• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊළඟට මහින්ද වැහෙන්නෙ කාටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

December 12, 2020
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 10 mins read
A A
ඊළඟට මහින්ද වැහෙන්නෙ කාටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook


පහුගියදා පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මුදල් අමාත්‍යාංශයේ ඉන්නා සර්ව බලධාරී නිලධාරීන්ට උණ ගැනෙන්න ගැහුවේය. ඒ පහර දීමෙන් පසුදිනයේ රාජ්‍ය මාධ්‍ය යොදවාගෙන සර්ව බලධාරීන් කාටුන්වලින් තමාට පහර ගහනවා යැයිද ඔහු චෝදනාවක් කළේය. ආණ්ඩු පක්‍ෂයේ මැති, ඇමැතිවරු, මන්ත්‍රිවරු ඔහුගේ කතාවට සාවදානව සවන්දීගෙන සිටියේ ඔහු කතා කරන්නේ තමන්ගේ හඬ යැයි කියන්නා මෙනි. බන්දුල ඒ සැර කතාවට පසු නාමල් රාජපක්‍ෂ එක්ක තරුණ ව්‍යවසායකයන් දහසක් බිහිකිරීමේ රැස්වීමට සහභාගි විය. නාමල්, බන්දුලගේ සර්ව බලධාරී නිලධාරි කතාව අනුමත කළා දැයි දන්නේ නැත. හැබැයි මහින්ද මේ ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වී හිටියා නම් බන්දුල කතා කරද්දී අත්පොළොසන් ගහන්නේ මහින්දය.

‘ඇයි ඒ..?’

ඒක දිග කතාවකි. විධායක ජනාධිපති ක්‍රමයේම නිර්මාණයක් වන සර්ව බලධාරීන් නිලධාරීන්ට එරෙහිව පළමුව යුද්ධ ප්‍රකාශ කළේ මහින්දය. ඒ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේය. සර්ව බලධාරී නිලධාරීන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න මහින්දට හයිය දුන්නේ වාසුදේව නානායක්කාරය. මේ මහින්ද රාජපක්‍ෂගේ චරිතාපදානය වූ කුරහන් සාටකයේ ඒ කතාව ලියා ඇති ආකාරයය.

‘එහෙත් පාද යාත්‍රා ගොස්, ජන ඝෝෂා කර තැනූ ආණ්ඩුවේ සිහිනෙකින්වත් බලාපොරොත්තු නොවූ දේවල්ම සිදුවෙමින් තිබිණි. මහින්ද රාජපක්‍ෂත් සමඟ වැඩ කිරීමක් සැපතක් යැයි කියා අමාත්‍යාංශයේ උපදේශක සභාවට ආ වාසුදේව නානායක්කාර පසුකාලයේ කියූ පරිදි මහින්දලා හැදූ ආණ්ඩුව ජුන්ටාවකට යටවෙමින් තිබිණි.

මුලින්ම මේ ජුන්ටාව සමඟ ගැටෙන්නට සිදුවූයේ මහින්ද රාජපක්‍ෂටය.

ඒ එක්දහස් නවසිය අනූහතරේ පෙරමුණේ ආණ්ඩුවේ මංගල අය-වැය සකසමින් තිබූ කාලයයි. මේ මංගල අය-වැය පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනාධිපතිනිය ජනාධිපති මන්දිරයට කැඳවා තිබිණි. මේ මංගල අය-වැයෙන් ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පනවන බව ජී. එල්. ජනාධිපති මන්දිරයට ආ මන්ත්‍රිවරුන්ට කීවේය.

ඩීසල් වාහන සඳහා බදු පැනවීමෙන් අමාරුවේ වැටෙන්නේ මධ්‍යම පන්තියේ ජනතාව බව මහින්ද රාජපක්‍ෂගේ අදහස විය. එබැවින් මහින්ද රාජපක්‍ෂ මෙසේ කියන්නට විය.

