• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දෙවියන්ට කන්නලව් කරන්න කතරගම වැන්දා

January 17, 2021
in Heart
Reading Time: 2 mins read
A A
දෙවියන්ට කන්නලව් කරන්න කතරගම වැන්දා
Share on WhatsAppShare on Facebook

⬤ ඒ අතීතය මට වදයක්…

2020 අග භාගයෙහි විවාහ දිවියට ඇතුළත් වූ ටෙලි තාරකාවන් අතර හර්ෂණ බෙත්මගේද එක් අයකු විය. එය ඔහුගේ දෙවැනි විවාහය වුවද හර්ෂණ මහා සතුටකින් මාධ්‍යය හමුවේ කියා සිටියේ, ‘සමහර දෙනකුට හරි කෙනා මුණගැහෙන්නේ පමාවී නිසා දෙවැනි විවාහය තම පළමු විවාහයටත් වැඩිය තමාට ඉතා නැවුම්ව දැනුණු බවකි. විවාහයෙන් අනතුරුව හර්ෂණ සිය තරුණ බිරිය වූ අරුණි සමඟ කතරගම වන්දනා මෙහෙවරක් සඳහාද සහභාගි විය. හර්ෂණ එලෙස කතරගම ගියේ බාරයක්වත් ඔප්පු කරන්නද? එහෙමත් නැත්නම් නව අවුරුදු උදාවට වාසනාව උදාකර දෙන්න යැයි දෙවියන්ට කන්නලව් කරන්නද? කාගෙන්වත් ඒ වංහුං අහනවාට වැඩිය හර්ෂණගෙන්ම එය අසා දැනගන්නට අපට වූ ඕනෑකම සුහද කතාබහක් වූයේ මෙහෙමය.
වෙඩින් එකෙන් පස්සේ කතරගම ගියේ නව විවාහයට ආශීර්වාද ඉල්ලන්නද හර්ෂණ?
එහෙමය කියලා විශේෂයක් තිබුණේ නැහැ. මේ ගමන හැම අවුරුද්දකම මම යන එකක්. යමක් දන්න කාලේ ඉඳලම මම බොහොම විශ්වාසයෙන් මේ පූජාවට සහභාගි වෙනවා. එහි සියලුම වතාවත් සඳහා මම සහභාගි වන්නේ හරිම පිරිසුදු සිතින්. ඒ වාගේම එම වන්දනාව අවසානයේ මා ලබාගන්නා අධ්‍යාත්මික වූ සැනසීම හරිම අමිලයි.


