• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රටේ එකම වැරැදිකරුවා රන්ජන් විතරද

January 24, 2021
in Heart
Reading Time: 2 mins read
A A
රටේ එකම වැරැදිකරුවා රන්ජන් විතරද
Share on WhatsAppShare on Facebook

⬤ ඔහුට සමාන කරන්න හීරෝ කෙනෙක් නෑ…

⬤ රන්ජන් වීරයෙක්…

ගඟක් සුන්දර ලෙස ගලන්නේ සුන්දර පාරවල් සොයාගෙනයි. ඒ ලෙස සුන්දර කලා පවුලක් මේ ක්‍ෂේත්‍රයේ විවිධ පැතිකඩ ඔස්සේ සුන්දර ලෙස ගලන මොහොතක, ඒ කලා පවුලෙන් බිහිවුණු තවත් පුත්රුවනක් තමයි ජනිත් වික්‍රමගේ. ඔහු ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඉතින් ඔහු මේ දවස්වල විවිධ කලා කටයුතුවල නිරත වී සද්දබද්ද නැතුව කටයුතු කරන අතර, ඔහු ළඟින්ම ඇසුරු කළ ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක පිළිබඳ සමාජයේ තවමත් විවිධ කතා පැතිරෙන මොහොතක රන්ජන් ගැන ඔහුට දැනුණේ මෙන්න මේ විදියට.