‘ඩීසල් වාහනවලට බදු පැනෙව්වහම කවුද අමාරුවේ වැටෙන්නේ? මේ රටේ වෑන්වලින් සියයට අනූපහක්ම දුවන්නේ ඩීසල්වලින්. කොහොමත් මධ්‍යම පන්තියේ මිනිස්සු පාවිච්චි කරන්නේ මේ ඩීසල් වාහන. ඉඳහිට වන්දනාවක යන්න, ටි්‍රප් එකක් යන්න, ස්කූල් සර්විස්වලට, ගමේ කඬේට බඩු අදින්න පාවිච්චි කරන්නේ ඩීසල් වාහන. දැන් අපේ රටේ පන්සල්වල වැඩිපුර පාවිච්චි කරන්නෙත් ඩීසල් වාහන. ඒ නිසා මේ ඩීසල් වාහනවලට බදු පැනෙව්වහම අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිස්සු. ඒ නිසා යූ.එන්.පී. ආණ්ඩු කාලෙත් ගේන්න හදපු මේ යෝජනාව දැන් නම් ගේන්න දෙන්න බැහැ.’

සාකච්ඡාව හමාර වී මුදල් අමාත්‍ය ජී. එල්. ඇතුළු මැති ඇමැතිවරු, ජනාධිපති මන්දිරයෙන් පිටත්ව යමින් සිටියහ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඒ. එස්. ජයවර්ධන පිටත්ව යන ජී. එල්. පීරිස් අමාත්‍යවරයා නතර කරගෙන ඔහුට දොස් නඟමින් සිටියේය.

‘ගමේ ගොඬේ මුදලාලිලාව පරෙස්සම් කරන්නද හදන්නේ?’

ඒ. එස්. ජයවර්ධන මුදල් අමාත්‍යවරයා නතර කරගෙන ඩීසල් බද්ද පැනවීම නතර නොකරන ලෙසට බලකරමින් සිටියේය. එතැනින් යන්නට ආ මහින්දටද ඇසෙන ලෙස ඒ. එස්. ජයවර්ධන ජී. එල්.ට තදින් කතා කළේය. ගමේ ගොඬේ මුදලාලිලා පරෙස්සම් කරන්න හදන්නෙ ඇයි?’ සංවාදය කෙරෙන තැනට ආ මහින්ද ඒ. එස්. ජයවර්ධනගේ ටයි පටියෙන් අල්ලා සොලවා තමන් වෙත ඇද ගත්තේය.

‘උඹ කොහොමද ඡන්දෙන් පත්වෙලා ඉන්න මන්ත්‍රිවරුන්ට බලපෑම් කරන්නෙ? උඹලට ඕනෑ විදියටද අපි ආණ්ඩු කරන්න ඕනෑ?’

ජී. එල්. ද, තවත් මන්ත්‍රිවරුද ඒ. එස්.ව ගලවා ගත්තේ මහත් වෑයමකිනි. එදා ඩීසල් බද්ද පැනවීම නතර කෙරුණද ජුන්ටාවේ වැඩ එතෙකින් නතර කෙරුණේ නැත.”

එදා වාසුදේව මේ සර්ව බලධාරී නිලධාරී පන්තියට කිව්වේ ‘ජුන්ටාව’ කියාය. මහින්ද එදා බය නැතුව මේ ජුන්ටාව එක්ක හැප්පුණේය. හේතුව එදා විධායක ජනාධිපති වූයේ චන්ද්‍රිකාය. අද විධායක ජනාධිපති මහින්දගේ මල්ලි ගෝඨාභයය. අද මහින්ද රටේ අගමැතිය.

එදා මහින්ද වගේම අද බන්දුල පාර්ලිමේන්තුවේදී මේ ජුන්ටාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. ඔහු පමණක් නොව වාසුදේවත් ඒ යුද්ධයට ආයුධ සැපැයීය. ඒ ජනාධිපති ලේකම්ට මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න බලයක් නැතැයි කියමින්ය. මහජන උපයෝගිතා කොමිසම ගැන තීරණ ගන්න බලය තියෙන්නේ මුදල් ඇමැති හැටියට මහින්දට පමණක් යැයි වාසු මහින්දට ලිපියකින් දැනුම් දුන්නේය. වාසුගේ උත්සාහය චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සර්ව බලධාරී නිලධාරීන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරපු මහින්දව මෙදා ගෝඨාභයගේ සර්ව බලධාරී නිලධාරීන්ට එරෙහිව සටනට කැඳවන්නටය.

‘මහින්ද සටනට එයිද..?’