🔴 හොඳයි අපිත් ඔබට ඒ සැනසීම ප්‍රාර්ථනා කරනවා. කියන්න මේ දවස්වල ඔබේ කලා තොරතුරු එහෙම කොහොමද?
කොරෝනා උවදුර නිසා ගෙවල්වලට කූඩු වී හිඳ නැවත වැඩ ආරම්භ කරමින් සිටින පිරිස අතරට මමද එකතු වුණා. සඳ, තරු, මල් නාට්‍යයේ රූගත කිරීම්වලට මේ දිනවල සහභාගි වෙනවා. ඒ වාගේම අලුත් ටෙලිනාට්‍ය කිහිපයකට ගිවිසුම් අස්සන් කරන්නට තිබෙන අතර, තවත් නාට්‍යයකට ආරාධනා ලැබීමට නියමිතයි.
🔴 කියන්න අපට අරුණි ගැන. ඒ ඔබ සෙවූ කෙනා කියලයි ආරංචිය?
ඔව්. මම හොයපු මගේ ජීවිතය මට අරුණිගෙන් ලැබුණා. දැන් තමයි මට දැනෙන්නේ හර්ෂණ බෙත්මගේ ජීවත් වෙනවා කියලා. කලාකරුවෙක් කියන්නේ බොහොම නිදහස් මනසක් තිබිය යුතු කෙනෙක්. අරුණි රංගවේදිනියක නූනත් එය හරි අපූරුවට තේරුම් අරගෙන තියෙනවා. අද මගේ රංගන ජීවිතයට අවැසි සහයෝගය සහ සැහැල්ලු මනස ඉතාම අපූරුවට මට තිළිණ කරනවා.
🔴 තරුණ කෙල්ලන් සමඟ ඔබේ රංගන ආලිංගනයන් දුටු විට ඇගේ පරිත්‍යාගශීලී බව ඔබට අහිමිවේද?
මම හිතන්නේ අරුණි හරි කලාකාමී හිතක් තියෙන කෙනෙක්. මට ළංවූයේද ඒ කලාකාමී සිතුවිලි නිසයි. අනික ඇය බුද්ධිමත්, තේරුම් ගැනීමේ හැකියාව ඈ ළඟ අපූරුවට තියෙනවා.
🔴 ඔබ තරමක් මුරණ්ඩු චරිතයක්ය කියලා කහවුරුහරි චෝදනා කළොත්?
මම මුරණ්ඩුය කියන කාරණය එකහෙළා පිළිගන්න අමාරුයි. හැබැයි මම කෙළින් කතා කරන කෙනෙක්. වැරැද්ද නිවැරැදි කරන කෙනෙක්. වරදක් සිදුවේ නම් මම නිහඬව ඉන්න අවස්ථා අඩුයි.
🔴 මුරණ්ඩු චරිත වැඩිපුර ඔබට ලැබෙන්නේ ඒ නිසාද?
ඒක නම් කියන්නට දන්නේ නැහැ. ලැබෙන චරිත බාරගන්නවා. එහි හොඳ නරක බලන්නේ නැහැ. අනික් කාරණය චරිත තෝරලා බේරලා රඟපාන්නට තරම් අපේ ටෙලි කර්මාන්තය මහ විශාල එකක් නෙමෙයි. වෘත්තීය කලාකරුවෝ හැටියට හොඳ නරක උසස් පහත් බව බලන්න ගියොත් අපිට රඟපාන්නට ලැබෙන එකක් නැහැ.
🔴 ටෙලි තරුවක් විදියට ඔබ ජනප්‍රිය වුණේ ඔබේ දෙනෙත්වල ආකර්ෂණය නිසාලු?
එහෙම කතාවක් මටත් ඇහිලා තියෙනවා. මගේ අම්මත් මට හැමවෙලේම කියනවා ඔය ඇස්වලින් දෙපාරක් කා දිහාවත් බලන්න එපා කියලා.
🔴 අම්ම කිව්වෙ කාන්තා පාර්ශ්වය ගැනද හර්ෂණ?
එහෙම වෙන්න ඇති සමහර විට. කොහොමත් මම එහෙමට පරෙස්සම් වෙන්නෙ නැහැ. කාන්තාවන් වේවා, පිරිමන් වේවා මම ඒ ඕනෑම අයකු දිහා කෙළින් බලලා විවෘතව කතා කරන කෙනෙක්. ඒ වගේම මම සරලයි. සෙල්ලක්කාරයි. පෙට්ටි කඩේකින් තේ එකක් බොන්න හිතුණොත් ඒක කරනවා. තැඹිලි විකුණන තැනකට ගියොත් මම තැඹිලි ගෙඩිය කපාගෙන බංකුවක ඉඳගෙන ඒක බොනවා. මම තරුවක්ය නළුවෙක්ය කියන බැරියරය ඔළුවට ගන්නේ නැහැ. අපි නළුවෝ නේද? ප්‍රේක්ෂකයෝ අපව මේ විදිහට දැක්කොත් අවුල් නේද කියා මම මගේ නිදහස සීමාකර ගන්නෙ නැහැ.
🔴 තැඹිලි ගෙඩියක් කපලා බොනකොට ප්‍රේක්ෂක ඇසකට එය ලක්වුණු අවස්ථා තිබුණද?
අපොයි ඔව්. ඔවුන් ඉතා සුහදව මා හා එවන් අවස්ථාවන්වල කතාබහ කරනවා. රසිකයන් වඩා කැමැතියි ඒ සරල බවට තමයි මම හිතන විදියට. මම කොණ්ඩෙ වවනවා, කරාබු දානවා. මටම ආවේණික ෆැෂන් කරනවා. මට හිතවත් රසිකයෝ මට ප්‍රිය කරන්නේද මගේ ඒ පිස්සු විකාරවලටයි.
🔴 එක වරක් ඔබව තෝරාගන්නා අධ්‍යක්ෂවරයෙක් නැවත යළි යළිත් ඔබවම තෝරා ගන්නා එක පුරුද්දක් වෙලාලු?
ඔව්. එමෙ දෙයක් තියෙනවා තමයි. එයට හේතුව මම සෙට් එකකදි හරිම සුහදයි. නම්‍යශීලී. ඒ වාගෙම ප්‍රවීණයන්ට ගරු කරනවා.
🔴 පසුගිය දවස්වල වොල්ගා කල්පනී චෝදනා කර තිබුණා ඔබ ඇගේ මියුසික් වීඩියෝවට මඩගැසුවාය කියා?
ඇය ගැන කතා කරන්නට මම කැමැති නැහැ. ප්‍රශ්නය අතාරිනවා මෙතැනදි.
🔴 උත්තර නොදුන්නොත් අවාසි ඔබට නේද හර්ෂණ?
වොල්ගගෙ ප්‍රශ්නවලට උත්තර බඳින්න මම පොලිස්ටේෂන් කීයකට ගිහින් තියෙනවද? ඇත්තෙන්ම ඒ අතීතය මට වදයක්. වොල්ගා දැන් ඇගේ ජීවිතය තුළ. මම මගේ ජීවිතය තුළ. ඒ නිසා පසුගිය දේ හාරා ඇවිස්සීම නිෂ්ඵලයි.
🔴 අධ්‍යක්ෂණයට අතගැසීම සඳහා ඔබ කල්යල් බලන බව ආරංචියි?
අධ්‍යක්ෂණයට යොමු වීම මගේ හීන අතර එකක්. හැබැයි තවම නම් මම එයට මුවහත් මදියි වාගේ මට හිතෙන්නේ. ඒ හින්දා එයට අවැසි ශක්තිමත් පන්නරය ලැබෙනතුරු බලාගෙන ඉන්නවා.
🔴 ඔබේ තව හීන ඉතුරුව තිබෙනවද?
ඔව්. රට රටවල සංචාරය කරන්න. අපේම කියා පුංචි නිවහනක් තනන්න මේ දවස්වල සැලැසුම් කරනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉස්සර හැම එකක්ම කළා… දැන් එහෙම බෑනේ ඉතින්

Next Post

KGF එන්නත් කලින් ඉතිහාසගත පිම්මක් පනී

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.