🔴 ජනිත් ඔබ වසරක් පාසා ඔබේ ජන්ම දිනය නිමිතිකරගෙන සිදුකළ පුණ්‍ය කටයුත්ත මේ වසරේ සිදුකිරීමට සැලැසුමක් නැතිද?
සෞඛ්‍ය නීති-රීති අනුගමනය කරමින් ලේ දන්දීමේ කඳවුර කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට ලේ දන්දීමේ මධ්‍යස්ථානයේදී 30 වැනි දින පැවැත්වීමට තමයි සැලැසුම. මෙවර මගේ උපන් දිනය 29 වැනි දිනට යෙදී තිබුණත් එයට පසු දින තමයි ලේ දන්දීමේ කටයුතු සිදුකිරීමට සැලැසුම.
🔴 ඇයි ඔබ මෙවැනි කටයුත්තක් වසරක් පාසා සිදුකිරීමට අදහස් කළේ?
දහවැනි වරට තමයි මේ ලේ දන්දීමේ පින්කටයුත්ත මෙවර සිදුවන්නේ. මෙවැනි දෙයක් පැවැත්වීමට විශේෂ කරුණු කිහිපයක් බලපෑවා. විශේෂයෙන්ම මගේ පෞද්ගලික ආත්මතෘප්තිය උදෙසා. අනෙක් කාරණාව කලා ක්‍ෂේත්‍රයේ සියලුමදෙනා අතර තිබෙන එකමුතුබව. ඒ වගේම වර්තමාන සමාජයේ තරුණ පිරිසට ආදර්ශයක් දීමට. එවිට ඔවුන්ටත් මෙවැනි දෙයක් සංවිධාන කිරීමට හිතට යොමුවෙනවා.
🔴 ඔබ දැන් රඟපෑම් අතහැර නිවේදන පැත්තට යොමුවෙලා?
අයියෝ නැහැ. මම රඟපෑම අතහැරලා නැහැ. ඉදිරියේදී මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක් තිරගත වීමට තිබෙනවා. ඒ අතර, ළඟදීම සුරංග ද අල්විස් අධ්‍යක්‍ෂණය කළ ‘ඔයැ ඨ්පැ’ චිත්‍රපටය තිරගත වෙනවා. ටෙලිනාට්‍යවලට නම් සම්බන්ධ වුණේ නැහැ. ඒ වෙනුවෙන් ලොකු කාලයක් යෙදවීමට තිබෙන නිසා. ඒ නිසා තමයි නිවේදන කටයුතු කරගෙන යන්නේ. මේ දවස්වල ‘සියත’ රූපවාහිනියේ ‘ස්ටාර්වෝ’ වැඩසටහන කරනවා.
🔴 ඔබ ළඟින්ම ඇසුරු කළ ඔබේ සහෝදර ශිල්පී රංජන් රාමනායක මේ දවස්වල ලොකු කරදරයකට මුහුණ දීලා?
ඔහු නිහතමානී කලාකරුවෙක්. ඒ වගේම ඔහු හොඳ සහෝදරයෙක්. ඔහු මම සමඟ ගොඩාක් හිතවත් වුණා. ඔහු සමඟ මම ‘ඔයැ ඨ්පැ’ චිත්‍රපටයේද රඟපානවා. සමාජයේ මිනිසුන් කියන්නේ වැරැදිකරුවන්ට දඬුවම් දිය යුතුයි කියලා. හැබැයි මේ රටේ එකම වැරැදිකරුවා ඔහු විතරද. මම කවදාවත් හිතන්නැහැ ඔහුට මේ වුණුදේ ගැන ඔහු දුක් වෙනවා කියලා. ඔහු නිරන්තරයෙන්ම රටේ ජනතාව වෙනුවෙන් කතා කළ ශ්‍රේෂ්ඨ වීරයෙක් විදියට මම දකින්නේ. ඒ වගේම ඔහුට සැපවිඳින්න මොනතරම් සැපසම්පත් තිබුණත් ඔහු ඒ සියල්ල අමතක කරමින් සරලව හිතපු කෙනෙක්. ඔහු නිතරම පැවැසුවේ මොන සැපසම්පත් තිබුණත් වැඩක් නැහැ අපි කවුරුත් මැරෙන මිනිස්සු කියලා. පුළුවන් හැම වෙලාවෙම ජනතාවට උදවු කළා.
🔴 අපි කතාවෙන් එපිටට ගියා. ඉතින් අපි ඔබ ගැන නැවැත කතා කරමු. ආර්ථික මට්ටම පැත්තටත් වාසියක් වෙයි නේද ටෙලිනාට්‍ය පැත්තට යොමු වුණොත්?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ සිනමා නිර්මාණයක් හරහා. ඒ ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටය හරහායි. මේ ක්‍ෂේත්‍රයේ ඕනෑම කෙනෙක්ගේ එකම සිහිනය සිනමා නිර්මාණයකට සම්බන්ධ වීම තමයි. ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණොත් ආර්ථිකය ශක්තිමත් වෙන එක ඇත්ත. ඒත් කාලයයි ප්‍රශ්නය.
🔴 ඔබත් රංජන් වගේ ‘සුපර් හීරෝ’ කෙනෙක් වෙන්නද අදහස?
ඔහුට සමාන කරන්න තරම් තවත් ‘හීරෝ’ කෙනෙක් ඉඳීවි කියලා මම හිතන්නේ නැහැ. ඔහු ඒ තරම් වාසනාවන්තයි. මම මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරන්නේ ප්‍රේක්‍ෂකයාගේ ඉල්ලීමට තමයි. කිසිම සම්මානයක්, පදක්කමක් බලාගෙන නෙවේ. මේ රට සම්මාන ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් රටක් නෙවෙයි. මගේ මවුපියන් වුණත් මහලොකු සම්මාන අරගෙන නැහැ. හැබැයි අපිට ජනතාවගේ ආදරය කොතැන ගියත් තියෙනවා.
🔴 ඔබ දැන් පෙම්වතෙක් බවට පත්වෙලා?
ආදරය කරනවා. හැබැයි එය ගැන මම කතා කරන්න කැමැති නැහැ. ඒ දේවල් හිතේ තිබුණදෙන්. මොකද පොඩි දෙයක් දැනගත්තොත් මාධ්‍යවලින් ගොසිප් ගහනවා. ඒ මිනිසුන්ටත් අවසානයේ මඩ ගහනවා. හරියට දෙයක් කාලය උදා වුණාම මම ඒ ගැන මුලින්ම කතා කරන්නම් මාධ්‍ය සමඟ. එයට වඩා මට තව කරන්න දේවල් තියෙනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නිළියක් කිව්වහම හැමෝම බලන්නෙ වපර ඇහින්

Next Post

වත්කම් අත්හිටුවීමක්: සංචාරක තහනමක්: මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට සැර වාර්තාවක්

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.