ඇමැති මණ්ඩල ප්‍රකාශක උදය ගම්මන්පිල කියන විදියට පසුගිය ඇමැති මණ්ඩලයේද මේ ප්‍රශ්නය මතු වී ඇත. නිලධාරීන්ගේ තීරණ නිසා බඩු මිල වැඩි වීම ගැන ඇමැතිවරු ආඩපාලි කියා ඇත. ලේකම්ට මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන්න බැරි බව කැබිනට් ප්‍රකාශක ලෙස උදය ගම්මන්පිලද පවසා තිබුණි. ඒත් මේ ඇමැති මණ්ඩලයට පසු ජනාධිපති ලේකම් මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට ඉවත් වෙන්න යැයි නියෝග කළේය. මෙයින් පේන්නේ එදා මහින්ද සර්ව බලධාරී නිලධාරීන්ට එරෙහි ඩීසල් බදු සටන දින්නාට මෙදා බන්දුලලාට, වාසුදේවලාට සර්ව බලධාරී නිලධාරීන්ට එරෙහි සටන දිනන්න ලෙහෙසි නැති බවය. දැනටමත් ඔවුන් පරාජය වී ඇති බව පෙනේ.

පරාජයට හේතුව සටනට නායකත්වය දීමට මහින්ද රාජපක්‍ෂ කෙනෙක් නොමැති වීමය. මල්ලි ගෝඨාගේ සර්ව බලධාරීහු නිලධාරී කල්ලියට එරෙහිව අයියා මහින්ද සටන් කරයි කියලා හිතන්න බැරිය. වාසුදේව, විමල්, උදය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කට ඇරියේ මහින්ද තමන් එක්ක හිට ගනියි කියල හිතාගෙනය. හේතුව 20න් කැපුණේ මහින්දගේ තටුය. ඒත් මහින්ද ඉස්සරහට ආවේ නැත. ඔහු කරබාගෙන සිටියේය.

‘ඉතින් මේ ආණ්ඩුවේ මහින්ද රාජපක්‍ෂ කෙනෙක් හොයාගන්න නැද්ද..?’

2005 – 2015 මහින්දගේ ආණ්ඩුවේ මහින්ද චරිතයට ආවේශ වූයේ මෛත්‍රිපාල සිරිසේනය. ඒ මහින්දගේ ආණ්ඩුවේ සර්ව බලධාරි නිලධාරීන් සිටියේ නැත. හිටියේ සර්ව බලධාරි දේශපාලනඥයන්ය. එක් අයෙක් මර්වින් සිල්වාය. අනෙකා දුමින්ද සිල්වාය.

මෛත්‍රි මර්වින් සිල්වාගේ මැර දේශපාලනයට එරෙහිව හඬනැඟීය. භාරත ලක්‍ෂ්මන්ලා දඩයම් කළ දුමින්ද සිල්වාට එරෙහිව හඬනැඟීය. උපන් ගෙයි ශ්‍රී ලංකාකාරයන්ට කොකා පෙන්වූ මහින්දගේ සාක්කුවට වැටුණු අලින්ට එරෙහිව හඬනැඟීය. මෛත්‍රිපාල ඉන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ තමා ඇන්ද චරිතයට අඳින්න බව මහින්දට තේරුණි. මෛත්‍රිපාලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ මහින්ද වී 2015 ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි වුණත් ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙන් පොදු අපේක්‍ෂකයා විය. දැන් අද යළිත් මෛත්‍රි ඉන්නේ ගෝඨා – මහින්දගේ ආණ්ඩුවේය.

‘මෛත්‍රි යළිත් නැඟිටියිද..?’

හැමෝම හිතුවේ මෛත්‍රිපාලට 2020 ඇමැති මණ්ඩලයේ අගමැතිට නොදෙවැනි ධුරයක් ලැබෙයි කියාය. ඒත් මෛත්‍රිට ඇමැති ධුරයක් හෝ නොලැබුණු විට ඔහු සිය මුහුණු පොතෙහි තැබුවේ අපූරු සටහනකි.

‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජයගත් පසු එහි අග්‍රඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුය…’

මෛත්‍රි මේ කියන අභියෝගය මහ මැතිවරණය විය යුතුය. එහි අග්‍රඵලය යැයි ඔහු කියන්නේ පාර්ලිමේන්තුවට රිංගා ගෙන දෙවැනි ඉණිම පටන් ගැනීමද කියා දන්නේ ඔහුම විතරය.

