයනවා මම කවුද කියන එක. මම මේ ඉන්නේ මම ඉන්නම ඕනෑ තැනද කියන එක ගැන මම හෙමින් හොයනවා.
🔴 සෙවිල්ල අවසානයේ ‘ඔබ සිටින්නේ අවැසි තැන නෙවෙයි’ කියා හිතුණොත්?
පෙරනිමිති බලන්නෙ නැහැ… එය එදාට තීරණය වේවි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ජනපති දැඩි තීන්දුවක් ගැනීමේ සූදානමක

Next Post

රටේ එකම වැරැදිකරුවා රන්ජන් විතරද

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.