‘මහින්ද චරිතයට විමල් ආවේශ වෙයිද..?’

ඇත්තටම විමල් මහින්ද මෙන් 2010 – 2015 ආණ්ඩුවේ එවකට මුදල් අමාත්‍යාංශ ලේකම් සමඟ බය නැතුව හැප්පුණේය. ඔහු ලේකම් පී. බී. ජයසුන්දරව හැඳින්වූයේ ආර්ථික ඝාතකයකු ලෙසය. එහෙත් මෙවර පී. බී. ජනාධිපති ලේකම් නිසාදෝ විමල් ඉන්නේ කට පරෙස්සම් කරගෙනය. විමල් 2010 – 2015 ආණ්ඩු කාලයේ දමපු සෙල්ලම් මෙවර දමන්නේ නැත. ඒ විමල්ගේ නඩු තවම ඉවර නැති නිසාදෝ කියන්න දන්නේ නැත. මෛත්‍රි – රනිල් ආණ්ඩුව නඩු දමපු, හිරේ යවපු පොදුජන පෙරමුණු මැති ඇමැතිවරුන් බොහොමයක් මේ වන විට නඩුවලින් නිදොස් කොට නිදහස් වී ඇතත් විමල්ගේ නඩුව ඉවර නැත.

‘නඩුව ඉවර කරගෙනම විමල් කට අරින්න ඉන්නවාද..?’

කියන්න දන්නේ නැත.

මේ ආණ්ඩුවේ ඉන්න මහින්ද රාජපක්‍ෂ කෙනෙක් ගැන පහුගියදා ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ ඩලස් අලහප්පෙරුම ගැනය.

‘ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා සහ අප අතර බොහෝ වෙනස්කම් වගේම සමානකම් තියෙනවා. අද ඔහුට මේ ඉරණම අත්වී ඇත්තේ ඔහු සහ අප අතර ඇති සමානකම් නිසයි. ඩලස්ට මෙවැනි දෙයක් වීමට හේතු හතරක් බලපා තියෙනවා. ඒවා නම්,

  1. ඔහු මාතර ඉපදීම.
  2. 50 දශකයේ අග උපන් පරපුරට අයත් වීම.
  3. දූෂිත වළල්ලේ කොටස්කරුවෙක් නොවීම.
  4. ඔහුට ඔහුගේම වූ සංකල්ප තිබීම.
    විදුලිබල මණ්ඩලයේ සභාපති කරන්න ඕන වැඬේ තමයි අද ඩලස්ට පවරලා තියෙන්නේ…’

මේ අනුර කුමාර කී කතාවය. ඇත්තටම ඔහු ආණ්ඩු පක්‍ෂයට මහින්ද රාජපක්‍ෂ කෙනෙක් සොයා දී ඇත.

‘ඩලස් මහින්ද වෙයිද..?’

ඩලස් මේ දවස්වල රඟපාන්නේ නිශ්ශබ්ද විලියම්ගේ චරිතයය. 2010 – 2019 තෙක් හැමදේටම කට ඇරිය ඩලස් මේ දවස්වල ඉන්නේ කට වහගෙනය.

බොහෝ දේශපාලන නායකයන්ගේ දිගු නිහඬතාවය අවසන් වන්නේ දේශපාලන කාල බෝම්බයකින්ය. හොඳම නිදසුන ගාමිණි දිසානායකය. ප්‍රේමදාසගේ ආණ්ඩුව ඔහුව කොන් කරද්දී ඔහු කටවහගෙන අධ්‍යාපනය සඳහා කියා විදේශගත විය. ඔහු දිගු කලකට පසු ලංකාවට ආවේ දෝෂාභියෝග බෝම්බය සාක්කුවේ දමාගෙනය.

මේ ආණ්ඩුවේ මහින්දලාට අඳින්න චරිත ඕනෑ තරම්ය. හැබැයි ඒ හැමෝම මහින්ද සූට් මහන්න ගන්නේ ජනතාවගේ බලය සහ තම තමන්ගේ කේන්දරේ වේලාව බලලා විය යුතුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලි මැරිල්ලෙන් ලංකාවෙන් වාර්තාවක්: වෙනදා 272යි: මෙදා 407යි

Next Post

නැට්ටුවෙක් වෙලා කඩුල්ල පැන්න ජුන්ඩයියා

MORE NEWS

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.